X Advertisement
IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


මාව නොලැබුණොත් මැරෙනවා කියලත් සමහරු මට ලියුම් එවුවා

‘‘අහස් තල පොළෝ තල
ඔබට මට පොදු වෙළා
හදවතින් එක්වුවත්
ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ
සිය ළඟම දැවෙනවා
සසර සැරිසරනතෙක්
ඔබ මගේ... ඔබ මගේ’’

sdhf
විප‍්‍රයෝගය සහ සම්ප‍්‍රයෝගය පිළිබඳ පේ‍්‍රමකීර්ති ද අල්විස් නම් භාවපූර්ණ හා අර්ථපූර්ණ ගීතරචකයා විසින් ලියන ලද ආදරණීය ගී පද සංකල්පනාව ගලාගියේ වික්ටර් රත්නායකයාණන්ගේ මියුරු ස්වරයෙනි. සැබැවින්ම ආදරය යනු ජීවිතය ජීවත් කරවනා ඔසුවකි. එම ආදරය නම් ඔසුව පානය කළ තැනැත්තා ඉන් හටගන්නා ප‍්‍රීති ප‍්‍රමෝදය සමඟ ජීවිතය ඉදිරියට ගෙනයයි.


මෙම සොඳුරු ආදරයේ සුන්දර මතකයන් අවදි කරමින් ආදර පිටුව සැරසීමට අද අප හමුවන්නේ ආදරණීය රුවැත්තියකි. ඇය රංගන ශිල්පිනියකි දිල්හානි අශෝකමාලා ඒකනායකය. ඇය ඇගේ ආදරය පිළිබඳ වචන ගැළපුවේ මේ ආකාරයෙනි.

 SAN_2404
button ඔබේ පාසල් කාලය සහ ආදරය සම්බන්ධ අත්දැකීම් මොනවාද?


මම පාසල් ගියේ වැල්ලවත්තේ පිහිටි ශාන්ත කැලැරන්ස් බාලිකා විද්‍යාලයට. පාසලේ දෙවන වසර සිට නර්තනවලට සම්බන්ධ වුණා. එතැනින් තමයි මට නර්තන හැකියාවක් තියෙනවා කියලා දැනගත්තේ. ඒ විදියට කාලයක් යද්දී පසලේ සහ අනිකුත් පාසල් අතර ජනප‍්‍රිය චරිතයක් වුණා. හේතුව නර්තන අංශයෙන් දක්ෂතා දැක්වීම සහ අන්තර් පාසල් තරගාවලිවලට සහභාගි වීම. මම ගියපු පාසල කාන්තා පාසලක් වුවත් ඞී.එස්. එක, මහානාම වගේ පාසල් සමග එකට කටයුතු කරන්න වුණා. ඒ අවස්ථාවල පිරිමි ළමයින් මුණගැසීම එකට කටයුතු කිරීම සිදුවුණා. එහිදී වෙනත් පාසල්වල පිරිමි ළමයින්ගේ ආකර්ෂණයට මම ලක්වුණා. ඒ කාලේ මට හමුවුණ පාසල් මිතුරෙක් තමයි දර්ශන පනන්ගල. එයත් පොඩියි. මමත් පොඩියි. අපි දෙන්නම ඩාන්සින්වලට හිටියා.


පාසල් යන කාලයේම මම සර්වෝදය නැටුම් කණ්ඩායමට සම්බන්ධ වෙනවා. ඒකෙන් පිටරටවල නර්තන ප‍්‍රසංගවලට සහභාගීවීමේ අවස්ථාව ලැබෙනවා. ඉන් මට ලෝකයත් සමග ගනුදෙනු කිරීමේ අත්දැකීම් ලැබෙනවා. එතනදිත් විවිධ යාළුවෝ හමුවෙලා තියෙනවා. ඒත් ඒ අයත් සමග මට පේ‍්‍රම සබඳතා නම් ගොඩනැගුණේ නැහැ. ආදර සම්බන්ධ යෝජනා ගෙනාව අය හිටියා. ඒත් මගේ පාසල් කාලයේ මම නිල ඇඳුමින් පිරිමි ළමයෙක් හමුවෙන්නවත් කැමැත්තක් තිබුණේ නෑ. පාසල් ශිෂ්‍යාවක් විදියට තිබිය යුතු විනය අපි ළඟ තිබුණා. මට මතකයි ඉස්කෝලේ බෑන්ඞ් එකෙත් ලීඩර් විදියට කටයුතු කළේ මම. ක‍්‍රීඩා උත්සවය තියෙන දවසට පිරිමි පාසල්වල ළමයින් එය නරඹන්න එනවා. ඒත් අපි කතා කරන්නේ නැහැ. කාව බලන්නද ඇවිල්ලා තියෙන්නේ කියන්නත් දන්නේ නැහැ. ඒත් පස්සෙයි දැනගත්තේ පිරිමි ළමයි කීපදෙනෙක්ම ඇවිත් තියෙන්නේ මාව බලන්න කියලා. ඒත් අපිට කවදාවත් කතා කරන්න හමුවෙන්නේ නැහැ. දැකලා බලලා යන හැඟීමක් විතරයි. ඒ නිසා ඒ කිසිම කෙනෙක් සමග කිසිම බැඳීමක් ඇතිවෙලා නැහැ.


ඒත් මගේ අවසන් පාසල් කාලයේදී එක පිරිමි ළමයෙක් මට ආදර හසුනක් එවා තිබුණා. ඒක හරි අමුතු අත්දැකීමක්. හරියට මැජික් එකක් වගේ. ඒ ලියුම බලලා අපි යාළුවෝ කට්ටියම එකතුවෙලයි ලියුමක් ලිව්වේ.


එයා මට වඩා වයසින් වැඩිමල් කෙනෙක්. එයාට මාව දකින්න වුවමනා වෙන්න ඇති. ඒත් මම පාසල් ශිෂ්‍යාවක්. මම කැමති වුණේ නැහැ එයාව මුණගැහෙන්න යන්න. ඒ නිසා ඒ සම්බන්ධය එතැනින්ම නැවතුණා.

 


button අද පාසල් පේ‍්‍රමය නවීකරණය වෙලානේද?


අද එදා සමාජයට වඩා විවෘතභාවය වැඩිවෙලා. බොහොම ඉක්මනටම කිට්ටු සබඳතා ඇතිවෙන තරමට තාක්ෂණය දියුණුවෙලා. ඒ වගේම ළමයින්ගේ සිත්වල ඇති බිය සැකත් නැතිවෙලා. අවුරුදු 16, 17 වෙනකොටම පැනලා යන්න, ගැටලූවක් ආ ගමන් සියදිවි නසාගන්න තත්ත්වයකට සමාජය පත්වෙලා. තරුණ වයසට එන ආවේග හරිම භයානකයි. හැම දෙයක්ම සුන්දරව විඳින්න පුළුවන් වෙන්න  ඕන. ඒ නිසා මව්පියොත් මේ වයසේ දරුවන්ගේ පිටුපසින් සිටිය යුතුයි.


මගේ පුංචි කාලේ මගේ ආරක්ෂාවට මගේ අම්මා, සීයා පිටුපසින් සිටියා. පවුල කියන දෙය මට ශක්තියක් වුණා. මට මතකයි මම ඉස්කෝලේ ඇරිලා ඇවිත් බස්එකෙන් බහින කොට සීයා ඇවිත් ඉන්නවා මාව ගන්න. අපිට ආරක්ෂාව තිබුණා. තනි පාරවල් වල, පංතිවලට අපිව තනිව යැවුවේ නැහැ.


ඒත් අද දරුවෝ ඊට වැඩිය ලොකු නිදහසක් බුක්ති විඳිනවා. ඒ නිදහස වැරැුදි විදියට භාවිත කරන විදියකුයි දකින්නට ලැබෙන්නේ. ඒකට හොඳම උදාහරණයක් තමයි දින කීපයකට පෙරදි දිය ඇල්ලෙන් පැනලා සියදිවි නසාගත්තු ළාබාල පෙම්වතුන් දෙන්නා. දරුවෝ ඒ තරම් බොළඳ වෙන්න හොඳ නැහැ. විඳින්න තියෙන ජීවිතය කොච්චර දිගද? කොතරම් නම් අය ජීවිතයට හවුවෙනවද? යොවුන් ආදරය කියන්නේ සාමාන්‍ය දෙයක්. දරුවෝ බුද්ධිමත්ව හැසිරෙන්න  ඕන වගේම, මව්පියොත් මිනියක් මරපු මිනීමරුවෙක් දිහා බලන විදියට තමන්ගේ දරුවන්ව දකින්න හොඳ නැහැ. අද සමහර පාසල්වලත් ආදර හසුනක් ලැබුණොත් එය ප‍්‍රසිද්ධ කිරීම් දක්නට ලැබෙනවා. ඒක ලොකු වැරැුද්දක් කියලයි හිතන්නේ. වැඩිහිටියෝ ඒ සීමාවෙන් එහාට හිතන්න  ඕනේ. අපිත් එතැන ඉඳලා ආවේ කියන එක අවබෝධකර ගන්න  ඕන. මම මගේ පුතාට ඒ අයිතිය දීලා තියෙන්නේ.

 


button ඔබ ඔබේ පාසල් පේ‍්‍රමය අද දකින්නේ මොන ආකාරයටද?


එය හැඟීමක් පමණයි. යම්කිසි විරුද්ධ ලිංගිකයෙකුට තියෙන කැමැත්තක් අලූත් අත්දැකීමක්. අදටත් මම ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි ආදරය කියන දෙය විග‍්‍රහ කරගන්න ගොඩක් අසීරුයි. සීයකගෙන් ඇහුවොත් එයාලා ආදරය පිළිබඳව විවිධ නිර්වචන ඉදිරිපත් කරයි. මේ වෙනකොට මම අවුරුදු හතළිස් පහක් ගෙවලා ඉවරයි. අද මට හිතෙන්නේ විවිධ අවස්ථාවල ඇතිවූ එම බැඳීම් මගේ අවුරුදු හතළිස් පහ ගෙවා දැමීමට උදව් වූ දේවල් පමණයි.

 


button කලාවට සම්බන්ධ වීමත් සමග කොහොමද ජීවිතය ගලාගෙන ගියේ?


මම කලාවට සම්බන්ධ වෙනකොට වයස අවුරුදු 18යි. ඒකත් අහම්බෙන් වුණ දෙයක්. මට නිළියක් වෙනවා කියන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නෑ. මගේ කැමැත්ත තිබුණේ නර්තනයට. ඒත් අහම්බෙන් හෝ මට සිදුවුණේ හොඳ දෙයක්. යසපාලිත නානායක්කාර මහත්තයා පස්සෙන් හොයාගෙන ඇවිල්ලා මට වාසනාව දුන්න කියලයි අද හිතෙන්නේ. නිළියක් වුණාට පස්සේ සීරියස් වෙච්ච සම්බන්ධතා මට තිබුණා. ඒත් ඒ කිසිවකු කලාවට සම්බන්ධ නෑ.

 

button තරුවලට ආදරය කරන පෙම්වතුන් ඉන්නවා. ඔබට එහෙම අය මුණගැහිලා තියෙනවද?
ඔව්. සමහර අය ලියුම් එවලා තියෙනවා. සමහරු මැරෙනවා කියලා තියෙනවා. හැබැයි ගෙදරට ඇවිත් කරදර කරලා නෑ. ඒ වගේ ප‍්‍රශ්න විසඳලා දුන්නේ අපේ අම්මා. මම ඒවට සම්බන්ධ වුණේ නෑ.

 


buttonආදරයේදී මව්පිය-දූදරු සම්බන්ධතාව කෙසේ විය යුතුද?


පාසල් කාලයේ සිටම මායි අම්මයි අතර කිසිම රහසක් තිබුණේ නෑ. මට තිබුණ හැම සම්බන්ධතාවයක්ම මම අම්මට කියලා තිබුණා. එයාලා මට ගහලා බැණලා මාව හිරකරන්න හැදුවේ නැහැ. ඒ නිසා මම ඒ සම්බන්ධකම් දිගට දුරකට අරගෙන ගියෙත් නැහැ. එතනදි මම දකින්නේ මව්පියන් දරුවන්ව ගැඹුරින් තේරුම්ගැනීම වැදගත් බව. හේතුව දරුවන්ගේ වයස සහ තරුණ හැඟීම් පිළිබඳ අවබෝධයක් එයාලට තියෙන්න  ඕන. මම මගේ පුතා එක්ක ගනුදෙනු කරන්නෙත් එතැන ඉඳලා. මව්පියන් දරුවන්ව වැරදි ආශ‍්‍රයන්ට වැටෙන්න නොදී ආරක්ෂා කරගන්න  ඕන. එයාලව හිර නොකර ආදරයෙන් ජීවිතාවබෝධය ලබාදෙන්න බුද්ධිමත් වෙන්න  ඕන. ඒත් අද පවුල් සංස්ථාවේ බිඳවැටීමක් දක්නට ලැබෙන්නේ. මව්පියන් අර්ථිකය පස්සේ හතිදාගෙන දුවනවා. ළමයි ටියුෂන් පන්තිවල හිරවෙලා. දරුවන්ගේ ආරක්ෂාව වෙන අයට පවරලා. මේ වගේ තත්ත්වයකදී දරුවන් හුදකලා වෙනවා. ඔවුන්ට ඔවුන්ගේ ප‍්‍රශ්න ගැටලූ කියන්න කවුරුවත් නැතිවෙනවා. එතනදි ඔවුන්ට සමීපයි කියලා හිතෙන  ඕනම කෙනෙකුට අහුවෙන්න පුළුවන්. අද ගොඩක් අපචාර, අපයෝජන පිළිබඳ සිද්ධි අහන්න දකින්න ලැබෙන්නේ ඒ නිසා. දරුවන් වැඩිමහලූ වුවත් එයාලා ගැන හොයා බලන්න  ඕන. එයාලට දැනෙන්න ආදරය කරන්න  ඕන. දරුවන්ගේ අයිතිය කාටවත් නොපරවා එයාලව රැකගන්න  ඕන.

 


button අද පෙම්වතියක් විදියටත්, බිරිඳක් විදියටත් මවක් විදියටත් ආදරය අර්ථගන්වන්නේ කොහොමද?


මට ප‍්‍රියංකර මුණගැහෙන්නේ චිත‍්‍රපටිවල රඟපාන්න ගිහින්. අහඹු විදියට හමුවෙලා, සම්බන්ධතාවයක් ගොඩනැගුණා. මාස තුනකින් අපි විවාහ වුණා. ඒත් විවාහය පවත්වාගෙන යන්න යම්කිසි අවබෝධයක් අවශ්‍යයි. හේතුව ආදරය කරන කාලයේ හිතන විදියට ජීවත්වෙන්න කටයුතු කරන්නේ විවාහවී මාස දෙකතුනක් පමණයි. ඊට පස්සේ ජීවිත වෙනස් වෙනවා. වගකීම් වැඩිවෙනවා. හැමෝටම පෞ්දගලික ජීවිතයක් තියෙනවා. එයාලගේ නිදහසට ගරුකරන්න පුළුවන් වෙන්න  ඕන.


ඒ වගේම පෙම්වතිය, බිරිඳ කියන චරිත කාලයත් සමග වෙනස් වෙනවා. ඒත් එක දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒ අම්මා කෙනෙක් දරුවට දක්වන ආදරය. මම මගේ ජීවිතය දිහා බලලා තේරුම්ගත්ත දේ තමයි සියලූම ආදර සබඳතා මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒත් මගේ දරුවට තියෙන ආදරය හැමදාම එක වගේ. ඒ නිසා මම ආදරය, පේ‍්‍රමය කියන දේ දකින්නේ පෞද්ගලික ලිංගික ආලයක් විදියටයි. හේතුව එය තියෙන්න පුළුවන්. නැතිවෙන්න පුළුවන්. වෙන තැනකට යන්න පුළුවන්. ඒත් මව් සෙනෙහස ස්ථාවරයි.

 

m



අදහස් (0)

මාව නොලැබුණොත් මැරෙනවා කියලත් සමහරු මට ලියුම් එවුවා

දයා අලහකෝන් Friday, 15 May 2015 04:44 AM

කොහෝම උනත් ඔබ දක්ෂ නිලියක්. ඔබට ජය.! (ර)

:       0       0

උත්ඵලා Friday, 15 May 2015 07:22 AM

අනාගතය සාර්ථක වේවා ! (නදී)

:       0       0

චන්දිම Saturday, 16 May 2015 05:30 AM

කොහොමත් ඔයා හොඳ කෙනෙක් බව දන්නවා. (නි)

:       0       0

ම ෆ casseer Saturday, 16 May 2015 07:19 AM

I salute you because you are a wonderful lady . your service to change the rajapaksha regime is highly appreciated . go ahead (K)

:       0       0

විජිත Saturday, 16 May 2015 08:49 AM

බුද්ධිමත් වදන් පෙළක්. ඔබට ජය! (නි)

:       0       0

දිල්හානි Saturday, 16 May 2015 11:27 PM

ඔබ දක්ෂයි. හැඩයි. පබලු මැණිකේ රංගනය ලගන්නා සුළුයි. සුබ පැතුම්! (නි)

:       0       0

රුක්ෂාන් Sunday, 17 May 2015 08:26 PM

ඔයා හරි ලස්සනයි (නි)

:       0       0

පුබුදු Wednesday, 20 May 2015 03:59 AM

අනේ මගේ කට...! (නි)

:       0       0

විජේසුන්දර Thursday, 21 May 2015 02:25 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

හරේන්ද්‍ර Thursday, 21 May 2015 02:26 AM

මොකද පුබුදු, ඔයාගේ කටට මොකක්ද වෙලා තියෙන්නේ? ප්‍රශ්නයක්ද? (නි)

:       0       0

තුෂාර Tuesday, 26 May 2015 09:06 AM

මම වැඩිපුරම ආස කරන්නේ ඔය රගපාන ෆිල්ම් වල කරන විහිළු වලට. (බ)

:       0       0

රංග Tuesday, 26 May 2015 01:30 PM

ඔයාට හොඳට නටන්න පුළුවන් කියලා අපි දන්නවා... (නි)

:       0       0

චන්න බුවනක Friday, 05 June 2015 05:44 PM

ඔබ දක්ෂ නිලියක් වගේම නැටුම් වලටත් දක්ෂයි.(කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site