මහණෙනිෟ කරුණු පසකින් යුත් කාන්තාව මරණින් පසු නිරයට පැමිණෙයි. කවර පසකින්ද යත්, 1, ප‍්‍රාණඝාතයෙන් යුක්ත වෙයි. 2 අදින්නාදානයෙන් යුක්ත වෙයි. 3 කාමයෙහි වරදවා හැසිරෙන්නී වෙයි. 4 මුසා බණින්නී වෙයි. 5 රහමෙර පානය කරන්නී වෙයි.
පංචවේර සූත‍්‍රය
බුදුරජාණන් වහන්සේ මෙම දේශනාව කරනු ලබන්නේ අනුරුද්ධ තෙරණුවන්ගේ ඉල්ලීම මතයි. තමන් වහන්සේ මරණින් පසු කාන්තාවක් නරකයට යනු දිවසින් දුටු බවත් එසේ වීමට බලපාන හේතු මොනවාදැයි උන්වහන්සේ බුදුරදුන්ගෙන් විමසති. දිවැස ඇත්තවුන් අතුරෙන් අගතනතුරු ලත් අනුරුද්ධ තෙරණුවන් විමසා සිටි කල්හි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරති.
කෝධන සූත‍්‍රයෙහිදී මරණින් පසු නිරයට යාම පිණිස බලපානු ලබන කරුණු පහක් දක්වා තිබේ. එම කරුණු පහ අදාළ වන්නේද කාන්තාවන්ටය. (මාතුගාම). එනම්,
1. ශ‍්‍රද්ධා සම්පන්න බව අඩුකෙනෙක් වීම (අස්සද්ධෝච හෝති)
2. පාපකාරී ක‍්‍රියාවන් කිරීම සඳහා ලජ්ජා නැති කෙනෙක් වීම (අහිරිකෝච හෝති)
3. පාපකාරී ක‍්‍රියාවන් කිරීම සඳහා බිය නැති කෙනෙක් වීම (අනොත්තාපී ද හෝති)
4. නිතර නිතර කිපෙන සුළු කෙනෙක් බවට පත්වීම (කෝධනෝ ච හෝති)
5. මොළේ නැති වැඩ නිතර නිතර කරන කෙනෙක් වීම (දුප්පඤ්ඤෝ ච හෝති)
උපනාහී යන පාලි වචනයේ සිංහල තේරුම වන්නේ බද්ධ වෛරය යන්නයි. බද්ධ වෛරය ඇති වෙන්නේ කෙනෙකුගේ මනස තුළය. එය බාහිර සමාජයට දෘෂ්‍යමාන ලක්ෂණයක් නොවේ. බද්ධ වෛරය නිසා කරනු ලබන ඇතැම් ක‍්‍රියා බාහිර සමාජයට පෙනුණ ද එකී අපරාධය හා බැඳුණු මූලික මානසික තත්ත්වය මනෝද්වාරය හා සම්බන්ධ එකකි. බද්ධ වෛරය කෙනෙකුගේ මනසෙහි එකවර ඇති වන්නේ නොවේ. බද්ධ වෛරය කෙනෙකුගේ මනසෙහි එකවර ඇති වන්නේ යයි කෙනෙක් කියනවානම් ඒ ඔහුගේ නොතේරුම්කම නිසාය.
කිසියම් කල්පනාවක් කෙනෙකුගේ මනසේ ඇතිවන්නේ සාමාන්‍ය සිතුවිල්ලක් හැටියටය. එම සිතුවිල්ල මනසෙහි පවතින හා කි‍්‍රයාත්මක වන ආකාරය අනුව එහි වෙනත් ස්වභාවයන් ගනී. කෙනෙකුගේ මනසෙහි නොමනාපයක් ඇතිවිය හැකිය. එය සාමාන්‍ය සිතුවිල්ලකි. එය එතරම් ප‍්‍රබල එකක් නොවේ. නමුත් එම නොමනාප සිතුවිල්ල මනසින් ඉවත් කරගනු නොලැබුව හොත් මනෙසෙහි දීර්ඝ කාලීනව පැවතුන හොත් එය තරහව බවටද, පසුව කේන්තිය බවටද, ක්‍රෝධය බවටද, වෛරය බවටද ක‍්‍රමානුකූලව ගැඹුරට යයි. එහි අවසානය වන්නේ බද්ධ වෛරයයි.
බද්ධ වෛරය බරපතළ මානසික අකුසලයකි. උපනාගී සූත‍්‍රයෙහි දී දක්වන්නේ බද්ධ වෛරය කිසියම් කාන්තාවකගේ මනසෙහි පැවතුනහොත් එම අකුසලය නිසා එම තැනැත්තිය අනිවාර්යයෙන්ම මරණින් පසු නිරයට පැමිණෙන බවයි. බද්ධ වෛරය මානසික වශයෙන් ජීවිතයේ සතුට නැති කරවන, ප‍්‍රබෝධය හා සැනසිල්ල නැති කරවන තම ජීවිතයේ සෑම දෙයක්ම අවුල් අපිළිවෙළ කරවන, මරණින් පසු අනිවාර්යයෙන්ම අපා දුක් විඳවන, මැරෙන තුරුද නොවිඳිනා අපාදුක් විඳවන බරපතළ අකුසලයකි. කෙනෙකුගේ මනසෙහි එබඳු අකුසල සිතක් පහළ වන්නේද බරපතළ අකුසලයකටය.
ඉස්සා යන පාලි වචනයෙහි සිංහල තේරුම ඊර්ෂ්‍යාව යන්නයි. ඉස්සුකී යනු ඊර්ෂ්‍යා ඇත්තා යනුයි. ඉස්සුකී සූත‍්‍රයෙහි දී දක්වන්නේ ඊර්ෂ්‍යා සහිත කෙනෙක් බවට පත්වූ කාන්තාව එය මනසින් ඉවත් කරනොගෙන දීර්ඝකාලීනව තබාගනු ලැබුවහොත් මරණින් පසු අපායේ උත්පත්තිය ලබන බවය. තද මසුරු බවද (මච්ඡුරීච හෝති) එබඳුම අකුසලයකි. මච්ඡරී සූත‍්‍රයෙහිදී දක්වා ඇත්තේ තද මසුරු බව නැමැති මානසික අකුසලය. දීර්ඝ කාලීනව තිබීම ඊළඟ භවයේ අපායේ උත්පත්තිය ලැබීම පිණිස හේතු වන බවයි. මෙහිදී අවධාරණය කර දක්වා ඇත්තේ මාගමකගේ මානසික තත්ත්වය පිළිබඳවය.
අඹුසැමි ජීවිතයක් ගතකිරීම සඳහා නීත්‍යානුකූළව හෝ මානසිකව බැඳුණු දෙදෙනෙකු එකී බැම්මට එරෙහිව හෝ අවසරයකින් තොරව වෙනත් කෙනෙකුගෙන් කම්සැප සෙවීම නීතිමය ලෙස වරදක්ද, ධර්මානුකූලව බරපතළ අකුසලයක්ද වේ. කිසියම් කාන්තාවක අවසරයකින් තොරව එසේ වරදෙහි බැඳෙන්නේ නම් (අතිචාරී ච හෝති) එම අකුසල කර්මයේ විපාක වශයෙන් ඊළඟ භවයේ අනිවාර්යයෙන්ම අපායගාමී වන බව අතිචාරී සූත‍්‍රයෙහි දක්වා තිබේ. දුශ්චරිත බවද ස්ත‍්‍රියට මළයක් බව දක්වා තිබේ. දුස්සීල බවද (දුස්සීලො ච හෝති) දීර්ඝ කාලීන ලෙස පැවතීම කාන්තාවකගේ ඊළඟ භවය අපායගාමී කරවීමට සමත්වෙයි.
අනුවණ කෙනෙකු ලෙස ජීවත්වීම සහ බුද්ධිමත් කෙනෙකු ලෙස ජීවත්වීම, ජීවත්වීම අතින් සමාන වුවද එහි බරපතළ වෙනසක් තිබේ. අවබෝධය යනු කායික තත්ත්වයක් නොව මානසික තත්ත්වයකි. එම මානසික බව කායික ක‍්‍රියාවන්ටද බලපානු ලබයි. කෙනෙකුට අවබෝධය හා අනවබෝධය ලැබෙන්නේ අධ්‍යාපනික හා සමාජ සංස්කෘතික වශයෙන් ලැබූ නුවණැති බවත් සමගය. බොහෝ ඇසූ පිරූ තැන් ඇති තැනැත්තා වඩාත් සමීපවන්නේ අවබෝධපූර්වක පක්ෂයටයි. ඇසූ පිරූ තැන් නැති තැනැත්තා (අප්පස්සුතොච හෝති) වඩාත් සමීප වන්නේ අනවබෝධයටයි. ඇසූ පිරූ යනු තේරුම් දෙකක් සහිත වචන දෙකකි. ඇසූ යනු දැනුමයි. පිරූ යනු චරිතවත් බවයි. කාන්තාවකගේ ජීවිතය ලස්සන වන්නට නම් මේ අංශ දෙකම මනාසේ පැවතිය යුතුය.
කාන්තාවක වශයෙන් උපත ලැබීම පෙර සංසාරයේ අකුසල් නිසා සිදුවන්නකිය යන අදහසක් ඇතැම්හු තුළ වෙති. බුදු දහමට අනුව එම අදහසෙහි සත්‍යතාවක් ඇත්තේ නැත. බමුණු දහමට හෙවත් බ‍්‍රාහ්මණ ආගම අනුව නම් එහි සත්‍යතාවක් තිබේ. පෙර බොහෝ පව් කළෝ කාන්තාවක් වී උපත ලබන්නේ යැයි එම දහමෙහි බමුණා කීහ. කාන්තාවක වී උපත ලැබීම අකුසලයක් හෝ පව්කාර කමක් ලෙස නොදකින බුදු දහම කාන්තාවට ආවේණික ලක්ෂණ කිහිපයක් පවතින බව දක්වයි. පිරිමින්ට නැති කාන්තාවකටම පමණක් පවතින ලක්ෂණ නිසා ඒවා ආවේණික ලක්ෂණ ලෙස දක්වා තිබේ.
එනම්, තම ඥාතීන් අතහැර පතිකුලයට යාමට සිදුවීම (මාතුගාමෝ දහරොව සමානො පතිකුලං ගච්ඡුති)
2. මාසික වේදනා සහිත වෙයි (මාතුගාමෝ උතුනි හෝති)
3. ගැබිනියක වශයෙන් සිටීමට සිදුවෙයි (මාතුගාමෝ ගබ්භිනී හෝති)
4. දරුවන් වැදීමට සිදුවීම (මාතුගාමෝ විජායති)
5. පුරුෂයාට යටහත්ව ජීවත්වීමට සිදුවෙයි. (මාතුගාමො පුරිසස්ස පාරිච්චරිය උපෙති)
එක්තරා තරුණියක සිටියාය. නිසි වයස් සම්පූර්ණ වූ ඇය සුදුසු සහකරුවකු සමග විවාහප‍්‍රාප්ත වූවාය. විවාහ වී කලක් ගත වුවද ඇයට දරුවන් ලැබීම ප‍්‍රමාද විය. සැමියාගේ නෑයෝ ඒ ගැන නොමනාපය පළකරන්්නට වූහ.
”ඔබගේ බිරිඳ වඳියකි. ඔබට දරුවන් ලබාදීමට තරම් හැකියාවක් ඇයට නැත. දරුවන් බලාපොරොත්තු වන්නේ නම් ඔබ වෙනත් විවාහයක් කරගන්න”. නෑයෝ කීහ. සැමියා ඔවුන්ගේ බස නොපිළිගත්තේය. ඔහු බිරිඳ ගැන විශ්වාසය තැබීය. නැවත ද නැවත ද නෑදෑයන්ගේ ඇවිටිලි බිරිඳට ද මහත් හිසරදයක් විය. ඒ නිසා ඇය දවසක් සිය සැමියාට මෙසේ කීවාය. ”ස්වාමීනි මම වඳ ගැහැනියකි. ඒ නිසා ඔබ අනික් කුමාරිකාවක ගෙන එන්න. එවිට ඔබගේ කුලපරම්පරාව ඔබට දිගටම ගෙනයා හැකිය” යනුවෙන්ය. සිය බිරිඳ නිතර නිතර මෙසේ කීම සැමියාට ද හිසරදයක් විය. ඒ කීම නිසාම ඔහු වෙනත් බිරිඳක ගෙදරට ගෙන ආවේය. සපත්තියෝද සතුටින් කල්ගත කළහ. ගෙදර පුරා සතුටද සොම්නසද තිබිණි. ටික දිනක් ගතවන විට අලූත් මනාලිය ගැබ්බර වූවාය. පරණ බිරිඳට ඇයගේ සතුටුදායක ආරංචිය හිතට නොමනාපයක් අරගෙන ආවේය.
ඒ නිසා පැරණි බිරිඳ එක්තරා පරිබ‍්‍රාජිකාවක හිතමිත‍්‍ර කරගෙන ඇයට ආහාර පාන ආදිය දී සතුටු කරවා ගබ්සා බෙහෙතක් ඉගෙන අනිකියගේ ගැබ හෙළීම සඳහා රහසිගතව ඇයට දුන්නාය. ඒ බෙහෙතින් ඇයගේ කුසෙහි වැඩෙමින් සිටි දරුවා ගබ්සා විය. ඇය සැමියාගේ මෑණියන්ට මේ බව කී පසු මෑණියෝ නෑයන්ට ද දන්වා එසේ කිරීමට හේතු කාරණා කිම්දැයි වඳ ස්ත‍්‍රියගෙන් විමසන්නට වූහ.
”ඔබ මේ ගැබ නැති කළා නොවේද?” නෑයෝ ඇසූහ.
”මා එසේ කළේ නැත. අනවශ්‍ය විදියට මා ගැන සැක හිතන්න එපා” වඳ ස්ත‍්‍රිය කීවාය.
”ඔබ එසේ නොකළා නම් සත්‍ය වශයෙන්ම ඔබ එසේ නොකළා යැයි කියා දිවුරා ප‍්‍රකාශ කළ හැකිදැයි නෑයෝ විමසූහ”
”ඇත්තටම මා එබන්දක් කළේ නැත. මා එසේ කළා නම් මම දුගතියෙහි ඉපිද සා පිපාසා දෙකින් පෙළෙම්මා සවස සහ උදෑසන එක දවසකට දරුවන් පස්දෙනකු බැගින් වදා එම දරුවන් කා ඉන් සෑහීමකට පත්නොවෙන අම්මා කෙනෙක් වෙම්වා. නිතර දුගඳ හමන නිල මැස්සන්ගෙන් ගැවසීගත් කෙනෙකු වෙම්වා යි බොරුවට අප‍්‍රසිද්ධියේ දිවුලාය.
නෑයෝ ඇගේ දිවුරීම විශ්වාස කළහ. නමුත් ඇය කළේ බොරුවට දිවුරා අන් අය නොමග යැවීමක්ය. ඒ පවින් නොබෝ දිනකින් මරණයට පත් ඇය ඒ ගමට නුදුරු තැනක දුර්වර්ණ රූපයක් ඇති පේ‍්‍රතියක වී උපන්නාය. ඇය පේ‍්‍රතාත්මයේ ඉපිද බොහෝ දුක් විඳියි. පේ‍්‍රතවත්ථුවේ ඇයගේ විඳින දුක් පැහැදිලි කර තිබේ.
‘‘උදය කාලයේ පුතුන් පස්දෙනෙකුද සවස් කාලයේ පුතුන් පස් දෙනෙකුද වදා දිනපතා පුතුන් දස දෙනෙකු බැගින් කමි. ඒ මා වැදූ පුතුන් දස දෙනාගේ මස්ද දිනකට මගේ කුසගින්න නිවා ගැනීමට ප‍්‍රමාණවත් නොවේ. මම සාගින්නෙන් සහ පිපාසාවෙන් පෙළෙමි. මගේ හදවත කුසෙහි ගින්න නිසා මුළුමනින්ම දැවෙයි. දුම් දමයි. බෙහෙවින් මා තවයි. පිපාසිතව බොන්නට පැන් සොයා ඒ ඒ තැන ඇවිදිමි. එහෙත් පැන් බීමක් නොලැබෙයි’’ යනුවෙන්ය.
මෙලොව ජීවත්වන කාලය තුළ කරන කියන දේවල් ඒ ඒ පුද්ගලයන්ට මෙලොව දී මෙන්ම පරලොවදී ද විපාක ලැබෙයි. එම විපාකයෙන් ගැලවීමක් නැත. සමාජයට යහපත් දෙය කළ පුද්ගලයා පෙරළා එහි විපාකද අයහපත් දෙය කළ කෙනා එහි විපාකද ලබයි.බුදු දහමේ එය දක්වන්නේ විශ්ව නීතිය හෙවත් ස්වභාව ධර්ම නීතිය හැටියටය. ස්ත‍්‍රී පුරුෂ භාවය හෝ ගිහි පැවිදි භාවය සමාජයේ ජීවත්වීමේදි යම් යම් වරප‍්‍රසාද ලැබීමට ඇතැම් ඇතැම් තැන්වල ප‍්‍රයෝජනවත් වුවද කර්ම විපාකයෙහිදී එහි කිසිදු වෙනසක් නැත. කොයි පුද්ගලයා වුවද කුමන තරාතිරම වුවද කර්ම විපාකය ලබාදෙයි. එහි කිසිම වර්ග කිරීමක් හෝ බෙදා හදා සැලකීමක් දක්නට ලැබෙන්නේ නැත. එයට හේතුව එය ස්වභාව ධර්ම නීතියට යටත් වූවන් වන නිසාය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මරණින් පසු අපායගාමී වන කාන්තාවෝ
ශිරෝමි සේනාරත්න Friday, 06 November 2015 01:10 PM
වටිනා උපදේශයක් ඉතා කාලෝචිත ආකාරයට සරලව ලිපියක් මඟින් ඉදිරිපත් කර තිබෙනවා.......... (නි)
නදුන් Friday, 06 November 2015 05:18 PM
වටිනා ලිපියක් (බ)
අමල් Saturday, 07 November 2015 05:37 AM
හොද ලිපියක්. (ර)
සුනිල් Saturday, 07 November 2015 05:37 AM
ස්තුතියි ලංකාදීපයට, තව තවත් මේවැනි ලිපි පළවේවා.! (ර)
හසිත බණ්ඩාර අමරසිංහ Saturday, 07 November 2015 03:30 PM
දැන් කාලේ වෙන වැඩ බැලුවහම මෙහෙම උපදෙසක් බලලා හරි හැදෙයි කියලා හිතනවා. කොහොම වුණත් ලංකාදීපයේ මේ වැඩේ ඉතා වටිනවා. (නි)
අමල් Sunday, 08 November 2015 12:34 PM
හොඳ ලිපියක්. (ර)
ලියොන් ගුණවර්ධන Sunday, 08 November 2015 03:27 PM
මෙම සටහන සකස් කර ඇත්තේ බුදු රජාණන් වහන්සේ සමයේ වූ සිද්ධියක් අනුව බවයි හැගේ .වර්තමාන සමාජයේ මෙවැනි පාපකාරී ක්‍රියකාර ගැහැණු පිරිම සිටින පුවත් එමටය (බ)
සුධාරී Wednesday, 11 November 2015 04:49 AM
බොහෝම හොද ලිපියක් ලකදීපයට ස්තුති.(ම)
ධනුෂ්ක Wednesday, 11 November 2015 10:05 AM
ඇත්තටම ගොඩක් වටිනා ලිපියක්. (ස)
සුමුදු Tuesday, 17 November 2015 05:29 AM
ඉතා වැදගත් ලිපියක් (නි)
මංජුල Tuesday, 17 November 2015 11:55 AM
ඉතා හොඳ ලිපියක්. ධර්ම දානය උතුම්ම දානය වේ. (නි)
රාමන් Friday, 20 November 2015 03:31 PM
හොඳ ලිපියක් (නි)
නිලක්ෂි Tuesday, 05 January 2016 04:51 AM
ඉතාමත් හොද ලිපියක් අද සමාජයේ වෙන දෙයක්...(ම)
සුමේධ Tuesday, 08 March 2016 09:40 AM
අපේ අක්කලාට හොද පාඩමක් නේද අනේ .....(කෞ)
චාන්දනී Tuesday, 08 March 2016 04:56 PM
හොඳ ලිපියක් (නි)