යුරෝප සංගමය විසින් තහනම් කරන ලද සංවිධානයක් වූ එල්.ටී.ටී. සංවිධානයේ ලාංඡන, ඊළාම් සිතියම, කොටි නායක ප්රභාකරන්ගේ රුව සහ ඔවුනගේ වෙනත් සංකේත භාවිත කරමින් ප්‍රංශයේ මුද්දර කිහිපයක් නිකුත්වීම දෙමළ ඩයස්පෝරාව ඊළාම් සිහිනය අතහැර නොමැති බවට තවත් සාක්ෂියක් විය. ප්‍රංශ තැපැල් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව ප්‍රංශයේ නිල තැපැල් සේවාව වන ලා පෝස්ටේ තැපැල් සේවය මෙම මුද්දර නිකුත් කැර තිබූ අතර මෙතෙක් අනාවරණය වූ කරුණු වලින් පැහැදිලි වන්නේ අවස්ථා තුනකදී මෙම මුද්දර නිකුත් කැර ඇති බවයි. යුරෝපයේ ජීවත්වන දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන්ගේ අරමුණ වී ඇත්තේ මෙම මුද්දර යළි තම සංවිධානය ප්‍රචලිත කිරීමේ ප්රචාරක මාධ්‍යයක් ලෙස භාවිත කිරීම විය යුතුය. කොටි හිතවාදී වෙබ් අඩවියක් වන ‘ෂාර්තිව්’ වෙබ් අඩවිය විසින් කොටි සංවිධානයේ සංකේත රැගත් මුද්දර හතරක් දෙසැම්බර් 28 වැනිදා අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කැරෙන තුරු කිසිවෙකුත් මේ කාර්යය දැන සිටියේ නැත. මෙම මුද්දර පිළිබඳ තොරතුරු ලැබීමත් සමගම වහාම කි‍්‍රයාත්මක වූ ශී‍්‍ර ලංකා රජය ප්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති දයාන් ජයතිලක මහතාට දැනුම් දුන්නේ මේ මුද්දර නිකුත් කිරීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් අවශ්‍ය බවයි. තොරතුරු සොයා බැලූ ප්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය පවසා ඇත්තේ අත් වැරදීමකින් මෙම මුද්දර නිකුත් කැර ඇති බවයි. එමෙන්ම යළිත් මෙවැනි වරදක් සිදුවීමට ඉඩ නොතබන බවට ඔවුන් පොරොන්දු වී ඇතැයි ද ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය පවසයි. වර්තමානයේ තැපැල් සේවාව බොහෝ වෙනස්කම් වලට භාජනය වී තිබේ. ඒ අනුව ලොව රටවල් ගණනාවක තැපැල් සේවාව භාවිත කරන්නන්ට තම සිතැගි පරිදි මුද්දර සකස් කැර ගැනීමේ අවස්ථාව ලැබී තිබේ. ප්‍රංශයේ ලා පෝස්ටේ තැපැල් සේවය ද එවැනි ගනුදෙනුකරුවන් මූළික කැරගත් තැපැල් සේවයකි. ඔවුන් තම අන්තර්ජාල වෙබ් අඩවියට පිවිසෙන ගනුදෙනු කරුවන්ට තමන්ට අවශ්‍ය ආකාරයට මුද්දර සකසා ගැනීමේ අවස්ථාව ලබා දී ඇත. මෙම මුද්දර නිකුත් කැර ඇත්තේ එම ක්‍රමයට බවත් යුරෝපා සංගමය විසින් තහනම් කරන ලද කොටි සංවිධානයේ සංකේත යොදා ගනිමින් මුද්දර නිකුත් වූයේ වැරදීමකින් බවත් ප්‍රංශ තැපැල් සේවය පවසා තිබේ. ඔවුන් ඒ පිළිබඳ ශී‍්‍ර ලංකා රජයට සිය කනගාටුව ප්‍රකාශ කැර ඇත. කොටි හිතවාදී මුද්දර නිකුත් කිරීම පිළිබඳව විදෙස් කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කොළඹ ප්‍රංශ තානාපතිනි කි‍්‍රස්ටින් රොබිකොන් මහත්මිය හමුවී සාකච්ඡා කොට තිබේ. ඇය පවසා ඇත්තේ මෙම මුද්දර ප්‍රංශ රජයේ නිල මුද්දර නොවන බවයි. ලා පෝස්ටේ තැපැල් සේවාව විසින් පුද්ගලික පදනම මත ගනුදෙනුකරුවන් සීමිත සංඛ්‍යාවකට මේ මුද්දර ලබාදී ඇති බව ද ඇය පවසා තිබේ. මෙවැනි මුද්දර නිකුත් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත කොන්දේසි පනවා තිබෙන බවත් අදාළ පුද්ගලයන් ඒ පිළිබඳව වගකීම දැරිය යුතු බවත් ඇය පවසා තිබේ. මෙවැනි මුද්දර නිකුත් කිරීමේ බලය නියෝජිත ආයතන තුනකට පවරා තිබෙන අතර එහිදී යොදාගන්නා සංකේත රූප සහ අන්තර්ගත කරුණු පිළිබඳ සොයා බැලීමේ බලතල නියෝජිත ආයතන තුනට ඇති බවත් ප්‍රංශ රජය පවසා ඇත. බි්රතාන්යයේ හා කැනඩාවේද මෙම මුද්දර සංසරණය වී ඇතැයි පවසන ඒ රටවල බලධාරීන් මේ මුද්දරවලට රාජ්‍ය මට්ටමේ කිසිදු පිළිගැනීමක් නැතැයි ද පවසා තිබේ. ප්රභාකරන්ගේ රුව, තමිල් ඊළාම් සිතියම, ඊළාම් ධජය, ඔවුන්ගේ ජාතික පුෂ්පය වූ නියගලා මලත් සත්ත්ව ඡායාරූප කිහිපයකුත් මුද්දර නිර්මාණය කිරීම සඳහා යොදාගත් පිරිස එම රූපවලින් සමන්විත මුද්දර 10,000 ක් තෙවන වටයටත් නිකුත් කැර ඇතැයි දැනගන්නට තිබේ. ඒ අනුව ඔවුන් මුද්දර වර්ග 11 ක් මේ වනවිට නිකුත් කැර තිබේ. කොටි ත්රස්තවාදීන්ගේ සංකේත වලට අමතරව ගාල්ල වරාය පොලීසියේ ඡායාරූපයක් ඉදිරියේ සුදු වෑන් රථයක් ඇති ආකාරයේ ඡායාරූපයක් භාවිතා කරමින් සුදූ වෑන් කථා ඉස්මතුවන ආකාරයේ මුද්දරයක් නිකුත් කිරීමට ද මොවුන් කටයුතු කැර ඇත. එල්.ටී.ටී.ඊ හිතවාදී මුද්දර ඇලවූ විදේශීය ලිපි හෝ භාණ්ඩ මෙරටට ලැබුණහොත් ඒවා මධ්‍යම තැපැල් හුවමාරුව තුළ රඳවා තබාගැනීමට පියවර ගන්නා බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති එම්.කේ.බී.දිසානායක මහතා කියා සිටියේ එවැනි ලිපි හෝ පාර්සල් ලැබුණහොත් මේවා එවූ පාර්ශවය සහ ලැබීමට නියමිත පාර්ශවය පිළිබඳ සොයා බැලීමක් සිදුකරන බවයි. අනතුරුව එම මුද්දර ඉවත් කොට ලිපිය හෝ පාර්සලය එම පුද්ගලයන් වෙත යොමු කිරීමට පියවර ගන්නා බවද තැපැල්පතිවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේය. කොටි හිතවාදී මුද්දර බි්රතාන්ය හා කැනඩාවේද නිකුත් කැර ඇතැයි දැනගන්නට ලැබී තිබෙන බැවින් ශී‍්‍ර ලංකාවේ ආරක්ෂාව හා ස්වෛරීභාවය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම කි‍්‍රයාමාර්ගය ගන්නා බව ද දිසානායක මහතා පවසයි. මෙම මුද්දර නිකුත් කළ ලා පෝස්ටේ තැපැල් සේවයේ නිල වෙබ් අඩවියේ ගනුදෙනුකරුවාට අවශ්‍ය ආකාරයට මුද්දර සකස් කැර ඇණවුම් කිරීමේ අවස්ථාව පවතී. ප්‍රංශ බලධාරීන් පවසන්නේ සතියකට පුද්ගල අවශ්‍යතාව මත මුද්දර ඉල්ලා අයදුම් කිරීම් 2000 ක් පමණ සිදුවන බවයි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මුද්දරයේ කොටි මෙහෙයුම
harsha Monday, 16 January 2012 05:41 PM
කොටින්ට බෑරිනම් උරුලෑවන්ට උනත් දවල් හීන දකින්න පුලුවන් නමුත් අපේ මාතෘභුමියේ සිංහල ලේ කදුලක් පවතින්තුරු රට දෙකඩ කරන්න සිංහලේ තියන සිංහලයො ඉඩ දෙන්නෙ නෑහෑ.
වර්නි Thursday, 19 January 2012 09:47 AM
ටීඑන්ඒ ඇතුලු කොටි හිතවාදීන්ගෙන් ඇසිය යුත්තේ උතුරේ සිංහලයන් කීදෙනෙක් ස්ථිර පදිංචිද, සෙසු පළාත්වල දෙමළ අය කීදෙනෙක් ස්ථිර පදිංචිද කියලයි.