X Advertisement
IMG-LOGO

2025 මැයි මස 25 වන ඉරිදා


මැදියම ගනදුර

(කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශයේ - ධම්ම දිසානායක)

‘‘ගනඳුරු මැදියම දකිනෙමි අරුණලූ’ යැයි ලියූවේ ආචාර්ය ගුණදාස අමරසේකරය. ඒ අසූහත-අනූව ජවිපෙ දෙවැනි කැරැල්ලට සමගාමීව ය. ඊට කලකට පසු ‘අරුණලූ සෙරෙන් අරුණෝදයට’ කෘතිය ලියූ වේ ද ඔහුය. ඒ දැවැන්ත ජන සංහාරයකින් පසුව ජවිපෙ කැරැල්ල පරාජය වූවා ට පසුවය. පළමු කෘතියේ දී රැඩිකල් දේශපාලනික තරුණ ජනයා අරගලය සඳහා දිරි ගැන්වීමේ අරමුණ ද දෙවැනි කෘතියේ ඒ තරුණ ජනයා මඟ වරද්දා ගත් ආකාරය පිළිබඳ විවේචනයක් කිරීමේ අරමුණ ද ගැබ් විය.

යුරෝපයේ මධ්‍යතන යුගයේ මුල් යුගය දර්ශනය විෂයට අදාළව නම් කළේ ‘අඳුරු යුගය’ නමිණි. ක‍්‍රි:ව: පස්වැනි සහ නවවැනි සියවස් අතර කිසිදු දියුණු සහ වර්ධනීය දාර්ශනික මතුවීමක් සිදු නොවූ කාල වකවානුව එසේ නම් කිරීම පිළිබඳ මේ දක්වා ප‍්‍රශ්න කෙරී නොමැත. දේශපාලන, ආර්ථික සහ සමාජ කවර ක්ෂේත‍්‍රයක් අරබයා ගත්ත ද දක්නට ලැබුණේ දාර්ශනික ආලෝකයක් නැති අන්ධකාරයකි. ගනඳුරකි. මේ ‘ගනඳුරු’ ‘අඳුරු’ රූපක 1975 න් පසු තවමත් ආලෝක කදම්බ පතිත වී නැති මෙරට දේශපාලනය සමාජය විග‍්‍රහ කිරීම සඳහා ද උචිත ය. මෙවර ලිපිය ඒ මහා ගනඳුර සහ එයින් රට ට අත්වී ඇති මහා ඛේදවාචකය කෙරෙහි පොදු ජන මනස යොමු කරවීමේ අරමුණින් ලියවුණු එකකි.

1971 ජවිපෙ කැරැල්ල සහ සමගි පෙරමුණු ආණ්ඩුවේ පස් අවුරුදු සංවර්ධන සැලැස්ම යන දෙකම අසාර්ථක වුයේ මහා අන්ධකාරයකට මුළු රටම තල්ලූ කරමිනි. හැත්තෑ එකේ ජවිපෙ පරාජය විසින් නව-වාම දේශපාලනය පරාජය විය. හැත්තෑ පහේ සමඟි පෙරමුණ කඩා වැටී පස් අවුරුදු සංවර්ධන සැලැස්ම බිඳ වැටීම මගින් සාම්ප‍්‍රදායික වම පරාජය ට පත් විය. ඒ පරාජ දෙකම තරුණ ජනයා ට ප‍්‍රදානය කළේ වම පිළිබඳ භීතිකාවක්, අපුලක් සහ නොවැදගත් කමක් ය. පසු කාලයේ දෘෂ්ටිවාදීමය වශයෙන් වාම නොවන, මුලධාර්මික වශයෙන් වාම නොවන එහෙත් වාම පැහැ සහ හඬවල් පමණක් අතගාන සහ නඟන තරුණ සටන්කාමීන් වනාහි ඒ පරාජයේ, භීතිකාවේ, අපුළේ සහ අවතක්සේරුවේ ප‍්‍රතිඵලයෝ ය.

ෂාක් ලූවී දාවිද් යනු නව සම්භාව්‍ය ගුරුකුලයේ ආරම්භකයා වූද ප‍්‍රංශ විප්ලවය කෙරෙහි පිටුබලයක් ලෙස තම කලා නිර්මාණ සිදුකළා වූද ප‍්‍රංශ ජාතික චිත‍්‍ර ශිල්පියෙකි. ‘මියගිය මරා’, ‘හොරාති ප‍්‍රතිඥාව’, ‘බෲටස් ගේ පුතුන්ගේ මළ සිරුරු ගෙන ඒම, ‘නැපෝලියන්ගේ රාජාභිෂේකය’, ‘සැබින් ස්ත‍්‍රීන්ගේ මැදිහත්වීම’, ‘සෙනෙකාගේ මරණය’, ‘කුරුසය මත යේසුස්’ සහ ‘සොක‍්‍රටීස් ගේ මරණය’ යනු ඔහු ගේ ඉතා ප‍්‍රසිද්ධ සිතුවම් අතුරින් කීපයකි. එසේම එවැනි නිර්මාණ සඳහා වූ මහා දෘෂ්ටිවාදීමය, විප්ලවීය සහ දාර්ශනික පදනමක් ඔහු සතු විය. ඒ සියල්ල ඔහු නිර්මාණය කළේ අනාගත මහා විප්ලවයකට ඇවැසි ජවය සහ ආවේගය සමාජ ගත කිරීමේ අරමුණෙනි. ඔහුගේ සිසුහුද ද තම ගුරුවරයාගේ මරණින් පසු ඒ ආකාරයටම තීන්ත සහ පින්සල් හැසිරවූහ. සිතුවම් අඳිනු ලැබූහ. එහෙත් ඒවා කිසිදු දෘෂ්ටිවාදීමය සහ දාර්ශනික පදනමක් නැති ඇඳීම් සහ සායම් තැවරීම් පමණක් ම වූ බොල් ඒවා විය. මා ඉහත කී වමේ පරාජ දෙකට පසු ආ වාම සංවිධානවලින්  සහ වාම තරුණයන්ගෙන් අති බහුතරයක් දාවිද් ගේ ගෝලයන් හා සමාන ය. ඔවුන්ගේ සිතුවම් හා සමාන ය. රට වෙළාගෙන ඇති මහා ගනඳුර පලවා හරින උපායයන් ඔවුන් සතුව නොතිබුණේ එහෙයිනි.

1975 සිට ක‍්‍රමානුකුලව වර්ධනය වූ සහ මේ වනවිට ඝන වී ඇති සමාජ-දේශපාලන අන්ධකාරය ආර්ථික (නිෂ්පාදනය, බෙදාහැරීම සහ පරිභෝජනය), දේශපාලන, සමාජ-සංස්කෘතික, සුබසාධන, අධ්‍යාපන, ප‍්‍රවාහන, සෞඛ්‍යය, සාහිත්‍ය-කලා, වෙළඳපොළ සහ ආගම ආදී සෑම අංශයකට ම ව්‍යාප්ත වී ඇත. ඒ තත්ත්වය නව-ලිබරල්වාදයේ ජයග‍්‍රහණයක් නිසා ඇතිවූ එකකට වඩා, වාම සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධානවල, පක්ෂවල, කණ්ඩායම්වල සහ නායකයන් ගේ  දාර්ශනික දිළිඳු බව සහ ක‍්‍රියාකාරී උකටලී බව නිසා වර්ධනය වූවකි. මේ ගනඳුරේ තරම සරල ආර්ථික විග‍්‍රහයකින් පමණක් දැනට තේරුම් ගනිමු.

නිෂ්පාදනය වැඩිවීම සහ වැඩි කිරීම විපතක් වූ රටක ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා අනුගමනය කරන මූලෝපාය බවට දේශීය සම්පත් සහ අවකාශ විකුණා දැමීම සහ වැඩි පොලියට සහ රට ට මාරාන්තික කොන්දේසි සහිත ණය ගැනීම නව ලිබරල් සහචර පාලනතන්ත‍්‍රවල කපටි  කමක් නිසා සිදුවන්නක් වුවත් එය ඊටත් වඩා වමේ දාර්ශනික දිළිඳු බව සහ ක‍්‍රියාකාරී උකටලී බව නිසා සිදුවන්නකි.

නිෂ්පාදනය වැඩිවීම පාප කර්මයක් වීම නම් අරුමයක් මය. අප කුඩා කල පාසල් පෙළපොත්වල සඳහන් වුයේ බිබිලේ දොඩම් සහ නාවල අන්නාසි ගැනය. බිබිල දොඩම් නිසා ප‍්‍රසිද්ධ වූවා සේම පසු කලෙක සේනක බිබිලේ නිසා බිබිල තවත් ආඩම්බරකාරී ප‍්‍රදේශයක් විය. ඒත් ඒ ටික කලකට පමණි. මහාචාර්ය සේනක බිබිලේ අකාලයේ, හදිසියේ, කට කතාවලට අනුව නම් අබිරහස් ලෙස මිය ගියේ ය. ඔහු රට ට ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් බහුජාතික ඖෂධ සමාගම්වලට එරෙහිව අරගල කළේ ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයේ දී කැප්පෙටිපොළ දිසාව අරගල කළ අයුරිණි. මහාචාර්ය බිබිලේගේ මරණය අබිරහස් මරණයක් යැයි මිනිසුන් සැක කළේ එනිසා ය. බිබිල පුරා පැණි පෙරමින් සාරවත්ව වගා වුණු පැණි දොඩම් වගාව ප‍්‍රදේශය පුරා පැතිරුණු කෘමි සහ දිලීර රෝගයක් හේතුවෙන් මුළුමනින්ම විනාශ වුයේ බිබිල වැදගැම්මක් නැති බිබිලක් බවට පත් කරමිනි. ඒ මහා විනාශය, බීජ සහ කෘෂි නිෂ්පාදන මත බලහත්කාරය පතුරුවන බහුජාතික සමාගම්වල කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ය යන්න බිබිල නොව මුළු රට පුරාම පැතිරුණු මතයයි.

කාලාන්තරයකට පසු බිබිල යළි ගොඩ ආවේය. බිබිල නැවත දොඩම් වල අයිතිය නැතහොත් උරුමය අත්පත් කර ගත්තේ ආයෙත් ‘බිබිලේ දොඩම්’ ගැන කවි ලියන්නට පොදුජනයාට ආරාධනා කරමිණි. එහෙත් සිදු වී ඇත්තේ කුමක් ද? රුපියලකට හෝ එකයි පනහකට වත් විකුණා ගන්න බැරි දොඩම් ගස් යට කුණු වීම ය. නිෂ්පාදනය වැඩිවීම සාපයක් වූ රටක ගොවියාගේ ඉරණම වුයේ වගා ණයවත්  ගෙවාගත නොහී කුණුවෙන දොඩම් දෙස බලා සිටීමය. අස්වනු නෙළන කාලයට විදේශීය (වස කැවූ) දොඩම් ආනයනය තහනම් හෝ සීමා කළා නම් මේ විපත සිදු නොවනු ඇත. එහෙත් සහචර වෙළෙන්දාට ළැදි පාලකයන් ට ගොවියා ගැන හෝ දේශීය නිෂ්පාදනය ගැන උණුවෙන හිතක් නැත. එසේම රටේ කෘෂි නිෂ්පාදන රට පුරා බෙදා හැරීමේ යාන්ත‍්‍රණයක් රාජ්‍යය විසින් සකසා තිබෙනවානම් බිබිලේ ගස් යට දොඩම් කුණු වෙද්දී කිරිබත්ගොඩ පොළේ මෙරට පැණි දොඩම් ගෙඩියක් රුපියල් හැටපහක් හැත්තෑ පහක් වෙන්නේ ද නැත. පළමුව කී බිබිලේ දොඩම් වගාව විනාශ කළේ බහුජාතික සමාගම් නම් දෙවනුව කී මිල ගණන් පහත යැවීම හරහා ගොවීන්ට දොඩම් වගාව එපා කරවන්නේ බහුජාතික සමාගම් සහ ජාවාරම්කාර ආනයනකරුවන්ගේ පදයට නටන සහචර ‘ජාතික ආණ්ඩුව’ නම් ඒ හරහා වම ලබා ගන්නා පාඩම කුමක් ද?

උදාහරණ බොහෝය. සිය ගණනක් වන එළවළු වගාකරන එළවළු ගොවියාට රුපියල කටවත් විකුණා ගත නොහැකිව ඒවා තොගපිටින් වීසි කරද්දී නගරයේ එළවළු කිලෝවක සිල්ලර මිල රුපියල් දෙසීය තුන්සීය වෙන්නේ නිෂ්පාදනය වැඩි නිසා නොව ඒවා රට පුරා බෙදාහැරීමේ වැඩ පිළිවෙළක්  සකසා ක‍්‍රියාත්මක කිරීම  හැම සහචර ආණ්ඩුවක් විසින්ම හිතාමතාම නොකරන නිසාය. එසේ නොකරන්නේ අතරමැදි සහචර කල්ලිය සමඟ පාලකයන්ට ඇති වාසි සහගත ආත්මීය සහ භෞතික බැඳීම නිසා ය. නිෂ්පාදනය වැඩි වී මිලක් නැති නිසා ගොවියෝ කිරි  කාණුවලට හලති.

රට පුරා කිරි වීදුරුවකට හූල්ලන ළමා ළපටි වැඩිහිටි ජනයා ලක්ෂ ගණනකි. ගම්මිරිස් ගොවියෝ වැල් ගලවාගෙන වීදි බසිති. ඒ නිෂ්පාදනය වැඩි වී නොව  පාලක සහචර අනුග‍්‍රහය ලබන අතරමැදියන් කීප දෙනකු ගම්මිරිස් ආනයනය කරන නිසා ය. ලොකු ලූනු ගොවියාගේ තත්ත්වයද ඒකම ය. වී ගොවියාගේ ඉරණම ද ඒකම ය. කාලයක් තොග රැස් කිරීමේ ක‍්‍රම නැති, තොග රැස්කොට තබා ගත නොහැකි සෑම සුළු නිෂ්පාදකයකුගේ ම ඉරණම එක හා සමානය.

 අද සංවර්ධිත යැයි කියන බි‍්‍රතාන්‍ය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් ඒ සඳහා වූ පළමු යෝධ පියවර තැබුවේ දේශීය නිෂ්පාදනය සහ දේශීය නිෂ්පාදකයා රැක ගැනීම, දිරි ගැන්වීම සහ සහන දීම අනුගමනය කිරීම පදනම කර ගනිමිනි. ඔවුන් නිෂ්පාදනය වැඩිවීම ආශිර්වාදයක් මිස ඛේදයක් කර ගත්තේ නැත. සිදු කළේ දේශීය නිෂ්පාදන සහ නිෂ්පාදකයා රැක ගැනීම අරමුණු කරගත් නීති රෙගුලාසි සකසා දේශීය වෙළඳපොළ ස්ථාවර කිරීමය. එහෙත් මේ රටේ පාලකයන්ට මැති ඇමතීන් ට බලගතු නිලධාරීන්ට නම් නිෂ්පාදනය වැඩිවීම යනු හිසරදයකි. මහා කරුමයකි.   

ඒක එහෙම නම් මේ රාජ්‍යය මොකට ද? ප‍්‍රකෝටි ගණන් වැය කොට 225ක් සහ ඔවුන්ගේ පරිවාර පවුල් නඩත්තු කරන පාර්ලිමේන්තුව තවදුරටත් මේ රටේ එකක් ද? පොදු ජනයාගේ එකක් ද? ඒක උන්ගේ පාර්ලිමේන්තුවක් මිස පොදුජන පාර්ලිමේන්තුවක් නොවන බව, ඒකට යුක්ති යුක්තිතාවක් ලබාදෙන පරණ සහ මැදි වමට තවමත් තේරී නැත. මේ ගනඳුර එහි ප‍්‍රතිඵලයක් ය.

ගැටලූව වන්නේ මේ මහා ගනඳුර තව කොපමණ කලක් පවතී ද යන්නය. වසර හතළිස් දෙකක් පරණ එහි පැවැත්ම තව තවත් දීර්ඝ වූවොත් නම් ඉතිරිවන රටකුත්  නැත. දියුණුවන ජාතියකුත් නැත. එහෙව් මාරාන්තික පසුබිමක වම කළ යුත්තේ උන්ගේ තොරණේ නිවී නිවී දැල්වෙන විදුලි බුබුලක් වීම නම් නොවේ. කේන්තියට තම දිව සපා කෑමත් නොවේ. එකට සිටිය යුතු පිල ඇමීබාකරණය කිරීමත් නොවේ. දාර්ශනික දිළිඳු බවින් සහ ක‍්‍රියාකාරී උකටලී බවින් මුළු ගැන්වීමත් නොවේ. එසේ වුවහොත් මේ මහා ගනඳුර, මැදියමින් නොනැවතී කල්පාන්තරයක් ම පවතිනු ඇත.



අදහස් (0)

මැදියම ගනදුර

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site