1505 වර්ෂයේදී පෘතුගීසින්ටද,1658 ලන්දේසි පාලනයටද නතු වී සිටි ශ්‍රී ලංකාවට 1796 දී ඉංග්‍රීසින්ට ද යටත් රජ්‍යයක් බවට පත්වීමට සිදුවිය. එලෙස විදේශ ග්‍රහනවලට බොහෝ කලක් යටත් වීමෙන් සිටි ලාංකිකයන් ඉන් නිදහස ලබා අදට වසර 69ක් සපිරේ.
එවන් වූ දිනක අධිරාජ්‍යවාදීන්ගෙන් එවකට නිදහස ලබා ගත් ඒ ගමන් මඟ පිළිබඳව විමර්ශණයක යෙදීමට අප තීරණය කළා.මහා බ්‍රිතාන්‍ය තුන්වන ජෝර්ජ් රජු සමයේදී එනම් 1815 දී ශ්‍රී ලංකාව ඉංග්‍රීසි අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් විය.
ඉන් පසුව 1837 ජුනි 20 වන දින මහා බ්‍රිතාන්‍යයේ රැජිණ ලෙස වික්ටෝරියා මහ රැජින පත්වූ අතර හත්වන එඩ්වඩ් රජු,පස්වන ජෝර්ජ් රජු, අටවන එඩ්වඩ් රජු, හයවන ජෝර්ජ් යන රජවරු අපගේ රජවරු ලෙස සැලකීමට සිදුවූ අතර 1948 පෙබරවාරී 04 දිනට සීමිත නිදහසක් ලැඛෙන තුරුම ලංකාවට බ්‍රිතන්‍ය රජවරු 5කට යටත්ව පාලනය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
මහරජ හෝ රැජින වෙනුවට අග්‍රාණ්ඩුකාරවරයකු පෙනී සිටියේය. සිංහල දීනයන්ගේ මහා පාවාදීම 1815 පෙබරවාරි 18 දින සිදුවිය. ඒ එක්නැලිගොඩ මොහොට්ටාලගේ ප්‍රධානත්වයෙන් යුත් පිරිසක් මහනුවරට නුදුරු ගල්ලැහැවත්තේ උඩපිටිය ආරච්චිගේ ගෘහස්ථයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ඉංග්‍රීසින්ට භාර දීමය.
එවක එක් පාර්ශවයක් ජාතියේ නිදහස පතා සටන් කළ අතර අනෙක් පාර්ශවය ඉංග්‍රීසින්ට පක්ෂව කටයුතු කළහ. 1816 දී ආරම්භ වූ නිදහස් අරගලය 1818 දී තීව්‍රරවිය. තම ආගමික හා ආර්ථීක අරමුණු මුදුන්පත් කර ගැනීමේ අරමු‚න් අපරට පාලනය කළ බ්‍රිතාන්‍යයන්ගෙන් රට නිදහස් කර ගැනීමට 1815 සිට 1948 දක්වා අරගල ක්‍රියාත්මක විය.
1818 හා 1848 ඇතිවූ කැරලි දෙක නිදහස් අනාගතයක අරුණළු පිළිබඳව බලාපොරොත්තු ඇතිකළ ප්‍රබලතම අරගලයයි. මොණරවිල කැප්පෙටිපොල, ඇහැලේපොල මහ නිලමේ,මඩුගල්ලේ නිලමේ, ඉහලගම හිමි ආදී විරුවන් දේශයේ නිදහස පතා තම ජීවිත පූජා කළහ. දෙවන නිහදස් අරගලය 1848 මාතලෙන් ආරම්භ වූ අතර වීරපුරන් අප්පු, කාරෝ අප්පු, විදී පැලේ බණ්ඩා, කුඩාපොල හිමි වැනි වීරවරයන් සිංහල ඔත්තුකරුවන්ගේ ක්‍රියා මත ඉංග්‍රීසින්ට අල්ලා දෙන ලදී.
එකල අධිරාජ්‍යවාදීනට විරුද්ධව බෞද්ධ පුනරුද ව්‍යාපාරය මෙහෙයවූයේ ගුණානන්ද හිමි, දොඩම්ගොඩ පියරතන හිමි, කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා, අනගාරික ධර්මපාල තුමා, වැනි වීරවරයෝයි. නිදහස මෙහෙයවූ බටහිර අනුකාරක කණ්ඩායමට ඩී.එස්. සේනානායක, ජේමිස් පීරිස්, දොස්තර සී.ඒ. හේවාවිතාරණ, ඩී.බී. ජයතිලක, යන ශ්‍රේෂ්ඨ නායකයන් එක් විය. මෙකල, එනම් 1915 දී සිංහල මුස්ලිම් කෝලහලය, සම්බන්ධව බ්‍රිතාන්‍ය පාලකයෝ අනුගමනය කළ අසාධාරණ ප්‍රතිපත්ති නිසා අයිතිවාසිකම් උල්ලංගනය වූයේ මෙරට බහුතර බෞද්ධයන්ගේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන ප්‍රතිසංස්කරණ දිනා ගැනීමට ඇරඹී තිබූ උද්ඝෝෂණ ව්‍යාපාර විදේශ ආධිපත්‍යයෙන් රට මුදවාගැනීමේ ‘නිදහස් ව්‍යාපාරය‘බවට පත් විය.
කැරළි කෝලාහල තුළින් බ්‍රිතාන්‍යයන්ගේ අසාධාරණ මර්ධන ප්‍රතිපත්තියට එරෙහිව නිදහස් ව්‍යාපාරය හා බෞද්ධ නායකත්වය ඇතිකළ මෙම පෙළෙඹවීම මෙරට පාලනය කළ ඇතැම් යුරෝපා පුවත්පත් හා ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ ඇතැම් යුරෝපීය නියෝජිතයන්ද අවධි කරවීමට සමත් විය. පසුව කැරගි කෝලහාලවලදී බෞද්ධ ජනතාවට සිදුවූ අසාධාරණ පිළිබඳ සෙවීමට නිලවශයෙන් රාජකීය කොමිසමක අවශ්‍යතාව ඇතිවිය. ඒ සඳහා පළමුවරට පුරෝගාමී වූයේ අනගාරික ධර්මපාල තුමායි. එතුමා 1915 ජුනි 15 දින මේ සම්බන්ධව දීර්ඝ ලිපියක් යටත් විජිත ලේකම්ට යවා ඇත.
මෙතැන් පටන් නිදහස් ව්‍යාපාරය සෑහෙන වෙනසකට බලවත්විය. එයටහේතුව අධිරාජ්‍ය විරෝධී නිදහස් සටන් ව්‍යාපාරයට ක්‍රියකාරී දේශපාලන සංවිධානයක් ගොඩනැගීමට පසුබිම නිර්මාණය වීමය. මෙම කාලයේදී අසාධාරණයට ලක්වූ මෙරට බෞද්ධ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් හා වරප්‍රසාද හිමිකර දීමට එවක නිදහස් සටන පෙලඹවීමට බෞද්ධ නායකයන් ප්‍රබල විය.මෙහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාදායක සභාවේ පහතරට සිංහල මන්ත්‍රී ධූරයට බෞද්ධ නායකයෙකු වූ ඩබ්.ඒ. සිල්වාගේ නම යෝජනා විය.
මින් පසු නිදහස් සටනේ බටහිර අනුකාරක නායකයෝ නිදහස් ප්‍රතිලාභ අත්පත් කර ගැනීමේ අරම‚න් ක්‍රියාකාරී දේශපාලන සංවිධානයක් ගොඩනගා ගැනීමට යොමු විය. මෙහි මූලිකයා වූයේ පොන්නම්බලම් අරුණාචලම් මහතායි. එතුමාගේ නායකත්වයෙන් 1917 මැයි 17 දින ‘ලංකා ප්‍රතිසංස්කරණ සංගමය‘ පිහිටුවිය. අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව මෙකලම එනම් 1919 දී ‘ජාතික සංගමය‘ ද බිහිවිය.
1947 දී ඉන්දියාවට නිදහස ලැබුණු අතර ලංකාව තවදුරටත් බ්‍රිතාන්‍යට යටත්ව තබා ගැනීම නිශ්ඵල යැයි ඔවුන් තීරණය කර ඇත. එම නිසා 1948 ලංකාවට ඩොමිනියන් තත්ත්වය ලබා දෙන ලදී. එය 1947.06.18 දින තීරණය කළද එය ලැබුණේ ඊට මාස 8කට පසුවයි.
1833 සිට ව්‍යවස්ථාදායක සභා හරහා යම් යම් ආණ්ඩුක්‍රම සංශෝධන සිදුවූ අතර 20 වන සියවස වන විට අපට නිදහස ප්‍රධානය කිරීමට ඔවුන් මඟ එළි පෙහෙලි කරේ, 1833, 1848, 1910, 1921 ව්‍යවස්ථා සංශෝධන හා 1931 ලැබූ සර්වජන ඡන්දබලය හේතුවෙනි.
විධායක කාරක සභා, රාජ්‍ය මන්ත්‍රණ සභාව, හරහා ප්‍රජාතන්ත්‍රවාදීව නව යෝජනා ඉදිරියට ගලා ගිය අතර, දේශපාලන පිලිලයක් ලෙස හැඳින්වූ වාර්ෂික සංයෝජනය වෙනුවට පළාත්බද නියෝජනය ඉදිරියට ඒමද නිදහස ලබා දෙන ගමනේ ප්‍රබල සංධිස්ථානයකි. මෙවන්වූ සිද්ධීන් දාමයකට පසුව බ්‍රිතාන්‍ය යටත් විජිතව පැවැති ලංකාවට නිදහස ප්‍රධානය කිරීමට 1947 නොවැම්බර් 11 වන දින හයවන ජෝර්ජ් රජු අනුමැතිය ලබා දී ඇති බව සඳහන් වේ.
ඉන් පසුව වසර 450ක් පමණ විවිධ ජාතීන්ට යටත් වී සිටි අප රටට 1948 පෙබරවාරී 04 වන දින පූර්ණ ලෙස නිදහස හිමිවිය. එලෙස ලබාගත් නිදහස ආරක්ෂා කර ගැනීම වත්මන් පරම්පරාවේ අප සියලූ දෙනාගේ උරමත පැටවූ වගකීමකි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගැනීම හා නිදහස් සටනේ විශේෂ අවස්ථා
ප්‍රදීප් ලියනගේ Tuesday, 07 February 2017 03:26 AM
එදා ඉඳන්ම රට ජාතිය පාවා දීපු අය හිටියා. විරුවන් මහා විශාල ප්‍රමාණයක් පාවාදෙන්නන් නිසා රටට අහිමි වුණා. ඒ පාවාදෙන්නන්ගේ ලේ වලින්, ජාන වලින් පැවතඑන අය අදත් ඉන්නවා. ඔවුන් අදත් කරන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන් එදා කළදේම තමයි. (නි)
විපුල Tuesday, 07 February 2017 08:18 AM
අපේ රටේ වටිනාකම අපිට වටහා ගැනීමට අමාරුයි . (ම)
උදය Tuesday, 07 February 2017 08:55 PM
එදා උඩරට සිංහල ගිවිසුමට දෙමළෙන් අත්සන් කළ කෙනෙක් හිටියා නේද. අද දවසෙත් අපේ රට පාවාදීමට මේ අය එක්වීම අපේ රටේ අභාග්‍යයක් (නි)
රත්න Wednesday, 08 February 2017 12:22 PM
සිංහල දීනයන්ගේ මහා පාවාදීම 1815 පෙබරවාරි 18 දින සිදුවිය. ඒ එක්නැලිගොඩ මොහොට්ටාලගේ ප්‍රධානත්වයෙන් යුත් පිරිසක් මහනුවරට නුදුරු ගල්ලැහැවත්තේ උඩපිටිය ආරච්චිගේ ගෘහස්ථයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ඉංග්‍රීසින්ට භාර දීමය. (අ)
ප්‍රනාන්දු Thursday, 09 February 2017 09:51 PM
එදා දේශද්‍රෝහීන් කළ දේ අද සමහරු කිරීමට උත්සාහ කරමින් සිටිති. (නි)
බමුණු Friday, 10 February 2017 09:22 AM
අපරාදේ නිදහස ලබා ගත්තේ. රට කාබාසිනියා වුනේ එදා ඉඳල. (බ)
බමුණු Friday, 10 February 2017 09:30 AM
සිංහල දීනයන්ගේ මහා පාවාදීම නොකළා නම් ඉන්දියාවෙන් බිසව වරුන් ගෙනා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රජකම දීමට ඉන්දියාවෙන් පිරිමි ළමයින් ගෙන එන්නට ඉඩ තිබුණි. (බ)
බමුණු Friday, 10 February 2017 09:34 AM
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ඉංග්‍රීසින්ට භාර දීම පවාදීමක්ද? අනේ දන්නෙනැති නිසයි අහන්නේ. මමනම් හිතුවේ සිංහලයෙක් නොවන රජෙක් අපට මොකටද කියල. අඩු ගන්නේ සිංහල ගැහැනියක් පවා ගත්තනම් කමක් නැත බිසවුන් හැටියට තෝරා ගත්තේ ඉන්දියානු ගැහැණුය. (බ)
අබරන් Friday, 10 February 2017 08:40 PM
ශ්‍රී වික්‍රම රජු අල්ලා නොදුන්නා නම් අද අපේ රට තමිල්නාඩුවේ යටත්විජිතයක්. අප රටේ ඉදිරි දැක්ම දුටු ඉංග්‍රීසීන්ට සහය දුන් ඇහැලේපොල වීරයාගේ පරපුර චිරාත් කාලයක් අප රටේ වැජඹේවා! (නි)
සුමංගල Saturday, 11 February 2017 01:52 AM
ඉතිහාසයට වටිනාකමක් දී අපේ රට අද ගැතී සුද්දන්ගෙන් බේරාගෙන දියුණුවට ගෙනයමු (නි)
අබය Sunday, 12 February 2017 12:54 AM
1815 ගිවිසුම මහා පාවාදීමක් යැයි පුන පුනා කතාකරන වර්තමාන ඊනියා දේශප්‍රේමියෝ, සුද්දෝ නිසා ශිෂ්ටාචාරයට පත්ව ඔවුන්ගේ කාර්මික හා තාක්ෂණ දියුණුවෙන් ප්‍රයෝජන ගනිමින්, ඔවුන්ගේ කලිසම් කමිස හැඳ පැළඳ නවීන යාන වාහන පදවමින්, විසල් මාළිගාවන්වූ නිවෙස් වල ජනතා මුදලින් ජීවත්වෙමින් ජනතා මුදල් කොල්ලකමින් කෙරෙන මේ මහා විගඩම ජනතාවට නොතේරීම ජාතියේ අභාග්‍යයකි. සුද්දන්ගේ රටවල ජීවත්වෙමින්, එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය ලබමින්, අපේ රට තුළදී පමණක් සුද්දන්ට එරෙහිව කෑ කෝගසමින් දේශප්‍රේමියන් වෙන්නට හදන ඔවුහු තමන් අද සිටින්නේ ඒ ගිවිසුම නිසා නොවේදැයි සිතන්නට තරම් මොළයක් නැතුවා නොව හිඟන්නාගේ තුවාලය මෙන් සැමවිටම ජනතා ඡන්දය යැදීමට කරුණක් පාදක කර ගනිමිනි.
ඉමන්ත කල්හාර Thursday, 24 January 2019 12:07 AM
සාපේක්ෂව හුගක් නිවැරදි