X Advertisement
IMG-LOGO

2025 මැයි මස 19 වන සඳුදා


මහින්ද-රනිල් සන්ධානයකට

29pg-10d--main-pgs

 

මෙය ජාතියකට ජීවිතයත් මරණයත් අතර සටනක් බ`දු වන අතර, මොහොතක මනෝ විකාරය නිසා රටකට සිදු විය හැකි විශාල වරදක් නිර්මාණය නොවීමට එම තීරණයට එළැඹුන දේශපාලන පක්ෂවල දැවැන්ත පරාවර්තනයක් අවශ්‍යය.

 

මා අඹ යහළු ජෝ ජේ. උපන්ගෙයි එක්සත් ජාතික පාක්ෂිකයෙකි. එහෙත් ඔහු දන්නා දේශපාලනයක් හෝ ඒ පිළිබ`ද තැකීමක් හෝ නොමැත. පක්ෂ සාමාජිකත්ව කාඞ්පතක් නොමැති වුව ද අවංක ජෝ තම රට හා පක්ෂය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. ඔහුගේ අභාවප‍්‍රාප්ත මව්පියන්ගේ ඡුන්දය හිමි වූයේ ද එක්සත් ජාතික පක්ෂයට බැවින් පවුලේ ආර රැුකගනිමින් පරම්පරාගත එක්සත් ජාතික පක්ෂයට ඡුන්දය ලබා දෙයි. ෆොන්සේකා තරග කළ අවස්ථාවේ ඔහු කිසිවක් නොකර සිටියේ ය. ඔහුගෙන් එක්සත් ජාතික පක්ෂයට හෝ පක්ෂයෙන් ඔහුට හෝ කිසිදු ප‍්‍රතිලාභයක් අත් නොවී ය. දේශපාලනය කෙරෙහි ජනතා බැ`දීම අර්ථ ශූන්‍ය හා පෞද්ගලික කරුණු මත පදනම් වූවකි.


එක්සත් ජාතික පක්ෂය  ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අනුක‍්‍රමයෙන් අහිමි කරගනිමින් සිටින බව ද, බලයේ සිටින රජයට එරෙහි විශ්වසනීය අපේක්ෂකත්වයක් පිළිබ`ද ව තවමත් සලකා බලමින් සිටින බව ද ජෝ ජේ. වටහාගෙන සිටියේ ය. මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය තම ග‍්‍රහණය දැඩි කරනු ඇතැයි ජෝ ජේ. සිතා සිටිය ද ඒ සම්බන්ධයෙන්  ඔහු සතුටුදායක කිසිවක් කළේ නැත. ජනරාල් ෆොන්සේකාට මාර්ගය තනා දීම වටහා ගැනීමට අසීරු වුව ද, එය වැඩිදුර සිතා නොබලා කළ කි‍්‍රයාවක් බව ඒත්තු ගැන්වීය. ජනරාල් ෆොන්සේකා යුද වීරයකු වු අතර මැතිවරණය පැවතියේ ඔහුගේ යුද ජයග‍්‍රහණයෙන් කෙටි කලකට පසුව ය. මෙම කාරණය මත යටත් පිරිසෙයින් කතාබහෙන් හෝ් ඔහු ජයග‍්‍රාහී අපේක්ෂයා ලෙස පෙනී ගියේ ය. වසර පහක් ගෙවී ගියේ ය. එහෙත් එක්සත් ජාතික පක්ෂයට තවමත් අපේක්ෂකයකු සොයා ගත නොහැකි වී තිබේ. මෙය එතරම් හො`ද දෙයක් නොවේ.


 මෙයින් අදහස් කරනුයේ මෙකී අභියෝගය බාර ගැනීමට තම නායකයාට ඇති ශක්‍යතාව පිළිබ`ද විශ්වාසයක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බව ද? එසේ නම් හුදු අරුමෝසම් අභිප‍්‍රායක් උදෙසා ඔහු නායකත්වයේ තබා ගෙන සිටින්නේ මන් ද? නැතිනම් මේ නායකයා  නූතන සිරිසඟබෝ ලෙස සැලකිය හැකි පරාර්ථකාමී පුද්ගලයෙක් ද? සුදුසු අපේක්ෂකයකු සොයා ගැනීමට තරම් එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයන් නොමැති ද? එක්සත් ජාතික පක්ෂය නායකයා වෙනුවට ආදේශකයකු අභිෂේක කොට, සිදුවන්නේ කුමක් දැ යි පසෙකට වී බලා සිටිනවා ද? පාක්ෂිකයන්ට ද පවසා සිටින්නේ ඒ අයුරින් කි‍්‍රයා කරන ලෙස ය. පාක්ෂිකයාට තම අභිමතයට අනුව කි‍්‍රයා කිරීමට අවස්ථාවක් නොමැත. පාක්ෂිකයන් කළ යුත්තේ කුමක්දැයි තීරණය කරනු ලබන්නේ පක්ෂ නායකත්වය විසිනි. මම එක්සත් ජාතික පාක්ෂිකයකු නොවෙමි. එහෙත් මා මිතුරු එක්සත් ජාතික පාක්ෂිකයන්ට පැවසිය යුත්තේ එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ සැබෑ විභවය නොදන්නා අතර සදාකාලික පරාජිත මානසිකත්වයක් උරුම කරගෙන ඇති බවයි.


අහිංසක සිරිසේන කවුරුන් ද? ඔහු ඉසිලිය නොහැකි බරක් සහිත රුදුරු මාතාවක පිට මත තබාගෙන සිටින්නෙකි. වැඩි කාලයක් ඔහුට මේ බර දරා සිටිය නොහැකි වනු ඇත. ජනාධිපතිවරියක ලෙස චන්ද්‍රිකාගේ් පසු වාර්තා ඔහුගේ ජයග‍්‍රහණයට එතරම් බලපෑමක් ඇති නොකරනු ඇත. එක්සත් ජාතික පක්ෂය චන්ද්‍රිකාගේ  දැලට හසුවූවා ද? ව්‍යවස්ථාව කියවා බලන්න. විධායක ජනාධිපති ක‍්‍රමය නම් උත්කෘෂ්ට තනතුර අහෝසි කිරීම තුනෙන් දෙකක බලයක් නොමැතිව කළ නොහැකි ය. කිසිවකුට තුනෙක් දෙක නමැති මැජික් සංඛ්‍යාංකය වෙත ළඟා විය නොහැකි වනු ඇත. සත්‍යය වටහා ගන්නවා විනා සිහින ලෝකවල ගිලී නොසිටිය යුතු ය. ජනාධිපති තනතුර දරන්නා තම ධුර කාලය අවසන් වන තෙක් එහි හිමිකරුවා ය. ජනතාව සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්ත ද ඒ ස`දහා තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා තෙක් එම තනතුරට පත්වීමට ව්‍යවස්ථාවෙන් අවසර නොලැබේ. ඇතැම් විට පසුබිමේ සිටින ඔහුගේ ආරක්ෂක මාතාව ඇගෙන් ගිලිහුණු බලය නැවත ලබා ගැනීම ස`දහා වෙනත් උපක‍්‍රමයක් කි‍්‍රයාත්මක කරනු ඇත.  දීර්ඝ කාලයක් මුළුල්ලේ දේශපානඥයන්ගේ පොරොන්දුවලින් පීඩාවට පත් ඔබ කිසි දිනෙක ඔවුන් කෙරෙහි විශ්වාසයක් නොතැබිය යුතු ය. ඔබ සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයකු නම් ඔබෙන් ම ඇසිය යුතු සරල ප‍්‍රශ්නයක් තිබේ. ඔබට වඩාත් විශ්වාස කළ හැකි නැඹුරුතාවක් ඇත්තේ් කවුරුන් කෙරෙහි ද? රනිල් වික‍්‍රමසිංහ ද නැතිනම් චන්ද්‍රිකාගේ සහාය ඇතිව හෝ නැතිව එන මෛති‍්‍රපාල සිරිසේන කෙරෙහි ද?


මා මිත‍්‍ර ජෝ ජේ. ඇතුළු බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට පැන නැඟී ඇති ප‍්‍රශ්නය වන්නේ  එක්සත් ජාතික පක්ෂය තරගයෙන් ඉවත් වීම මත නැවත චන්ද්‍රිකා යුගයක් කරා යාමේ වැදගත්කමත් තිබේ ද? යන්න ය. සිරිසේන ජනාධිපති වුවහොත් චන්ද්‍රිකා පසෙකට වී බලා නොසිටිනු ඇත. අධිකරණ තීන්දු මඟින් එළිදරව් වූ මහා පරිමාණ වංචා සහ සෘණාත්මක වර්ධන වේගයක් පැවැති කාලය මෙන් තවත් සය වසරක කාලයකට අප නැවත ගමන් කරනවා ද? යුද්ධය ජයග‍්‍රහණය කොට සාමය උදා වී රට සංවර්ධන මාවතට පිවිසී තිබුණ ද තවමත් ලෝකාපවාදයෙන් ගැලවිය නොහැකි වී තිබේ. කිසියම් ආකාරයකට රාජපක්ෂ පාලනය සෙලවීම සම්බන්ධයෙන්් එක් වරක් හෝ චන්ද්‍රිකාට ජනතා ප‍්‍රසාදය හිමි විය යුතු ය. මේ හේතුවෙන් රජයට බොහෝ දේ පිළිබ`ද ව හා එයට සම්බන්ධ පුද්ගලයන් පිළිබ`ද ව දැඩි ලෙස නැවත සිතා බලන්නට සිදු වී ඇත.


මතු බලාපොරොත්තු තබා ගත හැකි අපේක්ෂකයකුට වඩා තම අභිමතයට ගැලපෙන අයුරින් ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ජනතාව පුරුදුව සිටිති. ඔවුහු තමන්ට හො`ද යැයි හැෙඟන පුද්ගලයාට ඡුන්දය භාවිත කරති. 50 වසරක් මුළුල්ලේ ජන්ද බලය හිමි ජනතාව මෝඩයන් රැුලක් නොවේ. ඩාර්ලි පාරේ ඒ. සහ බී. නමැති විනාශකාරී කණ්ඩාම්වලට අවස්ථාව ලබා දී එක්සත් ජාතික පක්ෂය පසෙකට වී සිටීමට තීරණය කිරීම හේතුවෙන් ජනතාවට අත් වූයේ සීමිත අවස්ථාවකි. එක්සත් ජාතික පක්ෂය සීතල කාමරකට වී නිකම් බලා සිටින අතරතුර ඇතිවී ඇති ව්‍යාකූල තත්ත්වය මත, ජනතාව තමන් දන්නා යක්ෂයා තෝරා ගැනීමට තීරණය කරනු ඇත.


රනිල් වික‍්‍රමසිංහ සියල්ලන්ගේ සෙනෙහෙවන්තයකු නොවේ. ඔහු මහමඟ දරුවන් සුරතල් නොකරයි. මධුර භාෂණ හෝ ඔහු අපේක්ෂාවෙන් සිටින ජනතාව අතර තෙරපෙමින් මහජන සම්බන්ධතා ගොඩ නඟා ගැනීමේ සිහින ඔහු තුළ නොමැත. එහෙත් ඔහු බුද්ධිමත් සහ පිරිසුදු පුද්ගලයෙකි. රනිල් හෝ පේ‍්‍රමදාස හෝ කරු හෝ සම`ග සිරිසේන  හා චන්ද්‍රිකා තැබූ විට චන්ද්‍රිකා පසුපස පැමිණෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විවිධ අදහස් සහිත විවිධ චරිතයන් ය. ඔබ එක්සත් ජාතික පක්ෂයට ජන්දය දෙනවා නම් එය දිය යුත්තේ කා හට ද? ඔබගේ නිවසේ සිටින පුද්ගලයකු එළවා දැමීමට පිටතින් පුද්ගලයකු රැුගෙන එනවා ද?


අපේක්ෂකයකු ජනාධිපති තරගය ස`දහා බොහෝ කලක සිට සූදානම් විය යුතු ය. පුද්ගලයකු එක් රැුයකින් තෝරා ජනතාව අතරට තල්ලූ කොට රාජ්‍ය පාලනය ස`දහා ඔහු පත් කර ගැනීමට ඇති ප‍්‍රමුඛ සුදුසුකම වන්නේ වසර ගණනාවක් මුළුල්ලේ අපිරිමිත ප‍්‍රතිලාභ ලද තම පක්ෂයෙන් අවසන් මොහොතේ ඉවත් වීම ද?  පුද්ගලයකු තමා ඉදිරියේ ඇතිවිය හැකි  ප‍්‍රතිඵලය වටහා නොගෙන මේ මොහොතේ යසස පිළිබ`දව පමණක් සිතා තීරණ ගැනීම අසාධාරණ ය. මේ පිළිබ`ද ව ඔහු සිතා බැලිය යුතුව තිබිණි.


මෙය ජාතියකට ජීවිතයත් මරණයත් අතර සටනක් බ`දු වන අතර, මොහොතක මනෝ විකාරය නිසා රටකට සිදු විය හැකි විශාල වරදක් නිර්මාණය නොවීමට එම තීරණයට එළැඹුන දේශපාලන පක්ෂවල දැවැන්ත පරාවර්තනයක් අවශ්‍ය ය.  රටට අවශ්‍ය රටේ දිග පළල හ`දුනන, පක්ෂ ධුරාවලියේ උත්තේජනය මතින් ජයග‍්‍රහණය කරා ළඟා විය හැකි අපේක්ෂකයෙකි. ඒ ස`දහා අවශ්‍ය වන්නේ කුපිත වූ රටවලින් බන්දේසියක තබා පුදන මුදලට නැමෙන පුද්ගලයකු නොව දැඩි හදවතක් සහිත පුද්ගලයෙකි. ඔහුට  ඕපපාතිකයකු විය නොහැකි ය. යුද ජයග‍්‍රහණය ස`දහා ජනරාල්වරයා රට මෙහෙය වූ ආකාරය දුටුව ද බොහෝ දෙනෙක් ඔහුු වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට උනන්දු වූයේ නැත.  ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම මුළුතැන්ගෙයි කටයුතු ස`දහා කෝකියකු තෝරා ගැනීමක් වැනි කාර්යයක් නොවේ.


එක්සත් ජාතික පක්ෂය නැගිටවීම ස`දහා කෙරෙන අනතුරු හැඟවීමේ සංඥාව ප‍්‍රමාණවත් නොවේ. මේ වන විට ඝඨිකාව නැවතී ඇත. පක්ෂයට අවශ්‍යව ඇත්තේ කම්පන ප‍්‍රතිකාරයකි. අවශ්‍ය තරම් දක්ෂයන් පක්ෂ අභ්‍යන්තරයෙන් හමු නොවූ බව ඉහළ ස්ථරය ප‍්‍රකාශ කරයි. මේ පැරණි දැවැන්ත පක්ෂය ප‍්‍රථමයෙන් එක්සත් විය යුතු ය. දෙවනුව එය අව්‍යාජ ලෙස ම ජාතික විය යුතු ය. තෙවනුව හුදෙක් පක්ෂය නමැති බෝඞ් ලෑල්ලකට සීමා නොවිය යුතු ය.
ජනාධිපතිවරණයෙන් පසු එළඹෙන මහා මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට දෙවැනි අවස්ථාවක් උදා කර දෙයි. ඇතැම් විට කිසිදු පක්ෂයක් රජයක් පිහිටුවීම ස`දහා අවශ්‍ය වැඩි ඡුන්ද සංඛ්‍යාවක් ලබා නොගනු ඇත. මෙම විවරය තුළින් දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ මාවත සකසා ගැනීමට උත්සාහ ගනු ඇත. දකුණේ ඇත්තේ බෙදුණු දේශපාලනයකි. උතුරේ පිරිසේ උපක‍්‍රමය වන්නේ තමන්ගේ එක්ව බැ`දුණු දේශපාලන ක‍්‍රමයට ප‍්‍රතිවිරුද්ධ දකුණේ දේශපාලන ක‍්‍රමය අකර්මණ්‍ය කිරීමට ඔවුන්ගේ ජාතිවාදි නැඹුරුව තුළින් උත්සාහ ගැනීම ය. ජාතිය ගොඩ නැඟීමේ කි‍්‍රයාවලියේ දී දෙමළ ජනතාව ගලවා ගත යුතු වන්නේ දෙමළ ජාතික සන්ධානයෙනි. ඔවුන්ගේ අරමුණ සිංහල දෙමළ ජනතාව බේදභින්න කොට ඔවුන්ගේ දේශපාලන අරමුණ දිනාගැනීමට ය. පොදු පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් එකමුතුව මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස පත් වී රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත් වුවහොත් සුළු ජාතිකයන් තුළ වැඩි විශ්වාසයක් ඇති වනු ඇත.


වඩාත් වැදගත් විය හැක්කේ මහින්ද රනිල් එක්ව රට පාලනය කිරීම ය. ඒ ස`දහා අවශ්‍ය ව්‍යවස්ථාමය සංශෝධන සිදු කොට විදේශ කටයුතු හා මුදල් වැනි අමාත්‍යංශ එක්සත් ජාතික පක්ෂයට ලබා දී ආරක්ෂක සහ නගර සංවර්ධනය වැනි අමාත්‍යංශ එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ  තබා ගත හැකි ය. ජනාධිපතිවරණය අවසානයේ උවත් මේ සම්බන්ධයෙන් අපේක්ෂා තබා ගත හැකි වන අතර, මහා මැතිවරණයක් ස`දහා සූදානම් වීමට අවශ්‍ය නොවේ.  වර්තමාන පාර්ලිමේන්තුවේ ආයු කාලය තුළ එය සිදු විය යුතු ය. නැතිනම් මැතිවරණයෙන් පසු මතුවන තත්ත්වය මත සිදු විය යුතු ය.


ව්‍යවස්ථාවෙන් තහනම් කර ඇති පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුනට පක්ෂ මාරු කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් අධිකරණයට චෝදනා එල්ල වෙයි. එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් වැඩි පිරිසක් පක්ෂ මාරු කළ එම කාලයේ අධිකරණයටත් ඉහළින් බලයේ සිටියේ කවුරුන් ද? ව්‍යවස්ථාවට විවිධ අර්ථකථන දෙමින්  ඒ හා දේශපාලනය  වැද්දුම් කිරීමට උත්සාහ කළ බොහෝ අවස්ථාවල යුක්තිය ගබ්සා වූයේ ය. එවන් දේ කළ අය නැවත දිරච්ච ලණු දී නැවත පළා යනු ඇත.


අපේක්ෂාවෙන් සිටින්න. එහෙත් දිරච්ච ලණුවලට අසු නොවන්න.

 

(නීතීඥ ගෝමින් දයාසිරි ඬේලිමිරර් පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරිනි)

 

M

 

 



අදහස් (0)

මහින්ද-රනිල් සන්ධානයකට

සදුනි Friday, 05 December 2014 03:44 PM

ඉතා නිවැරදි අදහසක්.. (දී)

:       0       0

සුරුවන් Saturday, 06 December 2014 06:02 AM

හරවත් ලිපියක්. (නදී)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 06 December 2014 02:17 PM

ඔව් සමහරවිට ඔබලා කියන දේ හරියන්නත් පුළුවන් (දී)

:       0       0

ගයන් Saturday, 06 December 2014 03:09 PM

දැන් නම් උනුත් එකයි මුනුත් එකයි. රට ගැන හිතල දේශපාලනයට එන අය හොයාගන්න නැහැ දැන්. හරිම කණගාටුදායක අවස්ථාවක්. (නදී)

:       0       0

සත්‍යයා Sunday, 07 December 2014 04:32 AM

චන්ද්‍රිකා වැරදි කළා කියල මෛත්‍රීට දඬුවම් කරන්න යෝජනා කරන මිනිස්සු ඇත්තවශයෙන්ම දේශපාලන කුහකයෝ. එසේනම් ජේ.ආර් සහ ප්‍රේමදාස වැරදි කළ නිසා රනිල් ට හෝ ඒ පක්ෂයේ අනුප්‍රාප්තිකයකුට බලයට ඒමට අයිතියක් නැත. රටේ ජනතාව පෙළා එදා සූරන් කෑ සහ අද සූරා කමින් ඉන්න අයට ජීවිත පරිත්‍යාග කර හෝ බලය ලබා දෙන්න ජනතාවට රුදාවක් නැහැ. ජනතාවට අවශ්‍ය වර්තමාන සකල විධ ව්‍යාසන වලින් මිදුන යහපාලනයක්. යකෙක් ඇවිත් හෝ ඒ වෙනස කරනවා නම්, ඔහුව දෙවියෙකු සේ පිළිගන්න තරම් අසරණ වී ඇති මොහොතක බොර දියේ මාළු බාන්න උත්සාහ කිරීම ඇත්තෙන්ම පිළිකුල් සහගතයි. (බ)

:       0       0

ධර්මේ Sunday, 07 December 2014 01:02 PM

කදුළු එපා මගේ රටට සුසුම් එපා මගේ රටට (නදී)

:       0       0

ලංකා Monday, 08 December 2014 04:26 PM

විධායක ජනාධිපති ක්‍රමය ඇති කියලා කියන අය‍ට අමතකවෙලා,ලංකාවේ අවුරුදු තිහක සටනක් තිබුනා කියලා. ඒක අවසන් කළේ විධායකයට පින්සිද්ධ වෙන්න (නි)

:       0       0

සාමා Monday, 08 December 2014 04:53 PM

ලංකාවේ දේශපාලනය යනු මඩගොරුවකි. ඇමරිකානු ජනපතිටවත් නැති බලයක් ලංකාවේ ඇත. එය පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයට කොහෙත්ම හොඳ නැත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site