(උපුල් තම්මිට)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම වාරි කර්මාන්ත වැවක් වන මහකනදරාවැවේ සීඝ්‍රයෙන් පැතිරයන ආගන්තුක ශාකයක් වහාම මැඩපැවැත්වීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
නායාස් මැරැයිනා (NAYAS MARAINA) යන උද්භිද නාමයෙන් හැඳින්වෙන මෙම ශාඛය කරදිය හා ලවණ සහිත ප්‍රදේශවලට අවේනික ශාඛයක් බවත් එය රට මැද පිහිටි මිරිදිය සහිත ප්‍රදේශයකින් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බවත් පේරාදෙණිය උද්භිත උද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් උද්භිද විද්‍යාඥ හා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා පවසයි.
මීට මාස කිහිපයකට පෙර මේ පිළිබඳව වාරිමාර්ග නිලධාරීන්ට තොරතුරු වාර්තාවී තිබූ අතර මේ සම්බන්ධයෙන් නිරන්තරව වීමසීමෙන් සිටීම නිසා මහකනදරා වැවේ ගොවිජනතාවගෙන් ලැබුණු තොරතුරු අනුව හදිසියේ සිදුකළ පරීක්ෂණයක දී වැව් ජලයේ ගැඹුරු ස්ථානවල මෙම ආගන්තුක ශාඛය පැතිරී ඇති බව නිරීක්ෂණය විය. දිය නෑමට පැමිණි පිරිස් පවසා සිටියේ මෙම ශාඛය සිරුරක ස්පර්ශය වීමත් සමග කැසීමක් ඇතිවන බවත් එය කටු සහිත ශාකයක් බවත්ය.
මේ පිළිබඳ වාර්තාවීමත් සමග නව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එස්.මෝහන්රාජ් මහතා සිය ප්‍රථම රාජකාරිය ලෙස වාරිමාර්ග නිලධාරීන් සමග ඉකුත් සෙනසුරාදා (11) මහකනදරා වැව නිරීක්ෂණයකට ලක්කිරීමෙන් පසු සඳුදා(13) සිට ආරක්ෂක අංශවල සහ ගොවි සංවිධාන නියෝජිතයින්ගේ සහාය ලබාගෙන මෙම ශාඛය වහාම ඉවත්කිරීමට කටයුතු කරන බව කීවේය. මාස් කන්නයට අවශ්‍ය ජලය නිකුත් කිරිමට තවත් දින 15ක පමණ කාලයක් ඇති බැවින් ජලය මුදා හැරීමත් සමග කුඹුරු වෙත මෙම ආගන්තුක ශාකය එක්විම වැළැක්වීම සදහා ඊට ප්‍රථම සොරොව් තුළ පෙරහන් සවිකිරිමටත් කටයුතු කරන බවත් මෙම කටයුතු ආරම්භකිරිමට අවශ්‍ය පසුබිම සකසන ලෙසත් ඒ මහතා වාරිමාර්ග ඉංජිනේරුවන්ට උපදෙස් දුන්නේය.
මේවන විට මෙම ආගන්තුක ශාකය වැවේ ස්ථාන කිහිපයක දක්නට ඇති අතර මඩ සහිත ස්ථානවල ශීඝ්‍රයෙන් පැතිරී ඇති අතර වහාම මර්දනය නොකළහොත් මහකනදරාඔය ඔස්සේ කුඹුරුවලට මෙන්ම මල්වතුඔයට එක්විමෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධවැව දක්වා පැතිරීමේ අවදානමක් ඇතිබවත් වාරි ඉංජිනේරුවෝ පවසති.
ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවැනි ආගන්තුක ශාඛයක් මහකනදරා වැවෙන් හමුවූ බව පවසන ඔවුහු මෙම ශාකය වැවට පැමිණි ආකාරය පිළිබඳ වෙනමම පරීක්ෂණයක් ආරම්භකර ඇති බව ද ඔවුහු කීහ.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මහකනදරාවේ සැඟවුණු කටුවල්ලා රට ගිලගන්නට සැරසෙයි
erdi Sunday, 12 November 2017 03:52 PM
අපිට ඕවා මැඩපවත්වා ගොවියන් නගා සිටුවන්න වෙලාවක් නෑ. සබිතාගේ බිල්ඩිමට වහල තියාගෙන කෝටි ගණන් ගෙවන්න ඕනෑ. නැතිනම් හිඳල හිටල අපේ හිරි අරින්නේ ඔයාලද?
හිරාන් Sunday, 12 November 2017 04:46 PM
බළධාරින් කඩිනමින් ක්‍රියාත්මක විම අගය කල යුතුයි. නමුත් දුක කෘෂීකර්ම ඇමතිවරයාගේ නිවස සිට සැතපුම් ගනනාවකින් මේ තත්වය මතුව තිබියදි මෙයට පෙර ක්‍රියාත්මක නොවිමයි.
indika galgodage Monday, 13 November 2017 05:11 AM
මම මේ පැලෑටිය පදවිය වැවක දැනට සති 3 කට කලීන් දැක්කා. කරුණාකර සොයා බලන්න.
indika galgodage Monday, 13 November 2017 05:11 AM
මම මේ පැලෑටිය පදිවිය වැවක දැනට සති 3 කට කලින් දැක්කා. කරුණාකර සොයා බලන්න.