රාජ්කුලතුංග ධර්මසිරි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. පදිංචිය මීගමුව වෑහුලූපිටිය නුගෙවල පාරේ ය. මුලින්ම ත‍්‍රීරෝද රියක් ගත් ඔහු ඉන් කුලී ගමන් ගොස් දිවි සරිකර ගත්තේය.
අනතුරට මුහුණදුන් ධර්මසිරි මහතා බිරිය සහ දරුවන් සිවුදෙනා සමග විවාහ මංගල්‍යයකදී ගත් ඡායාරූපයක් |
ඉන්පසු වෑන් රියක් ගෙන ගුවන්තොටුපොළේ සිට කුලී ගමන් ගියේය. දිනක් නුවරට කුලී ගමණක් ගොස් නැවත එද්දී වාහනය අඩි සියයක පමණ ප‍්‍රපාතයකට පෙරළුණු අතර අනූ නවයෙන් ඔහුගේ දිවි බේරුණේය.
ඒ අනතුරත් සමඟ කරන කියන සියලූ කටයුතු ඉතා පරිස්සමෙන් හා පරීක්ෂා කාරීව කිරීමට පුරුදුවූ ඔහු නැවත ත‍්‍රීරෝද රථය ධාවනය කරන්නට විය. ඒ කලින් අනතුරින් වෑන්රියට දැඩි ලෙස හානි වූ නිසාය.
ඉන් පසු ජපානයට ගොස් එහි රැකියාවක් කළේය. නැවත ආවේ මීට වසරකට එක හමාරකට පමණ පෙරය. ජපානයේ සිට පැමිණි ධර්මසිරි සිය නිවෙස අසළ වෙළෙඳ සලක් ආරම්භ කළේය. ටික දිනකින් කැබ් රියක් ද ගත්තේය.
ඔහු පුතුන් දෙදෙනකුගේ හා දියණියන් දෙදෙනකුගේ පියෙකි.
ධර්මසිරිගේ දිවියේ අවාසනාවන්තම දිනය උදා වූයේ පසුගිය පෙබරවාරි හතර වැනි දාය. නිදහස් දවසේ දරුවන්ට ද පාසල් නිවාඩු නිසා කිරුළපොණ හිත මිතුරකුගේ නිවෙසකට යෑමට ඔවුහු තීරණය කළහ. ඒ යන අතරතුර බටුවත්තේ තම ඥාතියකුගේ නිවෙසට යෑමට ද අමතක නොකළේය.
ඒ අනුව ධර්මසිරි, බිරිය සහ දරු සිව් දෙනා නිවසින් පිටත් වූයේ බටුවත්තට ගොස් කිරුළපොණ යන අටියෙනි. ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව පමණක් නොව සියලූ බලා පොරොත්තු සුනු විසිනු වූයේ බටුවත්තේ දීය.
බටුවත්ත දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුවක් නොතිබිණි. තිබුණේ සංඥා පද්ධතියක් පමණි. ධර්මසිරි කැබ්රියේ එද්දී ගම්පහ පැත්තේ සිට කොළඹ දෙසට දුම්රියක් ධාවනය විය. එය ධාවනය වනවාත් සමඟම ඔහු සිය කැබ් රිය පාර හරහා දැමුවේය. එකෙනෙහිම මහා විශාල ශබ්දයකින් බටුවත්ත තිගැස්සී ගියේය. අවට සිටි පිරිස් ඒ වටා රොක්වන්නට වූහ.
කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැුජිනී දුම්රියේ හැපුණු ධර්මසිරිගේ කැබ්රිය කුඩු පට්ටම් විය. අවසානයේ දිවි බේරුණේ බිරියගේ සහ බාල දියණියගේ පමණි.
රාජ් කුලතුංග ධර්මසිරි (43) (පියා), රාජ්කුලතුංග හර්ෂ තරිඳු (19) (පුතා) , රාජ් කුලතුංග ලහිරු සාලිංග (14) (පුතා) සහ රාජ්කුලතුංග අංජලී ප‍්‍රබුද්ධි (21) (දියණිය) සිද්ධිය වූ තැනම මිය ගියහ.
වෙල්ගම ආචාරිලාගේ තුෂාරිකා සිල්වා (35) (මව) සහ රාජ් කුලතුංග තරුෂි මධුෂාණි (12) (දියණිය) තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. ”එක් මාර්ගයක දුම්රියක් ගියා. ඒ එක්කම බයික් එකක් මාර්ගය හරයා දැම්මා. අපිත් අපේ වාහනය දැම්මා. හරස් මාර්ගය හරහා දානකොටම අනිත් පැත්තෙන් දුම්රියක් එනවා දැක්කා. මට එච්චරයි මතක. ඉන් පස්සේ මතක රෝහලේ ඉන්නවා.” යැයි ධර්මසිරිගේ බිරිය රාගම රෝහලේ දී පොලිසියට කීවාය.
”රේල්පාර මැද්දෙන් වාහනේ දාද්දි කොච්චියක් එනවා දැක්කා. ඒ එක්කම මං ඇස් පියා ගත්තා.” යැයි බාල දියණිය රෝහලේ දී ඥාතීන්ට කියා ඇත. පොලිසිය බ‍්‍රහස්පතින්දා (05) වන විටත් දියණියගේ කටඋත්තරයක් සටහන් කරගෙන නොතිබිණි. ඒ ඇය කම්පනයකින් සිටි බව පෙනුණු නිසාය.
එකම නිවෙසේ හතර දෙනකු මිය ගිය නිසා මුළු මීගමුවම එකම මළගෙයක් විය. අනතුර සිදුවූ රාගම දුම්රිය හරස් මාර්ගය ගැන ද කිව යුතුමය. එය අනාරක්ෂිත මාර්ගයකි. දුම්රිය ගේට්ටු නැත. ඇත්තේ සංඥා පද්ධතියක් පමණි. පාර වංගු සහිත නිසා දුම්රියක් පැමිණියත් පෙනෙන්නේ නැත. මේ ස්ථානයේ මීට ඉහත දී ද අනතුරු රැසක් සිදු විය. මීට වසර තුනකට පමණ පෙර බස් රථයක් දුම්රියේ හැපී තරුණියක් මිය ගියාය. තවත් කිහිප දෙනකු බරපතළ තුවාල ලදහ.
කෙතරම් අනතුරු වුවත් ගේට්ටුවක් දැමීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වූයේ නැත. ප‍්‍රදේශවාසීන් කියනුයේ තවත් අනතුරක් සිදුවීමට පෙර මෙම ස්ථානයට ගේට්ටුවක් දැමිය යුතු බවයි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බටුවත්තේ මාරක අනතුර
තිනුග Monday, 09 February 2015 09:35 AM
ඔය කියන විදියට වංගුවක් තිබෙන තැනක් නම් ඇයි දෙයියනේ මේ මිනිස්සුන්ට ඔය ළමයි 4 දෙනාගේ එක ළමයෙක්ව වාහනෙන් බස්සල පාර පැහැදිලිද කියල බලන්න හිතුනේ නැත්තේ ? (නදී)
ඇසළ Monday, 09 February 2015 12:42 PM
බටුවත්ත දුම්රිය හරස් පාරේ කිසිම වංගුවක් නැහැ. එක පැත්තකින් බුලුගහගොඩ සහ අනිත් පැත්තෙන් වල්පොල දුම්රිය ස්ථානය දක්වා කෙලින් පාර. මෙතන සිදුවෙලා තියෙන්නේ හදිසිය දුම්රිය ගියාට පස්සේ දෙපැත්ත බලල වහනය පැදෙවුව නම් අනතුරක් නැහැ. මියගිය සැමට නිවන් සුව.(නදී)
ඉසුරන්දි Monday, 09 February 2015 12:57 PM
අපිත් අපේ ආරක්ෂාව ගැන මිට වඩා හිතන්න ඕනේ. දෙයක් උනාට පස්සේ කාටවත් ඇගිල්ල දිගුකරන්න කලියෙන් (නදී)
කපිල Monday, 09 February 2015 04:41 PM
ඇයි සිග්නල් ලයිට් පද්ධතියක් තිබෙන තැන අනාරක්ෂිතයි කියන්නේ? ඒක හොඳට වැඩකරනවානේ. වෙන මොකුත් නෙමෙයි, මේ නොසැළකිල්ල (නි)
සංගීත් Friday, 13 February 2015 07:53 AM
මේ වසරේ මුලම ඇසූ දුක්බරම කතාව.(හේ)
හර්ෂ Friday, 13 February 2015 02:17 PM
එතන වංගු සහිත ස්ථානයක් නොවේ. මා දන්නා තරමින් මෙම දුම්රිය ස්ථානය සහ ඉදිරියෙන් ඇති දුම්රිය ස්ථානය සහා පසුපසින් ඇති බුළුගහගොඩ යන දුම්රිය ස්ථාන තමයි ශ්‍රී ලංකාවේ එක දුම්රිය ස්ථානයක සිට බැලුවිට එක කෙලින් එක දිගට දුම්රිය ස්ථාන 03ක් පෙනෙන එකම ස්ථානය. රියදුරු මහතාගේ නොදැනුවත්කම නිසාවෙන් මෙම අවාසනාවන්ත සිද්දිය සිදුවුනේ කියා කියන්න පුළුවන්. ඔව්න් සියළු දෙනාට උතුම් නිර්වාන සුවය අත්වේවා, මෙවැනි අකල් මරණ කිසිදු ජාතියක සිදු නොමවෙවා!!!!! (අ)