X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මාදම්පේ සේනානායක විදුහලේ කෝටි 4 ක් බහිරවයා ගිල්ලාද?

හලාවත මාදම්පෙ සේනානායක ජාතික පාසලේ රුපියල් කෝටි 4 ක පමණ වියදමින් ඉදිකළ පිහිනුම් තටාකය ප්‍රයෝජනයක් නොගෙන වසර තුනකට අධික කාලයක් තිස්සේ විනාශ වෙමින් පවතින බව විද්‍යාලයීය ජ්‍යෙෂ්‍ඨ ආදි ශිෂ්‍ය සංගමය පවසන බව සඳහන් පුවතක් සේයාරුවක්ද සමගින් අප පුවත්පත ඉකුත් දිනෙක වාර්තා කළේය. පාසල් දූ පුතුන්ගේ ප්‍රයෝජනයට ගත හැකි මෙම පිහිනුම් තටාකය මදුරුවන්ගේ සහ ගෙම්බන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති බව ද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

අප රට වටකොට මහ මුහුදය. වැව් අමුණු ගංඟා ඇළ දොළ රට අභ්‍යන්තරයේ ඕනෑ තරම්ය. එහෙත් අප රටේ පුරවැසියන් කී දෙනකු දියේ ගිලී මිය යන්නේ දැයි සංගණනයක් කළ යුතු තරම්ය. මේ මහා සම්පත්වලින් ප්‍රයෝජනයක් ගත්තේ නම් හෝ ගන්නේ නම් අකාලයේ දිය රකුසාට බිලිවීමට සිදුවන්නේ නැත. එමෙන්ම මේ මහා සම්පත්වලින් ප්‍රයෝජනයක් ගත්තේ නම් පිහිනුම් තරග ඉසව්වෙන් අපට ජාත්‍යන්තරය පවා දිග් විජය කළ හැකිය. එහෙත් එවැන්නක් සිදුවන්නේ ද නැත. රට සැරසිය හැකි සම්පත්වලින් නිසි ප්‍රයෝජන නොගෙන අපි අලසකමින් කාලය ගෙවා දමන ජාතියක් බවට පත්ව සිටිමු.

මාදම්පෙ සේනානායක ජාතික පාසලේ පිහිනුම් කටාකයට අත්වී තිබෙන්නේ ද එම ඉරණමමය.
මෙරට උප නූපන් දරුවෝ ලෝකයට ණයකාරයෝ වී සිටිති. යථාර්ථය එයය. එසේ ණයකාරයන් බටට පත්ව සිටින්නේ ​ලෝකයෙන් ණය ගත් හෙයිනි. ඒ ගත් ණයට සිදුකර ඇති දේ සම්බන්ධයෙන් විවේචන පවතී. ඒ ගත් ණය සොරා නොකෑවේ නම් නාස්ති නොකළේ නම් වංචාවට දූෂණයට බිලි නොදුන්නේ නම් අප රටට මෙලෙස ණය සාගරයක ගිලෙන්නට සිදුවන්නේ නැත. මාදම්පේ සේනානායක ජාතික පාසලේ පිහිනුම් තටාකයට වැය කර ඇති මුදල රුපියල් කෝටි 4 කි. මේ ජාතික ධනය වේ. එහෙත් ජාතික ධනය වැයකර පාසලක ඉදිකළ පිහිනුම් තටාකය වැඩකට ගත නොහැකි තත්ත්වයක පවතී. එය එසේ සිදුවී තිබෙන්නේ එහි ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නයක් නිසාය. ජාතික ධනය නාස්ති කර තිබෙන්නේ එසේය.

මෙම පිහිනුම් තටාකය සිසු අයිතියට පවරා තිබෙන්නේ 2013 වසරේ ජුලි 29 වැනිදාය. ප්‍රධාන ආරාධිත අමුත්තා එවකට ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරූ මහින්දානන්ද අලුත්ගමගේ මහතාය. එදින එම පිහිනුම් තටාකයෙ ජලය අවපැහැ ගැන්වී තිබී ඇත. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා බලධාරීන්ට දෝෂාරෝපනය කර ඇති බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

පිහිනුම් තටාකය විවෘත කර දින 27 කට පසුව තටාකයෙ මෝටර් කාමරයට ජලය කාන්දුවන බව හඳුනාගෙන එය ඉදිකිරීම් කළ සමාගමට දැනුම් දී ඇත. ඒ අනුව එය අලුත්වැඩියා කර නොවැම්බර් 5 වැනිදා යළිත් පාසලට බාර දී ඇත. එහෙත් නැවතත් මෝටර් කාමරයට ජලය කාන්දුවීම නිසා 2014 වසරේ අප්‍රේල් 17 වැනිදා වසා දැමුණු තටාකය ඉදිකිරීම් සමාගම විසින් නැවත අලුත්වැඩියා කර වසර හතරකට පසු 2018 ඔක්තෝබර් 10 වැනිදා පාසලට බාර දී ඇතත් යළිත් ජලය කාන්දු වීම ඇරඹී තිබේ.

ඉදිකිරීම් සමාගමේ ප්‍රමිතිය කෙසේ දැයි වටහා ගැනීමට අසීරු නැත. රාජ්‍ය දේපොළ බොහෝ විට අවජාතක දරුවකු බඳුය. නිසි බලධාරියකු නැත. එහෙයින් තමන්ගේ දෙයකට මෙන්  ගැඹුරු අවධානයක් යොමු කරන්නේද නැත. ඉදිකිරීම් සමාගම් ද ඒ බව දනී. එහෙයින් බොහෝ කොන්ත්‍රාත්කරුවෝ ප්‍රමිතිය ගැන නොසිතා උඩින් පල්ලෙන් වැඩ කරති. මෙම පිහිනුම් තටාකය එයට කදිම උදාහරණයකි.

මෙම ඉදිකිරීම් සමාගම පිහිනුම් තටාකය අලුත්වැඩියා කිරීමටද මුදල් අය කර ඇතැයි සිතිය හැකිය. ඒ අනුව ඉදිකිරීමටත් අලුත්වැඩියාවටත් දෙකටම මුදල්ය. ජාතික ධනය නාස්තිවන්නේ එසේය. උපනූපන් පරම්පරාවන් ලෝකයට ණය කාරයන් වී සිටින්නේ එසේය.

විදුහලේ ජ්‍යෙෂ්‍ඨ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.ඩබ්ලිව්. ජයවර්ධන මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මෙම පිහිනුම් කටාකය විවෘතව තිබු කාලයේ දරුවන්ගේ පුහුණුවීම් මෙන්ම පිහිනුම් තරග පවා පවත්වා ඇති බවත් එහෙත් වසර තුනක් පුරා කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පැත්තකට දමා තිබෙන බවත්ය. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා පවසන්නේ මෙම පිහිනුම් තටාකය පිළිබඳව සොයා බලා කඩිනමින් පිළියම් යෙදීමට බලාපොරොත්තු වන බවය.

සෑම පාසලකම පිහිනුම් තටාක නැත. එමෙන්ම පිහිනුම් තටාකයක් තිබීම එම පාසලේ පෞඪත්වය හා අලංකාරය ඔප් නංවන්නකි. එම පාසලේ දරුවන්ට පමණක් නොව වෙනත් පාසල්වල දරුවන්ට ද මෙම පිහිනුම් තටාකයෙන් ප්‍රයෝජන ගත හැකිය. එහෙයින් මෙම සම්පත විනාශවී යාමට ඉඩ නොදී අලුත්වැඩියා කර සිසු අයිතියට පත්කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. එමෙන්ම මෙහි ඉදිකිරීම් කටයුතුවල දී යම් අක්‍රමිකතා සිදුවී තිබේදැයි පුළුල් විමර්ශනයක් කර වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුය.

(***)

 



අදහස් (1)

මාදම්පේ සේනානායක විදුහලේ කෝටි 4 ක් බහිරවයා ගිල්ලාද?

Nimal Wednesday, 13 October 2021 01:10 PM

අනේ අපොයි කියන්න තමයි වෙන්නේ. නිලධාරීන් ගසාකාලා ශුවර් එකටම. පුරවැසියෙක් වශයෙන් ඉතා කණගාටුවෙමි...

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site