X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


බ‍්‍රහස්පති උපග‍්‍රහයාගෙන් පෘථිවියට ආ අද්භූත යානය

පෝල් ටෙ‍්‍රන්ට් නිවස තුළ ආහාර ගනිමින් සිටියේය. ගොවිපලේ සිටි බිරිඳ හදිසියේම දුටු දෙයින් විස්මිතව තම සැමියා අමතා බෙරිහන් දෙන්නට වූවාය. බිරිඳගේ හදිසි කෑ ගැසීම අසා පෝල් එලියට එද්දී දුටුවේ තම ගොවිපළට ඉහළින් අමුතු ආකාරයෙන් ගමන් ගන්නා වස්තුවකි. ඔහු වහාම කැමරාව රැගෙනවිත් එහි ඡායාරූප කිහිපයක්ම ගත්තේය. ඒ 1950 මැයි මස 11 වැනි දිනයයි. මදක් ඇලවී තිබූ මේ රවුම් තැටි ආකාර වස්තුව කිසිදු ශබ්දයක් හෝ දුමක් නොනගා දීප්තිමත්ව දිලිසෙමින් නොපෙනී යන ආකාරය ඔවුහු බලා සිටියහ. තමන් ලබාගත් මේ අපූරු වස්තුවේ ඡායාරූප පෝල් මිතුරන් කිහිප දෙනකුට පෙන්නුවේය. එහෙත් ඒ ගැන ඔහුගේ වැඩි උනන්දුවක් තිබුණේ නැත. මැක්මින්විලේ ග‍්‍රාමයේ සිටි පුවත්පත් වාර්තාකරුවකුට මේ ඡායාරූප ගැන අසන්නට ලැබිණි. ඔහු වහාම සිදුවීම පසු පස හඹා ගියේය. අවසානයේ ටෙ‍්‍රන්ට් ගේ දරුවන් සෙල්ලම් කිරීම සඳහා භාවිත කරමින් සිටි ඡායාරූප කිහිපයක් ඔහුට හමුවිය. එය තම සගරාවේ පල කිරීමට ඔහු සමත් වූවේය. අවසානයේ මේ ඡායාරූප ලයිෆ් සගරා අතට ද පත්විය. එයින් වසර 14 ට පමණ පසු ඇමෙරිකාවේ රාජ්‍ය ආරක්ෂක අංශයේ අනුග‍්‍රහයෙන් කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් ද එහි ගොස් වැඩි විස්තර එකතු කළහ. 1954 අගෝස්තු මස 23 වැනි දිනයේ හිමිදිරියයි. පැරිස් නගරයේ සිට කිලෝ මීටර 80 ක් පමණ ඈත ගංගාවක් අසළ තම නිවසේ සිටි බර්නාඞ් අපූරු දෙයක් දුටුවේය. තම නිවසට මදක් ඈතින් අහසේ එල්ලෙමින් සිටින දීප්තිමත් අපූරු දිගැටි වස්තුවකි. මේ තුලින් ගිනි බෝල වැනි යමක් වරින් වර එළියට පැමිණෙන ආකාරය ද එහු දැක තිබිණි. මේ කි‍්‍රයාව තුන් වතාවක්ම සිදුවනවා ඔහු දැක ඇත. බර්නාඞ් මේ බව පොලීසියට කීමට ගිය විට දැනගත්තේ රාතී‍්‍ර මුර සංචාරය නිමවා කාර්යාලයට යමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනකු ද මෙම සිදුවීම දැක ඇති බවයි. පිටසක්වළ ජීවීන් සම්බන්ධ තවත් කතාවක් අසන්නට ලැබෙන්නේ 1968 වර්ෂයේ සැප්තැම්බර් 01 දිනයේදීය. කැසිනෝ ආයතනයක හිමිකරුවන් වූ ජුවාන් කාලෝ පෙසිනෙට්ටි සහ ෆර්නැන්ඩෝ ජෝස් විලේගස් මිතුරන් දෙදෙනා සිය නිවෙස් බලා යමින් සිටියහ. වේලාව අලූයම 3.30 පමණ වී ඇත. මොවුන් දැඩි අඳුරක් සහිත ස්ථානයකින් යමින් සිටියදී හදිසියේම ඔවුන්ගේ රථය නතරවූයේ කිසිවක් කරකියා ගත නොහැකි ආකාරයෙනි. කිහිප වරක් එය පණ ගැන්වීමට උත්සාහ කළ ද ඒ සියළු උත්සාහයන් ව්‍යර්ථ වී ගියේය. ඔවුන් හදිසියේම දුටු දෙයින් ත‍්‍රස්ත වී ගියේය. තම රථයට ඉදිරියෙන් පොළොවට සමීප වූ අද්භූත ආලෝකයක් විහිදුවන පීරිසියක් වැනි යානයකි. එයින් බැසගත් මිනිසුන් වැනි එහෙත් විකෘති රූපකායක් සහිත පස් දෙනකු ඔවුන්ට දක්නට ලැබිණි. එයින් තිදෙනකු ටිකෙන් ටික තමන් ආසන්නයට පැමිණ ඇත. මේ අද්භූත මිනිසුන් ඔවුන්ගේ අත් අල්ලාගෙන ඇ`ගිලිවලින් රුධිර සාම්පල ලබාගෙන තිබේ. මොවුන් දෙදෙනා පවසන්නේ තමන් කාරයෙන් බසිනවාත් සමගම අංශ භාගයට ගොදුරු වූ රෝගීන් මෙන් අතපය සෙළවීමට නොහැකි වූ බවයි. ඔවුන්ගේ අත් ඔරලෝසු ද අලූයම 3.42 ට නැවතී තිබුණු බව පසුව දැනගන්නට ලැබිණි. ඔවුන් දෙදෙනා සඳහන් කරන්නේ මේ අද්භූත මිනිසුන් මීටර 1.5 ක් පමණ උසැති බවයි. එමෙන්ම ශරීරය උණුසුම් කරවන ඇඳුම් හැඳ සිටිය ද කෙස් නොමැති විශාල හිසකින් යුතු වූ බව ද පවසයි. තමන් ඉදිරියට පැමිණි මේ අද්භූත මිනිසුන් කුඩා රේඩියෝවකින් පිටවන ආකාරයේ ශබ්දයකින් කතා කළ බවත් ‘‘ බිය නොවන්න’’ ‘‘ බිය නොවන්න ’’ යන ශබ්දය තමන්ට ඇසුණු බවත් ඔවුහු පවසති. ඉන් පසු තමන් හමුවේ තවදුරටත් හඩ අවදිකළ අද්භූත මිනිසුන් මෙසේ කියූ බව පැවසේ. ‘‘ අපි සූර්යයා වටා තවමත් සංචාරය කර ඇත්තේ තුන්වරක් පමණි. සූර්යයා නොමැතිනම් ජීවයක් පවතින්නේ නැත. මේ ගමනේදී අපි සෞරග‍්‍රහ පද්ධතියේ ජීවීන්ගේ සංස්කෘතිය හා භාෂාව පිළිබඳ හදාරන්නෙමු. විශ්ව භාෂාව වන්නේ ගණිතයයි. ’’ මේ ශබ්දය මිතුරන් දෙදෙනාගේ සවනට වැදෙත්ම එක් අයකු පෑස්සුම් උපකරණයට සමාන ආකාරයේ උපකරණයක් ගෙන කාරයට ලංවී එහි දොර ජනෙල්වල යම් යම් දේ කුරුටු ගෑවේය. නමුත් පසුව කාරය පරීක්ෂා කිීමේදී එහි කිසිදු සීරීම් ලකුණක් හෝ දක්නට නොවිණි. මොවුන් මේ විස්තර කීවේ එදින උදෑසනම ඒ අසළ වූ එස්පෙජෝ ජාතික යුද හමුදා අභ්‍යාස විද්‍යාලයට සිහි විකල්වූවන් මෙන් පැමිණීමෙනි. ඔවුන් භියෙන් තැතිගෙන පැවසූ මේ වදන් පිළිගන්නට එහි නිලධාරීන් වැඩි කැමැත්තක් නොදැක්වූ අතර ඔවුන් දෙදෙනාම ළගම ඇති ලැගොමැජියා රෝහලට යොමු කිරීමට කටයුතු කැර තිබිණි. මොවුන් උන්මත්තකයන් යැයි සිතූ හමුදා නිලධාරීන් ඔවුන් දෙදෙනා රෝහලක්වෙත යොමු කළහ. රෝහලේදී වෙන් වෙන්ව තබා ගත් අතර වෛද්‍යවරුන්ගේ මතය වූයේ මේ දෙදෙනා දැඩි කම්පනයකට ලක්ව ඇති බවයි. කාරයේ තිබූ අමුතු සටහන් පරීක්ෂා කළ මෙන්ඩෝසා අභ්‍යාවකාශ කේන්ද්‍රයේ විද්‍යාඥයන් කියා සිටියේ මෙම ජීවීන් විසින් අඳින ලදැයි කියන සංකේතයන්හි ප‍්‍රධාන ග‍්‍රහ පද්ධති දෙකක් දක්වා ඇති බවයි. ඉන් එකක් බුද, සිකුරු සහ පෘථිවිය අයත් වන්නකි. අනෙක් පද්ධිතියේ නිරූපනය වන්නේ බ‍්‍රහස්පති සහ අයෝ, යුරෝපා, ගැනිමීඞ් යන උපග‍්‍රහයන්ය. ගැනිමීඞ් සහ පෘථිවිය අතර සමාන්තර රේඛා දෙකක් ඇඳ තිබේ. ඔවුන්ගේ සටහන අනුව මේ ආගන්තුකයන් පැමිණ ඇත්තේ ගැනිමීඞ් නමැති බ‍්‍රහස්පතීගේ උප ග‍්‍රහයාගෙනි. මෙම සිදුවීම අසත්‍යයකැයි බොහෝ දෙනකු බැහැර කිරීමට උත්සාහ ගත්ත ද රෝහලේ සහ ආරක්ෂක විද්‍යාලයේ දී මේ දෙදෙනා දුටු බොහෝ පිරිස් කියා සිටියේ ඔවුන් පවසන දෙය සත්‍යයක් බවයි. කෙසේ වෙතත් මේ මිතුරන් දෙදෙනා සඳහන් කරන එදින අලූයම 3.30 ආසන්න කාලයේ දී මෙන්ඩෝසාවේ දුම්රිය පොළ සේවකයකු අලූයම 3.40ට පමණ විශාල ආලෝක ධාරාවක් නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම එදින පෙරවරු 3.45 ට සොනෝරා මරියා නමැති කාන්තාවක් පොලීසියට දුරකථනයෙන් පවසා ඇත්තේ ඉතාමත් දීප්තිමත් වස්තුවක් පහතින් ගමන් කරන බව තමන් දුටු බවයි. ජුවාන් කාලෝ පෙසිනෙට්ටි සහ ෆර්නැන්ඩෝ ජෝස් විලේගස් දෙදෙනා අභ්‍යාවාකාශයෙන් පැමිණි අමුතු මිනිසුන්ට මුහුණ දුන්නායැයි පැවසෙන ස්ථානයත් මෙම කාන්තාවගේ නිවසත් අතර ඇත්තේ සැතපුම් හතරක් පමණ දුරකි. 1978 දෙසැම්බර් මස 30 දා නවසීලන්තයේ වෙලින්ටන් නගරයෙන් ගුවන්ගත වූ යානයකි. ගුවන්යානා පැදවීමේ කෘතහස්තයකු වූ කපිතාන් බිල් ස්ටාටප් එහි නියමුවා වූවේය. සහායක නියමුවා ලෙස කපිතාන් බොබ් ගාර්ඞ් කටයුතු කළේය.  ඕස්ටේ‍්‍රලියාවේ රූපවාහිනී නාලිකාවක කණ්ඩායමක් මෙම යානයේ සිටීම ද විශේෂත්වයකි. යානය පැසිපික් සාගරයට ඉහළින් ගමන් කරමින් තිබිණි. හිටිහැටියේම යානයේ නියමුවන් දුටුවේ විශාල දීප්තිමත් අලෝක ලප පහකි. නියමුවන් කළේ යානයේ සිටි රූපවාහිනී කණ්ඩායම මේ දර්ශනය පටිගත කිරීම සඳහා කැඳවීමයි. ඒ සමගම පාලක මධ්‍යස්ථානයෙන් ද පණිවිඩයක් ලැබිණි. ඒ හඳුනානොගත් යමක් මෙම යානාව ලූහුබදින බවයි. එම ලූහුබදින වස්තුව ක‍්‍රමයෙන් විශාල වෙමින් පවතින බව ද පාලක මැදිරියෙන් දිගින් දිගටම කියන්නට විය. නියමුවන් යානය යළි හැරවූවේ ලූහුබදින්නා වඩාත් හොඳින් දර්ශනය කැර ගැනීමේ අදහසිනි. එහෙත් යානයෙන් පිටවන ආලෝකය හේතුවෙන් පිටත ඇති ආලෝක වස්තූන් හොඳින් ඡායාරූපයට නැගීමේ හැකියාවක් ලැබී නැත. මේ යානයේ සිටියවුන් ආලෝකය විහිදුවන අද්භූත වස්තූන් දුටු ආකාරයටම එම මොහොතේ එම ස්ථානයේම යම් පියාසර වස්තූන් කිහිපයක් ගමන් කරමින් තිබූ බව රේඩාර් පද්ධතිවල මනාව සටහන්ව තිබිණි. විනාඩි විස්සක පමණ කාලයක් පැයට කිලෝ මීටර 100 ත් 200 ත් අතර වේගයකින් ගමන් කරන ලද මේ අරුම පුදුම පියාසර වස්තූන් පියාඹන පීරිසි ද යන්න නිශ්චිතවම කිව නොහැකි වුව ද ඒ පිළිබඳ කරුණු සොයා බැලූ ගුවන් බලධාරීන් කියා සිටියේ එම අවස්ථාවේ වෙනත් කිසිදු යානයක් ගුවන්ගත වී නොතිබූ බවයි. එසේනම් මේ අද්භූත යානා සියල්ල පිටසක්වල යානා ද යන්න සොයා බැලිය යුතුය. ආජන්ටිනාවේ ටුකුමාන් ප‍්‍රදේශයේ යුවතියන් දෙදෙනකු 1963 ඔක්තෝබර් මස 21 වැනි දින රාති‍්‍රයේ අපූරු දෙයක් දැක තිබිණි. එම ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි වීම නිසා බොහෝ දෙනකු වේලාසනින්ම නින්දට ගොස් තිබිණි. මේ අතර ඩෝරා මාටිනා සහ යොලී ඞී. වැලේ අවදිව සිටියේය. ඔවුන් හදිසියේම දුටුවේ තම නිවෙසට තරමක් ඈතින් ඇති දුම්රිය මාර්ගයට ඉහළින් ගෝලාකාර වස්තූන් දෙකක් විශාල ආලෝකයක් නිකුත් කරමින් එකිනෙක යා කරමින් පවතින බවයි. මේ ගෝලාකාර වස්තූන් දෙක දිලිසෙන දිගැති නාලයකින් එකිනෙක යා වූ පසු මේ නාලය හරහා මිනිස් ඡායා ගමන් කරන ආකාරය මේ යුවතියන් දෙදෙනා හොඳින්ම දැක තිබේ. කෝච්චියක් පීලි පැන ඇතැයි සිතූ මේ දෙදෙනා ඒ දෙසට යන්නට සූදානම් වෙද්දී දුටුවේ තම නිවසේ ඉදිරිපසට ආලෝක කදම්භයක් ඇති බවයි. කිසිවෙකු රථයකින් නිවස දෙසට පැමිණෙමින් සිටිනවායැයි සිතූ ඔවුන් නිවස ඉදිරිපිටට යද්දී දැක ඇත්තේ යම් ගෝලාකාර වස්තුවක් වාතයේ පාවෙමින් තිබෙන ආකාරයකි. මීටර නමයක් පමණ පළල වූ එම අද්භූත වස්තුව ජනේල හයකින් සමන්විත වූ බව ද ඔවුන් පවසයි. මේ වස්තුව වේගයෙන් කැරකෙමින් මීදුම වැනි දුමක් පිටකළ බවත් ඒ සමගම සල්ෆර් දුර්ගන්ධය දැනුනු බවත් ඔවුහු කියති. එම යානයෙන් අලෝක කදම්භ වරින් වර විවිධ දිශාවන්ට එල්ල කළ බවත් හිරු එළියට බොහෝ සෙයින් සමාන වූ එම ආලෝකය නිවෙස් තුළට පවා ගමන් කළ බවත් මෙම තරුණියන් දෙදෙනාගේ දෙමාපියන් පවා දැක තිබේ. අනතුරුව තවත් යානා හයක් එම ස්ථානයේ දක්නට ලැබුණු බවත් පැයකට ආසන්න කාලයක් තිබූ යානාය හය අසළ ඇති කඳුවැටිය දෙසට ගමන් කැර තිබේ. පසුදා උදෑසන එම ස්ථානයට පැමිණි පර්යේෂකයන් දැක ඇත්තේ යානය කැරකෙමින් තිබූ ස්ථානයේ මීටරයක් පමණ ගැඹුරට හෑරුණු කේතුකාකාර වළක් ඇති බවයි. මේ වළේ තිබී සුදු පැහැති කුඩා බෝල කිහිපයක් හමුවී ඇත. අධික පීඩනයක් යෙදුව ද කඩා දැමිය නොහැකි වූ මේ බෝල පිළිබඳ පර්යේෂණ කළ ටුකුමාන් විශ්ව විද්‍යාලයේ රසායනික ඉංජිනේරු අංශය පවසන්නේ මේවායේ සියයට 96.48 ක් කැල්සියම් කාබනේට් අඩංගු බවයි. එමනේම ඉතිරි සියයට 3.51 පොටෑසියම් කාබනේට් වලින් සැකසී ඇති බව ද පර්යේෂකයෝ පවසති. මේ ප‍්‍රදේශය දැඩි සෝදිසියකට ලක්කිරිමේදී පෙනී ගොස් ඇත්තේ දුම්රිය මාර්ගයේ යානා රැඳ තිබුණායැයි කියන ස්ථානයේද එවැනි සුදු පැහැති බෝල තිබූ බවයි. මේ පිටසක්වළ ජීවීන් පැමිණි අවස්ථා කිහිපයක් පිළිබඳ ඇති වාර්තා පමණි. මෙයට අමතරව තවත් ස්ථාන බොහොමයකින් පිටසක්වළ ජීවීන් පැමිණි බවට සාධක තිබෙන බවත් ඇතැම් ඒවා ඒ ඒ රටවල පාලන අධිකාරිය විසින් යටපත් කැර ඇති බවත් පැවසේ. මෙවැනි අද්භූත යානා දුටුවහොත් ඒ පිළිබඳ ප‍්‍රසිද්ධ නොකරන ලෙස බොහෝ රටවල් තම ගුවන් නියමුවන්ට, පොලීසි වලට හා ආරක්ෂක අංශවලට දැනුම් දී තිබේ. එබැවින් පිටසක්වළ යානා පිළිබඳ වැදගත් තොරතුරු බොහොමයක් යටපත්වී යයි.

සජීව විජේවීර



අදහස් (0)

බ‍්‍රහස්පති උපග‍්‍රහයාගෙන් පෘථිවියට ආ අද්භූත යානය

සමීර Sunday, 02 December 2012 09:02 PM

ඇත්තටම ආවද.(දී)

:       0       0

නිල්මිනි Thursday, 29 November 2012 05:13 PM

මම කැමතිම පත්තරේ ලංකාදීප (ස)

:       0       0

නිල්මිණි Thursday, 29 November 2012 05:07 PM

මම ලංකාදීපයට තමයි කැමතිම. (නි)

:       0       0

මුතු Thursday, 29 November 2012 07:13 PM

අනේ නිල්මිණී මමත් කැමති ලංකාදීපෙට තමයි.(ස)

:       0       0

කුමාර Friday, 30 November 2012 05:53 PM

මම කැමතියි ලංකාදීපයට. (නි)

:       0       0

විපුල Friday, 30 November 2012 08:46 PM

මොනවා වෙන්න යනවාද මන්දා මේවා තමයි දැන් ඔය එහෙ මෙහෙ යන්නේ (දී)

:       0       0

දසුන් Saturday, 01 December 2012 06:52 AM

එල එල ... මේවනම් ඇත්ත තමයි (ස)

:       0       0

අජිත් Sunday, 02 December 2012 05:01 AM

මම විස්වාස කරනවා පිට සක්වල ගැන (දී)

:       0       0

රොහාන් Sunday, 02 December 2012 10:00 AM

සමහර ගෙවල් වලත් පීරිසි එලියට පාවෙනවා (දී)

:       0       0

රොහාන් Sunday, 02 December 2012 10:06 AM

පාසල් ළමයි විතරක් ආසනීප උනේ ඕකත් පිට සක්වල ජීවින්ගේ වැඩක් වෙන්න පුළුවන්. සම වයස් වල පිරිසක් ඒ ගොල්ලන්ගේ පරීක්ෂණ වලට භාජනය උනා වෙන්න පුළුවන් (දී)

:       0       0

සරත් Sunday, 02 December 2012 05:51 PM

ඒවා තමයි ඔය පහුගිය දවස් වල එහාට මෙහාට ගියේ (දී)

:       0       0

අනිල් Thursday, 29 November 2012 04:54 PM

ඔවු ඔවු. ඔය වගේ කට්ටිය සමහර පැති වල හෙල්මට් නැතුව ට්‍රේල් බයිසිකල් වලත් යනවා. තව ටික දවසකින් ටයර් නැතුව ලැම්බොගිනි වලත් යයි. (නි)

:       0       0

kamith Monday, 03 December 2012 11:13 PM

හැබෑට මොකද්ද ඒ අත්භූත යානය (දී)

:       0       0

එස්.හමි විදානගේ Sunday, 09 December 2012 08:39 AM

මෙ වගේ දේවල් කරන එක ගෙඩක් හොදයි මේ වගේ විසිතර තව මේකට ඇතුළත් කරන්න කියලා මම අදහස් කරනවා (දී)

:       0       0

පවිත්‍රා Sunday, 09 December 2012 01:39 PM

'මමත් දැක්කා පාවෙන රවුම් තැටි ' සමයන් තමයි (ස)

:       0       0

සුපුන් Sunday, 09 December 2012 07:58 PM

ඒ පාර මොකද්ද

:       0       0

සමීර Monday, 10 December 2012 05:22 PM

අපේ මිනිස්සු අගහරැ ලෝකෙට ගියොත් ඒකත් ඉවරයී (දී)

:       0       0

රනුක Tuesday, 11 December 2012 02:13 PM

මොකද්ද ඒ (දී)

:       0       0

අකිල Wednesday, 12 December 2012 08:33 AM

මටත් පුලුවන් එහෙම කරන්න. (නි)

:       0       0

ශෂු Friday, 14 December 2012 01:30 PM

මට පිටසක්වලයෙක් මගේ ඇස් දෙකෙන්ම බලන්න ආසයි. (නි)

:       0       0

කුමාර Monday, 17 December 2012 12:15 PM

පිටසක්වල ජීවීන් ඉන්න පුළුවන්. හැම දෙයක්ම අපිට බොරු කියල බැහැර කරන්න අමාරුයි. ඔය විදිහට කවදාවත් ගොඩ ගලන ඒකක් නැතැයි කියල හිතපු මුහුදත් ගොඩට ගලපු එකේ මේ වගේ දේවල් වෙන්න බැරි කමකුත් නැහැ.(ස)

:       0       0

දිනේෂ් සෞදි Tuesday, 27 November 2012 01:16 PM

ගොඩක් සතුටුයි ලංකාදීපයට මෙවැනි වැදගත් දේවල් ඉදිරිපත් කිරීම ගැන..!(නු)

:       0       0

රිෂීටා Sunday, 25 November 2012 07:36 PM

නියමයි. සුපිරියි. (නි)

:       0       0

චින්තක Sunday, 25 November 2012 07:53 PM

කරුණාකර මේ කියන බෝල පිළිබදව ඡායාරූප පළකරන්න එම බෝලවල හැඩය වර්ණය හා එහි බර සදහන් කරන්න මේ සදහන් කරන බෝල මා ද දැක ඇත. මේ වනතෙක් ඒවා හදුනාගෙන නොමැත. ඔය කියන ආකාරයට එය ඉතාම තද ගතියකින් යුක්තය. (නි)

:       0       0

සෙනරත් Sunday, 25 November 2012 11:29 PM

මේ අය පෘථිවියට එන්න පටන් අරන් වසර 20,000හකටත් වැඩියි කියලා අපි අහලා තියෙනවා. (නි)

:       0       0

රාජා Monday, 26 November 2012 08:22 AM

මේක පුදුමාකාරයි. (නි)

:       0       0

ශෂිනි Monday, 26 November 2012 08:54 AM

ඒ කියන්නෙ පිටසක්වල ජීවීන් ඉංග්‍රීසිත් දන්නවාද? අපි එක්ක අදහස් හුවමාරු කරන්න, (ස)

:       0       0

සඳන් Monday, 26 November 2012 02:55 PM

මම කැමතියි මේවා ගැන අහන්න දකින්න. මම කියන්නෙනම් මේවා ඇත්ත කියලයි (ස)

:       0       0

දයා Monday, 26 November 2012 05:46 PM

ඇත්ත වෙන්නත් පුළුවන්

:       0       0

හේරත් Monday, 26 November 2012 07:13 PM

මේ වගේ දේවල් ඇස් දෙකින්ම දකිනකල් විශ්වාස කරන්න අමාරුයි. (නි)

:       0       0

තාරක Monday, 26 November 2012 07:59 PM

මෙහෙම දේවල් ගැන මිනිසුන් දැනුවත් කරන එක හොදයි. (නි)

:       0       0

එරංග Tuesday, 27 November 2012 03:33 AM

මේ කියන කතාව ඇත්තටම වෙච්ච දෙයක් නොවයි නේද (දී)

:       0       0

මනෝජ් Sunday, 25 November 2012 07:05 PM

2025 විකර වෙද්දී අගහරු ජීවීන් අපේ පෘතුවියේ සුපිරි වෙළද සැල් වලටත් එයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සජීව Tuesday, 27 November 2012 03:22 PM

එහෙමත් යානා එනවාද (දී)

:       0       0

අමිල Tuesday, 27 November 2012 06:23 PM

අන්න හොද ලිපියක්

:       0       0

තාද්‍යා Tuesday, 27 November 2012 11:32 PM

සමයන් තමයි (ස)

:       0       0

විමල් Wednesday, 28 November 2012 11:06 AM

ලංකාවට ආවොත් නම් දෝෂාභියෝගයක් ඇවිත් පන්නලා දානවා රටින්. (නි)

:       0       0

මෙදානි Wednesday, 28 November 2012 11:06 AM

මේක ඇත්තටම රසවත් ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 28 November 2012 02:32 PM

අද මේකේ තමයි නැගලා යන්න වෙන්නේ බස් වර්ජනය කරලනේ (ස)

:       0       0

මනුජ Thursday, 29 November 2012 03:05 AM

හොල්මන් කියන්නෙත් පිටසක්වල ජිවින්ටද? (නි)

:       0       0

චතූ Thursday, 29 November 2012 10:00 AM

හොල්මන් කියන්නේ පිටසක්වල ජීවීන් නෙමෙයි. පිටසක්වල ජීවීන් කියන්නෙත් අපි වගේම සත්ත්ව කොට්ඨාශයක්. (නි)

:       0       0

ලීල් Thursday, 29 November 2012 12:09 PM

මමත් මෙහෙම දෙයක් දැකලා තියෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site