X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


මතකයෙන් ගිලිහී යන මාදං

 

මාදන් යනු අපේ සංස්කෘතියට නුපුරුදු නමක් නොවුවද එය අපේ පලතුරු ගැන කතා කරන හැමවිටම ඉදිරියට එන නමකි. එමෙන්ම සංගීත සාහිත්‍යයේද නොමදව ඇසෙන නමකි.

ග්‍රාමීය වශයෙන්  එකළ බහුළ වශයෙන් කැලෑවල තිබූ මාදන් අද වන විට ක්‍රමයෙන් සොයා ගත නොහැකි පලතුරක් බවට පත්වෙමින් තිබේ. ප්‍රධානතම කාරණාව මාදන් කෙරේ බොහෝ දෙනා සැලකිල්ලක් නොදැක්වීමයි. එදා කුඩා දරුවන් බොහෝසේ ප්‍රිය කළ මෙම පළතුරු පිළිබඳව අද බොහෝ දරුවන් දන්නේත් නැත.

ප්‍රායෝගිකව දැක ගැනීමට විරල මාදන් අද වෙළඳපෙළෙන් මිළදී ගැනීමටද ‍නොහැකිය.

එසේ වුවත් මාදන් පළතුර පිළබඳව විශේෂ අවධානයක් යොමුකරන සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ කෘෂි අපනයන අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය කපිල දිසානායක මහතා  මාදං යනු ඖෂධීය මෙන්ම පෝෂණීය අගයෙන් ඉහළ පළතුරක් ලෙස හඳුන්වයි.

වෙළඳපොලේ මෙම පළතුර මිළදී ගැනීමට සොයාගැනීමත් අසීරුය. එහෙත් අගෝස්තු, සැප්තැම්බර් මාසවල වියලි කළාපයේ සමහර ප්‍රදේශයන්හි, විශේෂයෙන් කල්පිටිය, මඩකලපුව, මුලතිව් වැනි  ප්‍රදේශයන්හි පාර දෙපස සුලු වශෙයන් වෙළදුන් විසින් මාදන් විකුණනු දැක ගත හැකිය.

කොළඹ නගරයේත් තැන් කිහිපයක මාදං විකුණනු දැකිය හැකි නමුත් ඒ මාදං බවත්, ශ්‍රී ලංකාවේ දේශීය පළතුරු අතර ඖෂධීය මෙන්ම පෝෂණීය අගයෙන් ඉහළ පළතුරක් බවත් නොදන්නා බොහෝ දෙනෙක් මාදං දෙස නොබලාම යන්න යති.

මාදන් ගස් නැති වී ගොස් නැත. වියලි කලාපයේත්, වියලි අතරමැදි කලාපවලත් පමණක් නොව, කොළඹ 7 මාවත් දෙපසත් මාදං ගස් තිබේ. කොළඹ නගරයේ හදවත බඳු විහාර මහා දේවි උද්‍යානය වටාත් මාදං ගස් කිහිපයක්ම තිබේ. එහෙත් ඒ ගැන කිසිවෙක් අවධානය යොමු නොකරති.

මාදං ස්වාභාවයෙන් හැදෙන ගස් අතර බහුල ගසකි. නමුත් වෙළද පොළේ මාදන් පළතුරක් ලෙස දැක ගැනීම උගහටය. ඒය ඌන භාවිත පළතුරක් ලෙස සැලකෙයි. විද්‍යාත්මකව Syzigium cumini ලෙස හදුන්වන අතර, විවිධ රටවල විවිධ නම් වලින් හදුන්වයි. ජම්බෝලන් යන්න බහුලව භාවිත වන තවත් නමකි.

දම් පාට පළතුරක් වන මාදන් ගෙඩිය  ප්‍රමාණයෙන් කුඩාය. ගසේ පොකුරු වශෙයන් සෑදෙන ඉදුණු මාදන් පොකුරක් මිදි පොකුරකට සමාන වෙයි.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මාදන් විවිධ ප්‍රමාණවලින් යුක්තය. දළ වශයෙන් 15 මි.මි. ක් පමණ වන මාදන් ගෙඩියක් මඩකළපුව හෝ කල්පිටිය ප්‍රදේශවල 20 මි.මි. දක්වා විශාල වේ. එහෙත් මි. මී. 13 පමණ කුඩා ප්‍රමාණයේ මාදං ද බොහෝ ප්‍රදේශවලින් හමුවේ.

මාදන් ඉන්දියාවේ ඉතා බහුලව භාවිත වන ඖෂධීය ශාකයකි. මාදං ගසේ කොළ මෙන්ම පොතුද ශ්‍රී ලංකාවේ අයුර්වේද ඖෂධයක් ලෙස භාවිතයට ගනී.

මාදන් ආයුර්වේදයේ භාවිත වන හොද  ඖෂධ ශාකයකි.

ඉන්දියාවේ මාදන් ගසේ විවිධ කොටස් ‍භාවිතයෙන් විවිධ රෝග සඳහා ආර්ථික වශයෙන් නිෂ්පාදිත ඖෂධ වෙලඳපොලේ    ලබාගැනීමට හැකිය. මධුමේහය හෙවත් දියවැඩියාව සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස ප්‍රසිද්ධය. පළතුරක් ලෙස ආහාරයට ගැනීමෙන් මධුමේහය පාලනය කර ගත හැක.

ග්‍රාමීය  ප්‍රදේශවල, විශේෂයෙන් කල්පිටිය ප්‍රදේශයේ, මෙම මාදන් ඵලය බීජත් සමග හොඳින් වියලා කුඩු කර කෝපි මෙන් රත් කර උණු වතුර සමග මිශ්‍ර කර පානයක් ලෙස භාවිතයට ගනී. එයින් මධුමේහය අඩුවන බව ඔවුන් කියති. මාදං ඵලය පමණක් නොව එම ගස්වල කඳේ  පොත්ත ද  තම්බා එම වතුර මධුමේහය පාලනයට  ඖෂධීය පානයක් ලෙස ගන්නා බව කියතත් ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ආයුර්වේද වෛද්‍යවරයකුගෙන්ම ලබාගෙන මිස භාවිතා නොකළ යුතුය.

මේ සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක පර්යේෂණ කිරීමේ අවශ්‍යතාවයක් ඇත.

මධු මේහය පමණක් නොව වෙනත් බොහෝ රෝගී   තත්වයන් සඳහා ද මාදන් හොඳ ඖෂධයකි. මේ දක්වා කරන ලද පර්යේෂණයකට අනුව සමහර බහුලව ඇති පිළිකා සෛල අඩපන කිරීමට ද මාදං සමත් වන බව සොයාගෙන ඇති අතර තව දුරටත් පර්යේෂණ සඳහා දොරටු විවෘතව ඇත. ශ්‍රී ලංකාව තුළ විද්‍යාත්මක පර්යේ ෂණ වලට අනුව මාදන් ඵලෙය් ප්‍රති ඔක්සිකාරක ගුණයන් හොඳින් පවතින බව තහවරු කළ හැකිය. එමෙන්ම ඵලෙය් මාංශලයට වඩා අධිකව ප්‍රති ඔක්සිකාරක ගුණයක් පවතින්නේ බීජයේය. මෙම ප්‍රති ඔක්සිකාරක ගුණ පිළිකා කාරක ඇතිවීම වැලැක්වීමට වැදගත් වේ.   පර්යේෂණ වලින්  පෙනෙන කරුණක් වන්නේ මාදං වල මෙම ගුණය විවිධ ප්‍රදේශවල  ඇති ගස්වල විවිධත්වයක් පවතින බවයි.

මීට අමතරව හෘද සහ අක්මා රෝග සඳහා මාදං ගසේ  පත්‍ර සාරය ඖෂධයක් ලෙස පාවිච්චි කළ හැකි බව ඉන්දියානු පර්යේෂණ කණ්ඩායමක් පෙන්වා දී ඇත. තවත් පර්යේෂකයින් කිහිප දෙනෙක් මාදන් වල ප්‍රති එච්.අයි.වී. ගුණයන් පවා ඇති බව පෙන්වා ඇති අතර මේවා  තවමත් පර්යේෂණ මට්ටෙම් පවතී. තවද රුධිර කොලෙස්ටර්රෝල් මට්ටම පාලනයටත්, රුධිර සීනි මට්ටම නිසි පරිධි යාමනයටත් ආදි ලෙස විවිධ වූ රෝග ගණනාවකට මාදං ඔසුවකි.  මෙලෙස සැලකීමේදී පෙනී යන්නේ මාදං අනුභවය හැම අතින්ම ශරීරයට හිත කර බවය. තවද මෙය ආර්ථික වශයෙන්ද වාසි ලබා ගත හැකි ශාකයකි.

මාදං ගෙඩියේ වර්ණය ක්‍රිෂ්ණ දෙවියන්ගේ සමෙ වර්ණය ට සමාන බව සැලකෙන හෙයින් ඉන්දියාවේ සමහර ප්‍රදේශයන් හි දිව්‍යමය වටිනාකමක් දී  ඇති අතර ක්‍රිෂ්ණා  දෙවියන් පිදීමට මෙම පලතුරු භාවිත කරයි. මාදං ගස ලවන සහිත වැලි පසක මඩ සහිත පසක වෙනත් නිසරු පසක යන සෑම පාංශු පරිසරයකම හොඳින් වර්ධනය වන හෙයින් භූමි අලංකරන සහ වන වගා ව්‍යාපෘති සඳහා සාර්ථක ගසක් ලෙසද හඳුන්වා දිය හැකිය. තවද ගසේ කඳ ජලයට තරමක ප්‍රතිරෝධයක් දක්වන හෙයින් දිරාපත් වීමේ ප්‍රවනතාවය අඩුය. මේ හෙයින් කාර්මික කටයුතු සඳහා සුදුසු ලී වර්ගයකි. ගසේ පත්‍ර සතුන්ට දිය හැකි පෝෂ්‍ය දායක ආහාරයකි.

ලංකාව පුරා කරන ලද අධ්‍යනයන්ට අනුව මාදං ගසේ ප්‍රදේශ අනුව විශාල වෙනස්කම් දැකිය හැකි අතර හොඳ පලතුරක් ලෙසත් ඖෂධීය ශාකයක් ලෙසත් දියුණු කර වෙළඳපොළට ගෙන ඒමට හැකි හොඳම විභවයක් ඇති ගසක් ලෙස හඳුන්වා දිය හැකිය.

මෙවැනි අප අතර පවතින සම්පත් නැතිවී යාමට ඉඩනොදී නිසි පර්යේෂණ හරහා උසස් ප්‍රභේද නිෂ්පාදනයටත් දැනට පවතින ස්වාභාවික ගස් වලින් ලැබෙන පලතුරු භාවිතයෙන් විවිධ කල් තබා ගත හැකි ආහාර සහ ඖෂධ නිෂ්පාදනය තුලින් මාදං පළතුරේ අගය ජනතාව අතර ප්‍රචලිත වීමට හැරීමෙන් ඌන භාවිත තත්වයෙන් මුදවා ආර්ථිකව වැදගත් ගසක් බවට පත් කර ගත හැකි බව ආචාර්ය කපිල දිසානායක මහතා පෙන්වා දෙයි..

(සටහන - බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

 



අදහස් (5)

මතකයෙන් ගිලිහී යන මාදං

Kavinda Tuesday, 21 July 2020 03:13 PM

මාලිගාවත්ත විශ්‍රාම වැටුප් කාර්යාලය අසල හා මාලිගාවත්ත පොලිසියට ගොඩ වන ස්ථානයේ මාදං ගස් ඇත...

:       0       21

ඩප්පියා Thursday, 23 July 2020 11:58 AM

අපෝ එතන තියෙන මාදන් කන්න එපා. වෙන ලෙඩක් හැදෙයි. අපි නොදන්නා තැනක් නොවෙයි එතන.

:       0       13

Kumar (Gulf) Tuesday, 21 July 2020 03:36 PM

අරාබි ගල්ෆ් රටවල මේ ගස හොඳට වැවෙනවා. ඒත් පලතුක් ලෙස පාකිස්තානයෙන් එන කිලෝවක් ලංකා මුදලින් රුපියල් 1500පමණට සුපර් මාර්කට් වල විකුණනවා.

:       0       87

පූජා Wednesday, 22 July 2020 08:20 AM

මේ, මා දන් පොකුර දකිද්දී, සුනිල් සාන්තයන් ගැයූ පැරණි, ඉතාමත් සුමිහිරි ගීතයක් මගේ මතකය අවදි කලා... අපි චූටිම චූටි කාළේ අසා රස විඳපු ඒ ගීතය "බෝවිටියා දන් " නම් විය... දැනුත් එහි රසය බිඳකුදු අඩු නොවේ... මාදන් මෙන්ම මෙවැනි පැරණි ගීතයන් අද කාලයේ අසන්නට දකින්නට නොලැබීම කණගාටුවට කරුනකි.

:       0       111

අනා Friday, 24 July 2020 04:48 AM

අපි අගෝස්තු පාසල් නිවාඩු කාලේ ඉන්නේ දං ගස්වල තමයි. අපේ පළාතේ කියන්නේ දඹ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site