කාම යන වචනයක් ධර්මයෙහි එයි. එම වචනයෙන් මතුකරන අදහසක් හෙවත් සංකල්පයක් තිබේ. කාම යන වචනය විස්තර කිරීම සඳහා සිංහල වචන කිහිපයක් භාවිත කළ හැකිය. එනම්, කැමැත්ත, ආශාව, ආදරය, ලෙන්ගතු කම, ලෝභකම, ස්නේහ වන්තබව ආදියයි. එසේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ සහ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්ට ඇතිවන ආරම්මන යන්නෙහි ලබන මානසික සතුටයි. කාමය යනු මානසිකව කෙනෙකු ලබන සන්තුෂ්ටියක් ලෙස බුදු සමයේ විග‍්‍රහ කරනු ලබයි.
බාහිර සමාජ වටපිටාව තුළ කාමයට උල්පන්දම් දෙන වස්තූන් මිස කාම වස්තු නොමැති බව දහමේ අදහසයි. (න තෙ කාමායාති චිත‍්‍රානි ලෝකේ - සංකප්ප රාගො පුරිස්ස කාමා) මිනිස් මනස තුළ පවතින සිතුවිල්ල වඩා වර්ධනය වන්නේ ඒ පිළිබඳව නැවත නැවත සිතන්නට යාමෙන්ය.
කාමයෙහි ඇලීම කාම රාගය ලෙස දක්වා තිබේ. සෑම සත්වයකුටම කාමරාගය නැත. එය පවතින්නේ සුවිශේෂ පිරිසකටය. ඇතැම්විට ඒ සඳහා මූලිකවන්නේ සංසාරගත හේතුන්ය. ඇතැම් විට සාමාජ වට පිටාවද හේතු විය හැකිය. කාමය කොටස් දෙකකි. එනම්, වස්තු කාම සහ ක්ලේශ කාම යනුයි. ධනය, වස්තුව, ගේ දොර, බඩු බාහිරාදිය, පිඟන් කෝප්ප, ඇඳ ඇතිරිලි, ගෘහ භාණ්ඩ, වතු පිටි, හරක බාන ආදී වස්තුව කෙරෙහි ඇති කරගත් අසාමාන්‍ය ආශාව වස්තු කාමය නම් වේ. කාම තෘෂ්ණාව, පංචකාම සම්පත්වල දැඩිසේ ඇලීම, රූපාදී අරමුණුවල ඡුන්ද රාග (දැඩි කැමැත්ත) වශයෙන් එල්බ ගැනීම ක්ලේශ කාමය නම් වේ. වස්තු කාමයද සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙකුට අවශ්‍ය වේ. නමුත් සීමාව පැනගිය විට බරපතළ අකුසලයක් බවට පත්වේ. සමාජ ප‍්‍රශ්නද මානසික අවුල්ද සමාජ අපරාධ ද ඇතිවේ. කෙලෙස් කාමයද සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙකුට අවශ්‍ය වේ. නමුත් සීමාව පැන ගිය විට බරපතළ අකුසලයක් බවට පත්වේ. සමාජ ප‍්‍රශ්නද මානසික අවුල්ද සමාජ අපරාධද ඇතිවේ.
මිනිස් මනසෙහි පවතින කාම සිතුවිල්ල සමාජ අපරාධ කිරීම කෙරෙහි මිනිසා නැඹුරු කරයි. බුදු සමයෙහි අපරාධකරුවා යන්නට භාවිත වන්නේ ආශුචාරි යන වචනයයි. බුදු සමයේ දැඩි අවධානයට ලක්කරනු ලබන්නේ අපරාධකාරී මානසිකත්වය පිළිබඳවයි. අපරාධකරුවකු බාහිර ලක්ෂණවලින් අඳුනාගත හැකි ආකරය කෙරෙහි අපරාධ විදා්‍යඥයන්ගේ අවධානය ලක්වී තිබේ. ලොම්බ්‍රෝසෝ නමැති අපරාධ විද්‍යාඥයා අපරාධ කරන්නන්ගේ බාහිර ස්වරූපය මෙබඳු යයි දක්වා තිබේ. එනම්,
1. හිස ප‍්‍රමාණයකට වඩා විශාල වීම, හිස් කබල පළල්ව පිහිටීම.
2. මුහුණ දෙපැත්තේ අසම්මිතික බවක් දක්නට ලැබීම.
3. හකු සහ කම්මුල්වල පියවි ස්වභාවය ඉක්මවා තිබීම.
4. ඇසේ ආබාධ සහ විශේෂතා බැලූ බැල්මට දිස්වීම.
5. කන් යුගල විශාල වීම, කුඩා වීම හෝ සතකුගේ මෙන් නෙරා තිබීම.
6. නාසය විරූපීව පිහිටීම, උඩුකුරුව හැරී තිබීම. (සොරුන්ගේනම් පැතලි වීම, මිනීමරුවන්ගේ නම් දිගවීම)
7. දෙතොල් මාංශපේසී මගින් පිරී ඉදිමී ඉදිරියට නෙරා තිබීම.
8. සතුන්ගේ මෙන් දෙකම්මුල දැඩිව වළ ගැසී තිබීම.
9. දිව මැදින් ඉරක් මෙන් දිව වළ ගැසී පිටතට නෙරා තිබීම.
10. දත්වල සාමාන්‍ය තත්ත්වයන් පැවතීම
11. නිකට විකෘතිව පැවතීම.
12. ඉසකෙස් අධික ලෙස රැුලි ගැසී පැවතීම.
13. බෙල්ලේ ඉතා අඩුවෙන් හෝ ඉතා වැඩියෙන් රැුලි තිබීම.
14. අත් අධික වශයෙන් දිගට පිහිටා තිබීම.
15. පාදවල ඇඟිලි කෙටිව පිහිටීම.
16. මොළයේ කොටස් අතර සමතුලිත බවක් නොමැති වීම.
බුදුසමය සහ අපරාධ විද්‍යාව.
පිට - 185
බුදුසමය දකින්නේ අයහපතට යෙදූ මානසිකත්වය මිනිසා අපරාධකරුවකු බවට පත් කරවන බවයි. එනිසා බුදු සමය මිනිසාට උපදෙස් දෙන්නේ අයහපත් සිතුවිල්ලක් මනසට පැමිණිවිට සහේතුකව එම අයහපත් සිතුවිල්ල මනසින් ඉවත් කර ගැනීමට මිනිසා සමත් විය යුතු බවයි. ඉන් ඉවත් නොවුනහොත් ඒ සිතුවිල්ලම වෙනත් ගැඹුරු ස්වරූපයක් ගනී. බොහෝ විට අපරාධ සිද්ධි අධ්‍යයනය කිරීමේදී දක්නට ලැබෙන කරුණක් වන්නේ කිසියම් සිතුවිල්ලක් කාලයක් පැවතීම නිසා එකී අපරාධය දක්වා එය වර්ධනය වී ඇති බවයි. මනස හුදකලාව වරදේ බැඳේ. මනස කට සමග මිතුරු වී වරදේ බැඳේ. මනස කට හා කය සමග මිතුරු වී වරදේ බැඳේ.
ඇතැම් දරුණු සිතුවිලි ජීවත්වන කාලය පුරාම දුක් විපාක දෙමින් මනසද අවුල් කරමින් පවතියි. ඇතැම් ඒවා සංසාරය පුරාම අරගෙන එයි. නරකට යෙදවූ මනස යහපත් දෙයක් කිරීමට ඉඩ නොදෙයි. කරන්නේ අයහපතමයි. නමුත් තමා කරන්නේ අයහපත් වුවද කළ යුතු දෙයම යයි සිතයි. ඒ අපවිත‍්‍ර වූ මනසෙහි ස්වභාවයයි.
කාමය සහ කාම රාගය නිසා ඇති වන ඇතැම් අපරාධ පිළිබඳව බණ පොතෙහිද සඳහන් වෙයි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මනස සිරුරට කරන බලපෑම අරුමයි
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 18 November 2015 01:14 AM
1977 පසු ඇරඹුන දේශපාලන කලියුගය නපුරු වින්සතියක් සේ දිගින් දිගටම අපේ සමාජය ගිලගනිමින් සිටිනවා. බලයේ දිගටම රැඳීඉන්න පාවිච්චි කළ සුක්ෂම උපක්‍රමයක් ලෙස පාරිභෝජන රටාවෙහි ඇතිකළ වෙනස්කම් තුළින් වස්තු කාමයත් ක්ලෙශ කාමයත් නොඅඩුවම ලක්වැසියන්ට හඳුන්වා දී තිබෙනවා. මෙහි ගැලුණ හා ගැලෙන්න පුල පුලා බලාසිටින මිනිසුන්ගේ එකම සිහිනය සියලු කාමයන්හි ගැළීමයි. ශ්‍රී ලංකාවෙහි බහුතරය වු සිංහල බෞද්ධයින් විශාල ප්‍රමාණයක් මේ ව්‍යාසනයේ ගොදුරක් වී තිබෙනවා. (නි)
අජිත් Wednesday, 18 November 2015 01:18 PM
උතුම් වූ ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ දෙසුම් වලට අනුව යමින් තම නායකයන් තෝරා ගන්නවානම් , අපේ උතුම් වූ පූජ්‍ය පක්ෂය එක පෙළක එකට සිට සමාජය මෙහෙයවනවානම් අපි මිට වඩා කොයි තරම් දියුණුද ? (ර)
ලියොන් ගුණවර්ධන Friday, 20 November 2015 05:52 PM
අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි භාවනා මඟින් සිත දියුණුකර අල්පේච්ඡ දිවියක් ගතකිරීමට යොමුවුවහොත් මෙවැනි කාමාශාවන් ඇතිවන්නේ නැත (නි)
ඉන්දික Monday, 23 November 2015 06:20 AM
කාම ආශාවට වඩා එහා ගිය නොනිවෙන සතුටක් ලබන ක්‍රමයක් ඇති බව මුනි වරු පෙන්වා දී තිබෙනවා. එවැනි සතුටක් ලබන ක්‍රමය නොදන්නා නිසා තමා මිනිසුන් මෙවැනි පොඩි තාවකාලික සතුටු වලට පෙළබි තව තවත් විදවන්නේ. (ම)