X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


බුදු දහමින් පරිපූර්ණ වූ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියා

සර්වෝදය නිර්මාතෘ, ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා මේ 5 වැනිදාට අනූ විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ආචාර්ය ආරියරත්නයන් මට මුලින්ම ඇසුරු කිරීමට ලැබුණේ, මා අනුරාධපුර අතිරේක දිසාපතිවරයා ලෙස සේවය ආරම්භ කර සිටියදීය. ඒ, 1958 වසරේදීය. එම වසරේ පොසොන් උත්සවය අනුරාධපුර පූජා නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. එහි පැමිණෙන බැතිමතුන්ට ආහාර පාන සහ සෞඛ්‍ය පහසුකම් සැපැයීමේ වගකීම පැවැරී තිබුණේ මටය.

එවකට කොළඹ නාලන්දා විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කළ ආරියරත්නයන්, ඔහුගේ ශ්‍රමදාන ව්‍යාපාරය මගින් පූජා නගරය පිරිසුදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීය. එයට සහභාගි වීමට මට ද අවස්ථාව ලැබිණි. ආරියරත්න මහතා සමග ඇසුර ආරම්භ වූයේ එහිදීය. එදා බැතිමතුන් වෙනුවෙන් සිදු කළ සේවාවෙන් පසු එහිදී මම කැමැති මාතෘකාවක් යටතේ ඔවුන්ට දේශනයක් පවත්වන ලෙස ආරියරත්න මහතා මට ආරාධනා කළේය.

‘අනුරාධපුර අතීත සෞභාග්‍යය’ මැයෙන් මහා වංශයෙන් සහ ජාතක පොත් ඇතුළු බෞද්ධ සාහිත්‍යයෙන් කරුණු ඉදිරිපත් කරමින් මම දේශනය පැවැත්වීමි. අනුරාධපුර ඓතිහාසික තොරතුරු අනාවරණය වූ එම දේශනය එදා එහි සිටි පිරිස අගය කළහ. ඉන් අනතුරුව සර්වෝදය සාමාජිකත්වය ගැනීම සඳහා ආරියරත්න මහතා මට පෝරමයක් ලබා දුන්නේය. එයට අත්සන් කර දුන් මම සර්වෝදයේ සාමාජිකත්වය ලබාගත්තෙමි.

මන්නාරම, අනුරාධපුරය, රත්නපුරය, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල දිසාපති පදවිවල මා සේවය කරන විටදී එම සියලු ප්‍රදේශවලදී සර්වෝදය වෙනුවෙන් සහාය ලබාදීමට සහ මගේ සහාය සර්වෝදයට ලබාගැනීමටත් ඔවුහු උනන්දු වූහ.

බෞද්ධ පොතපතේ ආභාසය ලබමින් බාල මහලු වැඩිහිටියන් ප්‍රබෝධවත් කිරීමට සර්වෝදය මගින් දෙන පණිවුඩය ලොව රටවල් රැසක පැසසුමට ලක්විය.

මහත්මා ගාන්ධිතුමා ගත් ක්‍රියාමාර්ගය ආරියරත්නයන් විසින් ද අනුගමනය කරමින් ජනතාවගේ වාසස්ථාන වෙත ගොස් ඔවුන්ට සමීප වීමට උත්සාහ කළේය. 

ඔහු තුළ ඇති චතුර කථිකත්වය සහ දාර්ශනික දැනුම සර්වෝදයේ කීර්තියට තදින්ම බලපෑවේය. ආරියරත්නයන් විසින් රචනා කර ඇති ග්‍රන්ථ සහ ලිපි ලේඛන දෙස බලන විට එය මැනවින් පැහැදිලි වේ.

බුදු දහම පමණක් නොව වෙනත් කුමන විෂයයක් පිළිබඳව වුව ද ඔහුට ඇත්තේ අසීමිත දැනුමකි. පොතපත කියවීමෙන් ඔහු තම දැනුම ප්‍රගුණ කරගනු ලැබුවේ පාසල් අවදියේ සිටය. මෙම කරුණු විමර්ශනය කර බලන විට ඔහු නියත වශයෙන්ම බුදු දහමින් පරිපූර්ණ වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි.

ජාත්‍යන්තර විදේශ සම්මාන රැසක් හිමි කරගෙන සිටි ආරියරත්නයන්ට, ප්‍රථම වරට (Ramon Magsaysay Award for Community Leadership Philippines) සම්මානය හිමි වූයේ ඔහුගේ මානව දයාවට දක්වන ලද උපහාරයක් ලෙසටය.

ආරියරත්නයන් තරම් විදේශවලින් සම්මාන ප්‍රදාන ලද වෙනත් කිසිවකු නැත. ඔහුට ඒ සමග ලැබුණු ධන පරිත්‍යාගය ද සර්වෝදයට යොදවමින් පොදු ජනතාවගේ සිත සුව පිණිස යෙදවීමට ඔහු ක්‍රියා කළේය.

රටට සමාජයට විශේෂ සේවාවක් සිදු කළ පුද්ගලයන් සඳහා ආරියරත්න මහතා අවධානය යොමු කළේය. වසරක් පාසා එවැනි පුද්ගලයන් පස් දෙනකු තෝරා උපහාර පිදුම් සිදු කරනු ලබන්නේ ද ධන පරිත්‍යාග ඇතුළත් කරමිනි.

භික්ෂුන්වහන්සේලා වෙනුවෙන් ද දැඩි අවධානයක් යොමු කරමින් ප්‍රජා නායකත්ව පුහුණු කිරීමේ කාර්යය සඳහා පාතකඩ අරඹන ලද භික්ෂු පුහුණු මධ්‍යස්ථානය හඳුන්වා දිය යුතුය. එහි සංවිධාන කටයුතු ක්‍රියාත්මක කරනු ලැබුවේ අපවත් වී වදාළ හේන්පිටගෙදර ඥානසිහ හිමියෝය. එකල මම ද රත්නපුර දිසාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඒ නිමිත්තෙන් අනුශාසනා අනුව සර්වෝදයට සහාය වීමි.

සර්වෝදය මගින් ආරියරත්නයන් ඇරැඹූ තවත් සමාජ සත්කාරයක් වූයේ දරුවන් රැක බලා ගැනීමේ ව්‍යාපෘති වේ. නීතා ආරියරත්න මහත්මියගේ මූලිකත්වයෙන් ඇරැඹි එම සේවාව මගින් දරුවන් විශාල පිරිසකට සෙත සැලසුණි. කාන්තාවන් ඒ සඳහා මෙන්ම තරුණ පරපුර වෙනුවෙන් ද සර්වෝදය ක්‍රියාත්මක කළ වැඩසටහන් රැසකි. එමගින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ප්‍රධාන තැනක් ගනී. ඉන් ඔවුන්ට ස්වයං රැකියා උත්පාදනයක් ද සිදු විය.

එක් දහස් නවසිය හැත්තෑ එකේ තරුණ පිරිස නැගී සිටි අරගලය මට මෙහිදී සිහිපත් වේ. නොමග ගිය එම තරුණයන් පුනරුත්ථාපනය කිරීමට නොයෙක් දෙනාගෙන් අගමැතිනිය ඉල්ලා සිටිය ද විවිධ කාරණා මතු කරමින් ඔවුහු එම වගකීම බාර නොගත්හ. අවසානයේ එම වගකීම ද මා වෙත පැවැරුණි. එහිදී මම ආරියරත්නයන් අනුගමනය කළෙමි.

ඔහුගේ මග යමින් සිදු කළ එම පුනරුත්ථාපන ක්‍රියාවලිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක විය. ඒ නිසා පොදු රාජ්‍ය මණ්ඩලීය විධායක තනතුරුවලට පවා මා පත් කිරීමට සිදු කැරිණි. මේ නිසා එවකට පැවැති රජයට මෙන්ම සර්වෝදයට ද මගේ ස්තුතිය පුද කළ යුතුය. විසිදහසක පමණ වූ පුනරුත්ථාපනය වූ තරුණ පිරිස යහපත් සමාජ පුරවැසියන් බවට පත් වූහ.

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කාරණා හතර මගින් මනස සකස් කිරීම දාන, ප්‍රිය වචන, සාමානාත්මකව සහ අර්ථ චරියා හැම විටම ආරියරත්නයන් පිළිගත් සිද්ධාන්තයක් වී තිබේ. ඇතැම් විට ආරියරත්නට සිදු වූ විවිධ අඩත්තේට්ටම් සහ කුරිරු හිරිහැර ඇති වූ අවස්ථාවලදී ඉවසීමෙන් ඒ සියල්ල විඳ දරා ගැනීමට ක්‍රියා කළ ආකාරය එතුමා තුළ පැවැති යහගුණය විදහා දැක්වෙන කැඩපතක් බඳුය.

ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාණෙනි, අපේ මේ පුංචි රට ලොව පුරා කීර්තියට පත්කිරීමට ඔබෙන් සිදු වූ සේවාව සුළුපටු නොවේ. විශිෂ්ට සංස්කෘතියක් සහ සාහිත්‍යයක් මෙරටට බිහිකරන්නට ඔබතුමාගේ සර්වෝදය ඉවහල් වූ බැව් අවසාන වශයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒ උදාර සේවාව තවත් දිගු කලක් කරගෙන යාමට ඔබට ධෛර්යය ලැබේවායි පතමින් ඔබට දීර්ඝායු පතමි.

ආචාර්ය ලීල් ගුණසේකර



අදහස් (2)

බුදු දහමින් පරිපූර්ණ වූ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියා

සමරේ Friday, 05 November 2021 03:24 PM

ආරියරත්න මහතාට දීර්ඝායුෂ ලැබේවා. ඔහුගේ පුතාටත් නැවත වරක් සිය පියායන මාර්ගයේම යන්න මතක් වේවා. පියා ගොඩනැගූ සර්වෝදය අද තිබෙනවද මන්දා... ලිපිය ලියූ ලීල් ගුණසේකර හිටපු දිසාපතිතුමනි... ඔබතුමාටත් නිරෝගි බව සහ දීර්ඝායුෂ ලැබේවා. ඔබතුමා ලියූ පෙත්සම සහ අත්සන පොත් දෙකම ඇති වියළි කලාපයේ ගොවි ජීවිතය අගය කරන්න. ඒ කාලයේ සිටි යහපත් මිනිසුන් ටික දෙනා අතර ඔබවත් තවම අප අතර සිටීම සතුටක්.

:       0       7

ලලිත් ජයවීර අම්බලන්ගොඩ Saturday, 06 November 2021 08:51 AM

ඔබතුමන්ලා දෙදෙනාටම දීගායු පතමි. ඔබලා වැන්නන් සිටි අපේ රටට දැන් වෙච්ච දේට මට නම් දුකයි. රට මෙතරම් විනාශ වීමට පළමුව වග කිවයුත්තේ රාජ්‍ය පරිපාලන සේවයේ ඇතැම් නිලධාරින්. මගේ පාසලේ 1 සිට 5 ශේණිය දක්වා පන්ති තිබුණා. ඒ සෑම පන්තියකම ලමයි 10 කට වඩා ඉගෙනුම ලැබුවා. දකුණු පලාතේ හිටපු මහ ඇමතිට සහ ඔහුගේ නඩයට ඒ පාසල් ඉඩමට දැඩි ආසාවක් තිබුණා අයිති කරගන්න. මම ලග ලිපිලේඛන තියෙනවා. මේ සදහා පළමුව කලේ පන්ති පහේ උගන්වපු ගුරැවරැ පස්දෙනාගෙන් හතර දෙනෙක් එකම දින වෙනත් පාසල් වලට මාරැ කලා. එහෙම කරල, පන්ති පහේ ඉගෙනුම ලැබූ දරැවන් සියල්ල එකම පන්ති කාමරයකට දමා එක ගුරැවරයෙකු යටතේ ඉගෙන ගන්න යොමුකලා. බහු ශේණි අධ්‍යාපනය කියල මේකට හොද නමකුත් පාවිච්ච් කලා. නමුත් දෙමාපියන් දන්නව පන්ති පහේම දරැවන්ට උගන්වන්නෙ එක ගුරැවරියක් කියල. ඊට පස්සේ ලමයි අඩු වුනා. පස්සෙ වෙනත් පාසලක පාථමිකයක් මගේ පාසලට ගේනව කියල බිල්ඩිමක් හදන්න පාසලේ තිබුණු හොදම බිල්ඩිම කඩාගෙන ලක්ෂ 50 ක විතර බඩු අරන් ගියා. ඔන්න දැන් අපේ රටේ හැටි.

:       0       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site