X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


මායාකාර සල්ලි ගහ හෙවත් නවීන මුදල් න්‍යාය

 

නවීන මුදල් න්‍යාය' යටතේ රැකියා 150,000 නොව රටේ ජීවත් වන සියලුම දෙනාට රැකියා ලබා දිය හැකි බවත්, එමෙන්ම සෑම පවුලකටම සමෘද්ධිය මෙන්ම භාණ්ඩ සහ සේවා සැපයීමේ කාර්යය 'මැජික් වගේ' කළ හැකි බවත් සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි. මේ නවීන මුදල් න්‍යාය සමහර රටවල ටික කාලෙකට කරන්න පුලුවන් දෙයක් වූවත් සියලු රටවලටම දිගටම කරගෙන යා නොහැකි බවත්, දිගින් දිගටම එය කරන්න යාමෙන් රට අති විශාල ප්‍රශ්නයකට ඇදී යා හැකි බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා 'නවීන මුදල් න්‍යාය' සම්බන්ධව වැඩිදුරටත් මෙසේ විග්‍රහ කළේය.

'නවීන මුදල් න්‍යාය' කියන්නේ අලුතින් කතාවට එන දෙයක්. සමහර මහබැංකුවලට පුලුවන් තමන්ට ඇති තරම් මුදල් අච්චු ගහන්න.

ඇමෙරිකාවේ ඉස්සර ඩොලර් නෝට්ටුවක් ගත්තොත් ඒකේ තිබුණා.

රත්තන් අවුන්සයක වගේ ප්‍රමාණයක්. නමුත් දැන් ඇමෙරිකානු ඩොලර් නෝට්ටුවක් අරන් බැලුවෙත් තියෙන්නේ 'ඉන් ගෝඩ් වී ට්‍රස්ට්' කියලා අකුරු ටිකක් විතරයි.

අපේ මහ බැංකුවට ඕන තරම් මුදල් අච්චු ගහන්න පුලුවන්. නමුත් හැබැයි හැම මහ බැංකුවම ඔය විදියට ගිහින් නෑ. උදාහරණයක් විදියට සිංගප්පුරුව. සිංගප්පුරුවේ මහබැංකුව කියලා එකක් නැ. ඒ අයට සල්ලි අච්චු ගහන්න බෑ. එයාලට ඒක නීතියෙන්ම පනවලා තියෙන දෙයක්. හොං කොං වගේ රටවලටත් ඒ හැකියාව නැ.

නවීන මුදල් න්‍යායෙන් සරලව කියන්නේ මේකයි.

ඕනෑම රටක ණය තමන්ගේ රටේ මූල්‍ය ඒකක වලින්නම් තියෙන්නේ එහෙනම් ඒ ණය ගෙවීම සම්බන්ධව කිසිම ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ. මොකද ඒ රටේ මහ බැංකුවට පුළුවන් සීමාවකින් තොරව ඒ මුදල් අච්චු ගහලා ඒ ණය ගෙවන්න.

අපේ දැන් තියන ප්‍රශ්නය තමයි ණය වර්ග දෙකක් තිබීම. අපි ඩොලර් වලින් ගෙවන්න ඕන ණය තියනවා 50% ක්. රුපියල් වලින් ගෙවන ණය තියෙනවා 50% ක්.

දැන් ආණ්ඩුව කියනවා මේ අවුරුද්දට අපි ඩොලර් ණය සතයක්වත් ගන්නේ නැ. මේ ඩොලර් ණය ගෙවනවා. ඒවා රුපියල් ණය වලට පරිවර්තනය කරගන්නවා.

නවීන මුදල් න්‍යය කියන්නේ එම්.එම්.ටී හෙවත් Modern Monitary Theory (MMT) කියන එකයි. ඒත් 'මම නම් මේකට කියන්නේ "මැජික් මනි ට්‍රී" (Magic Money Tree – මායාකාර සල්ලි ගහ) කියලා. එතකොට මහ බැංකුවට ඔනි තරම් මුදල් අච්චු ගහන්න පුලුවන්.

මේකේ දෙපැත්තක් තියනවා.

රාජ්‍ය මූල්‍ය කියන්නේ දේශපාලන වැඩක්. නමුත් මූල්‍ය පාලනය කියන්නේ ස්වාධින වැඩක්. ඒක නිසා තමයි මහ බැංකුවයි, භාණ්ඩාගාරයි දෙකකට කඩල තියෙන්නේ. ඒත් ලංකාවේ එහෙමම නැහැ.

සමහර අවස්ථාවල දේශපානඥයා විසින් මූල්‍ය මණ්ඩලය නැත්තම් මහ බැංකුව ඩැහැ ගන්නවා. අපි ගිහින් වියදම් කරනවා. අපට අවශ්‍ය වෙන්නේ ඉල්ලුම වැඩිකරන්න, ආර්ථික උත්තේජකයක් දෙන්නනේ.

මෙහි තියෙන ප්‍රධානම දෙයක් තමයි රස්සා දෙන එක. මේ න්‍යාය තියන රටවල කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනි තරම් රස්සා දෙනවා. 150,000ක් නෙවෙයි හැම කෙනෙකුටම රස්සා දෙන්න පුලුවන් .හැමෝටම සමෘද්ධිය දෙනවා. මැජික් වගේ හැමෝටම භාණ්ඩ සහ සේවා සපයන්න පුලුවන් මේ න්‍යායට අනුව.

ප්‍රශ්නයක් නෑ.. හැබැයි මුදල් අච්චු ගහලා හැම එකටම ගෙවන්න පුළුවන්නේ.

ආණ්ඩුවේ පුද්ගලයින් කිහිප දෙනෙකුම කිව්වා ඇයි ඇමෙරිකාවේ තියනවනේ දේශිය දළ ජාතික නිශ්පාදනයෙන් 100% කට වඩා ණය, ජපානයේ තියනවනේ 200% වඩා ණය, යුරෝපයේ 100% වඩා ණය තියනවනේ . ඉතින් අපි මොකටද කළබල වෙන්නේ. හැබැයි අමතක කරන්න එපා ඒ අයගේ තියන මුදල් ඒකකවලට වෙනත් රටවලත් ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ ඒ රටවල මුදල් වෙන රටවලත් භාවිතා කෙරෙනවා.

ඇමෙරිකාවේ තියන ඩොලර් එකේ ඉල්ලුම රටවල් 200 ක තියෙනවා. යුරෝපයේ වගේම ජපානයේත් එහෙමයි. නමුත් ලංකාව වගේ රටක සීමාවලින් එලියේ අපේ රුපියල් වලට කිසිම ඉල්ලුමක් නෑ.

මේ අච්චුගහන අලුත් රුපියල් කැරකෙන්න ඕනි මේ රට ඇතුළෙමයි. අච්චු ගහන මුදල්වලට සරිලන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙන්නේ නැත්තම් රටේ ආර්ථිකය මූර්ත වශයෙන් 12% කින්, 15% කින් දියුණුවක් නැත්නම්, ඇත්තටම සෘණ ගානකින් තමයි මෙහේ වර්ධනය වෙන්නේ, එහෙමනම් මේ සල්ලි කොහේද යන්නේ. මේ සල්ලි යන්නේ මිල වැඩි වීමට පමණයි. මිල වැඩිවීම කියන්නේ උද්ධමනය.

අනික් මූලික දෙය තමයි බදු ගහන්න අවශ්‍යතාවක් නැහැ. අපිට තියෙන්නේ රජයේ ආදායම. ඕනි වියදම් කරන්න. රජයේ වියදම් තවදුරටත් කපන්න බැහැනේ. දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් පොලිය ගෙවන්න තියෙනවා, තවත් 6% ක් පඩි ගෙවන්න තියනවා, තවත් 4% විශ්‍රාම වැටුප් සහ සමෘද්ධියයි ගෙවන්න තියනවා. මේවාට 16% ක් ඕනි. ඒත් අපේ මුලු බදු අදායම දළ දේශීය නිශ්පාදනයෙන් 9% යි.

නමුත් මේ නවීන මුදල් න්‍යාය යටතේ රජයේ අදායමට අවශ්‍යතාවක් නෑ.. බදු ගහන්නේ, උද්දමනය වැඩි වෙනකොට වෙළෙඳපොලේ තියන මුදල් ප්‍රමාණය අඩු කරන්න. බදු ගහලා මුදල් ප්‍රමාණය වෙළෙඳ පොළෙන් එළියට ගන්නවා කියනවා.

මේ නවීන මුදල් න්‍යාය සමහර රටවල ටික කාලෙකට කරන්න පුලුවන් දෙයක්. හැබයි ලොකේ හැම රටේම කෙටි කාලීනව විතරයිමේක කරන්නේ.

මේ නවීන මුදල් න්‍යාය ලෝකේ කිසිම රටක දිගටම පවත්වාගෙන යන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඉතින් මම දකින්නේ අති විශාල ප්‍රශ්නයක් කරා අපි ගමන් කරනවා.



අදහස් (15)

මායාකාර සල්ලි ගහ හෙවත් නවීන මුදල් න්‍යාය

Raveendra Thursday, 17 December 2020 11:19 AM

දැන් තමයි අපේ මේ පඬිතුමාට සියලුම න්‍යායන් මතක් වෙලා තියෙන්නේ. "පට්ටියේ බලයෙන් මන්මත්වෙලා ඉන්නකොට" න්‍යායන් ගැන තියා ඉන්නේ අසුචි වලේ නේද කියලාවත් හිතුවේ නැති අය....!!!

:       0       0

saman Thursday, 17 December 2020 11:22 AM

මේ මනුස්සයාගේ එකම න්‍යාය ආදායම නැති වුණත්, පිටරටින් ණයට සල්ලි අරන් ජීවත් වෙන එක...

:       0       0

asela Friday, 18 December 2020 04:51 AM

මෙයා පහුගිය කාලයේ ආර්ථිකය මැන්නේ ගැහැණු කට්ටිය අදින, පළදින විදිහ බලලා...

:       12       222

NimalSaturday, 19 December 2020 10:02 PM

හර්ෂ ද සිල්වාම තම මහමැතිවරණයේදී ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉතා හොඳ බව කියමින් මාධ්‍ය සකච්ඡා තිබ්බේ. එපමණක් නොවේ ගෝඨාභය ජනපති, සජිත් අගමැතියි කියා රටපුරාම ගියේ මේ සිල්වාද එසේ නැතිව වෙන සිල්වා කෙනෙක්ද? ජනාධිපතිවරණයෙන් පැරදුණාම ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉතා හොඳ නම් අද නැතිවෙන්නේ කෙසේද ?

:       0       0

Rohana Saturday, 19 December 2020 06:43 AM

රටේ ආර්ථික වර්ධනයට වඩා මුදල් නෝට්ටු මුද්‍රණය කර සංසරණයට දැමීමෙන් ඒ වැඩිපුර මුදල් ප්‍රමණයට සරිලන භාණ්ඩ වෙළඳපලේ නැත්නම් අනිවාර්යයෙන්ම බඩුමිල ඉහළ යනවා. දැනටත් වෙළෙඳපලේ බඩුමිල ඉහළ ගොස් තිබෙන්නේ අතිරික්ත මුද්‍රිත මුදල් ආර්ථිකය තුළ තිබීම නිසා විය හැකියි.

:       0       0

disan Saturday, 19 December 2020 08:55 AM

ඔයාගේ බන්දුලගේ ආචාර්ය උපාධිය හැබෑටම කොහොමද ගත්තේ ? කියන කතා ඇහුවම අපිට පිස්සු හැදෙනවා.. ඔහෙලා 20000 ගානෙ හැම පවුලකටම දෙන්න ගියේ ඒ දවස්වල ඔහෙලා ගාව තිබ්බ මැජික් මනී ට්‍රී එක තිබුණු නිසාද?

:       6       206

SenarathSunday, 20 December 2020 03:26 AM

දිශාන්, මුලින්ම මෙයාලා කිව්වේ රුපියල් 50000ක් දෙනවා කියලා...

:       0       0

නිර්මල් Monday, 21 December 2020 01:48 AM

විපක්ෂයේ දී මොහු ආර්ථික විශාරදයෙක් වගේ. එහෙත් යහපාලනයේ දී දුන්නේ නියෝජ්‍ය විදේශ ඇමති ධුරය...

:       0       0

විජේ Monday, 21 December 2020 02:45 AM

බොරු කියන්න එපා, කට ඉරෙයි....

:       0       0

liyanage Tuesday, 22 December 2020 07:04 AM

ඔහු පැහැදිලි කරන්නේ ඉතාමත සංකීර්ණ, ආර්ථික ක්‍රියාවලියක්... මෙකට නිකන් දේශපාලනිකව ප්‍රතිචාර දාන්න එපා...

:       104       17

samTuesday, 22 December 2020 09:56 AM

ඇත්තටම 2000 ගානේ හැම පවුලටම දෙන්න පුළුවන්ද? සංකීර්ණ දේවල් තේරෙන්නේ නැති නිසයි අහන්නේ....

:       2       81

SamanTuesday, 22 December 2020 10:09 AM

මෙයයි, බන්දුලයි දෙන්නාම එකයි. ආර්ථික විද්‍යාව එක එක පැත්තට හරවාගෙන තමන්ගේ දේශපාලනයට වාසි කතා කියනවා පෙනෙන්නේ නැද්ද?

:       0       0

maxTuesday, 22 December 2020 10:17 AM

පහුගිය කාලේ ලස්සනට තිබුණා නේද මල්ලී...?

:       0       0

NuwanWednesday, 23 December 2020 11:21 AM

20000 දෙනවා කිව්වෙ මේ සීන් එකම තමා. MMT බිද වැටෙන්නෙ මේ කියන කාරනය නිසා නෙවෙයි. සල්ලි නිපදවන තරමට ආහාර සහ වෙනත් මූලික අවශ්‍යතා සදහා ඕන භාණ්ඩ නිෂ්පාදනය නොකලොත් ඔන්න මේක කඩා වැටෙනවා.

:       0       10

eranda Saturday, 02 January 2021 06:04 AM

මහා ආර්ථික ඔස්තාර්ලා. සිල්ලර කඩයක් කරගන්න බෑ. උගත් උගත් කියලා කෑ ගැහුවට තියරිය කටපාඩම් විතරයි වැඩ බිංදුවයි. දැන් වත් කට වහගෙන ඉන්නවාද?

:       0       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site