රටට විදේශ විනිමය උපයා ගැනීමට මැණික් කර්මාන්තය පිටිවහලක් වුවද වර්තමානයේ එය අපේ රටේ ස්වාභාවික සම්පත් වැනසී, ජලඋල්පත් සිදී, රට කාන්තාරයක් බවට පත් කරන මහා ව්‍යවසනයක් බවට පත්ව හමාරය. එහෙත් මේ ව්‍යවසනයේ අතුරු ඵලය ‘‘මුදල්’’ නිසා එයට වෙස්වලාගත් ආශිර්වාද හිමිව ඇති බව දැන් පැහැදිලිව පෙනේ. මුලින් සාම්ප‍්‍රදායික පතල් වලින් ඇරඹී වර්තමානය වනවිට ‘‘බැකෝ සහ සකර්’’ යන්ත‍්‍ර යොදා ඉල්ලම් ගැනීම දක්වා වර්ධනය වූයේ ඉන් ලැබෙන ‘‘සල්ලි’’ උල්පත නිසාය. මැණික් සම්පත ගැන සොයා බලන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි. නීතිවිරෝධී අන්දමින් මැණික් සම්පත සොයන පුද්ගලයන්ට එරෙහිව ක‍්‍රියා කිරීමට එහි වත්මන් ක‍්‍රියාකාරි අධ්‍යක්‍ෂ නිමල් බණ්ඩාර මහතාගේ උපදෙස් මත විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපනය කෙරිණි. එය සාමාන්‍ය ජනතාවගේ අස්වැසිල්ලට මෙන්ම රටේ අනාගත පරපුරේ පැවැත්මට යහපතක් වනු නොඅනුමනාය. ‘‘මහ පොළොව යට තියන මැණික් සම්පත අපි ගොඩගත යුතුයි. නමුත් අපි ඒක පරිසරය විනාශ කරලා, දේපල විනාශ කරලා ගතයුතු නෑ. රටේ පවතින නීතියට අනුකූලව මිස ඊට පටහැනිව ගොඩගන්න දෙන්න බෑ. නීතිය කියන එක කාටත් පොදු එකක් විය යුතුයි. අපි වෙන යමක් කරන්නේ නෑ. පවතින නීතියයි ක‍්‍රියාත්මක කරන්නේ. ඒකට ඉතින් මහජනතාවගේ සහාය අපට අත්‍යවශ්‍යයි’’ නිමල් බණ්ඩාර ක‍්‍රියාකාරි අධ්‍යක්‍ෂවරයා පැවසුවේය. මෙම වැටලීම් ඒකකය පසුගිය සතියේ කුරුවිට සහ රත්නපුර ප‍්‍රදේශයේ කළ වැටලීම්වලදී අනාවරණය වූයේ බලපත‍්‍රවල වලංගු දින ඉකුත්වීමෙන් පසුවත් බැකෝ යොදා පතල් කැපීමට ඒවායේ බලපත‍්‍රකරුවන්ට නීතියෙන් බාධාවක් වී නැතිි බවයි. බලපත‍්‍රවල වලංගු කාලය මාස හතර පහක් ඉකුත්ව තිබුණද බැකෝ යොදා කිසිදු බාධාවකින් තොරව එම පතල් කරගෙන ගිය ආකාරයක් පෙනුණි. එපමණක් නොව මෙම වැටලීම්වලදී භාවිතයට තහනම් ශකර් යන්ත‍්‍රයක්ද අත්අඩංගුවට ගැනීමට වැටලීම් කළ නිලධාරීන්ට හැකිවිනි. කරපිංචගමේ ඉහළ කෑල්ලේ බුබුලදෙණිය ඉඩමට අංක 050637 යටතේ දී තිබූ බලපත‍්‍රයේ කාලය අවසන්ව තිබුනේ පසුගිය වසරේ ජූලි 25 දින දීය. ඇලවී තිබූ ලයිට්කණු ඉවත්කරන ලෙසත්, බලපත‍්‍ර සහිත ඉඩමට ආසන්නයේ පිහිටි නිවසට අඩි අසූවක දුරක් තබා පතල් කපන ලෙසත් බලපත‍්‍රය නිකුත් කරද්දී කොන්දේසි පනවා තිබුණි. එහෙත් ඒ කොන්දේසි එකක්වත් ක‍්‍රියාත්මක වී නැත. මාස පහකට වැඩි කාලයක් තිස්සේ එහි බැකෝ දමා පතල් කපා ඇත්තේ අනවසරයෙනි. ඌරුපැලැව්ව ගමේ ඌරුපැලැව්වදෙණිය ඉඩමේ ලොට් අංක එක සහ දෙක යන ඉඩම්වලට අංක 1102 යටතේ නිකුත්කර තිබූ බලපත‍්‍රය අවසන්වී තිබුණේ 2011 නොවැම්බර් 07දාය. එහි බැකෝ යන්ත‍්‍රයක් යොදා පතල් කපා තිබුණේ නීති විරෝධිවය. හොලීපිටිය ගමේ මහ ඕවිට නම් ඉඩමට අංක 1040 බලපත‍්‍රය නිකුත්කර තිබුණි. එය 2011 නොවැම්බර් 11 දිනින් අවසන්වු බලපත‍්‍රයකි. එම බලපත‍්‍රකරු අවස්ථා තුනකදී කොන්දේසි කඩකර තිබූ හෙයින් එහි කාලය කිසිසේත් දීර්ඝ කළ හැක්කක් නොවන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීහූ පෙන්වා දෙති. කළුගග අද්දර ගං රක්‍ෂිතයටද හානිවන ලෙස තහනම්කර ඇති ශකර් යන්ත‍්‍ර ඊට යොදා තිබියදී වැටලීම් කළ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මේ නිසා මෙම බලපත‍්‍රකරු අසාදු ලේඛනයට (Blacklist) අයිතිවන්නක් බවද නිලධාරීහූ පෙන්වා දෙති. මෙම අනවසර පතල් සැබැවින්ම පතල් නොව මහ වැව්ය. ඉවක් බවක් නැතිව මහපොළොව හාරා පස් ඉවත්කර ඇත්තේ මහ පොළොව සමග වෛරක්කාරයන් ලෙසය. සෑම තැනකම ඇත්තේ දිය පිරුණ වළවල්ය. කඩා වැටීමට ආසන්න වූ ඉවුරුය.දිනක වැටලීමකදී පතල් තුනකින් බැකෝ යන්ත‍්‍ර හතරක්, එක් සකර් යන්ත‍්‍රයක් (මේ භාවිතය තහනම්ය) ඉල්ලම් සෝදන යන්ත‍්‍ර තුනක්, අගල් හයේ වතුර ඉසින යන්ත‍්‍රයක් ඇතුලූ උපකරණ රැසක් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් සමත්වූහ. මේ මහ විනාශයන් ගෙනදුන් මැණික් පතල්වල සැබෑ අයිතිකරුවෝ වන්නේ මේ රටේ වෙසෙන සත්ගුණවත් මහා දානපති මැණික් ව්‍යාපාරිකයෝය. ඇතැම් පතල්වල බලපත‍්‍ර හිමියා අන්ත අසරණ දිළින්දෙකි. ඔහු එදාවේල හොයාගන්නේද අපහසුවෙනි. මැණික් ව්‍යාපාරිකයන් බලපත‍්‍ර ලබාගන්නේ එවැනි ඉත්තන් යොදාගෙනය. විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් වැටලීම කරන අවස්ථාවලදී ඇතැම් පතල් බලාගන්නා පුද්ගලයන් සිය හාම්පුතාගේ අධිකාරී බලය පවා පාවිච්චි කරන ආකාරයක් දැකගත හැකිවිය. මෙලෙස වෙනත් පුද්ගලයන්ගේ නමින් බලපත‍්‍ර ලබාගන්නේ කපටිකමටය. ඇතැම් බලපත‍්‍ර හිමියන්ට දඩ නියම කළ විට දඩ නොගෙවා සිටියි. එවිට බලපත‍්‍රය අවලංගුවෙයි. මාස කිහිපයකට පසු වෙනත් කෙනෙකුගේ නමකින් බලපත‍්‍රය ලබාගෙන පෙර පරිදි වැඩ කරයි. සමහර පතල්වල මේ ආකාරයට හතරපස් වතාව බලපත‍්‍ර ලබාගත් බව පවසන්නෝ පතල්වල සේවය කරන කම්කරුවෝය. මෙය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඇතැම් නිලධාරින්ගේ අනුදැනුම මත සිදුවන අක‍්‍රමිකතාය. බලපත‍්‍රය ඉඩමේ නමට නිකුත් කළහොත් කවුරු ඉල්ලූම් කළත් පෙර එහි තත්ත්වය සැලකිල්ලට ගෙන කටයුතු කළ හැකිය. නමුත් මෙහිදී සලකා බලන්නේ බලපත‍්‍රකරු මිස ලබපත‍්‍ර ලබාගන්නා ඉඩම නොවේ. මේ නිසා සිදුවන දූෂණය වංචාව අතිමහත් බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේම නිලධාරිහු පෙන්වා දෙති. පස්සර, ලූණුගල, පැල්මඩුල්ල, රක්වාන, උඩකරවිට ආදි ප‍්‍රදේශවලද නීතිවිරෝධීව සිදුකරන බැකෝ පතල් සම්බන්‍ධව තොරතුරු මේ වන විට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ලැබී ඇතිව පවසන්නෝ එහි නිලධාරිහුමය. ඇතැම් පතල් දේශපාලනඥයන් හා හවුලේ ඇති ඒවාය. කහවත්ත ප‍්‍රදේශයේ ඇති අක්කර දෙකකට අධික විශාල පතලක් වැසීමට නොහැකි තරමට පරිසරය විනාශ කර ඇති බව පවසන්නේ ද ස්වර්භරණ අධිකාරියමය. මේ කැපූ මහා වළවල්වල පස් සෝදාහැර ඇති නිසා ඒවා යළි පුරවන්නට පස් පිටතින් ගෙන ආ යුතුය. නමුත් බලපත‍්‍ර හිමියන් පවසන්නේ පතල් බලපත‍්‍රය ගැනීමේදී තැන්පත් කර ඇති ඇප මුදලින් ඒවා පිරවීම සංස්ථාව කළ යුතු බවයි. බැකෝ යොදා පතල් කැපීමට දුන් බලපත‍්‍ර මත කපා අවසන් කළ සෑම පතලක්ම පාහේ මේ වන විට වසා දමා නැති බව රත්නපුර දිස්ත‍්‍රික්කයේ සංචාරය කරන විට දැක ගත හැකිය. මෙවැනි විශේෂ වැටලීම් ඒකකයක් රටට අවශ්‍ය වුවත් මේ අපරාධ කරන ව්‍යාපාරිකයන් එම ඒකකය විනාශ කරන්නට කෝටි ගණන් වියදම් කරන්නට සුදානම්ය. දේශපාලන අධිකාරිය හරහා ඒ මෙහෙයුම් අරඹන්නේ දහසින් බැදි පියළි සමගින්ය. මීට පෙරත් මේ ආකාරයේ විශේෂ වැටලීම් ඒකක පිහිටවුවත් ඒ නිලධාරින්ට නිදහසේ කටයුතු කරන්නට ඉඩ ලැබුණේ කෙටි කාලයකි. වැටලීම් කර තහනම් කළ පතල්වල නැවත වැඩ කිරීමට රජයේ අමාත්‍යවරයෙක් හමුවීමට ව්‍යාපාරිකයන් පිරිසක් යාමට සූදානම් වන බව පැවසුවෝ පතල් කම්කරුවෝය. ‘‘ඔය ඇල්ලූවට වැඩක් නෑ මහත්තයා. අපේ මුදලාලි තව දවස් දහයක් යන්න ඉස්සරවෙලා මේ පතලේ වැඩ පටන්ගන්නවා. ලබන 16දා සංස්ථාවේ ලොකු මහත්තයෙක් ඇමතිතුමා ගාවාට මුදලාලිව එක්ක යනවා කියලා බය නැතුව ඉන්න කියලා අපිට කිව්වා. සල්ලිවලට කවුද මහත්තයා අකමැති. මම කියන්නේ බොරුද බලන්න 16 පහුවෙලා එන්න අපි මේ පතලේ වැඩකරන හැටි බලන්න.’’ එක් පතල් කම්කරුවෙක් අභියෝග කළේය. පත්වන ආණ්ඩුව කොළද, නිල්ද, රතුද යන්න කුමක් වුවත් ආණ්ඩුවේ බලය පෙන්වමින් මහ පොළොවේ මැණික් සම්පත ගොඩගන්නේ මහ පොළොව නුහුලන ලෙස මහපොළොව විනාශ කරමින්ය. අන්තිමට වැටලීම් ඒකකවල සිටින නිලධාරින්ට සිදුවන්නේ ධනපති ව්‍යාපාරිකයන්ගේ මරණ වරෙන්තුව හමුවේ නීතිය ක‍්‍රියාත්මක කරන්නටය. වර්තමානයේ රටේ ජනාධිපතිවරයාගේ සහ ආරක්‍ෂක ලේකම්වරයාගේ පිහිට හැර මේ නිලධාරින්ට වෙනත් සරණක් නැති බව නීතිගරුක සාමාන්‍ය ජනතාව කියන්නේ මේ තත්ත්වයන් දැනගෙනය. ක‍්‍රියාත්මක කිරීමේ නිලධාරීන් වන එම්.ඞී.එස්. සෙනෙවිරත්න, ඉදුනිල් මුතුකුමාර, නන්‍දන හේවාවිතාරණ, ආරක්‍ෂක නිලධාරීන්වන පී.ඒ. ඇන්ඩෲසන්, සෙනරත්කුමාර, පී. ප‍්‍රියන්ත, අයි.ජී. පේ‍්‍රමරත්න ඇතුළු මේ වැටලීම් ඒකකයේ නිලධාරීන් කරන මෙහෙය මිලකළ නොහැක. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා වරක් පැවසුවේ තමන්ගේ නම පාවිච්චි කරන නීති විරෝධී මැණික් ගරන්නන්ට, ගස් කපන්නන්ට හෝ වෙනත් අපරාධකාරයන්ට කිසිදු උදව්වක් නොකරන බවයි. තමන්ගේ නම සම්බන්‍ධකරගෙන එවැනි ව්‍යාපාර කරන්නන් සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා වරක් ප‍්‍රසිද්ධියේ කීවේය. බැකෝ යොදා පතල් කපා කරන මහා විනාශයට එරෙහිව ඇමතිවරයා රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ කමිටුවේදී හඩ නගමින් කියා සිටිද්දී විපක්‍ෂයේ එක්සත් ජාතික පක්‍ෂයේ සබරගමු පළාත් සභා විපක්‍ෂනායක ඒ.ඒ. විජේතුංග, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් වන සිරිපාල කිරිඇල්ල, සලිත කරුණාරත්න වැනි අය ඊට සහාය දුන්නේ සැබැවින්ම මහ ව්‍යවසනයකින් රට බේරාගන්නටය. නමුත් අද නීතිය අභිභවා අනීතිය ක‍්‍රියාත්මක බව පෙනේ. සාම්ප‍්‍රදායික තට්ටු පතල් කපා මැණික් ඉල්ලම් ගත නොහැකි තැන්වලට පමණක් බැකෝ යෙදීම සුදුසු බවට එකගතාවක් තිබියදී මෙලෙස හැමතැනකටම බැකෝ යොදන්නේ බලපුලූවන්කාරකම් පෙන්නන්නටය. ඇතැම් පතල්කරුවන්ට වැරදි නිසා දඩ ගැසු පසු ඔවුන් කරන්නේ පෙරටත් වඩා වැඩියෙන් වැරදිය. ඔවුන් සමාජයට පෙන්වන්නේ නීතිය මුදලට ගත හැකි බවය. ඒ තත්ත්වය නැවැත්වීමට මේ වැටලීම් ඒකකය යම් බෑලපෑමක් වනු ඇත. එසේ නොවුණහොත් බැකෝ සහ සකර් යන්ත‍්‍රවලට එරෙහිව කැලෑ නීතිය රජවනු නැතැයි කිව නොහැක.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බැකෝවලින් මැණික් සොයා පරිසරය වනසන රත්නපුරේ