X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


බැංකුවේ සේප්පුවට විදින්න හැදූ බැංකු මැනේජර් කොටු කළ හැටි

 fgj  

 

වයික්කාල තෝප්පුව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුව දවස් දෙකකට පසුව විවෘත කළේ දවස් තුනක් එක දිගට නිවාඩු යෙදී තිබූ නිසාය. 


ගනුදෙනු කටයුතු සඳහා බැංකුව දින තුනකට පසු විවෘත කළ අවස්ථාවේ ඔක්සිජන් සිලින්ඩරයක් සහ ඔක්සිජන් ආධාරයෙන් යකඩ කපන යන්ත්‍රයක් සහ යකඩ අලවංගුවක් එහි තිබෙනු බැංකු නිලධාරීන්ට දක්නට ලැබී ඇත. 


මේ පිළිබඳව තව දුරටත් විපරම් කර බැලීමේදී සේප්පුව තරමක් කපා බැංකුවේ පිටුපස දොරද කඩා තිබෙන අන්දම ඔවුන්ට දැක ගැනීමට ලැබී තිබේ. 
බැංකුවේ කළමනාකාරවරයා මේ ගැන වහාම පැමිණිලි කළේ වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය වෙතය. 

6
කැඩීමට උත්සාහ කළ සේප්පුවේ කෝටි 2 1/2ක මුදලක් තිබූ බව කළමනාකාරවරයා මේ පිළිබඳව  පරීක්ෂණ පැවැත්වීමට ගිය පොලිස් කණ්ඩායම සමඟ පැවසුවේය. 


පොලිස් නිලධාරීන් බැංකුවේ එල්ලා තිබූ පොලිස් ජංගම සටහන් පොත ද පරීක්ෂා කළ විට 18වැනිදා අලුයම 1.00 ට පොලිස් සැරයන් ගාමිණී (16831), කොස්තාපල් විජිත (58623) සහ කොස්තාපල් රියදුරු කුලරත්න (1587) මහත්වරුන් රාත්‍රි ජංගම සංචාරයේ යමින් සිටි අතරවාරයේ බැංකුවට ගොස් පොලිස් පොතේ අත්සන් යොදා ඇති අන්දම දැක ගැනීමට ලැබී ඇත.


 මේ අනුව බැංකුවේ පසුපස දොර කඩා ඇතුළු වූ සොර කල්ලිය ඔක්සිජන් යන්ත්‍රයක් ආධාරයෙන් සේප්පුව කපමින් සිටි අතරවාරයේ රාත්‍රි ජංගම සංචාරයේ යෙදුණු පොලිස් කණ්ඩායම රැගත් ජීප් රථය එන ශබ්දය ඇසී සොර කල්ලිය එම යන්ත්‍රයද අතහැර දමා පලා ගොස් තිබෙන බව පරීක්ෂණ සඳහා බැංකුවට ගිය පොලිස් කණ්ඩායමට පෙනී ගොස් තිබේ. 


බැංකුවට රාත්‍රි කාලයේදී බැංකු ආරක්ෂකයින් යොදවා නොමැත. 


බැංකුවේ හදිසි අනතුරු සංඥා ක්‍රමයක් පොලිසියට සම්බන්ධ කර ඇති නමුත් එම පද්ධතිය ක්‍රියාත්මක නොවීම පොලිසියේ අවධානයට යොමු වූ කරුණක් වී තිබිණි. 


සේප්පු හයක් බැංකුවේ තිබෙන අතර මේ අතරින් එකක මුදල් ද තවත් සේප්පුවක ගනුදෙනුකරුවන් උකස් කළ ස්වර්ණාභරණද අනෙක් ඒවායේ බැංකුවේ ලිපි ලේඛන ද බහා තිබී ඇත. සේප්පුව කඩා මුදල් සොරා ගෙන යාමට ආ සොර කල්ලිය මේ සේප්පු හය අතරින් හරියටම මුදල් තිබෙන සේප්පුව ගැන දැන ගත්තේ කෙසේද යන්නද පොලිසියේ විශේෂ අවධානයට යොමු වූ කරුණක් විය. මුදල් බහා තිබූ සේප්පුව ගැන සොර කල්ලියට කියන්නට ඇත්තේ බැංකුවේම සේවය කරන අයෙක් වියයුතු බව පොලිසියට පැහැදිලිවම පෙනී ගිය කරුණක් වී තිබිණි. 


SLD_20161023_B010බැංකුවේ කළමනාකාරවරයාගෙන් අවස්ථා තුනකදීම පොලිසියට කැඳවා ප්‍රශ්න කළේ පොලිස් නිලධාරීන්ට ඇතිව තිබූ මේ තදබල සැකය නිසාමය. 
එම අවස්ථාවේ ඔහු එකිනෙකට පරස්පර ප්‍රකාශ කිහිපයක්ද කිරීම පොලිසියේ සැකය තවත් ප්‍රබල වීමට බලපා ඇත. 


හලාවත කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ මහතාගේ විශේෂ උපදෙස් මත හා මඟ පෙන්වීම් යටතේ ඉදිරි පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබිණි. 


පොලිසිය කර ගෙන යන පරීක්ෂණවලට අමතරව කොළඹ පිහිටි බැංකු මූලස්ථානයේ විශේෂ ආරක්ෂක කණ්ඩායමක්ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළේය. 


රන් ආලේපිත වළලු හයක් බැංකුවට උකස් කර ලක්ෂ පහක මුදලක් ලබා ගත් ගනුදෙනුකරුවෙක් ගැන කරුණු අනාවරණය කර ගත්තේ කොළඹින් ආ විශේෂ විමර්ශන කණ්ඩායම විසිනි. 


ඔවුන් මේ බව පැමිණිලි කළේ වෙන්නප්පුව මූලස්ථාන පොලිසියටය. 


රන් ආලේපිත වළලු හයක් බැංකුවට උකස් කර ලක්ෂ පහක මුදලක් ලබා ගත් පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පැවැත්වීමේදී ඔහු කොච්චිකඬේ ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයෙකු බව හෙළි විණි. 


ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි මේ ව්‍යාපාරිකයා කැඳවාගෙන ආ පොලිසිය ඔහුගෙන් මේ ගැන ප්‍රශ්න කළේය. 


උකස් කර ඇත්තේ රන් ආලේපිත වළලු බවට හෙළි වී තිබෙන බවක් ඔහුට පොලිසියට හැඟවීමට ගියේ නැත. 


සර් මම රත්තරන් වළලු 04ක් හා මාල දෙකක් බැංකුවට උකස් තියලා මුදල් හදිසියකට ලක්ෂ පහක් ගත්තා. මේවා මගේ නෝනාට මගේ මස්සිනාට හා එයාගේ නෝනාට අයිති ඒවා යැයි ව්‍යාපාරිකයා කීවේ පොලිසිය මේ කිසිවක් ගැන දන්නේ නැතැයි සිතාගෙනය. 


ව්‍යාපාරිකයාගේ ඇස් උඩ ගියේ පොලිසිය තමා උකස් කර ඇත්තේ වළලු හයක් බවත් ඒවා රන් අලේප කර ඇති ඒවා බවත් පැවසීමෙන් පසුවය. 


මැනේජර් මහත්තයා මට වළලු හයක් ගෙනත් ඒවා උකස් කරන්න කිව්වා. මැනේජර් මහත්තයා වැඩ කරන බැංකුවටම වළලු හය උකස් කරලා ලක්ෂ පහක් ගත්තා. ඒ ලක්ෂ පහ පස්සේ මැනේජර් මහත්තයාට දුන්නා. මම ගෙනාවේ ඉමිටේෂන් වළලු හයක්. ඒවා සේප්පුවේ දමා මගේ අතට ලක්ෂ පහක් දුන්නා. 
ව්‍යාපාරිකයා පොලිසියට පාපොච්ඡාරණයක් කරමින් පවසා ඇති බව දැන ගැනීමට ඇත. 


ඔහු බය වෙච්ච පාර කොච්චර ද කියනවානම් “සර් ඔය බැංකුවේ සේප්පුව කඩන්න ප්ලෑන් කළෙත් වෙන කවුරුත් නොමෙයි මැනේජර් මහත්තයමයි” යනුවෙන් ව්‍යාපාරිකයා පොලිසියේ මහත්වරුන් සමඟ පවසා තිබේ. 


බැංකුවේ කළමනාකාරවරයා ගැන මුල සිටම පොලිසියට තිබූ සැකය තහවුරු වූයේ ව්‍යාපාරිකයාගේ මේ හෙළිදරව්වත් සමඟමය.  


“මැනේජර් මහත්තයා මම හොඳට දන්න කෙනෙක්. මම කාලයක ඉඳලා තෝප්පුවේ තියෙන බැංකුවේ ගනුදෙනුකාරයෙක්. මැනේජර් මහත්තයා දවසක් මාව සොයාගෙන අපේ ගෙදර ආවා. මම ඔයාගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් ආවේ” කියා කිව්වා. “පුළුවන් දෙයක් නම් කරලා දෙන්නම් සර් කියා මම කිව්වා. මම ලොකු ගාණක් ණය වෙලා ඉන්නේ. ඒ ණය ගෙවා ගන්න වෙන ක්‍රමයක් නැති නිසයි මම මේ ප්ලෑන් එක ගැහුව්වේ” කියා ඔහු පැවසුවා. “බැංකුවේ සේප්පුව කඩන්න පුළුවන් දෙන්නෙක් ඔහු මගෙන් ඉල්ලුවා. පොඩි බයක් හිතට දැනුනත් මැනේජර් මහත්තයා කියන නිසා මම කරන්න කැමති වුණා. මගේ ළඟ වැඩ කරන සේවකයෙකුට එන්න කියා පණිවුඩයක් යවා ගෙන්වා ගත්තා. ඔහුත් මේ වැඬේට කැමැත්ත පළ කළා. 


අනේ රත්තරන් මල්ලියේ කොහොම හරි මේ වැඬේ කරලා දීපං කියා මැනේජර් මහත්තයා මගේ සේවකයාව බදා ගත්තා.” සර් බය වෙන්න එපා. අපේ සර් කියන හන්දා වැඬේට බහින්නම් කියා සේවකයා කිව්වා. මේ කතාව අහලා මැනේජර් මහත්තයා පුදුම විදිහට සන්තෝෂ වුණා. මම මිනුවන්ගොඩට ගිහින් කඬේකින් ලොකු ඔක්සිජන් සිලින්ඩරයක් හා ඔක්සිජන් ආධාරයෙන් යකඩ කපන යන්ත්‍රයක් සල්ලිවලට ගත්තා. රුපියල් 38000ක් විතර මේවා ගන්න මට වියදම් වුණා. මගේ සේවකයෝ දෙන්නෙක් සේප්පුව කපන්න බැංකුවට ගියා. සේප්පුව කඩන්න යන්න කල් තියාම සැලසුම් කර තිබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේ 16 වැනිදාටය. 


එදා දවසේ ගියත් වැඬේ හරි ගියේ නැහැ. ඊට පස්සේ දවසේද ගියත් සෙප්පුව කඩා සල්ලි ගැනීමට නොහැකි විය. 


ඒ වෙන කිසිවක් නිසා නොව ඇත්ගාලේ ව්‍යාපාරිකයාගේ සේවකයින් දෙදෙනා ඔක්සිජන් ආධාරක යන්ත්‍රයෙන් එවැනි කාර්යක් කිරීමට නොදන්නා නිසාය. 
ඇත්ගාලේ ව්‍යාපාරිකයා මේ බව බැංකු කළමනාකාරවයාට ගිහින් කිව්වේ වෙන කරන්න දෙයක් ඔහුට නොතිබූ නිසාය. ඊට පසුව වෙච්ච දේවල් ද ව්‍යාපාරිකයා පොලිස් නිලධාරීන් සමඟ පවසා ඇතැයි කියන්නේ මෙසේය. 


“මැනේජර් මහත්තයා කෙනෙක් කැඳවා ගෙන ඇවිත් මට බාර දුන්නා. මැනේජර්  මහත්තයා මට ලක්ෂ 2ක් දුන්නා. ඒ මේ වැඬේට යන අයට දෙන්න කියා. මම ඒකෙන් 20000ක් තියාගෙන ඉතිරි 1,80,000ක මුදල් මහත්තයා එක්ක ආපු කෙනාට දුන්නා. ඔහු මගේ සේවකයන් එක්ක සේප්පුව කපන්න ගියේ ඊට පස්සෙයි. 


සේප්පුව කැඩීමට ගොස් තිබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේ 18වැනි ඉරිදා අළුයම් කාලයේය. 


ඔවුන්ට වැඬේ අත්හැර දමා පළා යාමට සිදු වී තිබුණේ පොලිස් ජීප් රථයක් එන හඬ ඇසී බියට පත් වු නිසාය. 


ඇත්ගාලේ ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කර හෙළි කර ගත් තොරතුරු මත තොප්පුව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවේ කළමනාකාරවරයා පොලිසිය අත්අඩංගුවට ගත්තේය. 


“මටත් බොරු කියන්න කිසිම වුවමනාවක් නැහැ. ඇත්ත කතාව කියන්නම්. සිද්ධිය සේරම දැන් හෙළි වෙලා ඉවරයිනේ” කියමින් තරුණ බැංකු කළමනාකාරවරයා පොලිස් නිලධාරීන් හමුවේ ඔහු කළ දේවල් ගැන පාපෝච්චාරණය කරන්නට එකඟ වී තිබෙන බව දැන ගැනීමට ඇත. 


“මම දිගට හරහට බැංකු අයිරා විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට දුන්නා. මගේ සීමාව ඉක්මවා යන තරමට බැංකු අයිරා විදිහට ලක්ෂ ගණන් ණය දුන්නා. සමහරු බැංකුවෙන් ඒ විදිහට ගත්තු ණය නිසි වෙලාවට දුන්නේ නැහැ. තවත් ගනුදෙනුකරුවන් ලබා ගත්තු ණය ආපසු බැංකුවට දුන්නේ නැහැ. මට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. මගේ රස්සාව අහිමි වී යාමේ තත්ත්වයක් උදාවෙමින් තිබුණා. මම බැංකුවෙන් ගත්තු ණයවලට කැපුනාම මාසේ අන්තිමට අතට එන්නේ රුපියල් 35000 ක් විතරයි.”


බැංකු කළමනාකාරවරයා සිය කතාව කියන්න පටන් ගෙන ඇත්තේ එහෙමය. 


මම බැංකුවට ඇවිත් දැනහඳුනගත්තු ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙකුගෙන් ලක්ෂ ගණනින් ණය ඉල්ලා ගෙන බැංකු අයිරාවලින් මම ණය දී ආපසු නොදුන් අයගේ ඒ ණය ගෙව්වා. ගිනි පොලියට පවා මම දංකොටුවේ ගෝනවිල ඉන්න කෙනෙකුගෙන් ලක්ෂ 30ක් ගත්තා. කොච්චිකඬේ ඉන්නා කෙනෙකුගෙනුත් ලොකු මුදලක් ණයට ඉල්ලා ගෙන තිබුණා. මේ හින්දා මම හතර අතේ ණය වෙලා තිබුණේ යැයි සැකකාර බැංකු කළමනාකාරවරයා පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබෙන බව කියති. 


සැකකාර බැංකු කළමනාකාරවරයා පොලිසියට ප්‍රකාශ කර තිබෙන ආකාරයට අවස්ථා තුනකදී බැංකු සේප්පුවේ තැන්පත් කර තිබූ කෝටි 4 කට ආසන්න  මුදල් සොරා ගෙන ඇත. 


පළමු අවස්ථාවේ කෝටි 2 1/2 ක්ද දෙවැනි වාරයේ රුපියල් කෝටියක් සහ තුන්වැනි අවස්ථාවේ ලක්ෂ 50ක් ද ආදී වශයෙන් කළමනාකාරවරයා සේප්පුවේ බහා තිබූ මුදල් සොරා ගැනීම සිදු කර තිබේ. 


මෙසේ අවස්ථා තුනකදී කෝටි හතරක මුදල් සොරා ගෙන ඇත්තේ ඔහු විසින් ලබා ගෙන තිබූ ණය හා ඒ ණය වෙනුවෙන් ගෙවීමට ඇති පොලී මුදල්ද ගෙවීමටය. 


බැංකුවේ සේප්පුවේ තිබී සොරා ගත් කෝටි 04 මුදල පියවා ගැනීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. හතර අතේ ණය වෙලාය. 


බැංකුවේ සේප්පුව කඩා එහි ඇති මුදල් සොරා ගැනීමට කළමනාකාරවරයා සැලසුම් කරන්නේ ඒ අනුවය. 


බැංකු සේප්පුවේ කෝටි 7 1/2ක මුදලක් තිබුණේ නැතත් ඔහු එපමණ මුදල් තිබුණු බවට පොලිසියට පැමිණිලි කළේ වෙන කිසිවක් නිසා නොව ඔහු කලින් අවස්ථා තුනකදී සොරා ගත් කෝටි 4 මුදල ද සොරකල්ලියේ ගිණුමට බැර කර ෂේප් වීමට සිතා ගෙනය. 


 සේප්පුව කඩන අවස්ථාව වන විට එහි තිබී ඇත්තේ රුපියල් 2,73,49,880 ක මුදලක් පමණකි. 


ඒත් අන්තිමේදී වැඬේ ගැස්සී ගියේ ඔහු කිසිසේත් නොසිතූ ලෙසිනි. 


බැංකු කළමනාකාරවරයා බිරිඳත් සමඟ පදිංචිව සිටින්නේ මාරවිල මූදුකටුව ප්‍රදේශයේය. 


ඔහු කලක් පදිංචිව සිට ඇත්තේ මහවැව, කුඩා වැව ප්‍රදේශයේය. 


කාලයක පටන් ඔහු මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් හඳුනාගෙන සිටි අතර ඔහු අඹ ගස් වල ගෙඩි හට ගන්නා කාලයට කුඩා ලොරි රථයකින් ගෙයක් ගාණේ ගොස් අඹ ගෙඩි මිලදී ගෙන ඒවා තොග වශයෙන් විකුණා ජීවිකාව ගෙන යන අයෙකි. 


බැංකුවේ සේප්පුව කැඩීමට කැඳවා ගෙන යාමට කළමනාකාරවරයා ඇත්ගාලේ ව්‍යාපාරිකයාට බාර දුන්නේ මේ අඹ විකුණා ජීවිකාව ගෙන යන පුද්ගලයාවය. 


ඔහු මේ වැඬේට යාමට ඔහුත් එක්ක අඹ ගස්වලට නැග අඹ කැඩීමට යාමට එන සේවකයෙක්ද, මාදම්පේ ප්‍රදේශයේ යකඩ කම්හලක කම්කරු රැකියාවක් කරන අයෙක් සහ ටිපර් රියදුරෙක්ද හවුල් කර ගෙන ඇති අතර මේ තිදෙනා සුදුවැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෝ වූහ. 


අඹ විකිණීමේ ව්‍යාපාරයේ නිරතව සිටින පුද්ගලයාට බැංකු කළමනාකාරවරයා සේප්පුව කැඩීමට යාමට කලින් ලබා දී ඇති මුදල ලක්ෂ 2 කි. 


සේප්පුව කඩා ඒකේ තියන සල්ලි ගත්තාට පස්සේ උඹ ලක්ෂ 25ක් අරගෙන ඉතිරි සල්ලි ටික සේරම මට දීපං.” ඔහු අඹ කඩා ජීවිකාව ගෙන යන මිතුරාට පවසා ඇත.


 පොලිසිය සැකකාර බැංකු කළමනාකාරවරයාගෙන් ප්‍රශ්න කර මේ තොරතුරු ද හෙළි කර ගෙන තිබේ. මේ වන විට මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පස් දෙනෙක් කොටු කර ගෙන ඇත. අඹ කඩා විකිණීමේ ව්‍යාපාරයක නිරතව සිටින පුද්ගලයා ඇතුළු තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. 


අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා පසුගිය 03වැනිදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඞ් බාරයට පත් කෙරිණි. 
වයඹ සහ උතුරු මැද පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන සහ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ හලාවත කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ මහතාගේ විශේෂ උපදෙස් මත වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී දේශප්‍රිය ජයතිලක මහතාගේ මෙහෙයවීම යටතේ වෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර සහ පාලන  අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් දසනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.කේ. සුදුසිංහ, උප පොලිස් පරීක්ෂක අයි.එම්.එන්. ඊරියගොල්ල යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති. 


අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරුන් වන තිලකසිරි (28758), ජයන්ත (24043), පොලිස් කොස්තාපල්වරුන් වන ඉන්දික (68660), බන්දුල (21935), බණ්ඩාර (35867), රත්නායක (67308), සමීර (60568) සහ බණ්ඩාර යන මහත්වරුන්ද මෙම පරීක්ෂණවලට සම්බන්ධ වී සිටිති. 

m



අදහස් (0)

බැංකුවේ සේප්පුවට විදින්න හැදූ බැංකු මැනේජර් කොටු කළ හැටි

කේ. සිරි Wednesday, 26 October 2016 04:22 PM

පොලිසියේ දක්ෂකම නොව හොරුන්ගේ මෝඩකමයි. මේ වගේ මෝඩ හොරු ඉන්නේ ලංකාවේ විතරයි වෙන්න ඇති. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 27 October 2016 09:21 PM

සිරිගේ කතාව මමත් අනුමත කරමි

:       0       0

අබය Friday, 28 October 2016 10:35 AM

මෝඩකම හෝ නුවණක්කාරකම පෙනෙන්නේ සාපේක්ෂවයි. ඒක නිසා හොරු මෝඩයි, පොලිසිය දක්ෂයි කියමු. කෙසේවෙතත් ලද දෙයින් සතුටුවී ජීවිතය ගතකරන්නට නොහැකිව අනිවාර්තේ තමාගේ සහ තම දරු පවුලේ විනාශය ළංකරගත් කෙනෙක්...... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site