දැනට පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ හෙක්ටයාර් 04කට වඩා අඩු පොල් ඉඩම් පවා කැබලි කිරීමට ලබදී ඇති ඉඩකඩ වසා දමා පොල් ඉඩම් කැබලි කිරීම අක්කර 01කට හෝ ඊට අඩු පොල් ඉඩම් සඳහා පමණක් සීමා කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. මේ රටේ පොල් නිෂ්පාදනයට ඉඩම් කැබලි කිරීම හරහා සිදුවන විනාශය වළක්වා ගැනීමට එය යහපත් ප්‍රවේශයකි. එවැනි යෝජනාවක් දැනට තිබෙන පොල් ඉඩම් සංවර්ධනයටද පොල් නැවත වගා කිරීම දිරිගැන්වීම සඳහා ද හේතු වනු ඇතැයි අපේක්ෂිතය.
පොල් ඉඩම් විශාල වශයෙන් කට්ටි කර විකිණීම පසුගිය කාලය පුරාවටම අසීමිතව සිදුවෙමින් පැවතිණි. එයින් ලැබිය හැකි අහිතකර ප්‍රතිඵල සම්බන්ධයෙන් කෘෂි විද්‍යාඥයන් ඇතුළු බොහෝ පිරිස් අනතුරු ඇඟවූ නමුත් එම ක්‍රියාවලිය නැවතුණේ නැත. ඒ මගින් බොහෝ සාරවත් පොල් ඉඩම් කොන්ක්‍රීට් වනාන්තර බවට පෙරළිණි. ඒ ඇතැම් ඉඩම් දේශපාලන ව්‍යාපෘති බවටද පත් විය.
වරක් එක් හිටපු අමාත්‍යවරයෙක් මීගමුව ප්‍රදේශයේ ඉතා සරුසාර පොල් ඉඩමක් තම දේශපාලන ආධාරකරුවන් පිරිසකට රිසි සේ බෙදාගැනීමට අවසර දුන්නේය. ඒ ගැන විශාල විරෝධයක් පැන නැගුණත් දේශපාලන බලපෑම් හමුවේ ඒ විරෝධතා යටපත් විය. එය දේශපාලනඥයන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් සරුසාර පොල් ඉඩම් ප්‍රබල දූෂණයකට ලක් වූ එක් අවස්ථාවක් පමණි. මෙවැනි කතා මෑත කාලීන දේශපාලන ඉතිහාසය තුළ යළි යළිත් ලියැවී තිබේ.
වාර්ෂික පොල් නිෂ්පාදනය අඩාල වීමට එවැනි ආකාරයේ පොල් ඉඩම් විනාශ කිරීම් එක් ප්‍රබල හේතුවකි. පොල් සම්බෝලයි බතුයි මේ රටේ බොහොමයක් ජනතාවට දිව්‍යමය ආහාරයක් බවට පත්ව තිබෙන මේ වියදම් අධික කාලයේ පොල් ඵලදාව පහළ යාම බරපතළ ගැටලු ඇතිවීමට පාර කපන්නකි. රටේ බොහොමයක් දූ දරුවන් මන්දපෝෂණ තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බවට එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවලින් පවා උපුටා දක්වන විට පොල් ඵලදාව අඩුවීම ආහාර වේලට තීරණාත්මක ලෙස බලපාන සාධකයක් විය හැකි බව අමතක නොකළ යුතුය. මොනම තත්ත්වයක් යටතේ වුවද රටේ ජනතාවගේ ආහාර වේල සකස් කර ගැනීමේදී පොල් අත්‍යවශ්‍යම අංගයක් බැවිනි.
අපේ රට පමණක් නොව මුළු ලෝකයම මේ වනවිට ආහාර සුරක්ෂිතතාව අතින් පසුවන්නේ අවදානම් අඩවියකය. ලෝකයට වඩා අපේ රටේ තත්ත්වය ඒ අතින් වඩාත් උග්‍රය. සංකීර්ණය. මේ නිසා ලෙහෙසියෙන් පිළිතුරක් සෙවිය නොහැකි ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගැටලුවේදී පොල් වගාවට හිමිවන්නේ ඉහළ ප්‍රමුඛත්වයකි. එසේ තිබියදීත් පොල් ඉඩම් හිතේ හැටියට කැබලි කර විකිණීමට ඉඩ සැලසෙන පරිදි නීතියක් රටේ තිබීමෙන් සිදුවන්නේ අවැඩකි. එම නීතිය සංශෝධනය කර කැබලි කළ හැකි පොල් ඉඩම අක්කරයකට සීමා කිරීමට ගෙන එන යෝජනාවට කිසිවකුටත් විරුද්ධ විය නොහැකි බව අපගේ විශ්වාසයයි.
පොල් ඉඩම් කැබලි කිරීමට තහංචි දැමීමෙන් පමණකින් නොනැවතී මේ රටේ සමස්තයක් වශයෙන් කෘෂි බෝග වගාව වර්ධනය සඳහා දීර්ඝකාලීන ස්ථාවර වැඩපිළිවෙළක අවශ්‍යතාව දැන් රටට තදින්ම දැනෙමින් තිබේ. රසායනික පොහොර තහනම වැනි රටේ කෘෂි කර්මාන්තය ඔලුවෙන් සිටුවන අදූරදර්ශී තීන්දු ගැනීම වැළැක්විය හැක්කේ එවැනි ස්ථාවර ප්‍රතිපත්ති සහිත වැඩපිළිවෙළකින් පමණි. එවැනි වැඩපිළිවෙළක් සැකසීම සඳහා ජාතික මට්ටමේ විශේෂඥ කමිටුවක් පිහිටුවීමද වැදගත් වනු ඇත. පොල් ඉඩම් කට්ටි කිරීම සීමා කිරීමට පනවන නීති ඒ ආකාරයටම ක්‍රියාත්මක වනවා දැයි එවැනි කමිටුවකින් අධීක්ෂණය කිරීමද පහසු වනු ඇත.
අප එසේ කියන්නේ මීට පෙරද පොල් ඉඩම් කට්ටි කිරීම අධෛර්වත් කිරීමට ගෙන ආ යෝජනා බොහොමයක් එළිය නොදැකම අභාවයට යාම හේතුවෙනි. එවැනි නීති ක්‍රියාත්මක වීම දේශපාලන බලපෑම් හමුවේ නිශ්ක්‍රීය වන්නේ නම් නීති පැනවීමෙන් පමණක් සරුසාර පොල් ඉඩම් බේරාගැනීමට හැකියාවක් නැත. අපේ රටේ බොහොමයක් තීන්දු තීරණ දේශපාලන බලපෑම් හේතුවෙන් වෙනස් වන බව ප්‍රසිද්ධ රහසකි.
මෙවර අයවැයේ යෝජනාව ක්‍රියාත්මක වී නීතියක් හැදුවත් නිසි අන්දමින් පසුවිපරමක් සිදු නොවුණහොත් ආණ්ඩුවේ ආධාරකරුවන්ගේ පොල් ඉඩම්වලට එක් නීතියකුත් ආණ්ඩුවේ නොවන පුද්ගලයන්ගේ ඉඩම්වලට තවත් නීතියකුත් ක්‍රියාත්මක වීමට හොඳටම ඉඩ තිබේ. එවැනි බහුබූත වැඩ අපේ රටේ හිඟ නැත.
රටේ පොල් ඉඩම් හිතූමතේ කැබලි කිරීමෙන් සිදුවන විනාශය නැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමුවීම ඉතා වැදගත් යෝජනාවක් බව සඳහන් කළ යුතුය. සතුන් විසින් ඵලදාවට සිදු කරන විනාශය හේතුවෙන් වාර්ෂික පොල් නිෂ්පාදනය සෑහෙන ප්‍රතිශතයකින් අඩුවන තත්ත්වයක් තුළ තිබෙන පොල් ගස් ප්‍රමාණය ආරක්ෂා කර ගනිමින් වර්ධනය කිරීමට පියවර ගැනීම රජයේ වගකීමය. අලුත් යෝජනාව රජයේ එම වගකීම ඉටු කිරීමට තැබූ ඉදිරි පියවරක් වශයෙන් අපි සලකමු.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොල් ඉඩම් කැඩීමට වැට බැඳීම වැදගත්
jaya Monday, 21 November 2022 01:20 PM
රු 21,000 බැගින් පොහොර මිටියක් ගෙන (ගිය වසරේ රු 2,500) වගාවට යෙදීමට නොහැකි නිසා පොල් පලදාව විශාල ලෙස ලබන අවුරුද්දේ පහල යයි. රු 7000 පමණ මුදලට මිලට ගන්නා අමුද්‍රව්‍ය අසුරා සමාගම් වලින් අධික ලාභයක් ලැබීම පාලනය නොකොළොත් මොන නීති ගෙනාවත් පොල් ඉඩම් විකිණීම නවතින්නේ නැත.
pakeer Tuesday, 22 November 2022 11:25 PM
මේ රට ගොඩ ගැනීම අරාබිය යුත්තේ කෘෂිකර්මාන්තය තුලින්.
chandima Thursday, 24 November 2022 12:22 AM
අක්කරේක ඉඩමක් පොල් වවනයි පෝර දාන්නයි පොල් කඩන්නයි යන වියදම පොල් ගස් මැරෙනකල් පලදාව ගත්තත් හොයාගන්න බැහැ.