X Advertisement
IMG-LOGO

2025 මැයි මස 19 වන සඳුදා


මාලකගේ නහය තලා ගත්ත සමාජ ශාලාවේ ගැටුම


08_page_3M

 

ජේම්ස් ප‍්‍රැන්සිස් මහතා ස්කොට්ලන්ත ජාතික ඉංජිනේරුවෙකි.

කොට්ටාවේ පෞද්ගලික ඉදි කිරීම් සමාගමක වසරක පමණ කාලයක් තිස්සේ මොහු සේවයේ නිරතව සිටී.

සිය 43 වැනි උපන් දිනය සැමරීම සඳහා බි‍්‍රතාන්‍ය ජාතික පෙම්වතිය වූ බෙලින්ඩා මැකන්සිට මෙරටට පැමිණෙන ලෙස ජේම්ස් ප‍්‍රැන්සිස් ආරාධනාවක් කර තිබිණි.

පෙම්වතාගේ ආරාධනය පිළිගත් 41 හැවිරිදි බෙලින්ඩා මැකන්සි පසුගිය 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියාය.

සිය පෙම්වතාගේ උපන් දිනය සමරා ඔහුත් සමග ශ්‍රී ලංකාවේ සුන්දරත්වය නැරඹීමට යාමට ද බොලින්ඩා මහත් ආශාවකින් පසු වූවාය.

ජේම්ස් ප‍්‍රැන්සිස් සිය පෙම්වතිය වූ බෙලින්ඩා ද සමඟ අත්වැල් බැඳගෙන බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි රිදම් ඇන්ඞ් බ්ලූස් රාත‍්‍රි සමාජ ශාලාවට ගොඩ වැදුණේ උපන් දිනය සැමරීමටය.

 ඒ පසුගිය 31 වැනිදා රාත‍්‍රි කාලයේදීය. ජේම්ස්ගේ උපන් දිනය යෙදී තිබුණේ ද එදිනය.

රාත‍්‍රි සමාජ ශාලාවට පැමිණ සිටි සියලූ දෙනාම පාහේ නර්තනයේ යෙදෙන්නට පටන්ගෙන ඇත්තේ හාත්පස සිසාරා පැතිරුණු සංගීතයට අනුව තාලයට පා තබමිනි.

මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා ද මේ රාත‍්‍රි සමාජ ශාලාවට පැමිණ සිටියේ ඔහුගේ ගජ මිතුරන් කිහිප දෙනකු ද සමඟය.

අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා හා ඔහුගේ මිතුරෝ ද නර්තනයේ යෙදී සිටි පිරිස අතරේ සිටියහ.

මාලක සිල්වාට මේ රාත‍්‍රි සමාජ ශාලාව නුහුරු නුපුරුදු තැනක් නොවන්නේ මිතුරන් සමග සතියකට දෙතුන් වතාවක් පැමිණ විනෝද වී යන නිසාය.
ඉංජිනේරු ජේම්ස්ගේ පෙම්වතිය වූ බි‍්‍රතාන්‍ය ජාතික බෙලින්ඩා සමඟ ද මාලක හරි හරියට ඩාන්ස් කර ඇති අතර ඇය මේ තමා සමග ඩාන්ස් කරන්නේ ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයකුගේ පුතකු සමග බව කිසි සේත් දැන නොසිටියාය.

මධ්‍යම රාත‍්‍රියට ආසන්නව තිබිය දී ආරම්භ වූ මේ ඩාන්ස් කිරීම පසු දින අලූයම් කාලය දක්වාම පැවතිණි.

නැටුම පැවැත්වෙන අතරවාරයේ ඇතිවූ බහින්බස් වීමකින් පසු බෙලින්ඩාගෙන් මාලකට පා පහරක් එල්ල වන අතර මාලක ද ඇයගේ මුහුණ දෙසට පහරක් එල්ල කර ඇත.

ඒ සමගම බෙලින්ඩාගේ පෙම්වතා මිට මොළවා වැරෙන් මාලකට පහරක් එල්ල කර ඇති අතර මාලක උඩින් ගොස් බිමට ඇද වැටී ඇත.
ඒ සමගම මාලක සමඟ සිටි පිරිසක් පෙම් යුවළට දිගට හරහට පහර දී තිබේ.

මාලකගේ මිතුරන් හත් දෙනකු ඔහුත් සමග නයිට් ක්ලබ් එකට පැමිණ ඇති අතර ඒ හත් දෙනා අතරේ අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ අරක්ෂාවට යොදවා සිටි ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ද සිට ඇති බව කියති.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වා මේ තොරතුරු සියල්ල හෙළි කර ගෙන ඇත.

දෙපාර්ශ්වයම බීමතින් නර්තනයේ යෙදී සිටිය දී ඇතිවූ කිසියම් සිද්ධියක් මුල් කරගෙන හටගත් බහින්බස් වීමකින් පසු මෙම පහර දීම සිදුවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

කෙසේ වෙතත් මෙවැනි ගැටුමක් හට ගැනීමට මුල්වූ කරුණු කාරණා ගැන තවම කිසිදු තොරතුරක් හෙළි වී නොමැති බව පැවසුවේ මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකි.

මේ සිද්ධියෙන් පසු එංගලන්ත ජාතික තරුණිය කම්පන තත්ත්වයකින් පසු වෙනවා. ඒ නිසා අප ඇයගෙන් තවමත් ප‍්‍රකාශයක් ලබා ගත්තේ නැහැ. සමහර විට ඇය ලබා දෙන ප‍්‍රකාශයේ දී මෙවැනි ගැටුමක් ඇති වීමට හේතු හෙළි වීමට පුළුවනි. මාලකගේ ප‍්‍රකාශයෙන් ද ගැටුමට මුල්වූ කරුණු හෙළි වුණේ නැහැ යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.උපන් දිනය සැමරීමට සිය පෙම්වතිය සමග නයිට් ක්ලබ් ගිය අවස්ථාවේ නොසිතූ දෙයක් සිදු වීම නිසා බියට පත්ව සිටින මෙම පෙම් යුවළ ප‍්‍රතිකාර ලබා ගැනීමට රෝහලකටවත් ගොස් නොමැත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ජේම්ස් ප‍්‍රැන්සිස් නමැති ඉංජිනේරුවරයා පොලිසියට දැනුම් දී තිබේ.

බියට පත්ව සිටීම නිසා ඔහු මෙම ඉල්ලීමක් කරන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

කෙසේ වෙතත් විදේශීය පෙම් යුවළට මෙම පහර දීම සිදුවී ඇත්තේ මෙරටේ දී නිසා මේ ගැන විධිමත් හා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීය.

කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජී. මොහොමඞ් සහබ්දීන් මහතා මාලක සිල්වා මහතා ලබන 18 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබුවේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන වාට්ටුවට ගොස් පරීක්ෂා කර බැලීමෙන් පසුවය.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය රෝහලේ ප‍්‍රතිකාර ලබන මාලක සිල්වාගෙන් මේ සිද්ධියට අදාළව ප‍්‍රකාශයක් ලබා ගෙන ඇත.

”මම යහළුවෝ කට්ටියක් එක්ක රිදම් ඇන්ඞ් බ්ලූස් කියන නයිට් ක්ලබ් එකට ගියා. අපි කට්ටිය වොඞ්කා පානය කරමින් විනෝද වුණා. ඊට පස්සේ ඩාන්ස් කරන්න පටන් ගත්තා. විදේශීය තරුණියක් ද මාත් එක්ක ඩාන්ස් කළා. මේ විදේශීය තරුණිය ඩාන්ස් කරන ගමන් මට පා පහරක් එල්ල කළා. මෙය විහිළුවට වාගේ කළ දෙයක් යැයි කියා මා හිතුවා. මා ඇයගේ මුහුණට බොහොම හිමිං පාරක් ගැසුවා. මා එවැන්නක් කළේ විහිළුවට. එතකොට විදේශිකයෙක් මගේ මුහුණට තදබල පහරක් එල්ල කළා. මා විසිවී ගොස් බිම ඇදගෙන වැටුණා. මගේ නාසයෙන් ලේ ගලාගෙන ගියා,” යැයි මාලක සිල්වා පොලිසියට කළ ප‍්‍රකාශයේ සඳහන් වන බව දැන ගැනීමට ඇත.

ස්කොට්ලන්ත ජාතික ඉංජිනේරුවරයා වන ජේම්ස් ප‍්‍රැන්සිස්ගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිද්ධියට අදාළව ප‍්‍රකාශයක් ලබාගෙන ඇති අතර එම ප‍්‍රකාශයේ මෙසේ සඳහන් බව දැන ගැනීමට ඇත.

”මම වසරක පමණ කාලයක් තිස්සේ මෙරට කොට්ටාවේ පෞද්ගලික ඉදි කිරීම් සමාගමක ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරනවා. මගේ මෙවර උපන් දිනය සැමරීමට මගේ එංගලන්ත ජාතික පෙම්වතියට මෙරටට පැමිණෙන ලෙස ඉල්ලීමක් කළා. ඒ අනුව ඇය ලංකාවට පැමිණියා. පසුගිය 31 වැනිදා මගේ උපන් දිනය යෙදී තිබුණ නිසා අප දෙන්නා බම්බලපිටියේ රිදම් ඇන්ඞ් බ්ලූස් නයිට් ක්ලබ් එකට එදින රාත‍්‍රියේ ගියා. පෙම්වතිය සමඟ ඩාන්ස් කරමින් සිටිය දී එක අයෙක් මගේ පෙම්වතියට පහර දුන්නා. පසුව ඔහුත් සම`ග සිටි තවත් හය දෙනෙක් විතර බිම පෙරළා ගෙන පෙම්වතියට පහර දුන්නා. තම පෙම්වතියට පළමුව පහර දුන් පුද්ගලයා හා අනෙක් අය නැවත දැක්කොත් මට හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා.”

”මේ නයිට් ක්ලබ් එක රාත‍්‍රි 7.00ට පමණ විවෘත කර අලූයම 3.00ට පමණ තෙක් පවත්වාගෙන යනවා. නයිට් ක්ලබ් එකට එන අයගේ විනෝදය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. විදේශීය මත්පැන් මෙන්ම ආහාරපාන මෙහි අලවියට තබා තිබෙනවා,” යැයි බම්බලපිටියේ රිදම් ඇන්ඞ් බ්ලූස් රාත‍්‍රි සමාජ ශාලාවේ හිමිකරු වන ඇන්තනි රසල් ප‍්‍රනාන්දු මහතා පොලිසියට ප‍්‍රකාශයක් කරමින් පවසා ඇතැයි කියති.


කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට තව දුරටත් සිද්ධියට අදාළව ප‍්‍රකාශයක් ලබා දෙමින් රසල් ප‍්‍රනාන්දු මහතා මෙසේ ද පවසා ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

”මර්වින් සිල්වා ඇමැතිතුමාගේ පුතා මාලක සිල්වා තවත් කට්ටියක් එක්ක නයිට් ක්ලබ් එකට ආවා. ඔවුන් ආවේ පසුගිය 1 වැනිදායි. අමාත්‍යවරයාගේ පුතා මා හොඳට හඳුනනවා. ඔවුන් මත්පැන් මිල දී ගෙන පානය කළා. මෙදින නයිට් ක්ලබ් එකේ 400ක විතර කට්ටියක් හිටියා. සුදු ජාතික තරුණියක් හා සුදු ජාතික තරුණයෙක් ද නයිට් ක්ලබ් එකට පැමිණ සිටියා. ඔවුන් දෙදෙනා ද ඩාන්ස් කරමින් සිටියා. මාලක මහතා ඔහුත් සම`ග සිටි අයත් සුදු ජාතික සුවළ එක්ක ඩාන්ස් කළා. මාලක සුදු ජාතික තරුණියට පහර දෙනවා දැක්කා. මාලක පහරකා බිම වැටුනු පසු මාලකගේ කට්ටිය සුදු යුවළට බිම දාගෙන පහර දුන්නා. පෙම්වතියට පහර දුන් නිසා ඇයගේ පෙම්වතා මාලකට පහර දුන්නා.”

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇතුළු ඔහුත් සම`ග පැමිණි පිරිස නයිට් ක්ලබ් එකට ඇතුළු වී ඇත්තේ බලහත්කාරයෙන් බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

පොලිසිය එහෙම කියන්නේ නයිට් ක්ලබ් එකට ඇතුළු වීමට අය කරන නියමිත ගාස්තුව ඔවුන් නොගෙවීම නිසාය.

ඇමැති පුතෙක් හා ඔහුගේ මිතුරන් පිරිසක් නිසා නයිට් ක්ලබ් එකට ඇතුළු වීමට එය බලපුළුවන්කමක් කර ගන්නට ඇතුවා නිසැකය.

නයිට් ක්ලබ් එකේ ආරක්ෂකයන් ද ඇමැති පුතාට ඇති බිය නිසා ඔහු ඇතුළු මිතුරන් කණෙන් අල්ලා එළියට දාන්නට ඉදිරිපත් වී නොමැති බව ද දැන ගැනීමට ඇත.

මාලක සිල්වා ඔහුගේ මිතුරන් ද සම`ග මේ නයිට් ක්ලබ් එකට නිතර පැමිණෙන අතර කිසිම දිනක ඇතුළු වීමට නියමිත ගාස්තුව ගෙවන්නේ නැති බව ද කියති.

ඇතුළු වීමට ගාස්තුව නොගෙව්වත් කන බොන දේවල්වලට මුදල් ගෙවීම නම් ඇමැති පුතා ඇතුළු ඔහුගේ මිතුරන් අමතක කර නොමැති බව ද දැන ගැනීමට ලැබිණි.

මාලක සිල්වා මහතා සම`ග පැමිණ ඇත්තේ ඔහුගේ පියා වන අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ආරක්ෂාවට ලබා දී ඇති පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බවට ද තොරතුරු පොලිසිය හෙළි කරගෙන තිබේ.

ඇමැතිවරයාගේ ආරක්ෂාවට ලබා දුන් ආරක්ෂකයින් පුතාගේ ආරක්ෂාවට යෙදවීම ගැන ද වෙනම සොයා බැලිය යුතු යැයි බොහෝ දෙනකුගේ අදහස වී පවතී.

අපි දැන් නැවතත් විදේශීය පෙම් යුවළට සිදුවූ අකරතැබ්බය හා බැඳුණු අධිකරණ  සිද්ධිදාමය දෙසට හැරෙමු.

බෙලින්ඩා මැකෙන්සිට හා ජේම්ස් ප‍්‍රැන්සිස් යුවළට හා මාලක සිල්වා අතර කිසියම් හේතුවක් මත පහර දීමක් සිදුවී තිබෙනවා. විදේශීය යුවළ මේ සිද්ධියෙන් පසු මහත් සේ බියට පත්ව තිබෙනවා. තංගල්ලේ හෝටලයක දී බි‍්‍රතාන්‍ය ජාතිකයකුට පහර දී ඝාතනය කිරීම නිසා මොවුන් දෙදෙනා එසේ බිය වීමට හේතුවී ඇති බව පෙනී ගියා යැයි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි එච්.එම්. චන්ද්‍රතිලක මහතා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඒ. මොහොමඞ් සහබ්දීන් මහතා හමුවේ කරුණු දක්වමින් පැවැසීය.

මාලක සිල්වා මහතාට විදේශිකයා මිට මොළවා ගසා තිබෙනවා. මේ ගැහිල්ලෙන් ඔහුගේ නාස් පොල්ල කැඞී ගොස් තිබෙනවා. නාස් පොල්ල කුඩු වෙන්න ගැහැව්වා. කොහොමද ගැහිල්ල. ඒ ගැහිල්ලට ඔහු බිම ඇදගෙන වැටුනා. ඔහු වහාම නවලෝක රෝහලට ගෙන ගියා. ඒ වගේම මේ ගැන පොලිසියට පැමිණිලි කළා. විදේශිකයාත් හා ඔහුගේ පෙම්වතිය අධික ලෙස බීමතින් සිටිනවා. පැමිණිල්ලක් කරන්න ගියේ නැහැ. පහර කෑමට ලක්වී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන මාලක සැකකරුවකු කර අත්අඩංගුවට ගැනීම බලවත් අසාධාරණයක් බව සැකකාර මාලක සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටින ජානධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කීය.

සැකකාර මාලක සිල්වා මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිඥ ඇන්ටන් සේනානායක මහතා. අපි සුද්දට ගැහැව්වේ නැහැ. සුද්දා තමා අපට ගැහැව්වේ. අපේ සේවාදායකයාට තමා බරපතළ තුවාල සිදුවී තියෙන්නේ, යැයි කීවේය.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන හේමන්ත වර්ණකුලසූරිය, ජයන්ත වීරසිංහ, අනිල් සිල්වා යන මහත්වරුන් සමග විජේසිරි අඹගහවත්ත, ප‍්‍රසාද් සිල්වා, සංජය ගමගේ, ඇන්ටන් සේනානායක, පේ‍්‍රමසිරි පෙරේරා සහ උපුල් කුමාරප්පෙරුම යන නීතිඥවරු ද පෙනී සිටියහ.

අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මාලක සිල්වා 18 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබුවේ අධිකරණයට ඉදිරිපත් වූ සියලූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුවය.

මේ සම්බන්ධව පරීක්ෂණයක් අවශ්‍ය නැති බව ජේම්ස් ප‍්‍රැන්සිස් නමැති විදේශිකයා පවසා ඇතත් බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මගින් කරන ලද දැනුම් දීමක් මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක  සහ කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි රොෂාන් ඞී. සිල්වා මහතාගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අදිකාරි නුවන් වෙදසිංහ යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත එහි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා සහ පොලිස් පරීක්ෂක එරංග ප‍්‍රනාන්දු යන මහත්වරුන් ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධව තව දුරටත් පරීක්ෂණ පවත්වාගෙන යති.
මාලක සිල්වා මහතාට පහර දී ඔහුගේ නාසසේ අස්ථි බිඳ දමා බරපතළ තුවාල කිරීම සම්බන්ධයෙන් ද විදේශිකයා ගැන ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

උපන් දිනය සැමරීමට නයිට් ක්ලබ් එකකට ගොස් එවැනි අකරතැබ්බයකට මුහුණ පෑමට සිදු වෙතැයි විදේශික පෙම් යුවළ සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

අමාත්‍ය මර්වින් සිල්වා මහතා මෙන්ම ඔහුගේ පුත‍්‍රයා වන මාලක සිල්වා මහතා ද වරින් වර පුවත් මවන චරිතයන් බව ප‍්‍රකට කරුණකි.
මාලක සිල්වා පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථා කිහිපයක්ම මීට පෙරද වාර්තා  විය.

 

futtre



අදහස් (0)

මාලකගේ නහය තලා ගත්ත සමාජ ශාලාවේ ගැටුම

චානුක Monday, 10 November 2014 09:31 AM

මේ ගැන හිතන්න එපා.(හේ)

:       0       0

ශානක Monday, 10 November 2014 09:31 AM

මේ ගැටුම පොඩි දෙයක්.(හේ)

:       0       0

රුවන් Monday, 10 November 2014 06:49 PM

අනේ මේ වගේ අයට මහතා කියන්න එපා. (නදී)

:       0       0

රූපවතී Monday, 10 November 2014 07:45 PM

ස්කොට්ලන්ත ජාතිකයාට මගේ උපහාරය!!කොහොමද ලංකාවේ කෙනෙක් එහෙම ගැහුවා නම්. මොවුන්ට උගන්වන්න ඕනෑ නීතිය කොහොමද වැඩ කරන්නේ පිටරටවල කියලා. අනේ අපේ රටට වෙච්ච දේ? (නි)

:       0       0

කසුන් Tuesday, 11 November 2014 01:34 AM

ස්කොට්ලන්ත ජාතික මහත්මයා ඡන්දයකට ඉදිරිපත් කරමුද? (නි)

:       0       0

සේනක Tuesday, 11 November 2014 04:48 AM

මේ ගැටුම ගැන මේ දවස් වල ප්‍රසිද්ධ ඇයි.(හේ)

:       0       0

රන්සිරි Tuesday, 11 November 2014 05:10 AM

මේ ස්කොට්ලන්ත ජාතික මහත්මා කර ඇත්තේ ජාතික සේවාවකි. ඔහුට මගේ උපහාරය. (ස)

:       0       0

රුවන් Tuesday, 11 November 2014 06:02 PM

මම හැමදාම කියන්නේ ඇත්ත.මම අනිත් අය වගේ මෝඩ කතා කියලා අදහස් දමන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site