X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


මැරෙන්න බය හිතෙන මිනීපෙට්ටි ජාවාරම

   665

 

මෙරට කලක් පාලනය කළ වයෝවෘද්ධ රාජ්‍ය නායකයකුට තමන් මිය ගිය දිනක තම මෘත දේහය තබන ‘මිනී පෙට්ටිය’ දැකගැනීමට ‘දොලදුකක්’ හටගත්තේය. ඔහුගේ ලේකම්වරයා වහාම තම ‘ලොක්කාගේ’ අවශ්‍යතාවය රටේ ඉහළම මල් ශාලාවට දන්වන්නට විය. නියමිත දිනයේ අවමංගල්‍ය ආයතනයේ ඪෂඡු අංශයෙන් රාජ්‍ය නායකයාගේ ඉල්ලීම ඉටුවී තිබුණි. මිනී පෙට්ටියේ දේහයේ මුහුණ ප‍්‍රදේශය තැන්පත්වන ප‍්‍රදේශයට වීදුරු සවිකොට වයිපර් දෙකක් ද දමා තිබීම රාජ්‍ය නායකයාට තේරුම් ගත නොහැකි ප‍්‍රශ්නයක් විය. වහාම රාජ්‍ය නායකයා මිනී පෙට්ටිය සෑදූ බාසුන්නැහේ ගෙන්වා ප‍්‍රශ්න කරන්නට වූයේ තමාගේ මිනී පෙට්ටියට වයිපර් දෙකක් සවිකළේ ඇයි දැයි යන ප‍්‍රශ්නයයි.

 


”ඇයි සර්, සර්ගේ මිනිය බලන්න එන මිනිස්සු තුං නොදකින් කාලකන්නිය කියලා මූණටම කෙළ ගහයිනේ. ඒ හින්දයි මම වයිපර් දෙකක් හයිකළේ” යයි අහිංසක බාසුන්නැහේ පවසන්නට විය.


කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද මිනීපෙට්ටියක සේවය ලබාගත යුතු දිනක් අපටද එනවා නියතය. මුස්ලිම් ප‍්‍රජාවට නම් මේ සඳහා වේවැල් කූඩයක් ‘තුම්බේ’ නමින් පල්ලියෙන් ලැබුණත් අපට නම් නෑසියන්ට අතේ ඇති හැටියට පෙට්ටි අවශ්‍යතාව පිරිමහගන්නට සිදුවේ.


මිනී පෙට්ටිය නම් වූ ගොරහැඩි මූසල වචනය වෙනුවට ජනතාවට වඩාත් සුන්දර අත්දැකීමක් ලෙස මෙම අයිතමය ජනතාව පාවිච්චි කළ පුද්ගලයකු නම් කරුණාරත්න අබේසේකරයන්ය.

අධිමිල පෙට්ටි ‘
ප‍්‍රති අලෙවිය’ අද ද සරුවට කෙරෙන්නකි. පිළියන්දල ප‍්‍රදේශයේ ආදාහනාගාරයකට පැයක් පමණ ප‍්‍රමාද වී ගිය පුද්ගලයකුට දැකගතහැකි වූයේ මියගොස් සිටි තම මිත‍්‍රයාගේ දේහය කනත්තේ ආදාහනාගාරයේ ගල්ලෑල්ලක් මත තබා පත්තර කොළ වලින් වසා ඇති බවයි. තවත් කිට්ටු වී බැලූ විට ඔහුට දැකගත හැකි වූයේ ලක්ෂ 3 1/2 ක් පමණ වටිනා තම මිතුරා බහාලූ පෙට්ටිය වෑන් රථයකට පටවන බවය. සැනෙකින් තම මිතුරාගේ බිරිඳට ඇමතූ ඔහු වහාම ආදාහනාගාරයට එන ලෙස දන්වන්නට විය.


”ජයරත්න නම් මල් මල් නම් ජයරත්න” ලෙස මේ අසුන්දර බව සුන්දර මතකයක් බවට පත්කළ කරුණාරත්න අබේසේකරයන්ටත් මෙලොවින් චුත වීමට පිහිට වූයේත් මේ මිනී පෙට්ටියමය.


ඇතමුන් තම අවසාන කැමැත්තට අනුව තම දේහය වෛද්‍ය විද්‍යාලයට භාරදෙන ලෙස දක්වන අවස්ථා ඇත. පසුගියදා මියගිය ප‍්‍රවීණ පුවත්පත් කලාවේදී ඞී.එෆ්. කාරියකරවන මහතාද තම දේහය වෛද්‍ය විද්‍යාලයට භාරදෙන ලෙස අන්තිම කැමැත්තේ සඳහන් කොට තිබුණි. වෛද්‍ය විද්‍යාලවල දේහයක් භාරගත්ත ද ඔවුන් මිනී පෙට්ටිය භාරගන්නේ නැත. බොහෝ විට මේ පාවිච්චි කළ පෙට්ටි ‘මහලූ නිවාස’ වලට පිරිත්‍යාග කිරීම සිදුවේ. වරක් ප‍්‍රවීණ පුවත්පත් කලාවේදියකුගේ දේහයක් වෛද්‍ය විද්‍යාලයට භාරදුන් විට හිස්වූ පෙට්ටිය මහලූ මඩමකට ගෙන යන ගමනකට පුවත්පතට ‘මනෝ විද්‍යා’ ලිපි ලියූ ලේඛකයාද එක් විය. මිනීපෙට්ටිය ගෙනෙනු උඩුමහලේ සිටි මහලූ පුද්ගලයින් බලා සිටියේ අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ගෙන එන ලෙසය. මනෝ විද්‍යා ලේඛකයා මහලූ පුද්ගලයින් කිහිප දෙනෙකු සමග කතාකරන්නට අමතක කළේ නැත.


”මහත්තයා ඔය පෙට්ටියෙන් යන්න වෙන්නේ කාටදැයි කියල අපි කතාවුණේ”යි මහල්ලකු කියූ කතාව මනෝ විද්‍යාඥයාගේ හදවත පසාරු කරගෙන යන්නක් විය. ඔහු වහාම මහලූ මඩමේ පාලන අධිකාරියට කතාකොට පරිත්‍යාග ලෙස ලැබෙන ‘මිනී පෙට්ටි’ මහලූ පුද්ගලයන්ට නොපෙනෙන ගොඩනැගිල්ලක ගබඩා කරන ලෙස ඉල්ලන්නට විය. ඔහුගේ ඉල්ලීම සඵල විය. මිනී පෙට්ටි දැක ජීවිතය ගැන අනේ අපොයි! කියන්නට ඉන් පසු මහලූ උදවියට සිදු වූයේ නැත.

1
සමහරු ජීවත්වන විටම තම අවසන් කටයුතු සඳහා අවශ්‍ය මුදල් ගෙවූ අය සිටින බව බොහෝ මල් ශාලා හිමියන් කියූ කතාවකි. අඟුලාන ප‍්‍රදේශයේ එවැනි පුද්ගලයකු මියගිය විට දේහය බහා ගෙනා බාල පෙට්ටිය ගෙදර ඇත්තන්ගේ සිත්ගත්තක් නොවීය. මියගිය පුද්ගලයා  ඕනෑම දෙයක් ඉතා ‘සුපිරි’ ලෙස සිදුකරන පුද්ගලයෙකි. මියගිය පුද්ගලයාගේ එක් පුතකු නහර කාරයකු විය. ඔහු හොර රහසේ මල් ශාලාවට ගොස් පෙට්ටිවල ගණන් විමසුවේ කිසිවක් නොදන්නා ලෙසය.


තමාගේ පියා ඇනවුම් කොට තිබුණේ රුපියල් දෙලක්ෂයකට අධික පෙට්ටියක් බවත් මල් ශාලාවෙන් පියාගේ දේහය තැන්පත් කොට ඇත්තේ රුපියල් තිස්පන්දාහක පමණ බාල පෙට්ටියක බවත් දැනගත් පුතා වියරු වැටුණේය. මල්ශාලාවේ කළමනාකරුට සාමදානයේ සැතපෙන්නට පහරදුන් ‘පුතා’ බේරාගත්තේ නෑදෑයින් විසිනි. ඒ නිසා මල්ශාලා කළමනාකරුට ‘පෙට්ටියක’ සේවය ලබාගන්නට අවශ්‍ය නොවුණත් ගිවිසගත් අධිමිල පෙට්ටිය ලබා දෙන්නට මල් ශාලාවට සිදුවිය.

6


අධිමිල පෙට්ටි ‘ප‍්‍රති අලෙවිය’ අද ද සරුවට කෙරෙන්නකි. පිළියන්දල ප‍්‍රදේශයේ ආදාහනාගාරයකට පැයක් පමණ ප‍්‍රමාද වී ගිය පුද්ගලයකුට දැකගතහැකි වූයේ මියගොස් සිටි තම මිත‍්‍රයාගේ දේහය කනත්තේ ආදාහනාගාරයේ ගල්ලෑල්ලක් මත තබා පත්තර කොළ වලින් වසා ඇති බවයි. තවත් කිට්ටු වී බැලූ විට ඔහුට දැකගත හැකි වූයේ ලක්ෂ 3 1/2 ක් පමණ වටිනා තම මිතුරා බහාලූ පෙට්ටිය වෑන් රථයකට පටවන බවය. සැනෙකින් තම මිතුරාගේ බිරිඳට ඇමතූ ඔහු වහාම ආදාහනාගාරයට එන ලෙස දන්වන්නට විය. කලබලයට පත් ආදාහනාගාරයේ සේවකයින් යුහුසුළුව ආදාහනාගාරය එළියේ තිබුණ දේහය ඇද දැමුවේ එවලේත් ගිනි ගනිමින් තිබුණු තවත් දේහයක් උඩටය. අදද ඉඳහිට ඇසෙන්නට ලැබෙන කණකර ගලවාගැනීමට මිනී ගොඩගැනීම, වටිනා පෙට්ටි ගොඩගෙන, මිනිය විසිකර පෙට්ටිය කොල්ලකෑම ආදී සිද්ධීන්ට වඩා වෙනත් කතාවක් 77ට පෙර යුගයේ ‘සුසාන භූමි’ පාලකයකු අපට මතක් කර දෙන්නට විය. එකල දැඩි ඇඳුම් හිඟයක් තිබුණු බැවින් භූමිදානය කරන ලද මිනීවලට දැඩි ආරක්ෂාවක් දී තිබී ඇත. දැඩි ඇඳුම් හිඟය නිසා මිනී ගොඩගෙන ඇඳුම් ගලවාගෙන යන තරමට එදා ඇඳුම් හිඟය උග‍්‍රව තිබී ඇත. එහෙත් තවත් අයකු පවසා සිටියේ එය හුදෙක් විරුද්ධ දේශපාලන පක්ෂයකින් ගෙතූ දේශපාලන මඩ කතාවක් බවය.


මේ පෙට්ටිය ගැන කියන විට කළුබෝවිල රෝහල අසල ‘මිනී කාක්කෙකු’ තමන්ට අමතක නොවන අත්දැකීමක් පවසන්නට විය. දිනක් රෝහල අසල පෙට්ටි කඩයකට ආ පුද්ගලයකු ඒ සඳහා මිල ගණන් කතාකරගෙන තමන්ට ‘කොමිෂන්’ එකක් ද 20%ක් තබාගෙන ගණන් හිලව් ගැන එකඟතාවයක් ඇතිකර ගත්තේය. ටික වේලාවකින් වැඩිහිටි කාන්තාවකගේ දේහයක් ට්‍රොලියක තබා මල්ශාලාවට ආවේ ශෝකබරිත පිරිසක්ද සමගය. ඒ සමග කොමිස් කුට්ටිය කතාකරගත් පුද්ගලයාද ශෝක බරිතව සිට ඇත. සියලූ කටයුතු එම්බාම් එක සම්බන්ධයෙන් ඉටුකර ගණන් හිලව් බේරන විටද එම පුද්ගලයා දේහය දෙස බලමින් ශෝකබරිතව සිට ඇත. දේහය හර්ස් එකට දමා පිරිස සමගද ගිය ඒ පුද්ගලයා පැය භාගයකින් පමණ පැමිණ ඔහුට හිමි රුපියල් 40,000ක පමණ කොමිස් කුට්ටිය ඉල්ලා සිටින්නට විය. කතා බහෙන් මල්ශාලා හිමියාට තේරුම් ගියේ මේ පුද්ගලයා මේ කොමිස් මුදල ගත්තේ තම මවගේ මෘත දේහයෙන් බවය. ඒ සඳහා මුදල් වියදම් කොට තිබුණේ ඔහුගේ කෝටිපති සහෝදර සහෝදරියන්ය. මෙය ඉතා සංවේදී කතාවක් වුවද ඔහුගේ පාර්ශ්වයෙන් ද යම් කතාවක් තිබිය හැක. ඔහු කියූ කතාව අසා මල්ශාලා හිමිකරු ද ‘හොල්මන්’ විය.

65
”අපේ අයියල අක්කල අම්ම ඉන්නකම් සතපහක් බේත් ගන්නවත් දුන්නේ නෑ. මම තමයි අම්මට සැලකුවේ. පෙට්ටියට නම් ලක්ෂ ගාණක් වියදම් කළා, ලෝකෙට පේන්න. මං මේ සල්ලි වලින් අම්මගේ හත් දවස දානේ දෙනවා. නැත්නම් මට ඒකටත් සල්ලි නෑ. මිනිය උස්සපු ගමන් අපේ අයියල අක්කල හොයාගන්නවත් වෙන්නේ නෑ. මට තමයි හත්දවසේ දානේ තනියෙන් දෙන්න වෙන්නේ” යැයි ඔහු කියූ කතාව මල්ශාලා හිමියා අසාගෙන හිටියේ ‘තක්බීරි’ වෙලාය.


මිනී පෙට්ටි බිස්නස් එක සරුවටම කෙරුණු යුගයක් නම් පසුගිය උතුරේ යුද සමයයි. ගොඩගම ප‍්‍රදේශයේ හමුදා භටයකු කොටි ප‍්‍රහාරයකින් මියගිය විට‘පෙට්ටිය’ තේරීමට භාරවූයේ සොහොයුරාටය. ඔහු රු. 75,000/- ක පමණ පෙට්ටියක් තේරූ නමුත් හමුදාවේ ප‍්‍රධානියා එයට විරුද්ධ විය. හමුදා නිලධාරියා අධික මිලක පෙට්ටියක් තේරීම සහෝදරයාට ද ප‍්‍රශ්නාර්ථයක් විය. නමුත් පසුව දැනගත හැකි වූයේ හමුදා නිලධාරියා එම පෙට්ටියෙන් ලක්ෂ ගණනක කොමිස් මුදලක් ලබාගෙන තිබුණු බවය.


කොළඹ රටේත්, රටේ කොයිතැනකත් ප‍්‍රභූවරුන්ගේ බොහෝ විට අවසන් කටයුතු කෙරෙන ස්ථානයක් නම් බොරැුල්ල කනත්ත සුසාන භූමියයි. 1840 දී අරඹා ඇති මේ සුසාන භූමිය කෙතරම් ජනහදවත් තුළට පරම්පරාවෙන් පරම්පරාවට කාවැදී ඇත්දැයි කිවහොත් ‘කනත්ත’ යන පදය සුසානභූමිය නැත්නම් කැරකෝප්පුවට යෙදෙන පර්යාය පදයක් ලෙස ජනගත වී හමාරය. තලපත්පිටිය කනත්ත පාර, හෝකන්දර කනත්ත පාර, කොහුවල කනත්ත (අද නිසල උයන* ආදී ලෙස රටපුරා සුසානභූමි කනත්ත වූයේ බොරැුල්ල සුසාන භූමිය නිසාය. ඇත්තටම මෙහිදී සිදුවී ඇත්තේ ඉඩමක නමක පටලැවිල්ලකි. බොරැුල්ල සුසාන භූමියේ ඉඩමේ නම ‘කනත්තවත්ත’ ය. කනත්තවත්තගේ නමින් පෙළපත් නාමයක් ද ඇත. බොහෝ දෙනා මෙම පෙළපත් නාමය සඟවන්නේ තමන් ‘සුසානභූමියකින් පැවත එන’ පිරිසක් ලෙස හංවඩු ගැසෙනු ඇතැයි සිතා විය යුතුය. ඇත්තටම වුණේ ‘කනත්ත ඉඩමේ’ නම රටේ අස්සක් මුල්ලක් නෑර සුසාන භූමිවලට නොදැනීම යොදාගැනීමටයි.


දැන් හැම දෙයක්ම ඪෂඡු වෙද්දී මල් සාප්පුවලට ද මේ අලකලන්චියෙන් බේරි සිටීමට නොහැකි විය. ඇත්තටම ඪෂඡු අවමංගල සේවාද බිහිවිය. මෙම සේවාවට ඉස්තරම් ප‍්‍රභූ හර්ස් එකට පෙරගමන් යාමට ඉදිරිපසින් අශ්වයන් පේලි 3කුත් ඇතුළත්ය. අයකෙරෙන මුදල රුපියල් ලක්ෂ පහේ සිට අවමංගල්‍යයට එන අයට කෑම බීමත් සමගම ලක්ෂ දහයටත් එහා විය හැකිය. කොච්චර සල්ලි තිබුණත් එක් සිදුවීමකින් පසු මේ සඳහා අශ්වයින් යොදාගැනීමට දැන් හරහට හිට ඇත්තේ පොලෝසියයි. කනත්තේ ඪෂඡු අවමංගල්‍යයකදී අශ්වයින් දෙසට රතිඤ්ඤා කරලක් වැටී අශ්වයින් හොල්මන්වී ගොස් කනත්ත පුරා නන්නත්තාරේ දිවගොස් එකම ජංජාලයක් වීම නිසා දැන් ඪෂඡු සේවයට අශ්වයින් යොදාගන්නේ නැත. මිනීපෙට්ටි ගැන මහජනතාව අතර ගොඩනැගී ඇති මතිමතාන්තර ගැන මෙසේ ස්මරණය කරද්දී හැඟීයන්නේ මැරෙනවා යනුත් හිතන තරම් ලේසි නැති පණ යන වැඩක් නොවේද යන්නයි.

m



අදහස් (0)

මැරෙන්න බය හිතෙන මිනීපෙට්ටි ජාවාරම

අමිල සුගන්ද Saturday, 25 July 2015 08:31 AM

හොද ලිපියක් (ස)

:       0       0

ධම්ම Saturday, 25 July 2015 12:21 PM

සමහර මිනී පෙට්ටි කාරයෝ එම්බාම් කාමරයේදී මියගිය කාන්තාවන්ට කරන දේවල් ගැන ඇහුවාම මැරෙන්න බය හිතෙනවා. (නදී)

:       0       0

සිරිමල් Sunday, 26 July 2015 02:25 AM

හොඳ ලිපියක්.(නි)

:       0       0

අජිත් Sunday, 26 July 2015 03:03 PM

හොඳ ලිපියක් (නදී)

:       0       0

ගුණවර්ධන Tuesday, 28 July 2015 09:41 AM

හොඳ ලිපියක් තසුනිට ස්තුතියි (ම)

:       0       0

සුනිල් ජයලත් Thursday, 30 July 2015 07:18 AM

හොඳ ලිපියක් තසුනිට ස්තුතියි(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site