වත්මන් ලොවට මායා ශිෂ්ටාචාරය පිළිබඳව අලගිය මුලගිය තැන් සොයන්නට හේතු වූයේ 2012 වර්ෂයේ ලෝක විනාශය පිළිබඳව මුල්වුණ මායා දින දර්ශනයක් නිසාය. ලොව නන්දෙස රටවල් මායා දින දර්ශනය පිළිබඳව මිථ්‍යාවූද සත්‍ය වූද විශ්ලේෂණයන් ගෙන එද්දී එම ශිෂ්ටාචාරයේ නොදුටු පැතිකඩ ද හාරා අවුස්සන්නට විණි. ලෝක විනාශ කතාවට පෙර සිටම මේ පිළිබඳව කාරණා ලොවට හෙළිකරගෙන තිබුණ මුත් කාගේත් අවධානය මේ අසිරිමත් ශිෂ්ටාචාරයට යොමු වූයේ 2012 වසර ආරම්භයේ සිටය. මායාවරුන්ගේ මායා ලෝකය පිළිබඳව ගවේෂණයක යෙදුණ ඇමෙරිකානු ජාතික පුරාවිද්‍යාඥ -එඞ්වර්ඞ් හර්බට්” විසින් මෙම ශිෂ්ටාචාරයේ අප‍්‍රකට බොහෝ දේ ලොවට දායාද කළේය. මධ්‍යම ඇමෙරිකාවේ උත්තර යුකැටන් ප‍්‍රදේශයේද, හොන්ඩියුරාස් හි කෝපන් ප‍්‍රදේශයේ සහ ගෝතමාලාවේ ටිකල් සහ ඉක්ස්කැන් ප‍්‍රදේශ අතරද මායාවරුන්ගේ ශිෂ්ටාචාරය මුල් බැසගෙන තිබුණි. එදා ඔවුන් සතු වූ ආර්ථික සාමාජික, භෞතික සහ අධ්‍යාත්මික වශයෙන් කරන ලද ගවේශන ඇසුරින් පුරා විද්‍යාඥ එඞ්වර්ඞ් හර්බට් විසින් ලබාගත් යටගිය තොරතුරු අතර ඔවුන්ගේ යාග හෝම වලට විශේෂ ස්ථානයක් දුන්නේ ලොව වෙනත් සිරිතක එවැන්නක් දක්නට නොලැබුණ නිසාය. ඒ අනුව තම වරිගයේ අධ්‍යාත්මික සුවතාවය සහ සංසාරික විමුක්තිය වෙනුවෙන් නොකැලැල් රූමත් නව යෞවන තරුණියන් දහස් ගණනක් බිළිදුන් අභිරහස් විලක් පිළිබඳවද ඇතිතතු ඔහු ලොවට මතුකර දුන්නේය. මායා මානව සනුහරේ මතු දියුණුව පැවැත්ම සහ අපේක්ෂා සඵලත්වය වෙනුවෙන් ඉටුකරන ලද මෙම බිලි පූජා විධි මොහෙන්දොජාරෝ හරප්පා හෝ නයිල් නදීබඩ ශිෂ්ටාචාරයන්ගේ දක්නටම නැති තරම්ය. මහ වනාන්තරයක් මධ්‍යයේ පිහිටි පූජනීය දෙවොලක් වෙත ගෙනයන රූමත් තරුණියන් යාගයකින් පසු ඒ ආසනයේ ඇති ගැඹුරු විලකට තල්ලූ කොට දියේ ගිල්වා මරා දමා කළැයි පිළිගත හැකි අරුම පුදුම බිලි පූජාවක් පිළිබඳව පුරාවිද්‍යාඥ එඞ්වර්ඞ් හර්බට්ගේ වාර්තාවේ සැකෙවින් දැක්වෙයි. එය ඉතා චමත්කාර ජනකය. විස්මිතය. ඇස් අදහා ගත නොහැකිය. මායා ශිෂ්ඨාචාරය පිළිබඳව එතෙක් මධ්‍යම ඇමෙරිකාවේ ජනතාව අතර පැවතියේ කිසිදා නොදුටු ප‍්‍රවාදයක් පමණය. මේ ප‍්‍රවාදය තුළ මායා වරුන්ගේ කන්‍යා බිලිපූජා පැවැත්වූ දෙවොලක් පිළිබඳවද කියැවිණි. එඞ්වර්ඞ්ගේ අභිප‍්‍රාය වූයේ මෙම අපූරු බිලි පූජාවට කේන්ද්‍ර වූ දෙවොල සොයා එය ගවේෂණය කරන්නටය. මේ මා හැඟි ගවේෂණය සඳහා ඔහුට උදව් උපකාරයට හිටියේ එකම එක ඉන්දීය ජාතික තරුණයෙකු පමණි. ඔහුගේ උපකාර මත මායා ශිෂ්ටාචාරය විකාශනය වූ කඳු මුදුන සොයා දහසක් බාධක මැද ගමන් ඇරඹිණි. රැයක් දවාලක් ගැන නොතකමින් සිය ඉලක්කය සඵල කරගන්නට සඳ ඇති රාත‍්‍රීවල පවා ඔවුන් ගවේෂණය කළහ. ජනකතා ගොන්නක එක් සංසිද්ධියකට පමණක් පාදක වූ කන්‍යා දෙවොලම අරමුණ විය. තවත් රැයක් උදාවූයේ ඔවුන්ට වාසනාව පෙන්වමිනි. එඞ්වර්ඞ් හර්බට් හට ඉබේම කෑ ගැසුනේය. අන්න අන්න ගල්කණු පෙළක්...? දිළිසෙන ගල් උලූවහු එකක්...? බැබලෙන සඳ එළිය මැද පසුදිනට හිරු ළඟාවනතුරු ඔවුහු කැඞී බිඳී ගිය නටබුන් ගොඩක් මධ්‍යයේ නවාතැන් ගත්හ. ගෙවෙන රැය පුරා විද්‍යාඥයාට මහා දිග එකකි. ඉන්දියානු ජාතික තරුණයා වසර දහස් ගණනක අතීත ශ්‍රී විභූතිය කියා පෑ ශිෂ්ඨාචාරයක නටබුන් මත සුව නින්දේය. පසු දින හිමිදිරි උදයේම ඔවුන් දෙවොලෙහි සැබෑ නටබුන් දෙ ඇසින් දැක ගත්හ. තවත් අඩි සියයකට වැඩි නෑ උසක් තරණය කළ ඔවුන්ට දැකගන්නට ලැබුණේ අපූරු දේවල්ය. වසර දහස් ගණනකට පෙර පැවැති ගෘහ නිර්මාණ ශිල්පය ශෛලමය ඉදිකිරීම් කැඩුණු නොකැඩුණු ගල්පඩි පෙළවල් අතර අතීත ශ්‍රී විභූතියේ සුවඳ ද සැබෑවට දැනින. මේ සියල්ල අතරින් එඞ්වර්ඞ් හර්බට් පුරාවිද්‍යාඥයාට වුවමනා වූයේ එතෙක් ජන කතාවකට පමණක් සීමා වූ කන්‍යාවන් බිලි පූජා කළ අරුම පුදුම විළ සොයා ගන්නටය. ගවේෂණය නිමාව දුටු එක් දිනක් ඔවුන්ට මෙම දෙවොල යයි විශ්වාස කළ හැකි අලංකාර නටබුන් වී ගිය ගොඩනැගිල්ලක් දැකගත හැකිවිය. තව තවත් ඊට සමීප වූහ. දක්නට ලැබුණේ දෙවොලේ සිට වනය හරහා පහළට විහිදී ගිය ගල්පඩි පෙළකි. අරමුණ ඉටුවූවා සේය. ඔවුන් ඒ දෙසටම බැස ගියහ. පඩිපෙළ අවසානයේ මායා ශිෂ්ටාචාරයේ ජන ප‍්‍රවාදයට එක්වූ විටෙන් ඉට්සා පෙදෙසෙහි ඇති අභිරහස් විල දැකගත හැකිවිය. විටෙන් ඉට්සා විල අසබඩ මුදුනට වන්නට කන්‍යා දෙවොලේ පියස්ස තිබිණ. එම පියස්සෙහි සිට විල දෙසට පහළ බැලූ කළ විශාල අගාධයකි. අති බිහිසුණුය. එදා මායාවරුන් නොකැලැල් තරුණියන් විලට හෙළා මරා දමන්නට ඇත්තේ මෙම පියස්සේ සිට යැයි පුරාවිද්‍යාඥ එඞ්වර්ඞ් අනුමාන කළේය. දැන් සියලූ කාරනා හරිය. කළ යුතු දේ කළ හැකිය. කළ යුත්තේ බරපතළ ගවේෂණයකට අවශ්‍ය බරපැන සොයා ගැනීම පමණය. මායා ශිෂටාචාරයේ ජන කතාවකට පමණක් සීමා වූ විටෙන් ඉට්සා විල සහ දෙවොල සොයා ගත්තද මෙය තවදුරටත් ගවේෂණය කිරීම සඳහා විශාල මුදලක් සොයා ගැනීමේ අටියෙන් එඞ්වර්ඞ් හර්බට් සිය සගයාද සමග වොෂින්ටන් බලා පිටත් විය. එක්සත් ජනපද පුරාවිද්‍යා සංගමයට ගිය එඞ්වර්ඞ් එහිදී දෙසුමක් පවත්වමින් මායා ශිෂ්ටාචාරයේ කන්‍යාවන් බිලි දුන් අභිරහස් විල සොයාගත් නමුත් එය ගවේෂණය කිරීමට මුදල් නොමැති බැවින් කිසියම් ආධාරයක් උපකාරයක් ඉල්ලා සිටියේය. ගවේශන වාර්තා පවා නිදර්ශන සේ ඉදිරිපත් කළද පුරාවිද්‍යා සංගමය ඊට යහපත් ප‍්‍රතිචාරයක් දැක්වූ බවක් පෙනෙන්නට නොවීය. මේ කිසිවකින් පසුබෑමකට ලක් නොවුණ පුරා විද්‍යාඥ එඞ්වර්ඞ් රටපුරා සම්මාදමෙහි යෙදෙමින් මෙම කාර්යයට මුදල් හම්බකර ගත්තේය. ඇතැමුන් ඒ වනවිටත් කීවේ එඞ්වර්ඞ්ගේ කාළේ ඉවර වෙලා මැරෙන්න යනවා වෙන්නැති කියාය. මේ සියල්ලටම සැලූණේ ඔහු නොවේ. මානව සංහතිය වෙනුවෙන් ඔහු ඔහුගේ කාර්යය අකුරටම ඉටු කරමින් සිටියේය. අරමුණ සාක්ෂාත් කරගනිමින් අවශ්‍ය මුදල් උපයාගත් ඔහු නැවතත් මායා ශිෂ්ටාචාර අඩවියට යෑමට සූදානම් වුණේ කන්‍යාවන් බිලිදුන් අභිරහස් විළෙහි කිමිදීම සඳහා අවැසි කිමිඳුම් කට්ටල ද ඒ හා සම්බන්ධ උපකරණ ද සපයා ගනිමිනි. එපමණක් නොව පුරාවිද්‍යාඥ එඞ්වර්ඞ් හර්බට් අති දක්ෂ කිමිඳුම් කරුවෙකු වීම තුළ මේ අපූරු ත‍්‍රාසජනක ගුප්ත ජනක විල ගවේෂණය කිරීම වාසනාවක් බවත් සිතුවේය. කන්‍යාවන් බිලිදුන් අභිරහස් විලෙහි ගැඹුරුම ස්ථානය අඩි 80 ක් බවට සොයාගන්නා ලද්දේ ඊයම් බරු ගැටගැසූ නූල් පන්දු විලෙහි ගිල්වමිනි. එසේම මිනිසුන්ගේ හැඩරුවට හා බරට සමාන පරිදි දැවයෙන් මිනිස් රූප කපා කඹ වල බැඳ දෙවොලේ මුදුන් පඩිපෙළේ සිට ඒවා විලට විසි කිරීමෙන් එදා තරුණියන් බිලිදීමේදී වැටෙන්නට ඇති තැන් සොයා ගන්නා ලදී. මූලික වශයෙන් එසේ පර්යේෂණ ඇරඹූ පුරාවිද්‍යාඥ එඞ්වර්ඞ් හර්බට් දෙවැනි අදියර යටතේ අභිරහස් විලෙහි පතුලටම කිමිදී පර්යේෂණ කිරීම ඇරඹීය. තම උදව්වට පැමිණි සෙසු අයගේ උපකාරයෙන් දිනෙන් දිනම විලෙහි මඩ ඉවත් කරමින් ඒවා පුලූස්සා දැම්මේය. නරබිලි සමග විලට දැමූ සුවඳ විළවුන් ගැන සාර්ථක තොරතුරු අනාවරණය කර ගැනීමට ඔහුට හැකිවූයේ මෙම මඩ පිළිස්සීමේදී ඇතිවූ සුවඳෙනි. දින කීපයකට පසුව ගෝනෙකුගේ ඇටසැකිල්ලක් දුටු එඞ්වර්ඞ් එය නිගමනය කළේ දිය බීමට ආ ගෝනකු පය ලිස්සීමෙන් ඇද වැටී විලේ පතුලටම ගිය බවයි. එයද වසර සිය ගණනාවකට පෙර විය හැකිය. පර්යේෂණයේ නිමාව අතේ දුරය. ඔහුගේ පරිශ‍්‍රමය අතිසාර්ථකය. කැණීම් සහ සෙවීම් අවසන ඔවුන්ට මිනිස් ඇටසැකිලි සියගණනක්ම විළ පතුලෙන් ගොඩ ගැනීමට හැකිවිය. පුදුමය නම් ඒ හැම ඇටසැකිල්ලක්ම තරුණියන්ගේ වීමය. ඒ බව පසුව කරන ලද පර්යේෂණ වලින් අපූරුවට හෙළිවිය. එපමණක් නොව එදා පැළඳි කාන්තා ආභරණ දහස් ගණනක්ද සුවඳ විළවුන් බඳුන් විශාල ප‍්‍රමාණයක්ද මෙම ගවේශනය තුළින් ගොඩ ගැනීමට ඔවුහු සමත් වූහ. තවත් සුවිශේෂ අත්දැකීමක්ද ඔවුහු ලැබූහ. ඒ මෙම දහස් ගණනක් වූ කාන්තා ඇටසැකිලි අතර එකම පුරුෂ ඇටසැකිල්ලකුත් වීමය. පුරා විද්‍යාඥ එඞ්වර්ඞ් හර්බට්ගේ නිගමනය වූයේ තරුණියන් බිල්ලට දීම සඳහා විළට තල්ලූ කිරීමේදී දෙවොල භාර පූජක වරයාද පය පැටලී ඒ සමගම විල පතුළට ගිය බවයි. මේ මහා ගවේෂණයෙන් පසු ආදි යුගයෙක මායා ශිෂ්ටාචාරයේ වසන් වී ගිය අරුම පුදුම කන්‍යා බිලි පූජාවක් පිළිබඳව ලොවට හෙළිදරව් කරදීමට හැකි විය. එපමණක් නොව එදා කාන්තා ආභරණ වර්ග සුවඳ විලවුන් හා මානවයාගේ ප‍්‍රමාණද බෙහෙවින්ම නිර්ණය කරගැනීමට ඉවහල් වූයේය. මෙයට වසර දහස් ගණනකට පෙරාතුව දිවිගෙවූ අති ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයකට නෑකම් කී මායාවරුන්ගේ පරපුරේ අය අදත් මධ්‍යම ඇමෙරිකාවේ ගෝතමාලාවේ ජීවත්වෙති. පිරිස වශයෙන් ගතහොත් 1500-2000 ත් අතර ගණනකි. ඔවුන්ගේ ආදිතමයන් පිළිබඳව උදම් අනති. එය ඉතාමත් සාධාරණය. ඔබත් කෙදිනක හෝ ඇමෙරිකාවට ගිය දිනෙක මධ්‍යම ඇමෙරිකාවේ ගෝතමාලාවට යන්නේ නම් මේ අසිරිමත් ශිෂ්ටාචාරය මෙන්ම තරුණියන් බිළිගත් විල සහ තරුණියන්ගේ ඇටසැකිළි ද දැකගත හැකිවන්නේ ඇමෙරිකානු ජාතික පුරාවිද්‍යාඥ එඞ්වර්ඞ් හර්බට් විද්වතානන්ට පින් සිදුවන්නටය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මායා සුරූපිනියන් බිලිදුන් අභිරහස් විළ
දිල්කි Saturday, 15 December 2012 06:02 PM
ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි ලංකාදීප ! (නි)
ප්‍රියන්ත Thursday, 13 December 2012 11:33 PM
නියමයි. (නි)
මොහොමඩ් Friday, 14 December 2012 01:09 AM
ඉතාමත් වටිනා ලිපියක්. (නි)
ප්‍රදීප් Friday, 14 December 2012 04:20 AM
නියම ලිපියක්
මල්කි Friday, 14 December 2012 11:47 AM
මේ වගේ ලිපි ඉදිරිපත් කරල අපිව දැනුවත් කිරීම ගැන ස්තූතියි !! (නි)
සිරිල් Friday, 14 December 2012 04:29 PM
ඇත්තටම මේක තමයි පුවත්පතක නියම වගකීම. එය නිවැරදිව ඉටුකිරිම නිසයි ලංකාදීප චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නේ. (නි)
ගයාන් Friday, 14 December 2012 08:49 PM
බයත් හිතෙනවා (දී)
මංජුල Friday, 14 December 2012 11:45 PM
ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි ලංකාදීප. මෙවන් දේවල් තවත් ඉදිරියට කරගෙන යාමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
නන්දනී Saturday, 15 December 2012 09:58 AM
ඉතාමත් වටිනා රසවත් ලිපියක්. ස්තූතියි ලංකාදීප ! (නි)
බුද්ධිනි Saturday, 15 December 2012 12:10 PM
ඉතාමත් වටිනා ලිපියක්. (නි)
පියුමි Saturday, 15 December 2012 03:25 PM
ඇත්තටම හොද ලිපියක් (දී)
අජිත් Thursday, 13 December 2012 08:09 PM
වැරදි අදහස් වලින් හිස් උදුම්මාගෙන සිටින අපේ පාඨකයින්ට මේ ලිපියෙන් නිවැරදි දැක්මක් ලැබෙයි. (නි)
සිංහයා Saturday, 15 December 2012 07:39 PM
හොද ලිපියක් තමයි මේක (දී)
ලයනල් Saturday, 15 December 2012 07:39 PM
වටිනා ලිපියක් (දී)
සරත් Sunday, 16 December 2012 04:31 AM
විජය රජුගෙන් එහාට ගිය අපේ ඉතිහාසය ගැන ගවේෂණ කරන්න කෙනෙක් නැද්ද? (නි)
ලක්මාල් Sunday, 16 December 2012 05:01 PM
ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි ලංකාදීප ! (නි)
කමල් Sunday, 16 December 2012 07:28 PM
නියම කතාව මේක (දී)
ශ්‍රියාණි Monday, 17 December 2012 05:57 PM
ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි ලංකාදීප ! (නි)
උදුගොඩ Monday, 17 December 2012 06:14 PM
ගවේෂණයට සහ ලිපිය පළකරපු ලංකාදීපයට ස්තූතියි. (නි)
අසන්ක Thursday, 20 December 2012 11:11 AM
අනේ පවු. ලස්සන කෙල්ලෝ වෙන්න ඇති නේද? (නි)
රංජන Friday, 21 December 2012 08:44 AM
ඇත්තෙන්ම ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි ලංකාදීප !! (නි)
නාලක කුමාර Tuesday, 11 December 2012 02:45 PM
ඉතා වැදගත් ලිපියක් , බොහොම ස්තූතියි(නු)
සුපුන් Sunday, 09 December 2012 06:30 PM
නියමයිනේ (ස)
මෙත්සර Monday, 10 December 2012 10:20 AM
ලෝකේ රටවල් 10 පාලනය කරලා තියෙන්නේ අපේ රාවනා රජු (දී)
නිමල් Monday, 10 December 2012 10:21 AM
අපේ රාවනා රජුට ඔක්කොම යටයි (දී)
සුප්රා Monday, 10 December 2012 07:13 PM
මේ වගේ ලිපි ඉදිරිපත් කරලා අපිව දැනුවත් කිරීම ගැන ස්තූතියි !! (නි)
චින්තක Monday, 10 December 2012 07:42 PM
ඉතාම හොදයි. ලංකාදීප, ඔබට ස්තූතියි! (නි)
අසිරු Monday, 10 December 2012 08:05 PM
පවු අහිංසක කෙල්ලො ටික. (නි)
සෝමා Monday, 10 December 2012 11:14 PM
නිර්භය මිනිසුන් නිසා සැගවුණු කොපමණ දේ සොයාගත හැකිවේවිද? ඔබට ස්තූතියි. (නි)
දේවා Tuesday, 11 December 2012 06:25 AM
ඉතා වැදගත් ලිපියක්. බොහොම ස්තූතියි. (නි)
සුමංගල හිමි Tuesday, 11 December 2012 09:47 AM
ඉතාම හොද ලිපියක්. (නි)
පුබුදු Sunday, 09 December 2012 06:12 PM
ඉතා වැදගත් ලිපියක් , බොහොම ස්තූතියි (ස)
නාලක Tuesday, 11 December 2012 02:40 PM
ඉතා වැදගත් ලිපියක් , බොහොම ස්තූතියි. (නි)
චින්තන Tuesday, 11 December 2012 03:22 PM
ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි ලංකාදීප ! (නි)
ඉරෝමා Tuesday, 11 December 2012 08:22 PM
මේ වගේ ලිපි ඉදිරිපත් කරලා අපිව දැනුවත් කිරීම ගැන ස්තූතියි !! (නි)
උපාලි Wednesday, 12 December 2012 02:22 AM
මේ වගේ ලිපි ඉදිරිපත් කර අපිව දැනුවත් කිරීම ගැන ස්තූතියි ! (නි)
දිල්කි Wednesday, 12 December 2012 11:58 AM
ඉතාම වැදගත් ලිපියක්. (නි)
චතුරි Wednesday, 12 December 2012 12:27 PM
ඉතාමත් වටිනා ලිපියක්. (නි)
කුලරත්න Wednesday, 12 December 2012 03:03 PM
හොද ලිපියක් (දී)
ගුරුගේ Wednesday, 12 December 2012 03:01 PM
මේක තවම තියෙනවාද (දී)
ජයන්ත Thursday, 13 December 2012 06:51 AM
ලංකාදීප, ඔබට ස්තූතියි! (නි)