X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


මහසෝනා පුල්ලිකිරාගේ සරමෙන් අල්ලාගනී

අවතාර සහ හොල්මන් කතා ගැන කියන විට රාගමට නුදුරු මහබාගේ ගමෙහි දැනට වසර හැටකට පමණ පෙර සිදුවූ හොල්මන් කතාවක් පිළිබඳව මගේ මතකයට නැගෙයි. 

16_PAGE_4_RASA
දැනට මේ ගමේ නම මහබාගේ වුවද වසර දෙතුන් සියයකට පමණ පෙර මෙය හඳුන්වා ඇත්තේ දෙවොල්බාගේ යනුවෙනි. එකල මහා ඝන වනාන්තරයක් වූ මෙහි දෙවොල් මඩු පැවැත්වීම කරගෙන ගොස් තිබුණු නිසා දෙවොල්බාගේ යනුවෙන් හඳුන්වා තිබූ බැව් එකල ගමේ පැරැන්නෝ පැවසූහ. වැඩිපුරම එකල දෙවොල් මඩු පවත්වා තිබුණේ මේ ගමේ මාර ගොඩැල්ල  යනුවෙන් හඳුන්වන කොටසෙහිය. මාරගොඩැල්ල අවතාර සහ හොල්මන් බහුල ප්‍රදේශයක් ලෙස එකල ගම්මු හැඳින්වූහ. යන්තම් කළුවර වැටුණු පසු මෙම ප්‍රදේශයට යාමට ගම්මු බිය වූහ. මාරගොඩැල්ලෙහි අතු පතර විහිදී වැඩුණු විශාල ගොරොක් ගහක් ද තිබුණි. රෑ බෝවූ පසු මහසෝනා, රීරියකා වැනි ඉතා භයංකර යකුන් මෙම ගසේ ලැග සිටින බවටද කට කතාවක් පැතිර ගොස් තිබුණි. 


එකල ගමේ සිටි ගණංකාරයා කිරිනේලිස්ය. ඇඟ පුරාම සුදු කබර තිබූ හෙයින් ඔහුට ගමේ අය කීවේ ‘පුල්ලිකිරා’ කියාය. පුල්ලි කිරා එකල හොඳ සද්දන්ත නාම්බෙකි. ඔහු යකෙකුටවත් බය නැතැයි වහසි බස් දෙඩූවෙකි. මහසෝනා, රීරියකා වැනි මහා භයංකාර යකුන් පුල්ලිකිරාට නම් පූස් පැටව් ගානය. 


උදේ සිට දහවල් වනතුරු මුතුරාජවෙල මහ ඇලේ කරක් ගසා වෙල් මාළු අල්ලන පුල්ලි කිරා ඒවා විකුණා ලැබෙන සල්ලි වලින් කරන්නේ තම වයසේ නාම්බන් රැළ සමග එකතුවී කට ගොන්නක් කසිප්පු බොන එකය. දවසක් මේ කසිප්පුවලින් සප්පායම් වන වෙලාවක මාරගොඩැල්ලේ ගොරොක් ගහේ රෑට ලගින යකුන් පිළිබඳව කතාවක් ඇතිවිය. ‘කාටද පුළුවන් රෑ දොළහට ඔය යක්කු ලගින ගොරොක් ගහ ළඟට ගිහින් එන්න’ එක් මිතුරෙක් කීවේය. හා අපි ඔට්ටුවක් අල්ලමු. නිකං ගිහින් එන්න නොවෙයි. පුලුටුත් අරගෙන රෑ දොළහට ගොරොක් ගහ ළඟට ගිහින් පුලුටු කාල ගොරොක් ගහේ ඇණයක් ගහල එන්න ඕනෑ. එම ඔට්ටුවට කවුරුත් එකඟ වූහ. ‘හැබැයි නොබී තමයි යන්න ඕනෑ එයටද සියල්ලෝම කැමැති වූහ. හොඳයි ඔට්ටුව මොකක්ද? ඒ ප්‍රශ්න ඇසුවේ පුල්ලිකිරාය. අලුත්ම පට සරමක් හොඳ නැද්ද? ඒ තවත් මිතුරෙකුගේ අදහසකි. අපොයි පට සරම විතරක් මදි. හොඳවයින් බෝතලයක් බැරිද? ඒ තවත් මිතුරෙකි. ආ ඒක හොඳයි. ඔට්ටුව තීන්දු විය. ඔට්ටුව සඳහා අවශ්‍ය මුදල් ද එකතු විය. ‘එහෙනං හෙට රෑ හරියටම මෙතැනට කට්ටිය එකතු වෙමු’ සියල්ලෝම ඔට්ටු තීන්දුව ගෙන විසිර ගියහ. 


පසුදින මෙම ආරංචිය ගම පුරාම පැතිර ගියේ ලැව් ගින්නක් ලෙසය. පුලුටුත් අරගෙන මහ රෑ දොළහට මාරගොඩැල්ල ගොරොක් ගහ ළඟට ගොස් ඇණයක් ගැසීම කාටවත්ම කළ නොහැකි දෙයක් ලෙසට ගමේ වැඩිහිටි උදවිය පැවසූහ. හැබැයි මේ වැඩෙන් ගමේ කොල්ලෝ නං යස පාඩමක් ඉගෙන ගනීවි. මාරගොඩැල්ල කියන්නෙ මහසෝනාගෙ අඩවිය. යකා ගහල ඕකුන් නිරපරාදේ මැරුම් කයි. ගමේ වයසකම පුද්ගලයා වූ ගිරාන් මාමා කඩමණ්ඩියේදී එසේ පැවසීය. අනේ විකාර මං තමයි ඉස්සරින්ම ගොරොක් ගහ ළඟට යන්නෙ. පුල්ලිකිරා උදම් ඇනුවේ එසේය.


මිතුරු කැල තීරණය කරගත් පරිදි ඔට්ටුව සඳහා සූදානමින් පැමිණියහ. මෙය සියැසින් දැක ගැනීම සඳහා ගමේ වැඩිහිටියන් ඇතුළු සෑහෙන පිරිසක්ද පැමිණ සිටියහ. ‘හා මං ඉස්සරහින්ම යන්නම්’ පුල්ලි කිරා ඉදිරිපත් විය. මහ සෝනාගෙ කණින් ඇදගෙන තමයි මං එන්නේ’ ඔහුගේ අතෙහි බැදපු මාළු පෙත්තක් සහ කැවුම් ගෙඩි තුනක්ද විය. ‘ඔන්න බලාපල්ල මා පුලුටු කකාමයි යන්නේ’ කියමන් බැදපු මාළු පෙත්තෙන් කෑල්ලක් හපමින්ම මාරගොඩැල්ලේ ගොරොක් ගහ තියෙන ඉසව්ව බලා ගමන පටන් ගත්තේය. දැන් වෙලාව හරියටම රෑ දොළහයි. පුල්ලි කිරා අඳුරේ නොපෙනී ගියේය.  පුල්ලි කිරාට මොනවා වේදැයි රැස්වී සිටින පිරිස කසු කුසු ගාමින් සිටියහ. 


අඳුරේම ඉදිරියට යන පුල්ලි කිරාගෙ හිතේ තිබුණ දහිරිය ටිකින් ටික අඩු වෙමින් යන සෙයක් ඔහුට දැනුණේය. කසිප්පු ටිකක් තොල ගෑමටත් ඉඩක් නොලැබුණ නිසා පුංචි චකිතයක් හිතේ මෝදු වෙන බැව්  ඔහුට දැනෙන්නට විය. මහ රෑ පුලුටු කමින් යන ගමන ඒතරම් හොඳ ගමනක් නොවන බැව් ඔහුට වරින් වර මතකයට නැගෙන විට හිතේ පැවති බිය ගතිය ටිකෙන් ටික වැඩි වෙයි. තමා මහ කැලෑවක් මැද තනිවී ඇති බැව් පුල්ලි කිරාට දැනිණි. ඔහු ගමන ඉක්මන් කළේය. මා වවුලෙකු ක්‍රීස් යනුවෙන් හඩක් නගමින් ඔහුගේ හිසට ඉහළින් ඉගිලී ගියේය. තමාගේ ඇගේ හිරි ගඩු පිපීගෙන එන බැව් ඔහුට දැනිණ. යකුන්ට බය නැතැයි කොතරම්  කට පූචානම් දෙඩුවද පුල්ලිකිරාගේ මුළු ඇඟම දැන් ගැහෙන්නට පටන්ගෙන ඇත. ආපසු හැරී දිව යන්නටද ඔහුට සිතෙයි. ඒත් මිතුරන්ගේ සමච්චලයට ලක්වන නිසා ඔහුට එයද කළ නොහැකිය. කෙසේ හෝ සිතට තව තවත් දිරිය ගෙන ඔහු ගොරොක් ගහ ළඟටම ගියේය. එකවරමට නරි රැලක් හූ කියන්නට පටන් ගත්හ. ඒත් එක්කම ගොරොක් ගහේ මුදුනේ සිටි උලමෙකු නොකඩවාම හඩ තලන්නට පටන් ගත්තේය.

එය හරියටම මළ ගෙදරක විලාප නැගීමක් බඳුය. ඔහුගේ බය දෙගුණ තෙගුණ වෙයි. දැන් ඔහුට දැනෙන්නේ ගොරොක් ගහ මහ හයියෙන් සෙලවෙනවා වගේය. යටිගිරියෙන් කෑ ගසන හඬක් ද ඇසෙයි. පුල්ලි කිරාගේ මුළු සිරුරම දහඩියෙන් තෙත්වී ඇත. පරල වූවෙකු පරිද්දෙන් සට සට ගා වෙව්ලන ඔහු අතේ තිබුණු පුලුටු සියල්ලම ඉවතට විසි කළේය. වෙව්ලන දෑතින් සරමද කැසපට කවාගෙන මෙතෙක්  ඉණේ ගසාගෙන තිබුණු පරාල ඇණයද, මිටියද ගෙන ඔට්ටුවේ අවසන් කොටස ඉටු කරන්නට උත්සාහ කළේය. ඇණය මෙන්ම මිටියද කීප වරක්ම අතින් ගිලිහින. අඳුරේ අතපත හා ඇණයද මිටියද සොයාගෙන ඇණය ගසට තබා කිහිප වරක්ම මිටියෙන් ගැසුවේ වැඬේ අහවර වී හනික ආපසු දුවන්නට බලාගෙනය. දුවනවා තබා ඔහුට අඩියක්වත් එසවීමට නොහැකිය. කවුදෝ ඔහු වැරෙන් අල්ලාගෙන සිටින්නා සේ දැනෙයි. එකක් එකටම මහසෝනා තමා අල්ලාගෙන ඇති බැව් ඔහුට වැටිහිණ. ‘මගේ අම්මෝ’  මගේ අම්මෝ යනුවෙන් ඔහු බෙරිහන්  දෙන්නට පටන් ගත්තේ මෙලෝ සිහියක් නැතිවය. 


පුල්ලි කිරා ආපසු ඒමට ප්‍රමාද වීම ගැන රැස්ව සිටි මිතුරෝ මෙන්ම වැඩිහිටි අයද බියට පත්වූහ. මොකක් හෝ කරදරයක් සිදුව ඇතැයි සිතු සියල්ලෝම හුළු අතු දල්වාගෙන ගොරොක් ගහ දෙසට පිය නැගූහ. පුල්ලි කිරා බෙරිහන් දෙන හඬ ඈතින් ඇසෙයි. එකක් එකටම මූට යකා ගහල. මේ කොල්ලන්ගේ පණ්ඩිත කං හිංද ලොකු වින්නැහියක් කොරගන්නව බොල. සුනංගු වෙන්නෙ නැතුව ගොහිල්ල ඔය පුල්ලියා ද මොකාද කියන එකාව කුදලගෙන වරෙල්ලා. ගිරාන් මාමා ඉදිරියට දිව යන කොල්ලන්ට කීවේය. 


මොකද මොකද උඹට උණේ. කියමින් මිතුරෝ පුල්ලි කිරා වටකර ගත්හ. ඇස් දොඹ ගෙඩි දෙකක් ලෙස ලොකු කරගෙන දිව එළියට දාගෙන හති දමමින් දඟලන පුල්ලි කිරා මහසෝනා මහසෝනා මාව බේරගනිල්ලා කියමින් යටි ගිරියෙන් කෑ ගසන්නට විය. සිදුවී ඇති දෙය තේරුම් ගන්න වැඩි වේලාවක් ගත වුණේ නැත. කලබලයෙන් පුල්ලි කිරා ගොරොක් ගහට ඇනේ ගසා ඇත්තේ ඔහුගේ  සරමේ කොටසක් ද අහුවෙන ලෙසටය. මිතුරු කැල මෙන්ම වැඩිහිටි අයද මහ හඩින් සිනාසෙන්න වූහ. ඇණයෙන් සරම මුදාගෙන පුල්ලිකිරාව බේරාගෙන සිදුවු දෙය පැහැදිලි කළද ඔහු එය පිලිගත්තේ නැත. ඔහු දිගින් දිගටම අනං මන දොඩවන්නට විය. පුල්ලිකිරාට පියවී සිහි ලැබුණේ ගමේ කට්ටඩියකු වෙත ගෙනගොස් තොවිලයක්ද කිරීමෙන් පසුවය. 

m



අදහස් (0)

මහසෝනා පුල්ලිකිරාගේ සරමෙන් අල්ලාගනී

ගිහාන් Wednesday, 20 April 2016 04:06 PM

නියම කතාව නියම කොලිටිය (බ)

:       0       0

මැටිපහන Thursday, 21 April 2016 06:05 AM

මේ පිටුව පැහැදිලිවම වෙනසකට ලක් වෙලා. ලංකාවේ මිනිස්සු හදන්න නම් මේ වගේ ලිපි වැඩි වැඩියෙන් පල කරන්න ඕන. (ර)

:       0       0

චන්දි Friday, 22 April 2016 11:39 AM

මේ හා සමාන කතාව මන් අහල තිබුනේ 1974දි විතර. (ර)

:       0       0

ආලෝක Saturday, 23 April 2016 06:12 AM

මහසෝනා යනු තාමත් ආත්ම භාවයක් නොලද අයෙක් ලෙසද, නොයෙකුත් දිෂ්ටි ලෙස මහසෝනා සැරිසරන බවද පැවසේ. අකාල සන්ධ්‍යා ටෙලිනාට්‍යයේත් මේ මහසෝනා ගැන සඳහන් වෙනවා (නි)

:       0       0

ගයන් Monday, 25 April 2016 11:27 AM

නියම කතාවක්..ලනුවක් දෙකකම අපි බය වෙන්නේ සර්පයෙක් කියල. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site