මරණින් පසු දුගතියේ උත්පත්තිය ලබන කාන්තාවන් ගැන කියූ පසු මරණින් පසු කාන්තාවන් උපදින්නේ දුගතියෙහි පමණක් දැයි කෙනෙකුට අදහසක් මතුවිය හැකිය. දුගතියෙහි උත්පත්තිය ලැබීමට හේතු වන අකුසල කර්ම සිද්ධ කළ අය පමණක් එසේ උත්පත්තිය ලබති. සුගතියෙහි උත්පත්තිය ලැබීමට අදාළ පින්දහම් කළ අය දුගතියෙහි උපත ලබන්නේ නැත. ඒ අය මරණින් පසු සුගතිගාමී ආත්ම භාවවල උපත ලබති. සුගතිගාමී ආත්ම ලෙස විග‍්‍රහ කරන විට ජීවත්වීමට පහසුකම් සහිත දියුණු රටවල උත්පත්තිය ලැබීම ද දැක්විය හැකිය. මනුස්ස ආත්ම භාවයේ ජීවත්වීමට වඩාත් පහසුකම් සහිත මනුස්ස ආත්මභාව යනුවෙන් දැක්විය හැකිය. ඊට අමතරව සුගතිගාමී ආත්ම භව ලෙස දිව්‍ය ලෝක සහ බ‍්‍රහ්ම ලෝක දැක්විය හැකිය.
දිවැස් ඇති අය අතුරෙන් අගතනතුර ලැබූ අනුරුද්ධ මහ රහතන් වහන්සේ එක දවසක් බුදුරජාණන් වහන්සේට මෙසේ සැලකර සිටියහ.
‘‘භාග්‍යවතුන් වහන්ස, එක දවසක් දිවැසින් ලොව බලනවිට එක්තරා කාන්තාවක් මරණින් පසු සඟ ලොවට යනු දුටිමි. කාන්තාවකට මරණින් පසු සඟලොව උපත ලැබීමට වැඩිය යුතු ගුණධර්ම කවරේද’’ යනුවෙනි. එම අවස්ථාවේ අනුරුද්ධ හිමියන්ගේ පැනයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ කරුණු පහක් දක්වා වදාළහ. එනම්, 1. තුණුරුවන් කෙරෙහි සද්ධා සම්පන්න වූයේ වෙයි. (සද්ධෝ ඛ හෝති). 2. පාපකාරී සිතුවිලි සහ ක‍්‍රියාවන්ට ලජ්ජා ඇති තැනැත්තියක වෙයි. (හිරිමා ඛ හෝති). 3. පාපකාරී සිතුවිලි හා ක‍්‍රියාවන්ට බිය ඇත්තේ වෙයි. (ඔත්තාපී ඛ හෝති). 4. නිතර නිතර නොකිපෙන සුළුවෙයි. (අක්කෝ ධනො ඛ හෝති). 5. නුවණ ඇත්තේ වෙයි. අවබෝධ පූර්වකව කටයුතු කරන්නියක වෙයි. (පක්‍ඳ්ක්‍ඳවා ඛ හෝති)
තමන් ගතකරන මනුස්ස ජීවිතය තුළ ඉහත සඳහන් ගතිගුණ ජීවිතය බවට පත්කර ගැනීම මරණින් මතු සුගතිගාමී ජීවිතයක් ගතකිරීමට හේතු වන බව දක්වා තිබේ. මෙහිලා දක්වා ඇති කරුණු අධ්‍යයනය කර බලන විට පෙනෙන්නේ ඒවා පීඩනයකින් තොර ප‍්‍රභාමත් ජීවිතයක් ගත කරන කෙනෙකුට අත්‍යවශ්‍ය වන ඒවා බවයි. බොහෝ කාන්තාවෝ තම ජීවිතය පුරාම කිිසියම් මානසික පීඩනයකින් යුතුව ජීවත්වීමට හුරු පුරුදු වූවෝයි. එකී පීඩනය නිසාම ඇතැම්හු බොහෝ අත්වැරැුදි හා කට වැරැුදි ද කරති. ඇතැම් විට අනවබෝධය පිරුණු ක‍්‍රියාවන් ද සිදු කරති. බොහෝ විට කාන්තාවන්ට දරුවන් වැදූ පසු මෙකී මානසික තත්ත්වය ඇතිවන බව සිංහල සංස්කෘතියේ අදහසයි. එදා එය හඳුන්වනු ලැබුවේ වැදුම් ගේ කිල්ල යනුවෙන්ය. වර්තමාන වෛද්‍ය විද්‍යාවේ එයම වෙනත් නම්වලින් ද හඳුන්වනු ලබයි.
එකී මානසික පීඩනය දුරු කර ගත හැකි එක් ප‍්‍රබල මාධ්‍යයකි ආගමික ජීවිතය බොහෝ මනෝ විද්‍යාඥයන් විසින් අවධාරණය කරනු ලබන්නේ සෑම කෙනෙකුටම ආගමික ජීවිතයකට හුරු පුරුදුවීම අත්‍යවශ්‍ය බවයි. ඇතැම් විට ඖෂධ ප‍්‍රතිකාර මඟින් පවා සුව කළ නොහැකි ඇතැම් රෝග ආගමික හුරු පුරුදු හා ඇදහිලි යාතුකර්ම මඟින් සුව කළ හැකි අවස්ථා තිබේ. එය ආගමික ආශිර්වාදය යනුවෙන් හැඳින්විය හැකිය. අනුරුද්ධ හිමියන් හට බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදාරන ලද කාන්තාවක මරණින් පසු සුගතිගාමී වීමට බලපාන ප‍්‍රධාන සාධක සියල්ල මානසික වූ ලක්‍ෂණවලින් පිරුණු ඒවා බව පෙනෙයි. එයට හේතුව වඩාත් වැදගත් වන්නේ කෙනෙකුගේ මානසික තත්ත්වය නිසාය. සැබෑ මානසික තත්ත්වය සඟවා බාහිර ආටෝපවලින් කායික පරිසරය සැකසීමට බොහෝ අඟනුන් උනන්දු වනු පෙනේ.
ක්‍රෝධය (කෝධනෝ) සහ බද්ධ වෛරය (උපනාහී) අතර බරපතළ වෙනසක් තිබේ. ක්‍රෝධය මනසෙහි පැසවීමේ හේතුවෙන් බද්ධ වෛරය කෙනෙකුගේ සිතෙහි හටගනී. ක්‍රෝධය නමැති මානසික සිතුවිල්ලට ආත්ම ගණනක් පසුපස පුද්ගලයකු ලූහුබැඳ යාමට තරම් වූ හැකියාවක් නැත. එහි වර්ධන අවස්ථාවක් වූ උපනාහී තත්ත්වය හෙවත් බද්ධ වෛරය නමැති මානසික සිතුවිල්ලට ආත්ම ගණනක් වුවද පුද්ගලයකු ලූහුබැඳගොස් ස්වකීය අපේක්‍ෂාව ඉටුකරගත හැකිය. එය එතරම්ම ප‍්‍රබල බවින් යුතුය. බද්ධ වෛරය දක්වා නොගිය තත්ත්වයකින් සිය මානසිකත්වය සකස් කර ගැනීම ද කෙනෙකුගේ ආධ්‍යාත්මික ජීවිතයක නැඹුරුවකි.
යම් කාන්තාවක බද්ධ වෛරී මානසික තත්ත්වයෙන් තොර වූයේද ඇය මරණින් පසු අනිවාර්යයෙන්ම සුගතිගාමී ආත්මයක උත්පත්තිය ලබන බව දක්වා තිබේ. ඊර්ෂ්‍යාව ද මානසික තත්ත්වයකි. ඊර්ෂාව ඇතිවන්නේ ද වර්ධනය වන්නේද මනසෙහිය අනුන්ගේ සැප දැක ඒ පිළිබඳ උපේක්‍ෂාවීමට හෝ සතුටු වීමට ඇති නොහැකියාව අනුන්ගේ සැප දැක තම මනසේ ඇතිවන වියවුල්බව ඉරිසියාව නම්වේ. ඉරිසියාව නැති (අනිස්සුකී) තත්ත්වයක් මනසේ ඇති කර ගැනීම අසීරු වූවකි. මෙකී මානසික තත්ත්වයෙන් මිදී තම ජීවිතය සකසා ගැනීම ද මරණින් පසු සුගතියේ උපත ලැබීමට හේතු කාරණා වන පින්කමකි.
මසුරුකම ද කෙනෙකුගේ මනසෙහි ඇතිවන බරපතළ අකුසලයකි. යම් කාන්තාවක නොමසුරු බවින් පිරුණේද හේ මරණින් පසු සුගතියෙහි උත්පත්තිය ලබයි. මසුරු බව ද ලෝභි බව ද එකක් නොව දෙකකි. ලෝභියා අනුන්ට නොදී කයි බොයි. මසුරා දෙන්නේද නැත. කන්නේ බොන්නේ ද නැත. මසුරුකම බරපතළ මානසිකමය අකුසලයකි. මසුරුකම ඇතිවන්නේ වස්තුකාම වස්තූන් කෙරෙහිය.
කිසියම් විවාහ ජීවිතයක් හැඬරුවින් සැරසෙන්නේ දෙදෙනාගේ අදහස්වල පවතින ගැළපීම අනුවයි. විවාහ වෙන දෙදෙනාගේ අදහස් ගැළපීම අනිවාර්යය. දෙදෙනාගේ අදහස ගැළපෙන්නේ නැත්නම්, ගැළපෙන අදහස් බවට පත්කර ගත යුතුය. දෙදෙනා සාකච්ඡුා කිරීම හෝ අවබෝධ පූර්වක වැඩිහිටියකු ඒ සඳහා සම්බන්ධ කරගත යුතුය. නොගැළපෙන අදහස් මොන මොනවාදැයි තෝරාගෙන ඒවා සකස් කර ගැනීමට දෙදෙනාගේම කැපකිරීම සහ උනන්දුව ඇතිවිය යුතුය. දෙදෙනකුගේ විවාහ ජීවිතයක සියල්ල පොදු කරුණු කාරණා වුවද දෙදෙනාගේ ලිංගික ජීවිතය පුද්ගලික වූවකි. එහිලා මතුවන ගැටලූවුවද සාකච්ඡුා කොට නිවැරැුදි විසඳුමකට යායුතු වුවද එකී අවශ්‍යතාව වෙනුවෙන් විවිධ හේතු කියමින් වුවද සැමියා වෙනුවට වෙනත් කෙනෙකු නොපැතීම කාන්තාවකගේ අභිමානාත්මකතාවය රැකෙන කරුණක් ලෙස දහම දකියි. ඒ නිසාම කාන්තාවක අගතිචාරීවීම මරණින් පසු සුගතිගාමී වීමට හේතුවක් ලෙස දක්වා තිබේ.
ජීවිතය පුරා සුවඳ කරන සිල්වත් බව, බොහෝ ඇසූපිරූතැන් ඇති බව (බහුස්සුතො ඛ හෝති) ආරම්භ කරන ලද වීර්ය ඇති බව (ආරද්ධ විරියෝ ඛ හෝති) එළැඹ සිටි සිහි ඇති බව (උපට්ඨිත සති ඛ හෝති) පක්‍ඳ්චශීලයට අනුව ජීවත්වීම ආදී ගුණාංග පැවතීම මරණින් පසු සුගතිගාමී වීම පිණිස හේතු වන බව ධර්මයෙහි දක්වා තිබේ.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මරණින් පසු සුගතිගාමී ආත්ම ලබන කාන්තාවෝ
මලී Thursday, 12 November 2015 05:23 AM
ඉතාම හොද ලිපියක් ගත යුතු බොහෝ ආදර්ශ තියෙනවා ලංකාදිපය ට ස්තුති (ම)
විජේ Friday, 13 November 2015 09:55 PM
වටිනා ලිපියක් (නි)
ලියොන් ගුණවර්ධන Sunday, 15 November 2015 07:19 PM
ස්ත්‍රී පුරුෂ භේද නැතුව සැමගේ ජන ජීවිතයේදී පිළිපැදිය යුතු සම්මා සම්බුදුන්ගේ අවවාද අඩංගු අගනා දම් දෙසුමකි .ඔබ වහන්සේට පින් දෙමි! (නි)
භක්ති Wednesday, 18 November 2015 04:28 AM
හොඳ ලිපියක් (නි)
මල්කි Wednesday, 18 November 2015 05:57 AM
හරිම වැදගත් දහම් ලිපි පෙළක්. හැමදෙනාම අනුගමනය කරන්න උනන්දුවන්න. සාදු...සාදු!! (නි)