කලින් කලට ලොව ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහිවන අතර ඔවුන් කියන කරන දැ අවුරුදු ගණනක් පවතියි. ඔවුන් ප‍්‍රකාශ කරන ඇතැම් කරුණු එදාටත් අදටත් මෙන්ම හෙටටත් වලංගුය. අදින් ඇරඹෙන්නේ ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම මෙන්ම විශිෂ්ටතම මිනිසුන් විවිධ අවස්ථාවලදී කරන ලද ප‍්‍රකාශවලින් කොටස්ය.
මාටින් ලූතර් කිං (ජූනියර්) ලොව බිහි වූ ශ්‍රේෂ්ඨ මිනිසුන් අතරින් කෙනෙකි. අහිංසාවාදය, සිවිල් අයිතිවාසිකම් ආදිය වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු මිනිසුන්ගේ ජනාදරයට පත්විය. නිරන්තරයෙන් මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි මාටින් ලූතර් කිං වියට්නාම යුද්ධයට තම විරෝධත්වය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ අතර අද ලෝකය පිළිතුරු සොයන දරිද්‍රතාව එරෙහිව ද සටන් කළේය. ඔහු කළ සේවය වෙනුවෙන් ඇමෙරිකාවේ වීදි ගණනාවක් ඔහුගේ නමින් නම් කර ඇති අතර මාටින් ලූතර් කිං නමින් දිනයක් ද වෙයි.
ඇමෙරිකාවේදීත් ඉන් පිටදීත් සම්මානයට පාත‍්‍රා වූ මාටින් ලූතර් කිං 1964 වසරේ දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය. මාටින් ලූතර් කිං නොබෙල් සාම ත්‍යාගය ලබා ගනිමින් 1964 දෙසැම්බර් 11 වැනිදා නොබෙල් දේශනය කළේය. මේ එම දේශනයෙන් උපුටා ගත් කොටසකි. ප‍්‍රචණ්ඩත්වය ඔස්සේ වාර්ගික යුක්තිය ළඟා කරගැනීම ප‍්‍රායෝගික හා සදාචාරත්මක නොවෙයි. ප‍්‍රචණ්ඩත්වයෙන් කෙටී කාලීන විසඳුම් ලැබෙන බව මම නොදන්නවා නෙවෙයි. බොහෝ ජාතීන් ඔවුන්ගේ නිදහස දිනාගත්තේ අරගල වලින්. එහෙත් තාවකාලික ජයග‍්‍රහණ මිසක ප‍්‍රචණ්ඩත්වයෙන් දිගුකාලීන ස්ථීර සාමයක් දිනාගත නොහැකියි.
ප‍්‍රචණ්ඩත්වය සමාජ ප‍්‍රශ්න විසඳන්නේ නැහැ. එය තිබෙන ප‍්‍රශ්න තව තවත් සංකීර්ණ කරනවා. ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රායෝගික නැහැ. එය සියල්ල විනාශ කර දමන්නක්. ප‍්‍රචණ්ඩත්වය කිසිම අවස්ථාවකදී සදාචාර සම්පන්න නැහැ. ප‍්‍රචණ්ඩත්වය විරුද්ධවාදීන්ගේ හිත් දිනාගන්නවා වෙනුවට ඔවුන් නින්දාවට පත් කරනවා, අවමානයට පත් කරනවා. ප‍්‍රචණ්ඩත්වය සදාචාර සම්පන්න නැහැ. එය ආදරය වෙනුවට වෛරය පතුරුවනවා. එය සමාජය සමාජ වර්ගය ජනතාව විනාශ කරදමනවා. සහෝදරත්වය ඇතිවීම වළක්වනවා.
ප‍්‍රචණ්ඩත්වය සමාජය තුළ සංවාද ඇතිවීම වළක්වා විසංවාද ඇති කරනවා. මිනිසුන් හුදකලා කරනවා. ප‍්‍රචණ්ඩත්වය ඉතිරි වන්නන් තුළ අමිහිරත්, විනාශකරුවන් තුළ කෲරත්වයත් ඇති කරනවා. අහිංසාවාදයෙන් නූතන මිනිසා මුහුණ දී සිටින උභතෝකෝටික අධ්‍යාත්මික හා සදාචාරාත්මක පමාවෙන් මුදා ගත හැකියි.අහිංසාවාදය ඔස්සේ සදාචාරත්මක ආරක්ෂිත බවක් සහ සදාචාරාත්මක අගනාකම් නිර්මාණය කරනවා. අහිංසාවාදය ශක්තිමත් සහ සාධාරණ අවියක්. ඇත්ත වශයෙන්ම එය මිනිසා විසින් වැපිරිය යුතු ලේ වැගිරීම් හා තුවාලවලින් තොරව ඉතිහාසය එකමුතු කළ අවියක්.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බොහෝ ජාතීන් නිදහස දිනාගත්තේ අරගල වලින්
ජනතා අනුර Saturday, 04 February 2017 10:47 AM
නමුත් අපි පවා දුන් නිදහස නැවත ලබාගත්තේ පාවා දීම් තුලින් (අ)