එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින්නේ යයි ද, කෙදිනක හෝ ඔහු නැවතත් ඉදිරිපත් වනු ඇති බව ද දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත‍්‍රික් මන්ත‍්‍රී සිවඥානම් ශ්‍රීධරන් ඉන්දියාවේ දී පවසා තිබේ. ඔහු මේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය කළේ තමිල්නාඩුවේ මදුරෙයි හිදී පැවති සම්මන්ත‍්‍රණයක දී අසනු ලැබූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. ‘‘ඊලාම්වාදී දෙමළ ජාතිකයන් ගේ හෙට දවස’’ යන මැයෙන් වූ සම්මන්ත‍්‍රණය සංවිධානය කොට තිබුණේ තමිල්නාඩු නීතිඥ සංගමය සහ මදුරෙයි නීතිඥ සංගමය විසිනි. ප‍්‍රභාකරන් ගේ මරණය පිළිබඳව කරන ලද ප‍්‍රචාර සියල්ලම බොරු බැව් ඔහු එහිදී ප‍්‍රකාශ කළේය. ඔහු කතා කළේ දෙමළ භාෂාවෙනි. 2009 මැයි මාසයේ දී ප‍්‍රභාකරන් මිය ගියේය. එහෙත් බොහෝ කොටි සාමාජිකයෝ සහ ඔවුන්ගේ මත පිළිගන්නෝ මේ යථාර්ථය අදහන්නට මැළි වෙති. විශේෂයෙන්ම තමිල්නාඩුවේ සහ දෙමළ ඩයස්පෝරාවේ අය විශ්වාස කරන්නේ ප‍්‍රභාකරන් පරෙස්සම් සහගතව සැඟවී සිටින බවය. මෙයට එක් හේතුවක් වන්නේ සත්‍යය පිළි ගැනුණහොත් අරමුදල් රැස් කිරීමේ ක‍්‍රියාවලිය දුර්වල වීමය. බි‍්‍රතාන්‍යයේ චැනල් 4 නාලිකාව තුළින් විකාශය වූ දෙවැනි වාර්තා චිත‍්‍රපටියේ ප‍්‍රභාකරන් ගේ මෘත ශරීරය දුටු, එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් දිවි පුදන්නට වුවත් නොපැකිළෙන ඇත්තන් බොහෝ කැළඹුණේ එමනිසා ය. ඉකුත් දිනවල තමිල්නාඩුවේ ප‍්‍රභාකරන්ගේ දැවැන්ත කටවුට් ද සවිකර තිබිණි. එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ සහ ඔවුන් ගේ මත පිළිගන්නා අය මහ විරු දිනයේ දී ප‍්‍රභාකරන්ට ගරු බුහුමන් නොදක්වති. ඒ ඔහු මිය ගිය බව තවමත් ඔවුන් නොපිළිගන්නා නිසාය. එල්.ටී.ටී.ඊ. යට ආධාර කරන්නන් සහ ඔවුන්ට ප‍්‍රචාරය ලබා දෙන්නන්ගෙන් ප‍්‍රභාකරන් ජීවතුන් අතරදැයි ඇසූ විට ලැබෙන්නේ අවිනිශ්චිත පිළිතුරකි. ‘‘ඔය ප‍්‍රශ්නෙට කාලය උත්තර දෙයි...’’ ප‍්‍රභාකරන් ජීවතුන් අතර සිටින බව ඍජුවම කියමින්, ඉන්දියන් දෙමළ නීතිඥයන් පිරිස මුලා කරන්නට තරම් ශ්‍රීධරන් විළි ලජ්ජා නැති පුද්ගලයකු වූයේය. ඔහු හිටපු විදුහල්පතිවරයෙකි. 2010 දී යාපන දිස්ත‍්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට තේරී පත්වූයේය. ඔහු කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ ටී.එන්.ඒ. සංවිධායකවරයායි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ප්රභාකරන් පණපිටින්:
අලිබබා Sunday, 22 April 2012 01:40 PM
අප්‍රේල් පළවෙනිදා කිව්වනම් විශ්වාස කරන්න තිබුණා
මහෙෂ් Monday, 23 April 2012 11:27 AM
මේවට ඉතින් කතා කරන එකත් අපරාදෙනේ
විකී Tuesday, 24 April 2012 02:33 PM
කියන්නෝ කෙසේ කීවත් අසන්නෝ සිහිබුද්ධියෙන් අසති
ප්‍රනීත් Wednesday, 25 April 2012 12:44 PM
ඉතුරු වෙලා ඉන්න ත්‍රස්තවාදීන් ඔහු ගැන තාමත් සිහින දකිනවා ඇති. නමුත් සැබෑ ලෝකෙදි ඒක සිහිනයක්ද විතරයි.
ගෝතයා Thursday, 26 April 2012 10:22 AM
මොකද කියන්නේ? තව පාරක් මඩ කාගෙන මැරෙන්න ඕනිද?
නීලම් Thursday, 26 April 2012 11:16 AM
මුස්ලිම් පල්ලි කැඩුවොත් මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙකුත් එන්න පුළුවන් බව අමතක කරන්න හොද නෑ
ගංගා Thursday, 26 April 2012 11:42 AM
ඔළුව හොඳ නැද්ද
ජාන් Sunday, 29 April 2012 07:02 PM
ඔය සංවිධාන වල හැටි ඔහොම තමයි නේද?
රුවන් Sunday, 29 April 2012 07:07 PM
ආයෙත් මැරෙන්න ආස හිතිලවත්ද?
කෙනත් Wednesday, 20 June 2012 10:42 PM
මේකට වෙච්චි සන්තෑසිය දැක්කම ලංකාවේ තව එකෙක් පහලවෙයි කියල හිතන්න බෑ, මුස්ලිම් එකෙක් ආවොත් ඒකටත් මීට වඩා වැඩි දෙයක් ලැබෙන්නේ නෑ. "සිහලු අපේ , දෙමලු අපේ, මුස්ලිම් මිනිසුනුත් අපේ... උන් වැට කොටු බදින දිනේ පරයන්ගේ ගොඩට වැටේ!...
අමරතුංග Thursday, 21 June 2012 08:18 AM
මේ පුංචි රට කෑවැ මදිවට තවත් කන්නද එන්න හදන්නේ