X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


බලාගෙනයි නංගියේ වැටකේ ගාලේ මෘගයන්

   Untitled-2

 

පහුගිය කාලෙ පුරාම මුහුදු වෙරළ ආශ‍්‍රිතව, වැටකේ ගාල්වල, දිය ඇලි කිට්ටුව, කැලෑවල, හෝටල් කාමරවල තරුණ තරුණියෝ ඝාතනය වුණා. ඇතැම් තැන්වල ආදරය සොයා ගෙන ඒ තැන්වලට ගිය පෙම්වතා - පෙම්වතිය දෙන්නම ඝාතනය වුණා. තවත් ස්ථානවල පෙම්වතා ඉතුරු වෙලා පෙම්වතිය ඝාතනය වුණා. මෙහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්න පුළුවන්ද? සාමාන්‍ය සමාජයෙන් හැංගුණු  ”කැලෑබද සමාජයේ” ටිකක් ඇවිදින්න හිතුණා. මේ කතා ලියන්නෙ රසකර බලනවට වඩා කාට කාටත් පරිස්සම ප‍්‍රයෝජනවත් වෙන නිසා.

 

1

පුංචි කාලෙ ඉඳන් දරුවන්ගෙ බුද්ධි වර්ධනය වීමේ යම් ස්වභාවයක් තියෙනවා. පුංචි කාලෙදි දරුවන්ට උගන්වන්නෙ ආගම දහම, සදාචාරය ගැන. ඒ තුළ ළමා හිතේ ගෞරවය හා භය පක්ෂපාතිත්වය කියන දේවල් ගොඩ නැගෙනවා. වරදක් කිරීමට ලජ්ජා භය උපදිනවා. ඒ දරුවන් ක‍්‍රමානුකූලව අපේ සංස්කෘතියට සමාජයට අනුගත කළ යුතුයි. 


දැන් අවුරුදු 15 පමණ වන විට දරුවන් හුරුවෙලා තියෙන්නෙ සමාජ වෙබ් අඩවි ආදිය තුළ සැරි සැරීමටයි. අපේ දරුවන්ට එවැනි දේ විවෘතව හිමිවන මාර්ග තියෙනවා. එතැනට හුරු වූ දරුවාට කුඩා කල උගත් සමාජ - සංස්කෘතික - සදාචාරාත්මක වටිනාකම් දැනෙන්නේ නෑ. ඔවුන් යාන්ත‍්‍රිකයි. ඇසුරු කරන්නෙ යන්ත‍්‍ර. එතැනින් පසු ඔවුන් කාල බීලා ජීවත්වන තැනට පත්වෙනවා. ඔවුන් සියල්ල දකින්නෙ බටහිර සංස්කෘතියට එළැඹිලා.


ඒවා තුළින් වැඩි දෙනා ලබා ගන්නෙ මානසික ව්‍යාධියක්. අපේක්ෂා භංගත්වයක්. සියල්ල දැඩි බලාපොරොත්තු. ඒ පසුපස දුවනවා. 
එවැනි සමහරු විකෘති කාමාශාවට පෙළෙඹීමේ සම්භාවිතාව වැඩියි. පෙම්වතුන් - පෙම්වතියන් කැලෑවට යනවා නම්, කාමර වලට යනවා නම් එතන තියෙන්නෙ පේ‍්‍රම කිරීමක් නෙවෙයි. ඒක කායික එක්වීමේ ගමනක්. පේ‍්‍රමය - ආදරය ඊට වඩා ගැඹුරු අධ්‍යාත්මික මානසික ක‍්‍රියාවලියක්. සාහිත්‍ය තුළ කුස - පබා චරිතය බැලූවාම ආදරයේ උත්තරීතර බව පේනවා.


අද තරුණ දුවල පුතාල පේ‍්‍රමය ලෙස වටහාගෙන ඉන්නෙ කායික සන්තර්පනය. ඒ නිසා විශාල අනතුරකට ඔවුන් මුහුණ දීගෙන යනවා. මෙතැනදී පේ‍්‍රමයේ වුණත් ස්වයං පාලනයක් අවශ්‍යයි. පේ‍්‍රමය - ආදරය සඳහා යා යුතු - නොයා යුතු තැන ඔබ තේරුම් ගත යුතුයි. එවිට විවිධ කල්ලි වලින්, ඇතැම්විට කාමුක ආශා ඇති අයගෙන් බේරීමට හැකියි. 
විශේෂයෙන් දෙමාපියන් දරුවන් ගැන මීට වඩා සෙවිය යුතුයි. ආගමික අධ්‍යාපනය - සදාචාර අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය තුළ කළ යුතු වන්නේ, මානසික සිතිවිලි පාලනය කිරීමයි. 


රුපියල් වගේ කාමයත්, පාවෙනවා නම්, ඊට නීති රැුහැන් අවම නම් අනතුරට යන්නේ අපේ සමස්ත දරු පරම්පරාවයි. 


කවුරු කොහොම කිවුවත් උද්‍යානවල, මුහුදු වෙරළෙ, කාමරවල, කැලෑවල, ඇෙඟ් අත පයේ එල්ලිලා කතා කරන හුඟක් අයගෙ විවාහ ජීවිත ගෙවෙන්නේ ඒ ඒ අය එක්ක නෙවෙයි. ඇතැම් වේලාවට කාමර වලට යනවා. කැලෑ බද පාළු තැන්වල රිංගනවා. ඒ අයගෙන් සීයට 90ක් විවාහකයන් වෙන්නෙ නෑ. මේ තමයි ඇත්ත.... ඒ ඇත්ත තුළින් ඔබ උකහා ගත යුතු දේ තමයි  ”මේ පෙම්වතා මගේ සැමියා නොවුණොත්.” කියන දේ. එහෙම නොවුණොත් මොකද සිද්ධ වෙලා තියෙන්නේ..? කාගේ හෝ කායික අවශ්‍යතාවක්... අවංකවම විවාහ වීමේ බලාපොරොත්තුවෙන් ඍදදපි වලට යන අයත් ඉන්නව. නමුත් වැඩි දෙනෙක් කායික අවශ්‍යතාවක ප‍්‍රතිඵල. 

 

අපි හැංගුණු ඇත්ත කතාවක් දිගේ යමු...


”දකුණු ලකේ අගනගරේ ගාලූ පුරේ සිරි” කිවුවම මේ අගනගරෙ දිගටම තියෙන්නෙ ලස්සන මුහුදු වෙරළ. හික්කඩුව, උණවටුන, කළුතර තවත් ලස්සනයි. මේ පැත්තෙ පන්සලක් කිට්ටුව තිබුණා ලස්සන කැලෑවක්. මේ කැලෑවෙ ගල් වැටි එක්ක තියෙන ගල්තලාව දිගේ තරුණ ජෝඩු නිතරම ඇවිදිනවා. ගස්වලින් වැහුණු කැලෑවත්, කැලෑව අස්සට මුහුදත් හරි ලස්සනට පේනවා. මිනිස්සු හිතන්නෙ මුහුද බලන්න කැලෑවට යනවා කියලා. වෙරළෙ නාන 
ගෑණු පිරිමි අයත් කැලෑවෙ ඉන්න කොට හරි අපූරුවට පේනවා.


විකෘති කාමාශාව තියන අය නිතර දෙවේලේ මේ කැලෑව අයිති කරගෙන ඉන්නෙ. මුහුදෙ නාලා ඇවිත් කැලේ පැත්තට හැරිල ඇඳුම් මාරු කරද්දි සමහර කාන්තාවො හිතන්නෙ මේ කැලේනෙ. කියලා. ඒත් හොඳට මතක තියා ගන්න. කැලේට හැරිල ඇඳුම් මාරු කරනවට වඩා සෙනග නාන පැත්තට හැරිලා ඇඳුම් මාරු කරන එක වඩා ගුණදායක බව. විකෘති කාමුකයො ගෑණු ඇඳුම් මාරු කරනා හැටි බලාගෙන ඉන්නවා විතරක් නෙවෙයි, වීඩියෝ පවා කරනවා. මේ තමයි ලෝකෙ හැටි.


නිමාලි කියන්නෙ සල්ලි තියන පවුලක හැඩකාර ගෑණු ළමයෙක්. එයා යාළු වුණේ නිමල් එක්ක. අලූත් මෝටර් බයිසිකලේක එන, අතේ පච්චා දෙක තුනක් කොටපු නිමල් දඟකාර කොල්ලෙක් බව එයාට දැනුණා. නිමාලි හිතුවා වගේම නිමල් දඟකාරයි. අදහස් සිතුම් පැතුම් වුණත් එහෙමයි. එතැනින් පසු කතාව ලියමි.


නිමාලි පවුලේ එකම දියණිය වූ නිසා ඇයව විවාහ කර දීමට දෙමාපියන් කල්පනා කළේ ගම් හතකට මඟුල් කියමිනි. එහෙත් ගම් හතකට මඟුල් කියන්නට තරම් වාසනාවන්ත පෙම්වතෙක් ඇයට හමු නොවිණි. එක්කෝ එය නිමාලිගේ අවාසනාව විය යුතුය. නැත්නම් නිමාලි තම සිතුම් පැතුම්වල සීමාව නොදැන සිටීම විය යුතුය. 


නිමා, මට රුපියල් 2500ක් දෙන්න.. මගේ කෝස් එකට ෆීස් ගෙවන්න සල්ලි මදි. ඇතැම් දිනවල නිමල් මුදල් ඉල්ලා ඇවිටිලි කළේය. 


නිමාලි දන්නා හැටියට නිමල් කරගෙන ගියේ භාෂා පන්තියකි.


සියලූ දේ රහසක් පරිදි සිදු විය. 


නිමාලිගෙන් මුදල් ඉල්ලා ගන්නා නිමල් රැට ‘බජාර්’ එක අතරට වැටේ. ගංජා පානය කර, මත් වතුරෙන් පදම් වන උන් එක එක කොල්ලන්ගේ ගෙවල්වල නින්දට වැටේ. සමහර දාට දෙතුන් දෙනා ගණිකාවන් අතරටද වැටේ. 


නිමල්ලාගේ කණ්ඩායමේ හැටි දන්නා ගණිකාවෝ බොහෝ විට දන්නා අයට කියා මේ අනතුර මග හැර දැමූහ. ඒ තරමට ගණිකාවට පවා නිමල්ලාගේ හැසිරීම් කෲර විය. ම්ලේච්ඡු විය. වේදනාත්මක විය. 


එක ස්ත‍්‍රියක් පිරිමි කණ්ඩායමක් විසින් එකතු වී එකම වේලේ දූෂණය කිරීම විකෘති කාමාශාවකි. නිමල් පුරුදු වූයේ මේ විකෘති කාමයටය.

02-Rasa-P1-02
ඔහු නිමාලි සමග අවස්ථා ගාණක් හෝටල් කාමර වල තනි විය. කැලෑ බදව තනි විය. ඒ සෑම තැනම නිමල් සහ නිමාලි එකට ගැවසුණත් විකෘති ආශාවලින් ඇලී සිටි නිමල්ට එහි ලොකු මිහිරක් දැනුණේ නැත. 


හැමදාම ගණිකාවන්ට මේ කාර්යයෙන් සංග‍්‍රහ කරන නිමල් ඊළඟ අමානුෂික කාමාශාව විඳීමට තම ආදරවන්තිය තෝරා ගත්තේය.


පණ දී ආදරය කරන නිමාලි කිසි විටෙකත් නොසිතූ නොපැතූදෙයකි. ඇය නිමල් ගැන දැන උන්නේ පිරිසිදු පෙම්වතෙක් ලෙසය. නිමල්ගේ සමහර වැරදි හදා ගත හැකි බව ඇය නිතර කල්පනා කළාය.


දවාලක් - රැයක් නැතිව නිමල් හා තනි වෙන්නට පෙම්වතියක් ලෙස නිමාලි බිය නොවුණාය.


ආදරය - විවාහය - දරුවන් - පවුල් ජීවිතය ගැන කතා කරන පෙම්වතෙක් කෙසේ අවිශ්වාස කරන්නද?


නිමල්ගෙන්, ඇමතුමක් ලැබෙයි. 


”පැටියො හෙට පෝය. රැට බීච් එකේ ඇවිදිමු....”


නිමාලිටත් රාත‍්‍රියේ වෙරළේ ඇවිදීම වඩාත් මිහිරක් විය. හැන්දෑවේ පන්සල් ගිහින් ඇවිත් ටිකක් ? වෙන තුරු නිමල් සමග බීච් එකේ තනි වෙන්නට නිමාලි කල්පනා කළාය.


හඳපානේ අත් අල්ලන් යන හැටි, වැටකේ පඳුරකට වී තුරුලූ වී සිටින හැටි එදා ? මුළුල්ලේ නිමාලි කල්පනා කළාය. පසුදා ? වනතුරු ඇය හිටියේ නොඉවසිල්ලෙනි. නිමාලි පේ‍්‍රමණීය සැඳෑවක් බලා ඉද්දී නිමල් තම විකෘති ආශාවේ පිපාසයෙන් සැලසුම් ඇන්දේය.


”මචාලා හෙට රැ මම කෙල්ලෙක් බීච් එකට ගේනවා....” නිමල් මිතුරන් දෙතුන් දෙනෙකුට පණිවුඩ දුන්නේය.


සමහරු කීවේ කෙල්ල ගේකට රැගෙන එන එක ලෙහෙසි බවය. 


”නෑ... නෑ... මචාලා පෝය නෙ.... බීච් එක ළඟ කැලේ.” 


නිමල්ගේ අදහසට අනුව සියල්ල ලැහැස්ති විය. 


නිමාලි පැවසූ වේලාවටත් කලින් පැමිණ නිමල් අපේක්ෂාවෙන් උන්නාය.  

 

02-Rasa-P1-04

 


නිමල් ඈත එනු දුටු නිමාලි ඔහු ඉදිරියට පැන ගියේ ආදරයෙන් පිළිගැනීම වෙනුවෙනි. තමන් මේ පිළිගන්නේ වන මෘගයකු බව නිමාලිට සිතුනේම නැත.
ආදරණීය පෙම්වතුන් පරිද්දෙන් පන්සලට ගොඩ වූ නිමාලි නෙලූම් මල් පූජා කොට බුදුන් වැන්දාය. ඇගේ එකම ප‍්‍රාර්ථනාව වූයේ නිමල් හොඳ සැමියකු වනු දැකීමය.


සඳ මඬල නැග එද්දී නිමාලිට ආරාධනය ලැබිණි.


”නිමාලි බලන්න බීච් එක හරි ලස්සනයි.” පන්සලේ සිට ඈතට පේන මුහුද දෙස බලමින් නිමල් කීවේය.


”හ්ම්” 


නිමාලි අතින් අල්ලාගෙන පා ගමනින් නිමල් මුහුදු වෙරළ දෙසට ගෑටුවේය. ආදරණීය වදන් තෙපළෙයි... 


ඈතින් ඈතට, ඈතින් ඈතට ගිය නිමල් - නිමාලි කැලෑවට නුදුරු වැටකේ ගාලක තනි වූහ. හැන්දෑව ඉක්ම රාත‍්‍රිය එළැඹෙමින් තිබිණි. සඳ මඬළේ එළිය වැටකේ අතු අතරින් පොළොවට ගලා බසියි.


පෝය දවස නිසා වෙනදා තරම් වෙරළේ පාළුවක් නැත. රාත‍්‍රි 8 ඉක්මිණි. 9 ඉක්මිණි.


නිමල්ගේ මිතුරෝ යහමින් පදම් වී තොරතුර දුන් තැනට කඩා වැදිණි. 


හිතා ගන්නටත් බැරි මොහොතකි.


නිමල්ගේ දෑතින්ම නිමාලිගේ කට තදවිය. ලේන්සු මිටියකින් ඇගේ කට වැසිණි. වැටකේ ගාලෙන් ඇයව ඇදගෙන කැලෑවේ එපිටට නරුමයෝ සේන්දු වූහ. අතපය විහිදුවමින් දඟලන නිමාලි දෙස ඔවුහු ආශාවෙන් බලා උන්හ.


විකෘති කාමුකයෝ සිය ආශාවන් සංසිඳුවා ගත්හ. නිමල්ද ඒ අතර විය. විකෘති කාමුකයන්ගේ වේදනාවෙන් නිමාලිගේ ගත නිසල වෙමින් තිබිණි. 
කළ යුතු යමක් නැත. 


එක කොල්ලෙක් පැන නිමාලිව සදහට නිහඬ කළේ ක්ෂණයෙනි. එතැනින් මළ සිරුර රැුගෙන කැලෑව අතරින් මුහුද මානයට ආ මෘගයෝ දේහය මුහුදට හෙළුෑහ.


ආදරය කිරීමට ගොස් නිමාලිට වැරදුණු හැටි... මෙවැනි සිදුවීම් දුලභ නැත. ඉඳහිට නමුත් සිදුවේ.


ආදරය කිරීමේදී යන - එන තැන පිළිබඳ රැුකවරණය ඔබ සතුව ඇත. එය වැරදීම නොවැරදීම ගැන කාට කිව හැකිද? නිමාලි වැනි බොහෝ දෙනාට මීට සාපේක්ෂ සිදුවීම් හරහා මරණය උදාවී ඇත. ඒ බොහෝ මරණ පිටුපස විකෘති කාමාශාව, අසීමාන්තික කාමුකත්වය, මත්ද්‍රව්‍ය වැනි බොහෝ හේතු ඇත. 
අපට හඳුනා ගතහැකි පැහැදිලි දෙයක් මේ තුළ තිබේ. සංවිධානාත්මක ඝාතන වලින් ඔබ්බට යන සංවිධානාත්මක කාමුක කල්ලි, මත්ද්‍රව්‍ය කල්ලි, සොරුන් විසින් කරන දෙයකි.


එවැනි අය ගැවසෙන තැන් ඇත. ඔබේ පෙම්වතා මෙවැනි සංවිධාන කල්ලියක පුරුකක් විය හැකිය. එබැවින් ඔබේත් ඔබේ දූ දරුවන්ගේත් ජීවිත මළ සිරුරක් ලෙස නිරුවතින් කැලේ කුණු වීමට, දියේ පාවීමට ඉඩ දෙනවාද? ඔබේ දරුවන් ආදරය කරන සියල්ලෝ සැබෑ පෙම්වතුන් වන්නේ නැත. ඔබේ දරුවන්ගේ පෙම්වතා සැබෑ ආදරයක අඩු සම්භාවිතාවක් ඇතියෙකු පමණි. 


(පුද්ගල නාම මනඃකල්පිතයි.)

m

 



අදහස් (0)

බලාගෙනයි නංගියේ වැටකේ ගාලේ මෘගයන්

චාමික Wednesday, 06 January 2016 01:43 AM

මේවා මෙහෙම වෙන්නේ ඇයි කියන එක ගැන මීට එහා ගිය සාකච්ඡාවක් තිබෙන්නට ඕනෑ. තරුණ තරුණියෝ පොඩි කාලේ ඉඳලම අධ්‍යාපනය පස්සේ ගිහින් හෙම්බත් වෙලා ඉන්නේ. ගැටලුව තිබෙන්නේ තරුණයන්ට ආරක්ෂිතව සීමාවන් තුළ ඉඳගෙන ආදරේ කරන්න තැනක් රටේ තිබෙනවද කියන එක. අපි එහෙම එකක් හදන්නේ නැතුව මේවා කිය කියා ඉන්න එකමයි පහුගිය අවුරුදු 20 ම කළේ. (නි)

:       0       0

අමාන් Wednesday, 06 January 2016 06:16 AM

මෙතනදී කල යුත්තේ වැරදිකරුවන් සොයා දඬුවම් දීම පමණක් නොවේ. මෙවන් වරදට දරුවන් බිලි නොවීමට දෙමව්පියන්ද තරයේ විමසිලිමත් විය යුතුයි . (කෞ)

:       0       0

විජිත් Wednesday, 06 January 2016 03:29 PM

මේ පිළිබඳව දරුවන් දැනුවත් කිරීම පාසලේදීම ප්‍රවේශමෙන්,මනෝ විද්යානුකුලව කළ යුතුයි.ඒ වගේම දෙමවුපියන් කොහෙත්ම මේ වගකීමෙන් නිදහස් කරන්න බැහැ. නිවසේදී තම දරුවන්ට අවශ්‍ය ආදරය ,සෙනෙහස ලබාදෙන ගමන්ම, එදිනෙදා ජීවිතයේදී මිනිසුන් මුහුණපාන නොයෙකුත් කම්කටොලු ආදිය ගැන දරුවන් සමග විවෘතව සාකච්ඡා කළ යුතුයි.එවිට දරුවා සමාජය දවන විෂබීජ ක්‍රම ක්‍රමයෙන් හඳුනාගන්නවා.ඒවාට ගොදුරු නොවී සිටින්නට ස්වයං උත්සහයක් ගන්නවා. (බ)

:       0       0

ඉන්දික Thursday, 07 January 2016 07:44 AM

හෝමෝන බලවත්වෙලා බුද්ධිය යටපත්වෙන වයසනේ. හරි අමාරුයි ඒක පාලනය කරන්න. ඒ වෙලාවට කවුරු කිව්වත් අහන්නේ නැහැ. පුළුවන් තරම් දැනුවත් කරනවා ඇරෙන්න, වරදක් වුණහම දෙමාපියන් මතම වරද පැටවීම වැරදියි. (නි)

:       0       0

සම්පත් Friday, 08 January 2016 07:13 AM

මේවා මරණ දඩුවමින් විතරයි පාලනය කරන්න පුළුවන්. අහිංසක ජෝදුවකට නිදහසේ ඉන්න දෙන්නේ නැහැ මේ වගේ කල්ලි . (ර)

:       0       0

ලකී Saturday, 09 January 2016 06:06 PM

රටක් සමාජීය මෙන්ම ආර්ථික වශයෙන් දියුණුවීමට අවශ්‍ය මූලික කරුණු දෙකකි. පළමුවැන්න විනය සහ හික්මීමයි. දෙවැන්න සාධාරණව ක්‍රියාත්මක වියයුතු නීතියයි. අවාසනාවකට අප රටේ ඉහත කාරණා දෙකම නැත. ඉහත අවාසනාවන්ත සිද්ධියද එහි ප්‍රතිඵලයකි. මෙවැනි අමානුෂික අපරාධයක් කළ පළමුවැන්නාට හෝ පිරිසට මතක හිටින දඬුවමක් දුන්නා නම්, එවැන්නක් නැවත කිරීමට සැළසුම් කරන්නා බොහෝවිට එය නොකරනු ඇත. (නි)

:       0       0

දුමින්ද Monday, 11 January 2016 10:55 AM

කෙලෙස් සසර දිගු වේ (ම)

:       0       0

අවන්ත රෙහාන් Tuesday, 12 January 2016 10:55 AM

අද සිටින සමාජයේ කාව විශ්වාස කරන්න ද? කාව අවිශ්වාස කරන්න ද ? කියන එක නම් ලොකු ප්‍රශ්නයක්. මිනිස් වෙසෙන් ඉන්න දෙවියොත් ඉන්නවා. ඒ වගේම මිනිස් වෙසින් ඉන්න යක්‍ෂයොත් ඉන්නවා. එත් එයලාව අඳුර ගන්න එක නම් ගොඩක් අමාරුයි. එත් මම නම් කියන්නේ හැම වෙලේම තමන්ගේ හදවතට අරන් වැඩ කරන්න ඕනේ. මම මේ කරන්නේ වැරද්දක් ද නැද්ද කියලා. එතකොට නම් මේ වගේ දෙවල් ගොඩක් අඩු වෙයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site