ඉන්දියාව අපූරු රටකි. මිහිපිට ස්වර්ගය මෙන්ම අපාය ද එහි ඇත. එය විවිධ භාෂා, සම්ප‍්‍රදායන්, සංස්කෘතීන් හා ආගම්වලින් පිරුණකි. එහි වෙසෙන ජන වාර්ගිකයන් අතර අගෝරි සාධුවරුන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ ඔවුන්ගේ සුවිශේෂී ජීවන රටාව හේතුවෙනි. මොවුහු සාම්ප‍්‍රදායික හින්දු දහමට විරුද්ධ වූවන් ය. මිනිස් මාංශ අනුභවය, සතුන් බිලි දීම හා මිනිස් හිස්කබල් උපයෝගී කර ගනිමින් කරන ආගමික වතාවත් සහ මත්පැන් හා මිනීමස් භාවිත කරමින් සිදු කරන පූජාකර්ම හා අද්භූතජනක වත්පිළිවෙත් මානව සංකල්පරූප ඉක්මවා යන්නකි.
අගෝරි යන නාමය බි`දී ඇත්තේ අගෝර් යන සංස්කෘත වදනිනි. අගෝර් යන්නට විවිධ අරුත් ඇත. ‘මතකයෙන් බැහැර නොවන’ ‘දරුණු නොවන’ නැතිනම් ‘අ`දුරින් තොර’ යන අරුත් එයින් ගම්‍ය වෙයි. අගෝරි සාධුවරුනට අනුව නම් එහි අරුත ‘බියෙන් තොර වූ’ හා ‘හිංසනයෙන් වියුක්ත වූ’ යන්න ය. එම අර්ථකථනය අනුව අගෝරි සාධුවරුන් බියෙන් හා ජුගුප්සාවෙන් තොර පුද්ගලයන් විය යුතු වුව ද ඔවුන්ගේ පූජාකර්ම ජනතාව බිය ගන්වන හා ජුගුප්සාජනක ඒවා ය. ඔවුහු ශිව දෙවියන්ගේ අනුගාමිකයෝ ය. ශිව යනු සියලූ දෙවිවරුන් අතරින් බලවත්ම දෙවියා හා සියල්ල විනාශ කරන්නකු ලෙස ප‍්‍රකටය. ඔවුන්ගේ විශ්වාසය අනුව සෑම මිනිසකුගේම හදවත ශිව දෙවියන් ය. එහෙත් ඒ වටා ඉන්ද්‍රිය පිනවීම, කෝපය, ලෝභය, සිත තුළ ඇති හැ`ගීම්, බිය, වෛරය, ද්වේශය වැනි බැ`දීම් රැුසක් පවතී. අගෝරි සාධුවරයකුගේ ප‍්‍රධාන අරමුණ මෙම බැ`දීම්වලින් විනිර්මුක්ත වීම ය. අමු සොහොනක වාසය කිරීම තුළින් බිය සහ ලිංගික ආසාවන් තුරන් කිරීම හා නිරුවත්ව සිටීම තුළින් ලජ්ජාව නැති කිරීම අරමුණු වෙයි. මේ සියල්ලේ අපේක්ෂාව මෝක්ෂය සාක්ෂාත් කර ගැනීම ය.
අගෝරි සාධුවරු විශ්වයේ සරල නීතිය අනුව ජීවත් වෙති. මේ මායා ලෝකයේ ජීවිතය මරණයෙන් අවසන් වන බව ප‍්‍රත්‍යක්ෂ කරමින් ඔවුහු නිරුවතින් සැරිසරති. ආදරය, වෛරය, ඊර්ෂ්‍යාව සහ මමංකාරය වැනි මිනිස් හැඟීම්වලින් විනිර්මුක්ත මොවුහු තමා විසින්ම සියල්ල අවබෝධ කර ගැනීම මඟින් සම්බෝධියට පත්වීම අරමුණු කරගෙන සිටිති. ඒ ස`දහා ඉතා උසස් අයුරින් සියලූ පූජාකර්මවල නිරත වෙති. දෙවියෝ සියලූ දෙය තුළ වාසය කරන බව ඔවුහු අදහති. ලොව ඇති සියල්ල ශුද්ධ වස්තු ලෙස සලකන මොවුහු සෑම මොහොතක්ම සුබ මොහොතක් ලෙස සලකති.
ඔවුනට පවුල් බැ`දීම් නැත. ජීවිත කාලය පුරා අමු සොහොනක වාසය කරමින්, මිනී හිස්කබලක ආහාර පාන ගනිමින් ජීවිතය ගෙවති. ඔවුන්ගේ ජීවන රටාව අපට අනුමත කළ නොහැකි වුව ද දෙවියන් සොයාගත හැකි සැබෑ මාර්ගය ඇත්තේ එම ජීවන රටාව තුළ යැයි ඔවුහු අදහති. තාන්ති‍්‍රක හින්දු දහමේ ප‍්‍රධාන සංඝටකයන් අතුරින් ශිව ශක්ති (විශ්වය මැවීම), ඉච්ඡුා ශක්ති (චේතනාවේ බලය) ගයාන් ශක්ති (දැනුමේ බලය), කි‍්‍රයා ශක්ති (කාර්යය බලය) යන ශක්තීන් පමණක් විශ්වාස කරන අගෝරි සාධුවරු ශිව දෙවියන්ගේ සංකේතයක් වන බහිරව දෙවියන්ට පුද පූජා පවත්වති.
ඔවුන්ගේ පි‍්‍රයතම ආහාරය වන්නේ ගංගානම් ගංගාව දිගේ් පාවී එන කුණු වූ මිනිස් මළ සිරුරු ය. ඒ හැර මිය ගිය සතුන් හා ඉවත දැමූ ආහාර වළ`දති. මොවුන් ආහාර ගැනීම ස`දහා භාවිත කරන්නේ මිනිස් හිස් කබලකි. ඔවුන් ගිනි මෙලවීම ස`දහා භාවිත කරන්නේ චිතක දැල්වීමෙන් පසු ඉතිරි වූ දැව ද`ඩු ය. සිරුර වසන්නේ මළ සිරුරු ඔතා ඇති පිළිවලිනි. ගත තවරන්නේ දැවුණු මළමිනීවලින් ශේෂ වූ අළු ය. විවිධ ඇට වර්ගවලින් තැනූ අභරණ පළ`දිති. ශිව දෙවියන් අදහන අගෝරින්්ට නිවාස නැත. ඔවුන්ගේ වාසස්ථාන වන්නේ අමු සොහොන් ය. හින්දු සාධුවරුන් අතර ඉතා භයානක හා අන්තගාමී සාධුවරුන් ලෙස මොවුන් පිළිගැනෙයි. කාලි, දුර්ගා, කමක්්‍ය හෝ චම්මුණ්ඩ වැනි දේවතාවියන් පිදීම ස`දහා පවත්වන තාන්ත‍්‍රික කි‍්‍රයාකාරකම් සමඟ සතුන් සහ මිනිසුන් බිලිදීම, මිනී මස් අනුභවය වැනි ශිව දෙවියන්ගේ කි‍්‍රයාකාරකම් සමඟ සබ`දතාවක් පවතී.
අගෝරි සාධුවරු 14 වැනි සියවසේ ජීවත් වූ කපාලික නම් ශිව භක්තිකයන්ගෙන් විභේදනය වූ පිරිසක් ලෙස සැලකේ. වර්තමාන අගෝරින්ගේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ කිනා රාම් ය. ඔහු 18 වැනි සියවසේ වාසය කළ වසර 150කට වැඩි කලක් ජීවත් වූ අගෝරි සාධුවරයෙකි. අගෝරි සාධුවරුන්ගේ ප‍්‍රධානතම පුද භූමිය වරාණාසියේ රවීන්ද්‍රපූරියේ පිහිටා ඇති කිනරාම් ආශ‍්‍රමයයි. කිනා රාම්ගේ සොහොන පිහිටා තිබෙන්නේ මෙම ආශ‍්‍රමයේ ය. අගෝරි සාධුවරු සහ අගෝරි බැතිමත්තු මෙම ස්ථානයට වන්දනාමාන ස`දහා පැමිණෙති.
අගෝරි සාධුවරයකුගේ ජීවිතය පහසු වුවක් නොවේ. අගෝරි සාධුවරයකු වීමට ගුරු සාධුවරයකුගේ මඟ පෙන්වීම යටතේ වසර 12ක් නොකඩවා භාවනා කළ යුතු ය. අධ්‍යාත්මික ශක්තියකට ළඟා විය හැක්කේ ඉන් පසුව ය. අගෝරි සාධුවරයකු වීමට අපේක්ෂා කරන්නා නීති රීති රැුසක් අනුගමනය කළ යුතු ය. ප‍්‍රථමයෙන් ඔහු ගුරු සාධුවරයකු සොයා ගත යුතු ය. ඉන්පසු ගුරු සාධුවරයාගේ සියලූ බැල මෙහෙවර කරමින් ඔහු සමඟ කාලය ගෙවිය යුතු ය. ‘කප්පල’ නමින් හැ`දින්වෙන මිනිස් හිස් කබලක් සපයා ගැනීම ඔහුගේ ඊළඟ රාජකාරිය වෙයි. යෝගියකු බවට පත්වන තෙක් ඔහු සතු එකම පූජාකර්ම භාණ්ඩය වන්නේ එය පමණි. ශිව දෙවියන්ගේ ස්වරූපය සංඛේතවත් කරමින් තම සිරුරේ අළු තැවරීම කළ යුතු ය. අවසන් වෘතය වන්නේ කුණු වූ මිනිස් මළ සිරුරු අනුභව කිරීම සහ මළ සිරුරක් මත භාවනාවයි. ඔවුන් පානය කරනුයේ සතුන්ගේ මුත‍්‍ර ය.
බැතිමතුන් විශ්වාස කරන අයුරින් අගෝරි සාධුවරු සතුව සුවකිරීමේ හැකියාවක් පවතී. අගෝරි සාධුවරයකුගේ සිරුර සහ මනස එක්තැන් කිරීම තුළින් ලබා ගන්නා ශක්තිය මඟින් කෙරෙන එම සුව කිරීම ඔවුන් හ`දුන්වන්නේ රූපාන්තරණ සුවකිරීමක් ලෙසිනි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිනී මස් කන සාධුවරු
මංජුල Friday, 19 December 2014 11:19 AM
මොකක්ද මේ ජිවිතේ.(හේ)
ටානියා Monday, 29 December 2014 05:06 PM
වැදගත් ලිපියක් (නි)
හේරත් Wednesday, 24 December 2014 04:48 AM
බුදුන් ඉපදුන රට........ මෙහෙම අයත් ඉන්නවාද? (නි)
නෙත්මි Sunday, 21 December 2014 10:54 AM
ඉන්දියාව පුදුමාකාර රටක්නේ. (හේ)
නෙත්මි Sunday, 21 December 2014 10:54 AM
මේ වගේ රටකද අපේ ගෞතම බුදුන් වහන්සේත් ඉපදුනේ.(හේ)
කැලුම් Sunday, 21 December 2014 10:54 AM
අපේ මෙහෙමත් මිනිස්සු.අපේ මස් අපිම කනවා වගෙනේ.(හේ)
සෑම් Saturday, 20 December 2014 05:27 PM
මෙම ලිපිය කියවන සැමදෙනාම රේරුකානේ චන්දවිමල හිමියන්ගේ අභිධර්ම මාර්ගය කියන පොත කියවන්න.එහි දක්වා ඇත්තේ ලොව්තුරා බුදුන් දෙසා වදාළ අභිධර්මයයි.ලෝක සත්‍යය වටහාගන්න ලැබේවි (නි)
බක්ති Saturday, 20 December 2014 11:01 AM
ඉන්දියාවේ තියන්නේ විවිධ ආගම ,ඇදහිලි ,විශ්වාස ,ජාතින් , කුල ගෝත්‍ර විශාල ගණනක් තිබෙන රටක් .අපිට මේවා අලුත් දවල් වුනාට එම රටේ අයට මේවා සාමාන්‍ය දේවල් .බුදු දහමට අනුව මේ අය මිත්‍යාදුෂ්ටිකයන්.ඔවුන් මේ ගෙවන්නේ පව්කාර ජීවිතය .මේවා කරලා සංසාරයේ කෙළවරක් දැකීම වෙනුවට තව තවත් සසර දුක් විඳවමින් දිගු කරගන්නවා . ජිවිතයේ සැබෑ සත්‍ය කියා දෙන්නේ දුදු දහම තුලින් පමණයි.එම නිර්මල දහම අනුගමනය කිරීම සියලු දෙනාටම යහපත්ය,සසර දුකින් මිදීමට ඇති එකම පිළිසරණ එය පමණකි.(හේ) .
ශාන සෞදි Saturday, 20 December 2014 07:45 AM
ඉන්දියාව කියන්නේ නම් මිහිපිට අපායම තමා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ මිහිපිට ස්වර්ගය මෙන්ම අපාය ද එහි ඇත. (අ)
ප්‍රියන්ත Friday, 19 December 2014 12:46 PM
මෙවැන්නන් විනාශ කළ දැමිය යුතුයි (නදී)
මැටිපහන Thursday, 18 December 2014 01:16 PM
මේක විස්වාස කරන්න අමාරුයි. (ර)
සංජය Friday, 19 December 2014 09:44 AM
ඉන්දියාව කියන්නේ නම් මිහිපිට අපායම තමා. (නි)
ලාල් Friday, 19 December 2014 07:37 AM
මෙවැනි මිනිසුන් මිය ගියවිට ඒකාන්තයෙන්ම තිරිසන් ලෝකයේ හෝ පෙරේත ලෝකයේ හෝ අසුර ලෝකයෙහි උපත ලබයි. ඒ ඔවුන්ගේ සියලු ක්‍රියාවන් ඒ ඒ ලෝකවල පරිදිම සිදුකරන බැවිනි. මේ දේවල් දකිමින් වහ වහා යථාර්තය හා චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගන්නට මේවා උපකාරයක්ම වේවා. නමෝ බුද්ධාය. (නදී)
ලසිත් Friday, 19 December 2014 12:27 AM
නමුත් බුදුහාමුදුරුවෝ කිවුවේ මැදුම් පිළිවෙතෙන් විතරයි නිවන් දකින්න පුළුවන් කියලා. මළකුණු කාලා අන්තිමට ලබාගන්න පුළුවන් වෙන්නේ මාරාන්තික ලෙඩදුක් පමණක් වෙන්න පුලුවන් (නි)
සනත් Thursday, 18 December 2014 06:26 PM
මොන පවක්ද මේක? (නි)
ජීවා Thursday, 18 December 2014 06:04 PM
මේ ලිපිය බලලා මට වමනය යන්න වගේ ආවා (නි)
කෙනත් Thursday, 18 December 2014 05:56 PM
බුද්ධ කාලයේ පවා මේ වගේ ආගමික විශ්වාස ඉන්දියාවේ තුබුනා. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අසා අවබෝධකරගත් සමහරු මේ මිත්‍යාවන් අතහැර කෙළෙස් ප්‍රහීන කර සසරින් මිදුනා. මිනිසා තුළ නොවෙනස්වන සදාකාලික ආත්මයක් ඇතැයි යන්න මේ අයගේ මෙන්ම බොහෝ පෙර සිටි සාධුවරුන්ගේත් පිළිගැනීම විය. (නි)
අානන්ද Thursday, 18 December 2014 05:04 PM
ගංගා නම් ගඟේ කියන හරියට විතරයි බැලුවේ. වමනේ යන්න ආවා. ඉතුරු ටික බැලුවේ නෑ. (නදී)
සදුනි Thursday, 18 December 2014 03:32 PM
අපොයි! වැඩිය හිතන්න ඕනෑ නැහැ. මේක ඉන්දියාවනේ. (නි)