X Advertisement
IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


බිරියගේ අනියමි සැමියා මරා පුළුස්සා ගෙන යද්දී පොලිසියට හසු වූ හැටි

30pg-17d--main-pgs

 

අතුරුගිරිය කහන්තොට ප‍්‍රදේශයේ පසුගිය 23 වැනිදා රාත‍්‍රියේ ජංගම සංචාරයේ නිරතව සිටි පොලිස් කොස්තාපල් උපුල් ප‍්‍රියන්ත (3912) සහ සිවිල් ආරක්‍ෂක බළකායේ ඉන්දික රත්නායක (69471) යන මහත්වරුන්ගේ උකුසු ඇස් යොමුවූයේ සුදු පැහැති වෑන් රථයකටයි.

 

SLMA-17.qxd
එක්වරක් කොතැනක හෝ නතර කරන වෑන් එක නැවත ඉදිරියට පැමිණ තවත් තැනක නවත්වන අතර මේ විදිහට තැනින් තැන නවත්වා ඉදිරියට ඇදෙන එක ඔවුන්ගේ සැකය දෙගුණ තෙගුණ කිරීමට හේතුවී තිබිණි.


කහන්තොට ප‍්‍රදේශයේ රාත‍්‍රියේ මමයි සිවිල් ආරක්‍ෂක බළකායේ රත්නායකයි රාජකාරියේ නිරතව සිටියා. එතකොට ඈත තියා සුදුපාට වෑන් එකක් එනවා. තැන් තැන්වල නවත්වමින් ඉදිරියට ඒම ගැන අපට ලොකු සැකයක් ඇතිවුණා. අපේ පොලිස් බයික් එක දැක්ක ගමන් වෑන් එකේ හිටිය අය වේගය එක පාරටම වැඩි කරලා පළා යන්න හදන බව මට තේරුම්ගියා. අපි ඉක්මනට පොලිස් යතුරුපැදියෙ නැගලා වෑන් එක ලූහුබැඳ ගියා. වෑන් එකට ඉස්සර කරලා පොලිස් බයික් එක නැවැත්තුවා වෑන් එකේ හිටිය දෙදෙනෙක් වෑන් එක නතර කරලා දුවගෙන වගේ අපි හිටිය තැනට ආවා. ඉක්මනට දුවගෙන එන එක ගැනත් සැකයක් ඇති වුණා.


සර් අපි මේ පාටි එකකට යනවා. මේ ඉන්නේ මගේ මස්සිනා කියා කෙනෙක් කීවා. එහෙම කිව්වකෙනා ටිපර් රථ රියදුරෙක් බව මම හඳුනා ගත්තා. ඔහු මාර්ග වැරදි සම්බන්ධයෙන් මා මීට පෙර කිහිප අවස්ථාවකම ඔහු අල්ලාගෙන දඩ කොළ නිකුත් කර තිබෙනවා. අපි හිටිය තැන ඉඳලා මීටර් 50ක් විතර ඈතින් තමා වෑන් එක නතර කරලා තිබුණේ. මම එතැනට ගිහින් වාහනයේ දොර ඇරියා ඉවසන්න බැරි පුලූටු ගඳක් මට දැනුණා යැයි වෑන් රථය පරීක්‍ෂා කර බැලූ පොලිස් කොස්තාපල් උපුල් ප‍්‍රියන්ත මහතා කියා සිටියේය.


වෑන් එක තුළට විදුලි පන්දම දල්වාSLMA-17.qxd බැලීමේදි දුටු දර්ශනයෙන් ඇස් අදහා ගැනීමට නොහැකිවී ඇත. එය ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවූ දසුනක් විය.
‘‘වෑන් එකේ බිම සීට් යට මළ සිරුරක් තිබෙන බව මම දැක්කා. හිසට සහ කකුල් දෙකට පොහොර උර දමා වසා දමා තිබුණා. සිරුරේ මුහුණ හඳුනා ගන්න බැරි විදිහට පිළිස්සී ගොස් තිබුණ අන්දමත් කකුල් දෙකද පිළිස්සී තිබුණ අන්දමත් මම දැක්කා යැයි පවසමින් කොස්තාපල් ප‍්‍රියන්ත මහතා මෙසේද කීය.’’
‘‘වෑන් එකේ ආපු කෙනෙක් කිව්වා සර් මේ අපි මරලා ගෙනියන්නේ අපිට හරියට කරදර කරපු කෙනෙක්. මූ මහා අපරාධකාරයෙක්. අපිට හරියට හිරිහැර වධහිංසා කළ එකෙක්. ඒ සිරුර කොහාටහරි විසිකරලා දාන්න යන්නයි අපි දෙන්නා ගියේ. එහෙම කියපු ඔහු සර්ලා ඉල්ලන  ඕනෑම ගාණක් දෙන්න අපි ලැහැස්තියි. අපිට ගාණ කියන්න කිසිම ප‍්‍රශ්නයක් නැහැ. සල්ලි අරන් අපිට යන්න දෙන්න. අපි පැය භාගයක් ඇතුළත සර්ලා ඉල්ලන ගාණ දෙන්න ලෑස්තියි කියා ඔහු අපි දෙන්නා ළඟ පින්සෙන්ඩු වෙන්න පටන් ගත්තා. සල්ලිවලට පොලිස් නිල ඇඳුමේ ගෞරවය කෙලෙසන්න ඉඩ තියන්න බැහැ. සල්ලි අරන් අපරාධකාරයෝ මුදාහරින්න අපිට කොහොමටවත් බැහැ. අපි ඉන්නේ අපරාධකාරයෝ අල්ලන්නයි කියා පැහැදිලි කර දී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා. මළ සිරුර තිබුණ වෑන් එකත් අපේ බාරයට ගත්තා. ඊට පස්සේ අතුරුගිරිය පොලිසියට මේ බව දැනුම් දුන්නා.’’


අත්අඩංගුවට ගත් දෙදෙනා අතුරුගිරිය පොලිසියට ගෙන ඒමෙන් පසු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අසංක පේ‍්‍රමලාල් මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කර ඇත.


පොලිස් අත්අඩංගුවට ගත් එක් අයෙක් වායුසමීකරණ කාර්මික ශිල්පියකු වන අතර අනෙකා ඔහුගේ බිරියගේ සහෝදරයෙකි.


වසර 4 1/2ක පමණ කාලයක් මාලදිවයිනේ රැුකියාවක් කර වායුසමීකරණ කාර්මික ශිල්පියා මෙරටට පැමිණ ඇත්තේ මීට වසරකට පමණ කාලයකට කලින්ය.


වායුසමීකරණ කාර්මික ශිල්පියා රට රැුකියාවේ නිරතව සිටින කාලයේ ඔහුට නෑදෑකමක් ඇති යුද හමුදාවේ විශේෂ බළකායෙන් පලා ඇවිත් සිටින සෙබළෙක් සමඟ බිරිය අයුතු හාදකමක් ඇතිකරගෙන ඇත.


පහරදී ඝාතනය කර, පසුව ටයර් මත පෙට්ට‍්‍රල් දමා පුළුස්සා ඇත්තේ බිරිය එක්ක අයුතු හාදකමක් පවත්වාගෙන ගිය බව කියන ගාල්ල වටරැුක නැගෙනහිර පහළ ගෙදර වත්ත පදිංචිව සිටි ජනක ප‍්‍රසාද් (30) නමැති මෙම සෙබළාය.


වායුසමීකරණ කර්මික ශිල්පියාගේ බිරිය පොලිසියට පවසා ඇතැයි කියන්නේ සෙබළා තමාට තර්ජනය කර බලහත්කාරයෙන් තමා සමග සම්බන්ධකමක් පැවැත්වූ බවත් මේ ගැන ඒ කාලයේ පොලිසියට පවා පැමිණිලි කර ඇති බවත්ය.


සැමියා රට ගියාට පස්සේ මේ සෙබළාගේ මව මගේ තනි නොතනියට ගෙදර ආවා. දවසක් රෑක සෙබළාගේ මව පැමිණි බව හඟවා දොරට තට්ටුකළා. මම දොර ඇරියා පස්සේ සෙබළා මට බලහත්කාරකම් කළා යැයි ඇය පොලිසියට පැවසුවාය.


වායුසමීකරණ කාර්මික ශිල්පියා බිරිය හා දරු දෙදෙනා එක්ක පදිංචිව සිට ඇත්තේද විශේෂ බළකායේ සෙබළා පදිංචිව සිටි ගමේමය.


සැකකාර වායුසමීකරණ කාර්මික ශිල්පියා පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී මෙසේ පවසා ඇති බව දැන ගැනීමට ඇත.


‘‘මම රට ගියාට පස්සේ බිරියගේ තනි නොතනියට මට ඈතින් ඥාතිකමක් තියෙන කාන්තාවක් රෑට ගෙදර ඇවිත් නැවතුනා. ඇයට හමුදාවේ සේවය කළ පුතෙක් හිටියා. පසු කාලයක බිරිය ඔහුත් එක්ක අයුතු සම්බන්ධයක් පවත්වාගෙන යන බව මට දැන ගැනීමට ලැබුණා. තමන්ට මරබිය තර්ජනය කර බලහත්කාරයෙන් මේ සම්බන්ධය පවත්වාගෙන යන මේ ගැන ඇසුවාම බිරිය මාත් එක්ක කිව්වා. දවසක් බලහත්කාරයෙන් නිවසට ඇතුළුවී තමාට අතවර කළ බවද ඇය මාත් එක්ක පැවසුවා. මම කිව්වා බිරියට පිළියන්දල තියෙන එයාගේ මහගෙදරට යන්න කියා. ඇය මගේ කීමට එකඟවී ඇයගේ මහගෙදර පදිංචියට ගියා.


රට ඉඳලා මම මාසයකට රුපියල් 1,50,000ක විතර මුදලක් බිරියට එවනවා. බිරිය එක්ක බලහත්කාරයෙන් සම්බන්ධයක් පවත්වාගෙන ගිය සෙබළා බිරියට එවන සල්ලිවලින් කොටසක්ද ඇයට තර්ජනය කර ලබා ගන්නා බවත් ඇය කිව්වා. ඒ විතරක් නොවේ බිරිය සතුව තිබූ පවුම් 15ක විතර රන් බඩු පවා මොහු බලහත්කාරයෙන් රැගෙන ගිය බව ඇය මට කියා තිබෙනවා.


මම ලංකාවට ඇවිත් ගාල්ල වටරැ   ක නැගෙනහිර පහළ ගෙදරවත්තේ අපේ ගෙදර ඉද්දී ජනක ප‍්‍රසාද් කියන කෙනා ගෙට ගිනි තිබ්බා. එදා මම ජීවිතය බේරාගත්තේ බොහොම අමාරුවෙන්. මේ ගැන පෝද්දල පොලිසියට පැමිණිලි කළා. නිතර මොහු අපට හිරිහැර කළා. පොල්ලකින් හිසට ගසා මට බරපතළ තුවාල සිදුකළා. මොහු ප‍්‍රදේශයේ නම ගිය දරුණු අපරාධකාරයෙක්. මේ සිද්ධිය වුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ.


බිරිය පදිංචිව සිටියේ පිළියන්දල මඩපාත පොල්හේන ප‍්‍රදේශයේ තියෙන එයාගේ මහගෙදරයි. ජනක ප‍්‍රසාද් කියන මේ සෙබළා ඒ ගෙදරට ගිහින් මගේ බිරියව කඩුවකින් කපා තුවාල සිදුකර පළාගොස් තිබුණා. පිළියන්දල පොලිසියට මේ ගැන පැමිණිල්ලක් කර තිබුණා. මොහු අල්ලන්න පොලිසිය හෙව්වා. ඒත් ඔහු අල්ලා ගන්න බැරිව ගියා. මොහුගෙන් දිගින් දිගටම අපට තාඩන පීඩන එල්ල වුණ නිසා මරා දාන්න අදහස් කළා. වෙන කරන්න දෙයක් අපට ඉතිරිවෙලා තිබුණේ නැහැ. බැරිම තැන තමා මේ වගේ තීරණයක් ගත්තේ.


වායුසමීකරණ කාර්මික ශිල්පියාගේ මස්සිනා කෙනෙක් උපක‍්‍රමශීලී ලෙස ජනක ප‍්‍රසාද් කියන සෙබළා ගාල්ලේ සිට පිළියන්දලට ගෙන්වා ගැනීමේ වැඬේ කරගෙන ඇත.


මස්සිනා එක්ක තමාද විරසකයකින් පසුවන බවත් පොඩි වැඩක් ගැන කතාබහ කර ගැනීමට පැමිණෙන ලෙසත් විදුලි කාර්මික ශිල්පියාගේ බිරියගේ සහෝදරයෙක් සෙබළාට දුරකතන ඇමතුමක් ලබාදී දැනුම් දීමක් කර තිබිණි.


ගාල්ලේ සිට සෙබළා පිළියන්දලට පැමිණියේ දුරකතනයට කතාකර කළ ඒ දැනුම් දීම මතය.


සෙබළා පැමිණියේ වායුසමීකරණ කාර්මික ශිල්පියාගේ බිරියගේ මහගෙදරටය.


සෙබළා ගෙදරට පැමිණෙන විට කාර්මික ශිල්පියා සිට ඇත්තේ අතුරුගිරිය ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ මහගෙදර වන අතර මස්සිනා කළ දැනුම් දීමක් මත ඔහු ත‍්‍රිරෝද රථයක නැගී පිළියන්දල මහගෙදරට පැමිණ ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් කරුණු අනාවරණයවී තිබේ.


වායුසමීකරණ කාර්මික ශිල්පියා දුටු සෙබළා හොඳටම බියවී ඇති අතර ඔහු අල්ලාගෙන පහරදී බිම වැටුණු පසු අත්, පා ගැටගසා සිහි විසඥ වනතෙක් පහරදී ඇති බවද පොලිසිය කියයි.


සිහි විසඥව මරණාසන්නව සිටි ජනක ප‍්‍රසාද් නමැත්තා ඔසවා වෑන් රථයට දමා ගත්තා. පාරේ වැටී තිබුණ ටයර් 4ක්ද වෑන් එකේ දාගත්තා. අතුරුගිරිය ප‍්‍රදේශයේ තියෙන අපේ මහගෙදරට ආවා. ගෙදර වෙන කවුරුත් හිටියේ නැහැ. සිරුර අපට අයත් රබර් වත්තට අරන් ගියා. සිරුර මත ටයර් ටික දමා පෙට්ට‍්‍රල් වක්කර පිළිස්සුවා මුහුණ හඳුනා ගැනීමට නොහැකිවන ලෙස පිළිස්සී තිබුණා. ඊට පස්සේ වෙනත් වෑන් එකක සිරුර දමාගෙන මමත් මගේ තවත් මස්සිනා කෙනෙකුත් ගෙදරින් පිටත්වුණා. මගේ අනිත් මස්සිනා සහ ඔහුගේ හිතවතා පිළියන්දල යන්න ගියා. අපි ජනක ප‍්‍රසාද්ගේ අඩක් පිළිස්සූ සිරුර පාළු තැනකට ගෙන ගිහින් දාන්න යද්දී තමා පොලිසියට කොටුවුණේ යැයිද සැකකරු වන වායුසමීකරණ කාර්මික ශිල්පියා පොලිසියට පාපොච්චාරණය කර ඇති බව දැන ගැනීමට ඇත.


වායුසමීකරණ කාර්මික ශිල්පියාගේ මස්සිනාලා දෙන්නා මෙතරම් බිහිසුණු සිද්ධියකට සම්බන්ධවී සිටියත් ඒ වගක්වත් නොමැතිව නිවසේදී ඔවුන්ගේ දියණියකගේ උපන් දින සාදයද ජයටම පවත්වා ඇති බව කියති.


වාසුසමීකරණ කාර්මික ශිල්පියාගේ එක් මස්සිනා කෙනෙක් හා ඔහුගේ මිතුරෙක්ද මේ වැඬේට සෘජුවම සම්බන්ධවී තිබූ නිසා ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගනු ලැබුවේ පිළියන්දල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නන්දසිරි වැලිගමගේ මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.


ඝාතනයට ලක් වූ සෙබළා මත්ද්‍රව්‍ය පානය කිරීමටද තදින්ම ඇබ්බැහිවී සිටි අයෙකු බව පොලිස් පරීක්‍ෂණවලින් හෙළිවිණි.


ජනක ප‍්‍රසාද් නමැත්තා විවාහකයෙන් වන අතර බිරිය ඔහු අතහැර දමාගොස් සිටින්නීය.


මවගේ නිවසේ මොහු ජීවත්ව සිට ඇති අතර පියා මියගොස්ය.


සල්ලි කන්දරාවක් දෙන්නම් අපිව මුදාහරින්න යැයි කීවත් සල්ලි හමුවේ දණනොනමා අපරාධකාරයින් අල්ලා නීතිය හමුවට ගෙනා කොස්තාපල් ප‍්‍රියන්ත හා සිවිල් ආරක්‍ෂක බළකායේ රත්නායක යන මහත්වරුන් පොලිසියේ පොලිස් නිල කබායේ ගෞරවය රැකගත්හ.


කඩුවෙල වැඩ බලන මහේස්ත‍්‍රාත් හේමපාල වන්නිනායක මහතා මූලික මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය පැවැත්වූ අතර කොළඹ වෝහාරික වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය නිලධාරී අසේල වික‍්‍රමසිංහ මහතා සිද්ධිය වූ ස්ථාන දැඩි ලෙස හා සියුම් ලෙස පරීක්‍ෂා කරනු ලැබීය.


ඝාතනයට අදාළ වෛද්‍ය විද්‍යාත්මක සාධක ඔහු විසින් සොයෘ බලනු ලැබීය.


බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර සහ කොළඹ බස්නාහිර දකුණු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ නුගේගොඩ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේන්ද්‍ර ගුණසේකර මහතාගේ විශේෂ උපදෙස් මත හෝමාගම (දකුණ) සහකාර පොලිස් අධිකාරි කේ.ජේ.වයි.වී. ක‍්‍රිෂාන්ත මහතාගේ මෙහෙයවීම මත අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සංජීව මහතාට පොලිස් පරීක්‍ෂක කදිරගොන්න, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අසංක පේ‍්‍රමලාල් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මේ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වා ඇත.


පොලිස් සැරයන්වරුන් වන පියල් (56750), ගමගේ (40947), ගාමිණි (23337), කොස්තාපල් උපුල් ප‍්‍රියන්ත (3912) සහ සිවිල් ආරක්‍ෂක බළකායේ ඉන්දික රත්නායක (69471) යන මහත්වරුද මෙම පරීක්‍ෂණවලට හවුල්වී තිබේ.

 

m



අදහස් (0)

බිරියගේ අනියමි සැමියා මරා පුළුස්සා ගෙන යද්දී පොලිසියට හසු වූ හැටි

චතු Monday, 01 June 2015 10:39 AM

මේ කතාවේ විදිහට මේ මනුස්සය අද මිනිමරුවෙක් වෙලා තියෙන්නෙත් පොලිසියේ තියෙන නොසැලකිල්ල නිසා . මිනිස්සුන්ට නීතියෙන් පිහිටක් නැති විට මිනිස්සු ඒ පිහිට වෙන විදිහකින් ලබා ගන්නවා . (ස)

:       0       0

ඉන්දික Monday, 01 June 2015 11:04 AM

චතු, ඔයාගේ කතාව ඇත්ත. පොඩි මිනිහට පොලිසියෙන් සහයක් හෝ පිහිටක් නැතිකොට මේ වගේ අපරාද වලට යොමු වෙනවා. (ස)

:       0       0

ජානක Monday, 01 June 2015 11:20 AM

එකනම් ඇත්ත මෙච්චරකල් පොලිසියෙන් මොකවද කරේ. මමනම් කියන්නේ මේ කරපු දෙය හරි කියල. (ස)

:       0       0

බුද්ධික Monday, 01 June 2015 12:34 PM

ප්‍රමාදවෙලා හරි මේ ගත් තීරණයට මම නම් සතුටු වෙනවා. නීතිය පොඩි මිනිහාට එක විදියක් ලොකු කෙනාට එක විදියක් නිසා වෙච්ච ලොකු අපරාධයක්. ලංකාවේ නීතිය ගැන සහ සදාචාරය ගැන සිතන්න යමක් මෙහි ඉතිරිව ඇත (නි)

:       0       0

බණ්ඩාර Monday, 01 June 2015 12:35 PM

මෙවන් වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන්න (නි)

:       0       0

චම්පික Monday, 01 June 2015 12:45 PM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු! මම මෙහෙම කියන්නේ ඉහත මිනීමරු පුද්ගලයා කරපු දේ අහලා වගේම ජානක කියපුදේත් අහලා. (නි)

:       0       0

සමන් Monday, 01 June 2015 01:16 PM

මිනීමරුවා බේරෙන්න ඕනෙම දෙයක් දැන් හොදට ගොතලා කියනවා..ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ කියලා කියනවනේ.. ඔය කියන විදියට බිරියට ඔච්චර කාලයක් කරදර කරනකම් සැමියා රට ඉන්න එකද හරි ?? ඒ වෙලාවේ ඔය සහෝදරයන් සිටියේ නැද්ද ?? මේකත් නිකන් ගෙට හොරු පැනලා 2000ක් අරන් ගිය එකට 200000 දාල පොලිසියට ලියනවා වගේ කතාවක්නේ ?? චම්පික මල්ලි හරි මල්ලි (බ)

:       0       0

පූජිත Tuesday, 02 June 2015 12:02 AM

කවදාහරි ඇත්ත ජය ගනීවි (නි)

:       0       0

රම්‍යා Tuesday, 02 June 2015 06:35 AM

එතකොට බිරිඳට දඬුවම් නැද්ද. එක අතකින් අත්පොඩි ගහන්න බැහැ. (ර)

:       0       0

තුවාන් Tuesday, 02 June 2015 07:23 AM

එම තෙනත්තාව "සෙබළා" කියා අමතන්න එපා, ඒ අපහාසයක් (නදී)

:       0       0

අශාන් Tuesday, 02 June 2015 08:30 AM

මුදලට රැකියාවේ ගෟරවය පාවා නොදුන් ප්‍රියන්ත සහ ඉන්දික යන ගෟරවනීය නිලදාරීන් දෙදෙනාට මගේ ආචාරය. (ර)

:       0       0

ෂේන් Tuesday, 02 June 2015 09:07 AM

මෙතන ලොකු නොගැලපීමක් තියෙනවා, අවුරුදු හතරක් තිස්සේ බිරිදට ඔහොම කරදර වලට මුහුණ පාන්න ඉඩ තියලා රට ඉන්න මිනිහෙක්. හිතා ගන්න අමාරු කතාවක්. (ර)

:       0       0

සම්පත් Wednesday, 03 June 2015 08:34 AM

පොලිසිය මුලින්ම හරියට රාජකාරි කලා නම් මේ අපරාදේ වලක්වගන්න තිබුන නේද? (නදී)

:       0       0

ඕෂි Wednesday, 03 June 2015 09:28 AM

අවුරුදු 4ක් තිස්සේ පොලිසිය පොල් ගෑවද? (බ)

:       0       0

චන්න බුවනක Thursday, 04 June 2015 03:30 PM

බිරින්දන් ලංකාවේ නවත්වලා රට රැකියා කරන අය ඕනි තරම් ඉන්නවා හොඳ පවුල් ජීවිත ගත කරන. මෙතන තියෙන්නේ වෙන දෙයක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site