මෙරට වයඹ දිග මුහුදු තීරයේ කල්පිටිය අර්ධද්වීපයට මුහුදු සැතපුම් විසිපහක් පමණ ඈතින් පිහිටි බත්තලංගුණ්ඩුව කල්පිටිය සංචාරක පුරවරයේ අපූරු දූපතකි.
ඒ ආසන්නයේ පිහිටි විවිධාකාර හැඩයේ දූපත් සමූහයද සොඳුරු ඉසව්වකි. සුන්දරත්වය එසේ වුවද එහි වෙසෙන මිනිසුන් දුෂ්කරතා රැසක් මධ්‍යයේ මහ මුහුදේ ගැටෙමින් ධීවර වෘත්තියේ නියැළෙති.
උපතින්ම ධීවර වෘත්තිය දායාද කොටගෙන උපන් ප්‍රජාවක් මෙහි ජීවත් වෙති. හුදෙකලාව ජීවත් වෙන ඔවුනට ලංකාවේ එක බිම් අඟලක හෝ හිමිකමක් නැතැයි කියති. දූපතේ වපසරිය හෙක්ටයාර 145.53 ක් වන අතර එහි දිගින් කිලෝමීටර් අටක්ද පළලින් කිලෝ මීටරයක් ද වේ. මෙහි පදිංචි සියලු දෙනා මීට වසර හැත්තෑවකට පමණ ඉහතදී වෙන්නප්පුව, මීගමුව සහ හලාවත ප්‍රදේශවල සිට ධීවර රැකියාව සඳහා සංක්‍රමණය වූවෝ වෙති.
මොවුන්ගෙන් පැවත එන පිරිස 750ක් පමණ දූපතේ ජීවත්වන අතර ඔවුන් පවුල් ඒකක 350ට අයත්වූවෝ වෙති. මේ සියලු දෙනා ලාංකික සිංහල සම්භවයකින් පැවතෙන්නෝ වුවද ඔවුන් බහුතරය භාවිත කරන්නේ ද්‍රවිඩ භාෂාවයි.
වත්මන් සමාජ රටාවත් ආර්ථිකයත් දූපත් වාසීන්ට එල්ල කර ඇත්තේ මහත් පීඩනයකි. ඔවුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා කල්පිටිය ජැටියේ සිට මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ක්‍රියාත්මකය. එසේ යාත්‍රා කරන බෝට්ටුව පැය තුන හමාරකින් පමණ බත්තලංගුණ්ඩුව දූපතට ළඟාවෙයි. මෙමගින් එදිනෙදා අවශ්‍යතා රැසක් සපුරා ගන්නා අතර පානීය ජලය ආහාර මාළු කල් තබා ගැනීම සඳහා අයිස් සහ කරවල වියළීම සඳහා අවශ්‍ය ලුණු ද ඒ අතර වේ.
දූපතේ ප්‍රවාහානය සඳහා පා පැදියක් හෝ නැත. ඇත්තේ ධීවර ආම්පන්න රැගෙන යාමට ඇති අත් කරත්තයක් පමණි. දූපත් වාසීන්ගේ නිවාස සියල්ල තාවකාලික පැල්පත්ය. දූපතේ උළු සෙවිලි කර ඇති එකම ස්ථිර ගොඩනැගිල්ල බත්තලංගුණ්ඩුව සිරිකුරුස දේවස්ථානයයි. අනෙක් ගොඩනැගිල්ල වන්නේ පසුගියදා නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද සිරිකුරුස විද්‍යාලයයි. දූපතේ කුඩු වෙළඳසලක් දෙකක් පිහිටා තිබුණද එහි අලෙවි වන භාණ්ඩයක මිල සාමාන්‍ය මිලට වඩා ඉහළ අගයක් ගනී.
පුංචි දරුවන්, ගැබිණියන් ඇතුළු බොහෝ පිරිසක් දූපතේ සිටියද ඔවුනට කිසිදු සෞඛ්‍ය පහසුකමක් හෝ නැත. අසනීපයකදී හෝ හදිසි අනතුරකදී පැය ගණනාවක් මුහුද තරණය කරමින් කල්පිටිය රෝහලට පැමිණිය යුතුය.
කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ අනුඛණ්ඩය රැඳි කඳවුර සහ බත්තලංගුණ්ඩුව පොලිස් මුරපොළ හැරෙන්නට වෙනත් රාජ්‍ය ආයතනයක් දූපතේ නැත. දූපත් වාසීන්ගේ චර්යාවන් හේතුවෙන් දූපත දිනෙන් දින මුහුදු රකුසාට බිලිවෙමින් තිබේ. ඊට ප්‍රධාන හේතුව ස්වභාවික කඩොලාන පද්ධතිය විනාශ කිරීමයි. නාවික හමුදාවේ මැදිහත්වීමෙන් සිදුකරන කඩොලාන ශාඛ වගාව බත්තලංගුණ්ඩුවේ හෙට දවසට කදිම ආයෝජනයකි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මුහුදට සේදෙන බත්තලංගුණ්ඩුව සුන්දරත්වය
මංජුල Tuesday, 12 July 2016 01:35 PM
කොච්චර සුන්දර තැනක්ද?(හේ)
නිම්සර Tuesday, 12 July 2016 06:30 PM
ලක්දිව සුන්දරත්වය! (නි)
චන්න බුවනක Sunday, 17 July 2016 09:38 AM
එහෙ ජීවත්වන අයගේ ජීවිත නම් සුන්දර නැතුව ඇති. (නි)
ශාන් Thursday, 21 July 2016 12:18 PM
කොච්චර සුන්දර පරිසරයක්ද?(හේ)
ප්‍රභාත් Friday, 22 July 2016 07:27 AM
රජයට මැදිහත්වෙලා මේ ලස්සන දූපත සංරක්ෂණය කරන්න බැරි ඇයි. (බ)
ඩිලාන් Saturday, 23 July 2016 03:43 AM
හොඳ ලිපියක් (නි)