X Advertisement
IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


පෝර ප්‍රශ්නය නොතැකීමේ පාපයට ලක්වීමේ අවාසනාව

එකක් පසුපස එකක් වශයෙන් නිර්මාණය වූ හා නිර්මාණය කරගත් අර්බුද හේතුවෙන් රට අසාධ්‍ය ආතුරයකුගේ තත්ත්වයට පත්ව තිබේ. ලෝක වසංගතයක් චණ්ඩ මාරුතයක්ව හමා යමින් තිබියදී ඒ සම්බන්ධ නිසි තක්සේරුවක් නොමැතිව කාබනික පොහොර ව්‍යාපෘතිය හඳුන්වාදීම අර්බුද වගුර තවත් ගැඹුරු කිරීමට හේතුවිය. එය වැරැදි තීරණයක් බව ජනාධිපතිවරයාද ඉකුත්දා පිළිගත්තේය. එහෙත් ඒ වනවිට විනාශය සිදුවී හමාරය. පෙරදිග ධාන්‍යාගාරය යැයි විරුදාවලිය ලත් රටට සහල් ආනයනය කිරීමට සිදුවූ මෙරට වැරැද්ද බරපතළ විය.

කාබනික පොහොර ව්‍යාපෘතිය ආණ්ඩුවේ ප්‍රධානම ව්‍යාපෘතියක් වුවද එය බලපෑවේ අහිංසක ගොවීන්ටය. ඉකුත් 9 වැනිදා සඳුදා ප්‍රහාරයට ලක්වූ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ නිවාස හා දේපළ මෙන්ම ගොවි බිම් සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ ඇතැම් මැති ඇමැතිවරුන් සතුව රසායනික පොහොර මිටි දහස් ගණනින් තිබූ බවය. එය අමතර කතාවකි.

රසායනික පොහොර තහනමත් සමග එම පොහොර වර්ගය සොයා ගැනීම කළුනික සෙවීම බඳු විය. මේ වනවිට එම තහනම ඉවත් කර තිබුණද රසායනික පොහොර හිඟයක් රට තුළ පවතී. මෙම හිඟය නිසා පොහොර මිටියක මිල රුපියල්30000 ත් 35000 ත් අතරය. මේ බව අනාවරණය වන්නේ පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ අකිල විරාජ් කාරියවසම් කමිටුව කළ නිරීක්ෂණයකදීය. මේ තත්ත්වය යටතේ ගොවීන්ට වගා කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද එම කමිටුව පෙන්වා දේ.

අප රට තුළ කෘෂිකර්මය තිබුණට කෘෂිකර්මාන්තයක් නැත. එමගින් කියැවෙන්නේ කෘෂිකර්මය කර්මාන්තයක් වශයෙන් සංවර්ධනය වී නැති බවය. ගොවියා සිය පාරම්පරික දැනුමෙන් තමන්ට හැකි ආකාරයෙන් කෘෂි කර්මයෙහි යෙදී සිටී. එය රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවන බව ඔප්පු වී තිබේ. එම පරිසරය තුළ රුපියල් 30000 ක් 35000 ත් අතර මිලකට පොහොර මිලදී ගෙන ගොවියා ගොවිතැන් කරනු ඇතැයි සිතිය නොහැක. මෙය සරලව ගෙන පහසුවෙන් බැහැර කළ හැකි තත්ත්වයක් නොවේ.

ගොවියාට අවශ්‍ය ජලය, පොහොර හා බීජ පමාවකින් තොරව ලබා දෙන්නේ නම් රටට ඇවැසි අස්වැන්න  නෙළා ගත හැකි බව රහසක් නොවේ. එහෙත් ගොවියාට පොහොර ලබා ගැනීමට ජලය ලබා ගැනීමට බීජ ලබා ගැනීමට අරගල බිමට පිවිසීමට සිදුවී තිබේ. ඵලදාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඇති සටන මෙන්ම අස්වැන්න විකිණීමට සිදු කරන සටන අමතර වශයෙනි.

තත්ත්වය එසේ වන විට මේ රට කෘෂිකාර්මික රටක් ලෙස හැඳින්වීම කෙතරම් දුරට ප්‍රායෝගිකද යන්න විමසිය යුතුය. මඩ සෝදාගත් කල්හි ගොවියා සිහසුනට වටී යන්න වෙනුවට මඩ සෝදාගත් කල්හි ගොවියා සුසානයට වැනි අලුත් යෙදුම් නිර්මාණය වී තිබෙන්නේ එසේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත්දා ප්‍රකාශ කළේ මේ වසරේදී ආහාර නැතිවන රටවල් අතරට ලංකාවේ නමද ඇතුළත්ව ඇති බවය. බලාපොරොත්තු නොවූ දේ, වේගයෙන් අපකරා පැමිණෙන සෙයකි. අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේදී ලෝකයටම ආහාර හිඟයක් ඇතිවන අතර සමහර තැන්වලට ආහාර නැති වන බව ඇමෙරිකාවේ මුදල් ඇමැති සහ භාණ්ඩාගාර ලේකම් ජැනට් හෙලන් සඳහන් කර ඇති බවය. ආහාර නැති රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය ඇතුළත් කර ඇති බවද අගමැතිවරයා සඳහන් කළේය.

මෙම අනාවරණය කිරීම් එයට හිමි නිසි බරින් හඳුනා ගත යුතුය. කොහොම තිබුණ රටක්ද යනුවෙන් හූල්ලමින් පසුවීම ප්‍රශ්නයට පිළිතුරක් නොවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කර තිබුණේ රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ළඟදීම  ගෝලීය වශයෙන් වසර ගණනාවක් පැවතිය හැකි දැවැන්ත ආහාර අර්බුදයක් ඇතිවන ලකුණු පහළ වී ඇති බවය.

අවදානමට වඩා සූදානම අතිශයින්ම වැදගත්ය. බොහෝ කලක සිට අප පුරුදුව සිටින්නේ සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැත දෙඩවීමටය. බොහෝ විපත් අප ගෙන්වා ගත්තේ එහෙයිනි. ඒ බව අවබෝධ කරගැනීම වැදගත්ය. බත බුලතින් සරුසාර මවු පොළොව ආහාර පාන නැති රටවල් ලැයිස්තුවට එක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයා එක් අතකින් ලජ්ජාවට පත්විය යුතුය.

කළ යුත්තේ කුමක්ද? පොළොවේ ඉඩ ඇති සෑම තැනකම වගා කළ යුතුය. ඒ සඳහා ගොවියා දිරිමත් කළ යුතුය. ඒ සඳහා ආරම්භක පියවරක් වශයෙන් රසායනික පොහොර මිටියක් රුපියල් දහ දාහකට දිය යුතු යැයි පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා අගමැතිවරයා පත් කළ කමිටුව රජයට නිර්දේශ කර තිබේ. එය එලෙසින්ම ක්‍රියාත්මක වනු ඇතැයි අපි විශ්වාස කරමු.

(***)



අදහස් (1)

පෝර ප්‍රශ්නය නොතැකීමේ පාපයට ලක්වීමේ අවාසනාව

Pradeep Kumara Wednesday, 25 May 2022 11:34 AM

කාබනික වගා ක්‍රමයකට යෑම ඉතාමත් හොඳ දෙයක්. නමුත් එක් රැයකින් එහි ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාවක් නෑ. එය අවම වශයෙන් වසර 10ක පමණ කාලයක් ගතවන ව්‍යාපෘතියක්. එසේම 100%ක්ම කාබනිකව වගාවන් සිදුකළ නොහැකියි. පොහොර ගැටළුවට පෙර අප කළයුතුව තිබුණේ රටතුළ පවතින බීජ මාෆියාව නවතා දමා දේශීයව වැඩි දියුණු කළ බීජ අපගේ ගොවි ජනතාවට ලබාදීමයි. එකල ඉතා සක්‍රීයව තිබුණු කෘෂි පර්යේෂණ ආයතන බොහොමයක් අද වනවිට වල් ඇදී ඇති අයුරු අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම මහ ඉළුප්පල්ලම පර්යේෂණ ආයතනය. එකල වැඩි දියුණු කළ Mඓ1, Mඓ2 වැනි මිරිස් ප්‍රබේධ ගොවීන්ට ලබාදුන්නේ ඔවුන් විසිනුයි. එම බීජ මගින් ඉතා සාර්ථකව රටටම අවශ්‍ය මිරිස් කලාවැව ප්‍රදේශය පුරාම වගාකළ ආකාරය අපට තවමත් මතකයි... අද අප රටට ආනයනය කරණා විදේශීය බීජ ලෙඩ රෝගවලට බහුලව පාත්‍රවන අතරම රසායනික පොහොර නොමැතිව සරු අස්වැන්නක් ලබා නොදෙයි. එමෙන්ම කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව හෙක්ටයාරයක අඩුම අස්වැන්නක් ලබා ගන්නා රටද ශ්‍රී ලංකාව බව අප හොඳින්ම මතක තබාගත යුතුයි. මේ සම්බන්ධව කිවයුතු දේ බොහොමයක් ඇතත් මේ ඊට අවස්ථාව නොවන බවද දනිමි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site