X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


බස්රියෙන් බිමට ඇදදමා ගිය හෘද රෝගියාගේ කතාව

16_page_3-th  

 

රුපියල් සත හමුවේ මිනිස්කම යටයන යුගයක් නිර්මාණය වෙමින් පවතින බව පෙන්නුම් කෙරෙන හදකකියවන අමිහිරි සිද්ධීන් පසුගිය කාලය පුරා වරින්වර අපට අසන්නට දකින්නට ලැබුණු අවස්ථා අප‍්‍රමාණය.
මෙයත් රුපියල් සත නිසා මිනිස්කම යට ගොස් තිරිසන් ගති ලක්ෂණ පෙන්නුම් කළ නොමිනිසුන් තිදෙනෙක් හා බැඳුණු කතාවකි.

 

SLMA 03

 

හෘදයාබාධයක් වැළඳී ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් ජීවිතය යදිද්දී එය තුට්ටුවකටවත් මායිම් නොකර රුපියල් සත පසුපස හඹාගිය නොමිනිසුන් තිදෙනකු නිසා අවසානයේ සිදුවූයේ ඒ අහිංසකයාට ජීවිතයෙන් වන්දි ගෙවීමටය.


ඔබ මෙතැන් පටන් කියවන්නට යන්නේ රුපියල් සත නිසා ජීවිතයක් අහිමිවී ගිය හිත් ඇති අයගේ හිත් රිදුම් කවන ඒ අමිහිරි කතාවයි.


ඉළුක්කුඹුර ප‍්‍රදේශයේ සිට බළංගොඩ නගරය දක්වා (මාර්ග අංක 121) ධාවනය වන පෞද්ගලික බස් රථයකි.


බස් රථයේ රියදුරු බස් රථයේ අයිතිකාරයා වන අතර කොන්දොස්තරකම කරන්නේ ඔහුගේ පුත‍්‍රයෙකි.


බස් එකේ සෑම අසුනක්ම මගීන්ගෙන් පිරීතිබූ අතර එක් අසුනක වාඩිවී සිටි මගියකු හදිසියේ රෝගාතුරවී ඇත.


මගියාගේ ඇස් උඩ ගොස් ඔහුගේ මුළු ගතම ඩාදියෙන් පෙගී ගියේය. ඔහුට කතාබහ කිරීමට පවා නොහැකිවී ඇත.


මෙතැන වාඩිවෙලා ඉන්න කෙනාට මොකක්දෝ වෙලා ඇස් දෙකත් උඩ ගිහින් යාබද අසුනේ වාඩිවී සිටි මගියෙක් කෑගසා ඇත්තේ බියට පත්වීම නිසාය.


මගියාගේ කෑගැසීම ඇසී කොන්දොස්තර කොලූවා එතැනට පැමිණ අසනීපව සිටි මගියා ළඟට පැමිණ ”තාත්තේ ඉක්මනට බස් එක නවත්වන්න” කියා පවසා ඇත.


කොන්දොස්තර පුතාගේ කීමට රියදුරුsh තාත්තා බස් එකේ තිරිංග තද කළේය.


බස් එක ඒ අවස්ථාවේ පසුකරමින් සිටියේ මහවලතැන්න ප‍්‍රදේශයයි.


දැඩි ලෙස රෝගීව සිටි මගියා ඔසවාගෙන පැමිණ තිදෙනකු මහවලතැන්න වංගුව ළඟ පිහිටි පෞද්ගලික ඩිස්පැන්සරියක් අසල බිම තබා යන්නට ගියේ ඔය ඩිස්පැන්සරිය වහලා තියෙන්නේ ඔතන තියා යන්න එපා කියා කිහිපදෙනෙක් කියද්දීය.

 


ඩිස්පැන්සරියට යාබදව කඩයක් පවත්වාගෙන යන ඩබ්ලිව්.කේ. ධනංජය කුමාර මහතා පරීක්ෂණ කටයුතු සඳහා ගිය පොලිස් නිලධාරීන් හමුවේ සිද්ධිය විස්තර කර ඇත්තේ මෙසේය.


මහවලතැන්න වංගුවේ මම කඩයක් කරනවා. බස් එකක් ඇවිත් මගේ කඩය ළඟ නැවැත්තුවා. බස් එක ඇතුළේ ඉඳලා මගියෙක් ඔසවාගෙන ඇවිත් මගේ කඩයට අල්ලපු ඩිස්පෙන්සරිය ළඟ බිම දිගා කළා. මම කිවුවා ඩිස්පෙන්සරිය වහලා දොස්තර මහත්තයා නැහැ ආයෙත් එන්නේ හවසටයි කියා. නමුත් මගියා බිම වාඩිකරවලා ඔවුන් යන්න ගියා.


මගියා අමාරු තත්ත්වයක ඉන්න බව මට පෙනී ගිය නිසා ඉක්මනට මහවලතැන්න ඉස්පිරිතාලයට කතා කරලා සිද්ධිය කිවුවා. දොස්තර මහත්තයෙක් කිවුවා අපි මේ ගැන පොලිසියට දැන්ම දැනුම් දෙනවා කියා. පොලිසියෙන් ඇවිත් මගියා රෝහලට රැුගෙන ගියා.


පොලිසිය ධනංජය කුමාර මහතාගෙන්ද ප‍්‍රකාශයක් ලබාගත්තේය.

 


බස් රථයේ සිටි මගියෙක් වන අරඹේ සෝමරත්න මහතා පොලිසියට ප‍්‍රකාශයක් ලබාදෙමින් කියා ඇත්තේ මෙවැනි කතාවකි.


බස් එකේ ආපු මගියකුට ක්ලාන්තය හැදුණා මේ බව බස් එකේ හිටිය අය කොන්දොස්තරට හා රියදුරාට දැනුම් දුන්නා. බස් එක නැවැත්තුවා.

කොන්දොස්තරයි, රියදුරයි තාත්තයි පුතයි ඔවුන් දෙන්නා තවත් මගියකුගේ සහය ඇතිව ක්ලාන්තය හැදිලා හිටිය මගියා ඔසවාගෙන ගොස් ඒ වෙලාවේ වසා තිබූ ඩිස්පෙන්සරිය ළඟ බිම දිගා කළා.


ඔය ඩිස්පැන්සරිය වහලා තියෙන්නේ දොස්තර මහත්තයා ආයෙත් එන්නේ හවසට. රෝගියා අරන් ගිහින් ඉස්පිරිතාලයට බාරදෙන්න කියා. අපිට පරක්කු වෙනවා ඒ හින්දා අපි යනවා කියා ඔවුන් බස් එකට ගොඩවෙලා යන්න ගියා.


කිසිවක් කතා බහ කිරීමට නොහැකිව අසනීපව සිටි මගියා තබා ගිය ස්ථානයේ සිට මහවලතැන්න රජයේ රෝහලට ඇත්තේ මීටර් 200 ක පමණ දුරකිනි.
රෝගී තත්ත්වයේ පසුවූ මගියා රජයේ රෝහලට ගෙනගොස් බාර දුන්නේ නම් ඔහුගේ ජීවිතය බේරාගැනීමට ඉඩ තිබූ බව පොලිසියේ විශ්වාසයයි.


එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. පස්සෙන් එන ඊළඟ බස් එකට කලින් ඉදිරියේ ඉන්න මගීන් නංවා ගැනීම රියදුරු හා කොන්දොස්තර පිය පුතු දෙදෙනාගේ අරමුණවී තිබූ නිසාදෝ මිනිස් ජීවිතයක ඇති වටිනාකම තේරුම් ගැනීමට ඔවුන්ට හිතක් පපුවක් තිබී නැත. එහෙම හිතක් පපුවක් තිබුණ නම් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මගියෙක් බස් එකෙන් එළියට මේ විදිහට ඇද දමා යන්නේ නැත. මිනිස් ජීවිතයට වඩා ඔවුන්ට රුපියල් සත වටිනවා විය යුතුය.


බස් එක ඉගිළ ගියේ ඊළඟ හෝල්ට් එකේ ඉන්නා මගීන් කිහිපදෙනා ගොඩකරවා ගැනීමටය.


අප එහෙම කියන්්නේ වෙන කිසිවක් නිසා නොව රෝගිවී සිටි මගියා දමා යන්න එපා කියා ඉල්ලීම් කරද්දීත් කොන්දොස්තර පුතා හා රියදුරු තාත්තා අපට පරක්කු වෙනවා අපි යනවා යැයි කියාගෙන ගිය නිසාය.


පොලිසිය එහි පැමිණ බලනවිටත් ඔහු මියගොස් ඇත.


මෙසේ මියගොස් තිබුණේ බළංගොඩ දංගස්මණ්ඩිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි ලයනල් පේ‍්‍රමසිරි (52) නමැත්තෙකි.


මාගා ආයතනයේ ගබඩා පාලකවරයකු ලෙස රැුකියාව කරන පේ‍්‍රමසිරි මහතා දියණියන් දෙදෙනකුගේ හා පුතෙකුගේ පියෙකි.


බළංගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දයාසිරි මාතොටආරච්චි මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළාය.


බළංගොඩ හදිසි මරණ පරීක්ෂක රූබන් පීරිස් මහතා මේ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.


මෙය හෘදයාබාධයක් වැළඳීමෙන් සිදුවූ මරණයක් බව තීරණය කළේය.


නොසැලකිලිමත් ලෙස කටයුතු කර මරණයක් සිදුකිරීම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා, කොන්දොස්තර හා රෝගීවූ මගියා බස් රථයේ සිට ඔසවාගෙන යාමට සහායවූ එම මගියාද බළංගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර නීතිය ක‍්‍රියාත්මක කර ඇත. බස් රථයද පොලිස් බාරයට ගනු ලැබීය.


මෙවැනි අමානුෂික සිද්ධියක් දැන ඒ ගැන කරුණු වසංනොකර පොලිසියට ප‍්‍රකාශ ලබාදුන් සියලූදෙනා පොලිසියේ පමණක් නොව ප‍්‍රදේශවාසීන්ගේද නොමද ප‍්‍රශංසාවට හා ගෞරවයට පාත‍්‍රවී ඇත.


ඇසින් දුටුදේ අකුරක්නෑර ඔවුන් ප‍්‍රකාශ කිරීම නිසා වැරැුද්දක් කළ අය නීතිය හමුවට ගෙන ඒමට හැකිවිය. එසේ නොවන්ට වැරැුදිකරුවෝ තවමත් නිදැල්ලේය.


බළංගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් ප‍්‍රසන්න මහතාගේ විශේෂ උපදෙස් මත පොලිස් සැරයන් ජයසිංහ (30189) සහ කොස්තාපල් සරත් (53777) යන මහත්වරුන් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වා ඇත.

m



අදහස් (0)

බස්රියෙන් බිමට ඇදදමා ගිය හෘද රෝගියාගේ කතාව

හෂාන් - මෙල්බෙර්න් Monday, 18 May 2015 12:40 PM

අනේ කාලේ, වනේ වාසේ කිව්වලු.......(කේ)

:       0       0

කුමාරි Tuesday, 19 May 2015 05:36 AM

අද කාලේ මිනිස්සු මනුස්සකම හෙලා දකිනවා.(බ)

:       0       0

මාලනී Tuesday, 19 May 2015 11:25 PM

මනුස්සකම ලංකාවේ මිනිසුන් තුළ තිබුනා නම් මහින්ද මහත්තයා පරදීද? (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 20 May 2015 07:37 PM

තිරිසන් ගති ඇති මිනිසුනි, ඔබගේ වාරයත් ඈත නොවේ (නි)

:       0       0

ප්‍රශීන් Thursday, 21 May 2015 03:55 PM

මාලනී, මනුස්සකමට දේශපාලනය ගාවන්න එපා.(නදී)

:       0       0

පියල් වීරසිංහ Friday, 22 May 2015 12:24 PM

අද මිනිසුන්ට වැඩිය තිරිසන්නු ළඟ හොඳ ගතිගුණ තියනවා.මේ තමයි බුදුන් 3 වරක් වැඩිය උදේ සවස බණ කියන පිරිත් අහන ධර්මද්වීපය (නි)

:       0       0

නදීකා Saturday, 23 May 2015 10:03 AM

කෝ අපේ මනුස්සකම? (නි)

:       0       0

අනුර Sunday, 24 May 2015 01:39 PM

නැවතත් රියදුරු රැකියාව කරන්න දෙන්න හොඳ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site