ප්‍රකට මාධ්‍යවේදියකු සහ සාහිත්‍යකරුවකු වූ අභාවප්‍රාප්ත සිරිල් ඒ සීලවිමල මහතාගේ එකොළොස් (11) වැනි ගුණ සමරුව අදට (04) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
වර්ෂ 1930 ඔක්තෝම්බර් මස 29 වැනිදා පන්නල සඳලංකාවේ ඉරබඩගම දී උපත ලැබූ සිරිල් ඒ සීලවිමල මහතා කඳන්ගමුව මහා විද්‍යාලයේ පාදක කොට ප්‍රාථමික හා කනිෂ්ඨ අධ්‍යාපනය ලැබීමෙන් පසුව සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙනින් උසස් හා පශ්චාත් අධ්‍යාපනය ලබා ගත්තේය.
ඔහුගේ භාවමය චින්තනය මුවහත් කර ගැනීමේ බිහිදොර වූයේ ආරියරත්න කහවිට කර්තෘත්වය හෙබ වූ ‘‘කලා සිනමා’’ සඟරාවට සමසේ දායක වීමට අවස්ථාව උදාවීම තුළිනි.
එහි ප්‍රතිඵලය වූයේ ඒ තුළින් ඔහුට සිය අනාගත මාවත සිනමා ක්ෂේත්රය හරහා බොහෝ දුරට ස්ථාවර කර ගැනීමට මංපෙත් විවර වීමය.
මේ සොඳුරු මිනිසාගේ හදවත තාරුණ්‍යයට මහඟු තෝතැන්නක් විය. ඔහුගේ සරණින් සහ මඟ පෙන්වීමෙන් කලා ලොව ජයගත් බොහෝ දෙනෙක් අද ජාතික මාධ්‍ය ආයතන පෞද්ගලික සන්නිවේදන නිකේතන සිනමා විකාශන ආදී සොඳුරු තැන් බබළවමින් ශිල්ප දක්වති.
1960 දශකයේ මැද භාගයේ දී පමණ ලංකා චලන චිත්‍රයට ද සම්පත් දායකයකු ලෙස සම්බන්ධවීමට ද ඔහු වාසනාවන්ත විය. ගුණසේන සමාගම හා එක්ව දවස පුවත් පත හා අත්වැල් බැඳ ගැනීමෙන් ජාතික තලයේ පුවත්පත් කලාවේදියෙක් බවට පත්විය.
ක්‍රම ක්‍රමයෙන් සිනමා කලා ක්ෂේත්‍ර ඔස්සේ ජාතික පුවත්පත් හා එක්වුණු සීලවිමලයන් එවකට ලංකාවේ පෘථුල ලෙස ජනගතව ව්‍යාප්තව තිබු චිත්‍රපට කලාවට ද ප්‍රවිෂ්ට වීමේ අවස්ථාව හිමිකර ගත්තේය.
එවක ගායක ගායිකාවෝ රාශියක්ම සීලවිමලයින් අතින් ලියැවුණු මිහිරි ගීත ගායනා කළහ.
සුදෝ පොඩ්ඩක් අඬන්න, මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්, හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි, මෝහෙන් මුලාවෙලා, මෙත්මල් පිබිදේවා, ළිඳෙන් වතුර බීලා, ගල්කිස්සේ මුහුදු වෙරළේ, සන්සුන් රුවන් හද මන්දීරේ, දෝතින් දෝතයි, උපන් දිනය ළඟ එන හින්දා, ජන්ම භූමි වන්දනා, දිලි දිලි දිලිසෙන එළියක් වැනි ඔහු ලියූ චිත්‍රපට හා ගුවන් විදුලි සරල ගීත රාශියක්ම වත්මනෙහි පවා ජන විඤ්ඤාණයෙහි රැඳී පවතී.
වරෙක ඔහු දිනපතා දවස හා ඉරිදා රිවිරැස යන පුවත්පත් දෙකෙහිම ප්‍රධාන කර්තෘත්වය දැරුවේය.
සීලවිමලයන් එදා ගුවන් විදුලි මහගෙදර තුළින් සපත කළ නිර්මාණ ප්‍රතිභාව අදටත් අප සිත්හි රැඳී පවතී. එදා ගුවන් විදුලි පරිශ්‍රය තුළ වියත් කලාකරුවන් හා නිබඳ මුණගැසුණු ඔහු දිනපතා, සතිපතා හා මාසිකව ඉදිරිපත් කළ වැඩසටහන්වල මිහිරියාව අදත් සිහිපත් කරනුයේ හදපිරි සන්තෝෂයෙනි.
සිරිල් ඒ සීලවිමල නම් වූ මේ සොඳුරු මිනිසාට අපි නිවන්සුව ප්‍රාර්ථනා කරමු.
(***)
කලාභූෂණ
ඩබ්ලිව්.කේ. සරත් විමලසිරි
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාධ්‍යයත් කලාවත් එක්කළ සිරිල් ඒ. සීලවිමල