X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


බෙලිඅත්තට කවුරුහරි රාජපක්ෂ කෙනෙක් ආවොත් මම ආසනය බාරදීලා අයින් වෙනවා

3_MA_P_14  

 

පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ බෙලිඅත්ත නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක එරාජ් ප්‍රනාන්දු මෙවර මුහුණට මුහුණ හමුවේ.

5


● යහපාලනයට බාල්දි පෙරළපු එරාජ්ලත් දැන් යහපාලනයෙද?
යහ පාලනය කියන්නෙ වෙන එකක්. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක කමක්නෙ ගත්තේ.

 


● යහපාලනයට විරුද්ධ පිලේ ඉඳගෙන රාජපක්ෂලා අතේ හුරතල් වෙච්ච එරාජ්, රාජපක්ෂලා පැරදුණු ගමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ තුරුල්ලට පැනගත්තේ කොහොමද? පැනිලිත් දැක්කා ඒත් මේ වගේ පැනිල්ලක්?
පහුගිය ජනාධිපතිවරණයේදී අපේ නායකයා වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදියට ඉඳපු මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ වෙලාවෙ අපි එතුමට අපේ ඉහළම සහයෝගය ලබා දුන්නා. ඒක වැරදිද? ඒත් දැන් ශ්‍රිලංකා නිදහස් පක්ෂෙ නායකත්වය දරන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා මට බෙලිඅත්තේ ආසන සංවිධායකකම දුන්නා, මම ඒක බාරගත්තා. පහුගිය කාලෙ බෙලිඅත්තෙ සංවිධායකවරයෙක් හිටියෙ නෑ. ඒක නිසා කවුරුවත් අයින් කරලා ඒක මට දුන්නා කියන්න බෑ. ශ්‍රිලංකා නිදහස් පක්ෂය ආරම්භ කරපුදා ඉඳලා බෙලිඅත්තේ බලය තිබුණේ රාජපක්ෂවරුන්ට. ඒක මට මේ සැරේ හම්බවුණා.

 


● ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධව රාජපක්ෂලට වැඩ කරපු ඔබට ඡන්දෙ ඉවරවුණු ගමන් ආසන සංවිධායක කමක් දෙන්න තරම් මෛත්‍රීපාල සිරිසේනට එරාජ් ගැන තියෙන “ලව්” එක මොකක්ද?
ජනාධිපතිකමට පත්වෙලා දවස් කීපයකින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රීලංකා නිදහස් පක්ෂෙ සභාපති වුණා. ඉතින් දැන් එතුමා තමයි පක්ෂය ගැන තීන්දු ගන්නේ. එතුමා මාව පක්ෂයට අවශ්‍ය කෙනෙක් විදියට දකිනවා ඇති.

 


● මෛත්‍රීපාල ජනාධිපතිතුමාටත් එරාජ්ගෙ පිස්තෝල චණ්ඩිකම් අමතක වෙලා වගේ එහෙනම්...?
මම ශ්‍රීලංකා නිදහස් පක්ෂෙ ආසන සංවිධායක කමක් ගත්තා මිසක් ආණ්ඩුවට එකතු වුණේ නෑ. ජනාධිපතිවරණයෙදි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විරුද්ධව ඉඳපු කී දෙනෙක් අද ඇමැතිකම් අරගෙන ඉන්නවද එහෙනම්. අපි එදත් ශ්‍රීලංකා අදත් ශ්‍රීලංකා. පක්ෂය වෙනුවෙන් ඕනෑ තැනකට අපි යනවා. මට සංවිධායක කම ලැබුණේ මධ්‍යම කාරක සභාවෙත් කැමැත්ත ඇතුව. අනික ඔය පිස්තෝල සිද්ධියට මම වැරදිකරුවෙකුත් නෙවෙයි. මට එහෙම නඩුවක්වත් නෑ. ඒක සෙල්ලම් පිස්තෝලයක් කියල කවුරුත් දන්නවා.

 


● එහෙනම් එදා පිස්තෝලයක් අරගෙන නටපු නාඩගම මොකක්ද?
එදා ඒ සිදුවීම සිද්ධවුණු වෙලාවෙ පක්ෂ භේදයකින් තොරව විවිධ පුද්ගලයො එතන හිටියා.
වරායෙ සේවකයොත් හිටියා. ගමේ මිනිස්සු හිතලා තියෙන්නේ ඒ මන්ත්‍රීවරු පිරිස වරාය වහන්න කරුණු හොයන්න ආවා කියලා. ඒක නිසා ඒ අය එතන විරෝධතාවක් පළ කළා. ඒ විරෝධතාව ගැටුමක් වේගෙන එද්දී තමයි මම එතෙන්ට ගියේ. ඒ ආපු මන්ත්‍රීවරු ආරක්ෂාකාරීව පිටත් කරලා යවන්නයි මම උත්සාහ කළේ. ඒ වෙලාවෙ ඊට ටිකක් එහායින් පාරේ ඉඳපු පිරිසක් මන්ත්‍රීවරුන්ට පහර දෙන්න හදනකොට මම එතෙනට දුවගෙන ගියෙ. ඒ දුවන කොට එතන ඉඳපු කෙනෙක් ළඟ තිබුණු පිස්තෝලයක් මම අරගෙන දිව්වේ. ඒක සෙල්ලම් පිස්තෝලයක්. ඒක පොලිසියත් පිළිගත්තා. මාධ්‍ය මේකට ලොකු ප්‍රචාරයක් දුන්නා. ඒ මන්ත්‍රීවරුත් කොළඹ ගිහින් මාධ්‍යය සාකච්ඡා තියලා වැරදි චිත්‍රයක් පෙන්නුවා. ඒකෙන් දේශපාලන වාසි ගන්න පුළුවන් අය වාසි ගත්තා.

 


● එරාජ් පිස්තෝලයක් ඇදගත්තු එක අහම්බයක් කියලද කියන්නේ?
එතන හිටියෙ ගල් මුල් පොලු මුගුරු අරගත්තු කට්ටියක්. කුණු බිත්තර පවා අරගෙන ඇවිත් තිබුණේ. ඒ කට්ටිය අයින් කරගෙන  යනකොට කෙනෙකුගේ ඉනේ මොකක් හරි තියෙනවා දැකලා මම ඒක ඇදලා ගත්තා. බරට අහුවුණා. ඒක සෙල්ලම් පිස්තෝලයක්. මම ඒකත් අරගෙනම ගියා. බස් එකට පහරදීම වළක්වන්නයි මම දුවගෙන ආවෙ. ඒ සිද්ධියේ මුළු වීඩියෝ එකම බලපු පොලිසියත් තීරණය කළා මම ඒකට සම්බන්ධයක් නෑ. ඒකෙන් පේනවා ගැටුම ඇති කළේ කවුද ඒක නැවැත්තුවේ කවුද කියලා. ඒක නිසා තමයි මම ඒ නඩුවෙ විත්තිකාරයෙක් නොකළේ.

 


● එතන ඔය වගේ ගෝරියක් යනවා කියලා එරාජ් දැනගත්තේ කොහොමද?
මමනේ නගරේ නගරාධිපති. මට ටෙලිෆෝන් කෝල් කීපයක්ම ආවා. වරායට විරුද්ධව කරුණු හොයන්න මන්ත්‍රීවරු පිරිසක් එනව කියලා. මට කලින්ම ආරංචි වෙලා තිබුණෙ. මම කලින් වරාය ළඟට ගිහින් එතන ඉඳපු පිරිසත් අයින් කරලා එනකොට තමයි ආපහු කෝල් එකක් ආවේ වරාය ඇතුළෙ ප්‍රශ්නයක් වෙනවා කියලා.

 


● වරාය බලන්න ආපු පිරිසෙ මන්ත්‍රීවරු කවුරුහරි ඔබට කතා කරලා බේරගන්න කියලා කිව්වද?
කීප දෙනෙක් කෝල් කළා. ඒ කතා කරපු කෙනෙක් කිව්වා නලින් බණ්ඩාර එහෙමත් ඇවිත් උඩ තට්ටුවෙ හිරවෙලා ඉන්නවා පහළට එන්න බැරුව කියලා. එවෙලෙම මම මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමාටත් මේ සිද්ධිය දුරකථනයෙන් දැනුම් දුන්නා. මම එතෙන්ට ගියාම ඇමැති ආරක්ෂක අංශයෙන් ආපු කෙනෙකුට මම කිව්වා නලින් බණ්ඩාරට කියන්න මම පහළ ඉන්නවා බය නැතුව පහළට එන්න කියලා. එයා ගිහින් පණිවුඩය දුන්නට පස්සේ මන්ත්‍රීවරු පිරිස පහළට ආවා. ඒ අය පහළට ආවම මම ඒ අය එක්ක සුහදව කතා බහ කළා. මම කිව්වා මෙතන ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා. මම ඒ අය බස්එකටත් නග්ගලා දොර වහන්න හදන කොට තමයි කුණු බිත්තර වැදුණෙ. පළවෙනි කුණු බිත්තරේ මටයි වැදුණෙ.

 


● ඒ කියන්නේ නලින් බණ්ඩාරල එහෙම එරාජ්ගෙ මිත්‍රයො?
ඔව්. මම එයාව හොඳට අඳුනනවා. එයා විතරක් නෙවෙයි යූ.එන්.පී. එකේ ගොඩක් අය මම අඳුනනවා. මුණගැහිලා කතා බහ කරලා තියෙනවා.

 


● ඔය සිද්ධිය වුණු කාලේ වෙද්දි එරාජ්, මහින්ද රාජපක්ෂලාගේ හොඳ ගෝලයෙක් කියලා කට්ටිය කිව්වේ?
එතකොට අපේ පක්ෂෙ නායකයා මහින්ද රාජපක්ෂ, අපි ශ්‍රී ලංකා පාක්ෂිකයෝ. ඒක නිසා නායකත්වයට අවනතව අපි වැඩ කළා.

 


● දැන් එරාජ්ට මහින්ද රාජපක්ෂ එක්ක ගනුදෙනුවක් නැද්ද?
අවශ්‍ය වෙලාවට එතුමා එක්ක ඉන්නවා. එතුමාට තාමත් රටේ මිනිස්සු ආදරෙයි. මගේ කිසිම අවුලක් නෑ එතුමා එක්ක.

 


● බෙලිඅත්තෙ ආසන සංවිධායකකම හම්බවුණාට පස්සේ මහින්ද රාජපක්ෂ කතා කළාද?
නෑ. ඊට පස්සෙ නම් කතා කළේ නෑ. එතුමටත් වැඩ ඇතිනේ. 

 


● රාජපක්ෂවරුන්ගේ බළකොටුවක අලුත් ආසන සංවිධායක විදියට එරාජ්ට බෙලිඅත්තේ වැඩ පෙන්නන්න රාජපක්ෂලා ඉඩ දෙයිද?
එහෙම ප්‍රශ්නයක් වෙයි කියලා මං හිතන්නෙ නෑ. රාජපක්ෂවරුන්ගේ බලය තියෙන බෙලිඅත්ත ආසනයට කවුරු හරි රාජපක්ෂ කෙනෙක් ආවොත් එයාට ආසනය බාර දීලා මම අයින් වෙන්න සූදානම්.

 


● එරාජ් ඩබල් ගේමක්ද මේ ගහන්නේ?
අපෝ නෑ. මගේ කිසිම ඩබල් ගේමක් නෑ.

 


● එරාජ් දැන් බබෙක් වගේ කතා කළාට ඡන්දෙ කාලේ හම්බන්තොටට ආපු ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිසකටත් අඩම්තේට්ටම් කළා. හරි චණ්ඩයෙක් වගේනේ එදා වැඩ කළේ ?
ඇත්තටම ඒක සැලසුම් කරලා සිදුවෙච්ච දෙයක් නෙවෙයි. අපේ මහනගර සභාවෙ විපක්ෂනායකවරයා මේ ගැන මාත් එක්ක කතා කරලා ගියා. මම එතෙන්ට යනකොට ඔය වගේ දෙයක් කෙරෙනවා කියලා දැනගෙන හිටියෙ නෑ. එතන විශාල පිරිසකුත් හිටියා. ඒ අයත් මාව ඒ ගැන විපරම් කරන්න තල්ලු කළා. එතන නොසන්සුන්තාවක් ඇති වුණා. ඒ ගැන ඇත්තටම මම කනගාටු වෙනවා. මම ඒ පිළිබඳව දැන් සමාවත් අරගෙන තියෙන්නේ. ජයතිලක බණ්ඩාර සහෝදරයගෙන් සහ බි්‍රටෝ ප්‍රනාන්දු සහෝදරයගෙන් මම සමාව ගත්තා මේකට. මේ ගැන ජයතිලක සහෝදරයා සංවේදී කතාවකුත් පහුගිය දවසෙ කරලා තිබුණා. නගරය තුළ ඇතිවුණු ඒ සිදුවීමට  මට අත නොදා ඉන්න බැරි වුණා. පහරදීමකුත් සිද්ධ වුණා එතනදී. මම ඇත්තටම ඒක ගැන කනගාටුවෙනවා.

 


● මේ සිදුවීම ගැන සමාව ගන්න කියලා ඉරාජ්ට ඉහළින් අවවාද කෙරුණද?
අධිකරණයෙන් තීරණයකට ආවෙ මේක සමථයකට පත්වෙන්න කියලා. සමථය තියෙන්නේ ඔක්තෝබර් මාසෙ. මම උසාවි භූමියේදීම මේ ගැන සමාව ගත්තා ඒ අයගෙන්.
මහින්ද රාජපක්ෂලට කීකරු වුණා වගේ දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඕනෑම කොන්ත්‍රාත් එකක් කරනවද එරාජ්. ආසන සංවිධායකකම දුන්නට  කළගුණ සලකන්නත් ඕනැනේ.
පක්ෂය වෙනුවෙන් ඕනෑම කොන්ත්‍රාත් එකක් කරනවා. මම විතරක් නෙවෙයි. අනික් අයත් ඒක කරනවා. පක්ෂය වෙනුවෙන් කොන්ත්‍රාත් කළාට එක එක්කෙනාගෙ කොන්ත්‍රාත් කරන්නේ නෑ.

 


● එරාජ්, රාජිත සේනාරත්න එක්ක තියෙන ඇසුරෙ අගමුල මොකක්ද?
මම රාජිත සේනාරත්න මැතිතුමා කාලයක් තිස්සේ ඇසුරු කරනවා. මම එතුමා එක්ක දේශපාලනය කළා. එතුමා මගේ මාමත් එක්ක මුලින් ජනවේගය කණ්ඩායමේ වැඩ කළා. ඒ 70 ගණන්වල. ඒ නිසා පුංචි කාලේ ඉඳලා එතුමා මාව දන්නවා. එතුමා මහජන පක්ෂෙ ඉන්නකොට අපි  එතකොටත් එතුමා එක්ක හිටියා.
එරාජ්ගෙ චණ්ඩිකම් “ප්‍රා” කල්ලියේ ඉඳලා එන ඒවා කියලා කියන්නේ ඇත්තද?
“ප්‍රා” කියන්නේ මහජන විප්ලවකාරී රතු හමුදාව. ඡැදචකැි ඍැඩදකමඑසදබ්රහ ඍැා ්රපහ ඒක චණ්ඩිකම් කරපු කණ්ඩායමක් නෙවෙයි. වෙනත් අය ඒ නම පාවිච්චි කරලා වෙන වෙන වැඩ කළා. අපි ඒවට සම්බන්ධ නෑ.

 


● මෛත්‍රීපාල සිරිසේන පහුගිය ආණ්ඩුවෙන් එළියට බැහැලා පොදු අපේක්ෂකයා විදියට ජනාධිපතිවරණයට තරග කරන බව දැනුම් දෙන්න නව නගර ශාලාවෙ පවත්වපු ප්‍රවෘත්ති සාකච්ඡාව වෙලාවෙ එරාජ් ඒ පැත්තේ ගැවසුණේ මොකටද?
ඔව්. මම ඒ ස්ථානයේ හිටියා. මම එතෙන්ට ගියා මොකද වෙන්නේ බලන්න. ඒ වෙලාවෙ මෛත්‍රීපාල මැතිතුමාගේ සහෝදරයා ඩඞ්ලි සිරිසේනත් ඇවිත් මාත් එක්ක කතා බහ කළා. මම හිටියේ නව නගර ශාලාවට අල්ලපු ආපන ශාලාවේ.

 


● එච්චර තොරතුරු හොයලා බලපු එරාජ් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනගෙ පැත්තට සහය දුන්නේ නැත්තේ?
මම එතුමට ඒ තරම් සමීපව හිටියෙ නෑ. ඒත් එතුමා අපේ පක්ෂෙ මහ ලේකම් අවුරුදු ගණනාවක් තිස්සේ. මහින්ද රාජපක්ෂ අපේ පක්ෂෙ නායකයා. මම නායකයාට උදවු කළේ.

 


● එරාජ් මොනවද කරන බිස්නස්?
ඔව්. මම පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වගෙන යනවා.
කොළඹ ප්‍රධාන පෙළේ නයිට් ක්ලබ්වලටත් ආරක්ෂක සේවය ලබා දෙනවා.
දැන් ඒවා නෑ. ඉස්සර තිබුණා. ඒත් වෙනත් ආයතනවලට ඒ ආරක්ෂක සේවය ලබා දෙනවා. 
මේ බිස්නස් හරහා ද ඔබ දේශපාලන නෙට්වර්ක් එක හදාගත්තේ?
මම දේශපාලනය කරන්නේ නාලන්දෙ ඉස්කෝලෙ යන කාලේ ඉඳලා. බිස්නස් හරහා දේශපාලන හිතවත්කම් හදාගන්න ඕනැ නෑ. මම 89 භීෂණය කාලෙත් හම්බන්තොට ඡන්දෙ ඉල්ලුවා.

 


● එරාජ්ගෙ ඊළඟ ඉලක්කය පාර්ලිමේන්තුවට යන එකද?
ඒ වගේ ලොකු ඉලක්ක නෑ. වැඩ කරගෙන යනවා. පක්ෂය ශක්තිමත් කිරීම තමයි ඉලක්කය.

 


● හම්බන්තොටින් දේශපාලනයේ ඉහළට එන්න හීන දැකපු නාමල් රාජපක්ෂලට එරාජ්ල බාධාවක්ද?
අනේ මම කාටවත් බාධා කරන්නේ නෑ. එයාට තව වයස තියෙනවානේ දේශපාලනයේ ඉහළට එන්න. අපි අතරේ තරගයක් නෑ.

 


● එරාජ් මෛත්‍රීපාල ජනාධිපතිතුමා වෙනුවෙන් ඕනෑ තරම් දුවන්න ලෑස්තියි කියලා ප්‍රකාශ කරලා තිබුණා. ඇත්තටම කොච්චර කල් එහෙම දුවනවද?
අපේ නායකයා එතුමා. මම පක්ෂය වෙනුවෙන් මට පුළුවන් තරම් කල් දුවනවා.

 


● ඒ දුවන දිවිල්ලෙදි ආපහු පරණ චණ්ඩිකම් මතුවෙයිද?
දැනට නම් එහෙම ඕනෑකමක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදී විදියට තමයි අපි ගමන යන්නේ. හැබැයි අපට ගැහුවොත් අපිට නිකම් ඉන්න බෑනේ. 88-89 භීෂණයටත් මූණ දීපු අයනේ අපි.

 


● ඒ කියන්නේ ඇඟේ හයියෙන් ඕන්නම් ඒත් පුළුවන් කියන එකද?
මම එහෙම කියන්නේ නෑ. ඒත් අපිත් පස්සට යන්න සූදානම් නෑ කොයි වෙලාවකවත්.

m



අදහස් (0)

බෙලිඅත්තට කවුරුහරි රාජපක්ෂ කෙනෙක් ආවොත් මම ආසනය බාරදීලා අයින් වෙනවා

චතුරි Monday, 05 September 2016 03:36 PM

හරිම පිළිකුල් අපිට නම්. තටු අකුලාගෙන හිටියට ඉගිලෙන්න බලාගෙන ඉන්නේ (නි)

:       0       0

යමුනා Tuesday, 06 September 2016 06:59 AM

අනේ දෙව්දත් නොදුටු මොක්පුර!!! මේ වගේ තුට්ටු දෙකේ අය නිසා රට ඉවරයි (බ)

:       0       0

සංජීව Tuesday, 06 September 2016 08:18 AM

මේ වගේ පිස්සොන්ව සමාජයෙන් කොන් කරන්න මිසක් උදුම්මන්න ඕනේ නැහැ. (බ)

:       0       0

සත්‍යයා Tuesday, 06 September 2016 09:29 AM

මෛත්‍රීපාල මහත්තය මෙයාට ආසන සංවිධායක තනතුරක් දීල තියෙන්නේ සෙල්ලම් පිස්තෝලය බර එකක් කියල කියන්න තරම් නිහතමානි වුන හින්ද. රාජිත මේවට සම්බන්ධ යයි කියල යහපාලනයට නිගරු කිරීම හොඳ නැහැ.(බ)

:       0       0

සෝමා Saturday, 10 September 2016 07:28 AM

අර බොරු පිස්තෝලයත් බාර දෙනවාද? අනේ මෙහෙමත් නාටක! අපේ රටට වෙච්ච දෙයක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site