X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


පෙර ආත්මයේ වෛරය මංගල රාත්‍රියේදී මුදාහල ගීතානි

09_PAGE_15_T

 

මනුෂ්‍යයා විසින් සිදු කරන කුසල් අකුසල් ඊළඟ ආත්මය සඳහා හේතු වන බව දැන ගැනීම ඉතා වැදගත්ය. එය කර්ම ඵලයක් ලෙස ආත්මයෙන් ආත්මයට භවය පුරාම ක්‍රියාත්මක වෙයි. ඉන් මිදීමට කිසිදු ක්‍රමවේදයක් නොමැත්තේය. ඒ සියල්ල මරණය දක්වාම ජීවිතය සමග ගමන් ගනී. බුදු දහමේදී හෙළිවන ආකාරයට මුගලන් මහ රහතුන් වහන්සේට පල් හොරුන්ගෙන් පහර කා මරණයට පත්වීමට සිදුවූයේද පෙර කළ අකුසලයක් හේතුවෙනි. ඉන් මිදීයාමට උන් වහන්සේට හැකියාව පැවතිය ද කර්මානුරූපිව එයට මුහුණ දුන්නේය. මෙහිදී පැහැදිලි වන්නේ ආත්මයක් ආත්මයක් පාසාම තමා විසින් සිදු කළ සියලුම කුසල් අකුසල් මුල් කොට ඊළඟ ආත්මභාවය සැකසෙන බවයි. පහතින් දැක්වෙන කථාංගය එයට හොඳ උදාහරණයකි.


ගීතානිගේ සහ කමල්ගේ විවාහය සිදුවූයේ උත්කර්ශවත් ආකාරයෙනි. දෙපාර්ශවයේම ඥාතීන් ඉන් මහත් සේ සතුටට පත් වූහ. එදින මංගල රාත්‍රිය සතුටින් ගතකරනු ඇතැයි මාපියන්ගේ බලාපොරොත්තුව විය. බලාපොරොත්තු වූ ආකාරයෙන් සියල්ල සිදුවිය. දිනකට පසු දෙවැනි දින උත්සවය මහත් ඉහළින් පැවැත්විණි. ගීතානි සහ කමල් ඉතා සතුටින් උත්සවයට සහභාගි වූ අතර ඥාතීහු මහත් සතුටට පත් වූහ. කමල් රැකියාව කළේ දියතලාව ප්‍රදේශයේ තේ වත්තකය. ගීතානි රජයේ රැකියාවක නියුතු වූවාය. සති දෙකකට වරක් කමල් පැමිණ ගීතානිගේ නිවසේ නතර විය. පසුදින පිටව යන කමල්ගේ ස්වරූපයේ එතරම් ප්‍රියමනාපයක් නොපෙන්වීම මවට යම් කුකුසක් ඇතිකරන්නක් විය. එහෙත් මෙය දියණියගෙන් ඇසීමට තරම් හැකියාවක් මවට නොවීය. ගීතානිගේ මාපියන් මේ පිළිබඳව කතාබහ කළේය. එහෙත් මෙය ප්‍රහේළිකාවක් පමණක් විය. සති දෙකක් ඉක්මවුවද කමල් නොපැමිණීමෙන් මව යම් සැකයකින් කමල්ට කතා කළේය. කිසිවක් නොමැති බවත් ඊළඟ සතියේ පැමිණෙන බවත් කමල් හෙළි කළේය. මව නිහඬ විය. ඊළඟ සති අන්තයේ කමල් පැමිණෙන විට ගීතානි නිවසේ නොවීය. හේතුව විමසුවද ගීතානි නිහඬව සිටියේය. මෙය මාපියන්ට මහත් ප්‍රහේළිකාවක් වූයෙන් දියණියගෙන් යළි යළිත් මේ පිළිබඳව විමසීය.


“අම්මේ අපි ඒක බලාගන්නම්. අම්මල අම්මලයි පාඩුවේ ඉන්න. මම යාළුවකුගේ ගෙදර ගියා. ඒ ළමයා අසනීප නිසා. තේරුණාද?”


එහෙත් මව මෙම කතාවෙන් සෑහීමට පත් නොවූවාය. කමල් නිහඬව සිය නිවස වෙත ගියේය. පසුදින ගීතානි කිසිත් නොවුණු ආකාරයට නිවසට පැමිණියද එසේ පැමිණි දියණියගෙන් මව දිගින් දිගටම ප්‍රශ්න කළාය.


“අම්මට තාත්තට ඕනෑ වුනේ මම බන්දල දෙන්න. මම බැන්ද ඉවරයි. දැන් මොනවද කියන්නේ?”


“ඇයි කමල් එන දවසේ ගීතානී ගෙදර එන්නේ නැතුව මග හැරියේ?”


“කවුද මග හැරියේ?” මම ප්‍රියංකාට අසනීප නිසා එහේ ගියා. කමල්ට තනියම ඉඳල යන්න බැරිද? මම ඕනද?”


“උඹට පිස්සුද? උඹ ඉන්නෙ මොකටද? මිනිහෙක් එන්නෙ ගෑනි බලන්න. නැතුව මම බලන්නද? ඇත්ත කියාපන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද?
“ඇති ප්‍රශ්නයක් නැහැ. මම ඉන්නවා. ඒ මනුස්සයත් ඉන්නවා එච්චරයි කතාව.”


“ඇත්තද? මම කමල්ගෙන් දැනගන්නම්.”


“මේ අම්මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා තේරුණාද?”


“ඇති කරගන්න දෙයක් නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. උඹ දඟලන්නෙ ඒකයි. ගීතානි පිස්සු නටන්න හදන්න එපා.”


එම සිදුවීමෙන් පසු කමල් නිවසට පැමිණෙන දින කීපයකදීම ගීතානි නිවසේ නොසිටියාය. කුමන හෝ හේතුවක් කියා නිවසින් පිටමං වූවාය.


එම සිදුවීම් නිසා කමල් ගීතානිගේ නිවසට නොපැමිණියේය. ප්‍රශ්නයක් ඇති බව මාපියන්ට අවබෝධ වූයෙන් වහාම කමල්ගෙන් තොරතුරු විමසන්නට විය. එහිදී බලාපොරොත්තු නොවූ සිදුවීම් පෙළක් දිගහැරෙන්නට වූයෙන් මව මහත් සේ තැති ගත්තාය. මේ සම්බන්ධව කමල්ගේ දෙමාපියන්ට කිසිවක් දැන ගැනීමට අවස්ථාව ලබානොදෙන ලෙස කමල් ඉල්ලා සිටියේ මව ඒ වන විට අසනීප තත්ත්වයෙන් පසුවූ බැවිණි. කමල්ගේ තොරතුරු වලින් ගීතානි සහ කමල්ගේ ජීවිත මහත් අවුල් ජාලයක පැටලී ඇති බව මාපියන්ට අවබෝධ වූයෙන් ප්‍රශ්නය නිරාකරණය කොට ගැනීමට ගීතානිගෙන් හේතු විමසන්නට උත්සාහ කළේය. ඇය දිගින් දිගටම ප්‍රශ්නය මග හරිමින් නන්දොඩවන්නට වූයෙන් මව ගේ ඉවසීමේ සීමාව පැන්නේය.


“ගීතානි උඹ දැනගනින් මම කතාකරන්නේ මුල මැද අග දැනගෙන. කමල් කියන්න ඕන දේවල් කිව්ව. ඇත්ත කතාව මම දන්නවා. උඹ මංගල රාත්‍රියේ කළේ මොනවද? ඒ මනුස්සය එළියට දාල දොර වහලා දැම්මා. උඹ මනාලියක් විදියටද එදා හැසුරුණේ? හෝටලේ මිනිස්සුත් දැන ගත්තලු. එදා ඒ මනුස්සය අපේ නම්බුව ගැන හිතල වැඩකළා. නැතිනම් එදා වෙන්නේ උඹගෙ අම්මට වස බීල මැරෙන්න. ඒ මනුස්සය අපේ නම්බුව ආරක්ෂා කළාට කකුල් දෙක අල්ලල වඳින්න ඕනෑ රත්තරන් මනුස්සයට.


“කියපන් උඹට හැදිල තියෙන ලෙඬේ?”


“මට ඇති ලෙඩක් නැහැ. මගේ පාඩුවේ මට ඉන්න දෙන්න.”


“ඇයි උඹ ඒ විදියට හැසුරුණේ? උඹට කලින් කරදරයක් වෙලාද?”


“මට එහෙම දෙයක් වෙලා නැහැ.”


“මොකක්ද වෙලා තියෙන්නේ? ඇයි උඹ ඒ මනුස්සය එක්ක එකට ඉන්නේ නැත්තේ?”


“දන්නේ නැහැ මට අප්පිරියයි.”


“යකෝ ඒක යස කතාවක් නේ බැන්දේ මොකටද?”


“අම්මලයි කීමට. මට ඉන්න දුන්නද? බැඳපන් බැඳපන් කියලා නැටුවා.”


“හරි අපි නැටුවා. දැන් නටන්නේ උඹ නේ”


“මගේ නැටුම් තාම දැක්කේ නැහැ. කොටින්ම මම ඒ මිනිහට කැමති නැහැ. මට දකිනකොටත් අප්පිරියයි.”


ගීතානි කාමරයට ගොස් දොර වසා ගත්තාය.


කොතෙක් උපදෙස් දුන්නත් ගීතානිගේ හැසිරීම් රටාවේ වෙනසක් නොවීය. කමල් නිවසට පැමිණෙන දිනවල ගීතානි ඔහු මගහැර මිතුරියගේ නිවසට ගියාය.

කමල්ගේ නිවසේ මාපියන්ට මෙය රහසක් වශයෙන් තබාගැනීමට නොහැකි වූයෙන් ගීතානිගේ මාපියන්ට සියල්ල හෙළි කළේය. ගීතානිගේ වෙනස්වීම අස්වාභාවිකය. ගීතානිගෙන් දික්කසාද වීමට අධිකරණමය ක්‍රියාමාර්ගයකට යාමට කමල්ගේ මාපියන් සූදානම් වුවද එවන් තත්ත්වයක් යටතේ සමාජයට මුහුණදීමට නොහැකි නිසා කමල් එය ප්‍රතික්ෂේප කළේය. ප්‍රශ්න දිග්ගැස්සෙමින් අවුරුද්දක් ගෙවී ගියේය. කමල් හා ගීතානිගේ ජීවිතයේ කිසිදු වෙනස්වීමක් නොවීය. අධිකරණ ක්‍රියාමාර්ගයකට යාමට ගීතානි ද දැඩි සේ විරුද්ධවීම නිසා ප්‍රශ්නය තවත් ගැටලු සහගත විය. ගීතානිගේ ක්‍රියා පිළිවෙත පළිගැනීමේ චේතනාව මුල් කොට ක්‍රියාත්මක වන බැවින් මානසික ව්‍යාකූලතාවයක් මුල් කොට සිදුවන්නේද යන්න පිළිබඳව සැකයක් ඇතිවූයෙන් මාපියන් ගීතානිගේ බලවත් අකමැත්ත මධ්‍යයේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි.


මනෝ වෛද්‍යවරයා බොහෝ තොරතුරු ගෙනහැර පෑමෙන් පසු ගීතානි දැඩි ව්‍යාකූල මනසින් කතාකරන්නට වූවාය. ගීතානි අඬ අඬා කියා සිටියේ කමල්ට ආදරෙයි. ඒත් මගේ හිත කමල් එක්ක එකට ඉන්න හිත ඉඩ දෙන්නේ නැහැ. මගෙන් කමල් අයින් කරන්න ඉඩ දෙන්නෙත් නැහැ යනුවෙනි. 


නොපෙනෙන පෙර ආත්මයේ බලවේගයක් ගීතානිගේ ජීවිතය පාලනය කරන බවට සැකයක් ඇති වූයෙන් මෝහන ප්‍රතිගමනයට ලක් කොට පෙර ආත්මයක තොරතුරු සොයා බලන්නට අවස්ථාව කොට ගත්තේය. ගීතානි මෝහන ප්‍රතිගමනයට ලක්කිරීමට පහසු නොවීය. දින කිහිපයක් ඇවෑමෙන් මෝහනයට ලක් කෙරිණි.


පහතින් දැක්වෙන්නේ මෝහන ප්‍රතිගමනයට ලක් කිරීමෙන් පසු හෙළිවූ තොරතුරුවලින් කොටස් කිහිපයකි.


“ඔබ දැන් වැඩිවියට පත් තරුණියක්. ඔබගේ පෙර ආත්මයේ තොරතුරුවලට ඔබට යන්න පුළුවන්.


පැහැදිලි කරන්න ඔබ දැන් සිටින්නේ පෙර ආත්මයේ.


වයස අවුරුදු දහයයි, පහළොවයි, දැන් විස්සයි.


පැහැදිලි කරන්න ඔබ විවාහකද? 


දැන් පැහැදිලි කරන්න. පැහැදිලියි සියල්ල පැහැදිලියි.


විස්තර කරන්න


ක්‍රමයෙන් ඇය පෙර ආත්මයේ තොරතුරු හෙළිකරන්ට පටන් ගත්තාය. එම ආත්මයේ දී තරුණ වියට පත් ඇය දෙමාපියන්ගේ විරෝධය මැද අඩු වයසින් විවාහයට මැදිහත් වූවාය. ඇයගේ විවාහ දිවිය කම්කටොළුවලින් පිරී ගියේය. දරුවකු ලැබීමෙන් පසු සැමියාගේ අකටයුතුකම් නිසා දියණිය නිරන්තරව සිටියේ මාපිය ඇසුරේය. සැමියාගේ ඉල්ලීම පිට දරුවා සමග සැමියාගේ නිවසට ගියද බීමත්ව පැමිණෙන සැමියා නිරන්තරව පහරදීම් නිසා ඇයට සිදුවූයේ සැමියාගෙන් ඉවත්ව මාපිය ඇසුරේ විසීමටය. එහෙත් ඒ සඳහා සැමියා ඉඩ නොදුන්නේය. නොපැමිණි අවස්ථාවන්හිදී පහර දී බලෙන් මාපියන්ගේ නිවසින් ගෙන ගියේය. එසේ පැමිණ සිටි අවස්ථාවක සැමියා සමග යාමට නොපැමිණි නිසා කෝපයට පත් බීමත් සැමියා ඇයට පහර දීමෙන් ඇය සිහිසුන් වූවාය. පසුදින මාපියන් ඇය රෝහල් ගත කළාය. කොඳු ඇට ප්‍රදේශයට වැදුණු පහරකින් දින කිහිපයකින් ඇය ඔත්පල වූවාය. සුවයක් නොලබා රෝහලේ මාස ගණනක් දුක් විඳින්නට ඇයට සිදුවිය. එසේ සිටින අවස්ථාවේ එක් දිනකුදු සැමියා ඇය බැලීමට නොපැමිණියේය. තමා ඔත්පල කළ සැමියා පිළිබඳව ඇය තුළ පැවතියේ අසීමිත වෛරයකි. තමා ඔත්පල වූයේ සැමියාගේ පහරදීමකින්ය යන්න සිහිපත් වන සෑම අවස්ථාවකදීම ඇය වෛරයෙන් සළිත වූවාය.

පළිගැනීමේ චේතනාවක් ඇය තුළ ඇති වූයෙන් නිරන්තරව එම වෛරය හද තුළ පොපියන්නට විය. සුව වූ පසු ස්ථීර ලෙසට සැමියාගෙන් පළිගන්නා බවට මාපියන් ඉදිරියේ සපථ කරන්නට වූවාය. සිය දියණිය දුටු විට ඇය අඬාවැටෙන්නට වූයේ දරු සුරතල් විඳීමේ අවස්ථාව අහිමිව ඇඳේ ඔත්පලව සිටීමේ වේදනාවෙනි. දිනෙන් දින සැමියා පිළිබඳ වෛරය තවතවත් වැඩි වූයෙන් නිරන්තරව ඇය සිටියේ ඇඬූ කඳුළිනි. නොසිතූ අයුරින් දින කිහිපයක් පුරා ඇයගේ රෝගාබාධය උග්‍ර වූයෙන් ඇය මරණයට පත් වූවාය. මරණාසන්න අවස්ථාවේ පවා ඇයගේ සිත තුළ පැවතියේ සැමියා පිළිබඳ වෛරයයි. 


‘පැහැදිලි කරන්න මරණාසන්න අවස්ථාව’


ඇය මේ ආකාරයෙන් විස්තර කළාය.


“මම උඩ යනව වගේ තේරුණා. මට කිසිදු දෙයක් පැහැදිලි නැතිවුණා. මාව කරකැවෙන්න පටන් ගත්තා. ඒ එක්කම උඩට ඇදිලා ගියා. අන්තිමට වේගයෙන් පාවෙලා ගියා” 


“ඔබ කෙතරම් කාලයක් පාවෙමින් සිටියාද?”


“මතකයක් නැහැ ඒ කාලය ගැන”


“ඇයි එතරම් කාලයක් සිටියේ”


“එයා පස්සෙන්ම යන්න”


ඇය පැවසූ ආකාරයට පෙර ආත්මයේ සැමියාගෙන් පළිගැනීමට අවස්ථාව පැමිණෙන තුරු වසර කිහිපයක් ඇය අන්තරාභවයේ සැරිසරා ඇත. එහිදී විඤ්ඤාණයේ තැන්පත්ව තිබූ සැමියාගෙන් පළිගැනීමේ අවස්ථාව උදාකොට ගත්තේ මනුෂ්‍ය ආත්මයේ උප්පත්තිය ලබා කමල්ගේ බිරිඳ බවට පත්වීමෙනි. එහිදී පෙර ආත්මභවයේ සැමියාගේ පහරකෑමට ලක්ව මරණයට පත් ඇයගේ පෙර ආත්මයේ වෛරය එතැන් සිට ක්‍රියාත්මක වූයේය.


විවාහයෙන් පසු නිරන්තරව කමල්ට වද බන්දනයන් දෙමින් ඔහු මානසිකව බිඳ දමන්නේද එම වෛරයෙනි. දික්කසාදයට අවස්ථාව ලබා නොදෙන්නේද තවදුරටත් එම වද බන්දනයට ලක් කිරීමටය. විවාහ වූ දිනයේ සිට අඹුසැමියන් ලෙසට එක් නොවී කමල් දුක් ගැහැටට ලක් කරන්නේද පෙර ආත්මයේ සැමියා විසින් සිදුකළ තාඩන පීඩනවලට පළිගැනීමටය. ඇය තවදුරටත් කියා සිටියේ කමල්ගෙන් පළිගැනීම අවසන් නොවන බවත් පෙර ආත්මයේ තමා රෝගියෙකු කළ නිසා සැමියා රෝගියකු කොට මරා දමා වෛරය පිරිමසා ගන්නා බවයි.


මින් පැහැදිලි වන්නේ ආත්මයෙන් ආත්මයට වෛරය නොනැසී ගමන් ගන්නා බවයි. මෙය බුදුදහමේ මනාව පැහැදිලි කොට ඇත. මෝහන ප්‍රතිගමනයෙන් පසු ගීතානිට පැහැදිලි කර දීමට උත්සාහ කළේ වෛරයෙන් වෛරය අවසන් නොවන බවත් වෛර කිරීමෙන් කිසිදු සුගතියක් අත් නොවන බවත්ය. වෛරය අවසන් කිරීමට නීත්‍යානුකූලව කමල්ගෙන් වෙන්වීම හෝ සාමදානයෙන් ජීවත්වීම යන කරුණු දෙකෙන් එකක් තෝරාගෙන ජීවිතය යහපත් කොට ගන්නා ආකාරයත් වෛරය බුදුදහමට අනුව තුරන් කරගන්නා ආකාරයත් පැහැදිලි කොට දුන්නේය.


මෙහි එන නාමයන් සියල්ල කථාංගයේ ගැලපුම සඳහා පමණි. කිසිවකුටත් කිසිදු ආකාරයකින් මෙම කථාංගය හෝ එම නාමයන් අදාළ නොවේ.

m



අදහස් (0)

පෙර ආත්මයේ වෛරය මංගල රාත්‍රියේදී මුදාහල ගීතානි

නිම්මි Monday, 10 October 2016 02:58 PM

අපිනම් ආත්මෙන් ආත්මෙට ආදරය කරනවා.(හේ)

:       0       0

රූපවතී Monday, 10 October 2016 04:17 PM

මේ ලැබූ ආත්මයේ ලද ජීවිතය උපරිම සතුටින් ගෙවන්න බලන්න. කිසිවෙකුට කරදරයක් නැතුව තවත් කෙනෙකුට උදව් කරගෙන. ඔබසැමගේත් සිතේ සිතිවිලි පහන් වේවා..!!! මේ සසර ගමනෙන් එතෙරවීමට සැමට මාර්ග ඵල අව‍බෝධය ලැබේවා..!! (නි)

:       0       0

සංජීව Tuesday, 11 October 2016 05:51 AM

ලංකාවේ තරම් මනෝවිකාරකාරයෝ සහ එවැනි මිනිසුන්ගෙන් ලාභ ප්‍රයෝජන ගන්න මිනිස්සු ලෝකේ කොහෙවත් නැහැ.

:       0       0

අකිල Tuesday, 11 October 2016 09:26 AM

නිම්මි, මම ගොඩක් සතුටු වෙනවා ඔබ ගැන. මමත් මගේ බිරිඳත් ඔබ වගේම තමා. හැම ආත්මෙන් ආත්මෙටම අපි පතන්නෙත් එකට ඉමු කියයි. (බ)

:       0       0

චතුරි Tuesday, 11 October 2016 01:27 PM

නිම්මි, අත්මෙන් ආත්මෙට පෙම් කරන්නත් පළමුව නැවත මනුස්ස ආත්මයක් ලබා ගැනීමට. කටයුතු කරන්න. ආත්ම ගන්නනක් බලා ඉන්න ඕන මනුස්ස ආත්මයක් ලබාගැනීමට, ඔබගේ සැමියා ට ආදරේ කරනවා වගේම අනිත් මිනිසුන්ටත් සතා සිවපාවටත් අදරේ ඒ අයුරින්ම කරන්න. (ර)

:       0       0

යෝනක Wednesday, 12 October 2016 03:20 AM

ඉතාම හොඳ ලිපියක්

:       0       0

ධම්ම Wednesday, 12 October 2016 05:37 AM

මට කියන්න මනුස්සයෙක් මරණින් පසු ඉපදෙන්නේ මනුස්ස ආත්මයකමද? මේ කියන්නේ එහෙම දෙයක්. අප අසා ඇත්තේ 'කලකිනි මිනිසත්බව ලැබගන්නේ' කියලා. (නි)

:       0       0

මැටිපහන Wednesday, 12 October 2016 04:04 PM

මෙය බුද්ධාගමේ නිර්වචනයන්ට අනුකුලව විභාග කරපු සිද්ධියක්. මනෝ විද්‍යාත්මකව මේක ද්විත්ව මානසිකත්වයක්; යටි සිත හා උඩු සිත අතර පවතින සටනක්; මොලයේ රසායනික වෙනස් කමකින් එන්නත් පුළුවන්. කොහොම වුනත් ප්‍රතිකාර කරනකොට ලෙඩා විශ්වාස කරන ආගම මත පිහිටා ප්‍රතිකාර කිරීමෙන් පහසුවෙන් ලෙඩේ හොඳ කරගන්න ලෙඩට උදව් වෙනවා. (බ)

:       0       0

අරුණ Sunday, 16 October 2016 05:32 AM

මෙවන් කතා තව තවත් පළකරන්න (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 16 October 2016 05:34 AM

ඉතා හොඳ කතාවක් (නි)

:       0       0

ශේන් Tuesday, 08 November 2016 05:49 PM

චතුරි, ඔයාගේ කියමන හරියටම හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site