පාර්ලිමේන්තුව පසුගිය දිනවල මේ රටේ ලොකුම ප්‍රදර්ශනාගාරය බවට පත්වී තිබිණ. මැති ඇමැතිවරු එහි විවිධ වෙස්ගෙන රැඟුම් පෑහ. රටේ මහජනතාව ප්‍රේක්ෂකයෝ බවට පත්ව සිටිති. තානාපතිවරුන් පිරිසක් විනිශ්චය මණ්ඩලයක කාර්යභාරයක් ඉටුකරන බව ද පෙනෙන්නට තිබිණ. කිසිම ලන්සු තැබීමකින් තොරවම මේ අලකලංචියේ විකාශන අයිතිය නොමිලේම පවරාගෙන සිටින සුප්‍රකට විදේශ රූපවාහිනී මාධ්‍ය මේ සියලු රැඟුම් ලොව පුරා නොමිලයේම ප්‍රදර්ශනය කළේය. තවමත් මේ රැඟුම් ඉවර නැත.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ දිගහැරෙන අවිනීත, අශීලාචාර අලජ්ජිත නරිනාටක ලොව පුරා නොමිලයේ ප්‍රදර්ශනය කෙරුණත් ඒ සඳහා මේ රටේ ජනතාව මිලක් ගෙවති. එසේ ගෙවන මුදලේ අගය දිනකට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් ඉක්මවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. එම ආරංචිය ඔහු ලබාගෙන තිබුණේ පාර්ලිමේන්තුවේ තොරතුරු දැනගැනීමේ නිලධාරියාගෙනි. පසුගිය වසරේ පාර්ලිමේන්තු සැසිවාර 95ක් පවත්වා තිබුණු බවත් ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 245කට අධික බවත් එම නිලධාරියා විසින් හෙළිකර තිබිණි.
මේ අනුව අපට පෙනීයන්නේ පසුගිය දින තුනක සිදු වූ ගහ බැණ ගැනීම් ඇතුළු රටේ ජනතාවට මොනම ආකාරයකවත් වැදගත් නොවෙන ජනතාවගේ දැඩි පිළිකුලට ලක් වූ ප්‍රකෝපකාරී හැසිරීම්, පුටු කැඩීම්, පිහි ලෙලවා තර්ජනය කිරීම්, මිරිස් කුඩු ප්‍රහාර එල්ල කිරීම් වැනි අශික්ෂිත හැසිරීම් සඳහා මේ රටේ මහජනතාවගේ බදු මුදලින් රුපියල් කෝටි 8ක් පමණ වියදම් කර ඇති බවය. ජනතාවගේ පැත්තෙන් බැලුවොත් දින තුනේදී කෝටි 8ක් විනාශ කර දමා ඇති බවය. ජනතාවගේ ඡන්දයෙන් ජනතාව සඳහා බිහිකර තිබෙන ජනතාවගේ පාර්ලිමේන්තුව මේ ආකාරයට හැසිරෙන බව දන්නේ නම් ඒබ්‍රහම් ලින්කන් තම මිනීවළෙන් නැඟිට ඔහුගේ එම සුප්‍රකට ප්‍රකාශය ඉල්ලා අස්කරගනු ඇති බවට සැකයක් නැත. අඩුම වශයෙන් දිනකට තමන්ගේ යුතුකම් සහ වගකීම් ඉටුකිරීම සඳහා වැයකරනු ලබන රුපියල් දෙකෝටිපනස් ලක්ෂයේ මුදලේ වටිනාකම වෙනුවෙන් හෝ කිසියම් සේවාවක් ලබාදීම මැති ඇමැතිවරුන් විසින් අමතක කර කටයුතු කිරීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බව කිවයුතුය.
මේ යන වියදමට අමතරව අලි මදිවට හරක් කීවාක් මෙන් පාර්ලිමේන්තු සභාගර්භයේ දේපළවලට හානි පැමිණවීම ද ඒ හේතුවෙන් සිදු වූ අලාභය ද මේ වියදමට එකතුවිය යුතුය. මොන මට්ටමකින් බැලුවත් මේ සියල්ල මහජනතාව සතු පොදු දේපළ මිස පෞද්ගලික බූදලයක් නොවන බව මේ කලහකාරී වැඩට සම්බන්ධ වූ මැති ඇමැතිවරුන් විසින් අමතක කරනු ලැබ තිබේ. කැඩුවේ මයික්‍රොෆෝන් එකක්, පුටුවක් දෙකක් විය හැකිය. ඊට අමතරව පොත්පත් ඇතුළුව විවිධ භාණ්ඩවලින් දමාගැසීම් නිසා ද හානි සිදුවිය. මෙය මුදල්වලින් ගණන් බැලූ විට සංසන්දනාත්මකව සුළු අලාභහානියක් විය හැකිය. එහෙත් ඒ හරහා රටේ ජනතාව තුළ ඇති කරන ලද පිළිකුලට ගාණක් මිම්මක් තැබීම පහසු නැත. තමන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන් මේ ආකාරයට රටේ ජාතික ධනය වනසන ආකාරයට කටයුතු කරනු ඇතැයි ඔවුන් කිසිසේත් බලාපොරොත්තු වන්නේ නැත.
මේ අතර පසුගිය සඳුදා (19) පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 05කට සීමාවී තිබිණි. එදින සභාගැබට පැමිණි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හරියටම කොපමණදැයි අප නොදන්නා නමුත් සභාව විනාඩි කිහිපයකට හෝ පවත්වාගෙන යාමට කෝටි දෙකහමාරේ වියදමට ආසන්න මුදලක් වැයවන්නට ඇති බව නම් සිතාගැනීම අපහසු නැත. එදින සිදුවුණේ පවතින ගැටලුව විසඳීම සඳහා තේරීම්කාරක සභාවක් පත්කිරීමට ගෙන ඇති තීන්දුව ප්‍රකාශකොට ඒ සඳහා සහභාගී කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නම් ලබාදෙන්නැයි නියෝජ්‍ය කතානායකවරයා විසින් දැනුම් දීම පමණි. ඉන් අනතුරුව සභාව කල්තබනු ලැබීය. මේ විනාඩි පහේ එකම වැදගත්කම ඩෙඟානැටීම් කිසිවක් සිදුනොවීම පමණි. එහෙත් පාර්ලිමේන්තුව රැස්වෙන ඊළඟ දිනයේ එසේ සිදුනොවන බවට කිසිදු සහතිකයක් නැත. රටේ ජනතාව හැමවිටම සිටින්නේ පාර්ලිමේන්තුවේ සිදුවෙන්නේ කුමක්දැයි යන දෙගිඩියාවෙනි. මේ දෙගිඩියාව රාජ්‍ය නිලධාරි පැලැන්තිය අතරේ ද පැතිරී පවතින බව ප්‍රකට රහසකි. රට තුළ පවතින මේ අවිනිශ්චිත බවට, අස්ථාවර බවට විසඳුම් ලැබිය යුත්තේද පාර්ලිමේන්තුවෙන්ම පමණි. එම විසඳුම ප්‍රමාද වන තරමට රටට සිදුවිය හැකි හානිය ද ඉහළ යනු ඇත.
දකුණු ආසියානු කලාපයේ පැරැණිම ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ අපේ රටේ බව සඳහන් වෙයි. එසේම ආසියානු කලාපයේ රටවල් අතුරින් සුන්දරම පරිසරයක පිහිටි වඩාත් අභිමානවත් පෙනුමැති පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇත්තේ ද ශ්‍රී ලංකාවේ බවත් පැවැසෙයි. අප කනගාටු වන්නේ මේ අභිමානවත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇතුළේ ජෝගි නටමින් මහජන මුදල් කාබාසිනියා කරන මැති ඇමැතිවරුන්ගේ මජර කෙරුවාව විසින් මේ සියලු වැදගත්කම් බින්දුවට ඇද දමා තිබීම ගැනය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මැතිසබේට වැයවන මුදල් යන්නේ කාගේ සාක්කුවෙන්ද