X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


මවුපිය සෙනෙහස නොලද අහිංසකී

 g 

 

 

‘‘කට ගොන්නක් බී ගත්තම තෝ හිතන්නේ චණ්ඩියා කියලද?’’


‘‘සුගත් ඇත්තටම උඹට මොකක්ද වෙලා තියෙන්නේ කියපං...’’


‘‘තොගේ අමන වැඩ නිසා අසරණ වෙන්නේ මේ අහිංසක දරු පැටව්..’’

 

12_PAGE_04_RASA
උඹගේ ගෑනි දන්නේ වදන්න විතරයි. ඒකිගේ හිතේ දරු කැක්කුමක් ගෑවිලාවත් තියෙනවද?


සුගත්ගේ අම්මාගේ වේදනාව දෝංකාර දුන්නේ ඒ විදිහට. සුගත් තමන්ගේ පුතා වුණත් මේ සිද්දවෙන සමහර දේවල් ඇයට ඉවසුම් දුන්නේ නැහැ. සුගත් කියන්නේ විවාහ තුනක් කරගත්ත පුද්ගලයෙක්. ඒ විවාහ තුනේම දරුවොත් ඉන්නවා. කුඩම්මා ගෙදරට ගේනකොට මේ අහිංසක දරු පැටවුන්ට සෙනෙහසක්, ආදරයක් ආරක්‍ෂාවක් ලැබුණේ මිත්තණියගෙන් විතරයි. හරිහමන් රැුකියාවක් නොතිබුණු සුගත්ට වුවමනා වුණේ කීයක් හරි හම්බ කරලා මේ අසරණ පොඩි එවුන්ගේ බඩ පුරවනවට වඩා කොහේ හරි වාඩියකට රිංගලා මත්වතුර තොලගාන්න. බලන්න ඒ ජීවිතේ ලියවෙන්නේ කොයිතරම් නම් අවාසනාවන්ත විදිහටද කියලා. මේ ජීවිතේ එක පැතිකඩක් විතරයි. එතැනින් එහාට මේ අවනඩුව ලියවෙන්නේ කාටවත්ම විසඳන්න බැරි ඛේදවාචකයක් විදිහට. 


මයුමි කියන්නේ සුගත්ගේ දෙවැනි කසාදේ වැඩිමහල් දියණිය. මයුමිට විතරක් නෙමෙයි අනෙක් දරුවන්ටත් මව් සෙනෙහසක් ළං කරපු මිත්තණියගේ හදිසි මියයෑමත් එක්ක මයුමි ළමා නිවාසයට භාර වෙන්නේ මීට වසර දෙකකට ඉහතදි. ඒ ජාතක කරපු තාත්තගේ අතින්ම අතවරයකට ලක් වෙලා. 


‘‘මයුමි කැමතිද මාත් එක්ක කථා කරන්න.’’ නිකමට මෙන් මා ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරක් ලැබුණි. 


‘‘කැමතියි’’


කටහඬ වෙනස් වෙලා වගේ අසනීපෙන්ද? කථාබහට මුල පුරද්දිම ඇගේ අසනීප ස්වභාවක් දැයි මට සිතුනා. 


‘‘ඔව්’’ දානෙට ගෙනාපු අයිස්ක‍්‍රීම් එකක් දානේ ගෙනාපු නෝනලා තියාගෙන කන්න කියලා අපට දීලා ගියා. ඒක ගොඩක් ලොකුයි. අපි හිතේ හැටියට කෑවා. දැන් හෙම්බිරිස්සාව.


මේ දරුපැටව් වෙන කොහෙන් කන්නද? දෙන දෙයක් කාලා බඩ පුරවගන්නවා මිස. ඉල්ලගෙන කන්නේ කාගෙන්ද? ඒ දරුපැටව් අසරණ කරන්න කියනවා නෙමෙයි. ඒත් ඒ දරුවන්ට මේ ලැබෙන දානය රජ බොජුනක්. මයුමි වගේ දරුවෝ තවත් කොච්චර නම් මේ සමාජයේ ඉන්නවද? ලෝකයේ කාටවත්ම පුරවන්න බැරි හිස්තැන් ගොඩක් එක්ක ජීවත් වෙන මේ ළමා නිවාස වල ඉන්න දරුවො අතරේ මයුමිගේ කථාව ඇහෙන්නේ කුලියාපිටිය ප‍්‍රදේශයෙන්. 


මයුමිගේ තාත්තා සුගත් කියන්නේ විවාහ තුනක දරුවො ඉන්න තාත්තා කෙනෙක්. සුගත්තේ පළමු විවාහයේ පිරිමි දරුවො දෙන්නයි. ඒ විවාහය අතහැර දාලා තමයි මයුමිගේ අම්මා සමග සුගත් විවාහ වෙන්නේ. ඒ වෙලාවෙදි පිරිමි දරුවො දෙන්නා සසුන්ගත කරන්න සුගත් ගත්ත තීරණයට සුගත්ගේ අම්මා අකමැති වුණත් පිරිමි දරුවෝ දෙන්නෙකුගේ වගකීම මිත්තණියගේ වයසත් එක්ක දරන්න බැරි නිසා පිරිමි දරුවො දෙන්නා සාසනයට භාර කෙරුණා. ඔය අතරතුරදි සුගත් දෙවැනි විවාහය සිදුකරගත්තත් එය නීත්‍යානුකූල විවාහයක් වුණේ නැහැ. සුගත්ගේ දෙවැනි විවාහයේදී ඉපදුණ දරුවා, මයුමි මේ ලෝකෙට ඉපදෙන්නේ වාසනාවන්ත විදිහට වුණත් මේ පුංචි එකීගේ දෛවය ලියවෙන්නේ හරිම ඛේදනීය විදිහට. 


තාත්තා වෘත්තියක් හැටියට නිශ්චිත රැකියාවක් කළේ නැහැ. කුලී වැඩ තමයි කළේ. තාත්තා හරියට රැකියාවක් කළේ නැති නිසා ගෙදර අඟහිඟකම් ගොඩාක් තිබුණා. අම්මාත් ඉඳලා හිටලා වතුවල කුලී වැඩට ගියා. තාත්තා කුලී වැඩක් කළත් හැම සතේකින්ම කළේ මත්පැන් බීපු එක. මේ දේවල් එක්ක මට දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලම ගෙදර අඩදබර තිබුණා. අම්මා කොච්චර රණ්ඩු වුණත් තාත්තගේ බීමත්කම නතර කරන්න බැරි වුණා. ඒ දවස්වල තාත්තා බීලා ඇවිල්ලා අම්මාට හරියට ගහනවා. මගේ අම්මගේ නංගි (පුංචි) හිටියෙත් අපේ ගෙදර පුංචි තමයි අම්මව බේරගන්නේ. පුංචි අපේ ගෙදර ඉඳගෙන රෙදි ගාමන්ට් එකක රැුකියාව කළා. පුංචි අපේ ගෙදර නතර වුණේ මම පුංචි කාලේ මාව බලාගන්නලූ.


කොහොම වුණත් ගෙදර පරිසරය ඇතුළේ තාත්තාගේ බීමත්කම ඇරෙන්න වෙන ප‍්‍රශ්න තිබුණේ නැහැ. ඒත් ගෙදර ආර්ථික ප‍්‍රශ්න නම් තදින්ම දැනුණා. මට ඉස්කෝලේ යන්න පොත්පත් අරන් දෙන්න තාත්තට වුවමනාවක් තිබුණේ නැහැ. පුංචි රැකියාවක් කරපු නිසා ගෙදරට උදව් කළා. ඒත් මේ අඟහිඟකම් ගොඩ මැද්දේ අම්මා ජීවත් වෙන්න මහ පොළව එක්ක ඔට්ටු වුණේ හරියට පිරිමියෙක් වගේ. අම්මා වතුවල කුලී වැඩට ගියා. මේ දේවල් එක්ක මම ගොඩක් හැදුණේ වැඩුණේ ආත්තම්මා ළඟ. ඔහොම ඉන්නකොට අම්මා එක පාරටම අසනීප වුණා. අම්මාට මාස දෙකක් විතර ඉස්පිරිතාලේ නේවාසිකව ප‍්‍රතිකාර ගන්න වුණා. ඒත් තාත්තා බිබී පිස්සු නැටුව මිසක් ඒ දේවල් ගැන සෙව්වෙ බැලූවෙ නැහැ. 


ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාරයි. සුගත්ගේ ජීවිතය වුණේ මත්පැන් විතරයි. තමන්ගේ ගෑනි දරුවො මේ දේවල් වගකීම්ද කියලවත් සුගත්ට තේරුණේ නැහැ. මයුමිගේ අම්මා ලෙඩ ඇඳට වැටුණ කියලවත් සුගත්ගේ සුපුරුදු චර්යාවන් අඩුවුණේ නැහැ. මිත්තණිය සහ සුගත්ගේ බිරිඳගේ නැගණිය මයුමිගේ අම්මා සුව අතට පත්කරගන්න ගොඩක් වෙහෙස මහන්සි වුණා. ඒ අතරතුර සුගත්ගේ පුංචි පුංචි තිරිසන් ගතිත් මතුවෙන්න ගත්තේ මයුමිගේ අම්මා රෝගාතුර වෙලා ලෙඩ ඇඳට වැටුණට පස්සේ. තමන්ගේ ගෑනි ගෙදර නැතිවෙන කොට සුගත් ඒ වාඩුව ගත්තේ තමන්ගේ ගෑනිගේ නංගිගෙන්. ඒ කියන්නේ මයුමිගේ පුංචිගෙන්...


‘‘පුංචි අම්මා, අම්මගේ අසනීපෙ නිසා රැුකියාවෙන් ඉවත් වෙලා ගෙදර නතර වුණා. තාත්තත් වෙනදා හිටපු තාත්තට වඩා ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා.’’


මයුමිගේ කථාවට පුංචි බාධාවක් කරන්න හිතුවා...


මයුමි දන්නවද අම්මට තිබුණු අසනීපෙ ගැන?


‘‘ඔව්, එක පාරටම අම්මගේ කකුල් ඉදිමෙන්න ගත්තා. ඇවිදින්න බැරි වුණා. ඇයි එහෙම වෙන්නේ කියලා දොස්තරලටත් සොයාගන්න බැරි වුණා. ඒක නිසා ටික දවසක් අම්මට ඉස්පිරිතාලේ ඉන්න වුණා. ඔය අතරතුර මම පාසල් ගියා. ලොකුවට ප‍්‍රශ්න තිබුණේ නැහැ. දවසක් මම ගෙදර එනකොට මම දැක්කා....


එතනින් එහාට සිද්ධ වෙච්ච දේ මම කිව්වොත් හොඳයි කියලා හිතුණා. මොකද මයුමි කියන්නේ මහ ගෑනියෙක් නෙමෙයි තාම අවුරුදු දහයක දරුවෙක්. 
මේ අතරතුර සුගත්ගෙත්, තමන්ගේ බිරිඳගේ සහෝදරියගෙත් අතර අනියම් සබඳතාවක් ඇතිවෙන්නේ මයුමිගේ අම්මා රෝහල් ගතවෙලා ඉන්න කාල සීමාව තුළ. දිනක් මයුමි පාසල නිම වෙලා නිවසට එනකොට පුංචි එකීගේ දෑස්වලට දැකගන්න ලැබෙන්නේ මේ පුංචි කෙල්ල කෙදිනකවත් අත්නොදැකපු සිදුවීමක්. තමන්ගේ තාත්තා පුංචි අම්මා සමග ඇතිවෙලා තියෙන අනියම් සම්බන්ධය දෑසින් දුටු සිද්ධියත් එක්ක ඇයට වැටහුණා. එහෙත් කළ යුත්තේ කුමක්ද කියන කාරණාව ඇයට වැටහුණේ නැහැ. සුගත් මයුමිව බියවද්දලා මේ සියල්ල සූක්‍ෂම විදිහට වසන් කළා. 


‘‘අම්මා අසනීප වෙලා ඉඳපු කාලේ ගෙදර සිද්ධ වුණ දේවල් ඒ වෙනකොට ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ. අම්මා සනීප වෙලා ආවම මේ දේවල් ආත්තම්මා නොකීවට අම්මාගේ කනවැකෙන්න මහ කාලයක් ගියේ නැහැ. අම්මා ටිකක් සනීප වුණාම මහන්සි වෙලා වැඩක් කරන්න බැරි නිසා පුංචි ගිය රෙදි ගාමන්ට් එකේ රැකියාවට ගියා.’’


ලෙඩ ඇඳේ ඉඳපු මයුමිගේ අම්මා යන්තම්ම සුව අතට හැරුණ ගමන් රැුකියාවක් සොයාගෙන ගියේ ගෙදර අගහිඟකම් නිසාම කිව්වොත් ඒක බොරුවක්. සුගත්ගෙත් තමන්ගේ නැගණියගෙත් අනියම් සම්බන්ධය ඇගේ කණවැකුණේ රෝහලේ ඇඳ උඩ සිටියදිමයි. ඒ කොහොම වුණත් ඇය තමන්ගේ දරුවා, මයුමි ගැන හිතලා නොසිතම බැරි අවස්ථාවලදි පවා ජීවිතේ ඉවසුවා. සුගත් බීමතින් නිවෙසට පැමිණි බොහෝ අවස්ථාවල ඇති වුණ අඬ දබර තුළදි මේ අනියම් සබඳතාව ගැන ඇය තමන්ගේම නැගණියට දෙස් තිබ්බා. කථාවක් තියෙනවනේ හැමදාම දකින කුකුළගේ කරමලේ සුදු පාටයි කියලා. මයුමිගේ අම්මටත් මේ සෙල්ලම බලාගෙන ඉඳලා ඇතිවෙලා හිටියේ. ඇය කළෙත් සුගත් කළ දේමයි. ඇය සේවය කළ වැඩපළේ කෙනෙකු සමඟ ඇතිකරගත්ත අනියම් ඇසුරක් නිසා පුංචි මයුමිවත් මිත්තණියට තනි කරලා වෙනත් දීගෙක ගියා. 


‘‘අම්මා මොනවා කළත් මම අම්මට වෛර කරන්නේ නැහැ කවදාවත්. මම නිසා අම්මා ගොඩක් දුක් වින්ඳා. අම්මා තාත්තගෙයි පුංචිගෙයි සම්බන්දෙ දැනගත්තත් කෑගහලා රණ්ඩු කළේ නැහැ. අම්මා වැඩ කරපු වැඩපළේ මාමා කෙනෙක් එක්ක වෙන විවාහයක් කරගත්තා. මම හිටියේ ආච්චි ළඟ. ඔය අතරතුර පුංචිටත් දරුවෙක් ලැබෙන්න හිටියා. ඒ දරුවා ලැබුණට පස්සේ මගේ පාසල් ගමන නතර කරලා දරුවො බලාගන්න කිව්වා. ඒත් ආත්තම්මා තාත්තා එක්ක රණ්ඩු කරලා මාව ඉස්කෝලේ යැව්වා. අනේ මාව ඇහැක් වගේ බලාගත්ත රත්තරං ආත්තම්මාත් මාව දාලා යන්න ගියා. මම මහ පුදුම කරුමක්කාරියක්. අම්මාගේ නංගී වුණත් කුඩම්මානේ... මට හරියට වෙනස්කම් කළා. පුංචිගේ දරුවා බලාගන්න වුණේ මට. සමහර දවසට මම ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා පුංචි බබාගේ රෙදි සෝදලා උයාගෙන කන්නත්  ඕන. පුංචි අම්මා මගෙන් වැඩ ගත්තේ හරියට තිරිසනෙකුගෙන් වැඩ ගන්නවා වගේ. ගමේ ගොඩක් අය දැනගෙන හිටියා පුංචි මට ගහනවා කියලා. මගෙන් හරියට වැඩ ගන්නවා කියලා. මම වැඩ නොකළොත් තාත්තා හවසට ආවම තාත්තට කේලම් කියලා මට ගස්සවනවා. ඔය අතරතුර පුංචිට තව දරුවෙක් හම්බවෙන්න හිටියා. චූටි නංගිත් ගොඩක් පොඩියි. පුංචි සමහර දවස්වලට අසනීප වෙලා ඉස්පිරිතාලේ නතර කරහම චූටි නංගි බලාගත්තේ මම. ඔය අතරතුර තාත්තත් මහ?ට බීගෙන ගෙදර ඇවිල්ලා පුංචි නැති තරහා පිට කළේ මගෙන්. 


මයුමිගේ අත්වල, දෙපාවල තුවාල කැළැල් ඒ තිරිසන් තාත්තගෙත්, තිරිසන් පුංචිගෙත් පුංචි දරුදුකක් නොගෑවුණ හිත්වල තිරිසන්කම කියාපානවා. සමහර අවස්ථාවලදි සුගත් තමන්ගෙම ලෙයින් උපන් පුංචි මයුමිගෙන් විවිධ ආශාවන් පවා ඉෂ්ට කරගත්තේ ඉතා පිළිකුල් සහගතව. මේ අපායේ ජීවත් වුණ මයුමි ගැන නිර්නාමිකව ළමා හා කාන්තා අංශයට දුන් තොරතුරකට අනුව සුගත් අත්අඩංගුවට පත්වුණා. මයුමිගේ භාරකාරත්වය පරිවාසෙට භාර කෙරුණා. 


දෙමව්පියන්ගේ ආදරය නොවිඳපු මේ පුංචි සිත සොයන්නේ ආදරයක් නෙමෙයි සිතට සැනසීමක්. මෙවැනි සිදුවීම්වලට මුහුණ දීපු දරුවො අතර මයුමි කියන්නෙත් එක දරුවෙක් විතරයි. මේ ඉරහඳ යට කොහේ හෝ මයුමි ජීවත් වෙනවා. ඇයත් සොයනවා මේ ජීවිතෙන් එහා ලෝකයක්. මේ ළමා නිවාසයේ ඉන්න හැම දරුවෙක්ම ඒ හීන මානයේ ජීවත් වෙනවා. එයයි සත්‍ය. 


මෙහි එන නම් ගම් මනඃකල්පිතය.

m



අදහස් (0)

මවුපිය සෙනෙහස නොලද අහිංසකී

රුවන් Thursday, 17 December 2015 08:18 PM

මේ මිනිසුන්ට මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ඇන්ටන් Monday, 21 December 2015 08:16 AM

මගේ අතීතයත් මතක් උනා .........(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site