X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරෙන්න ආරක්ෂාව ලංකාවෙන්

ප‍්‍රභාකරන් නම්වූ අති බිහිසුණු ත‍්‍රස්තවාදියා කෙරෙහි මෙරට මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රජාව තුළද පැවැතියේ කිසියම් බියකි. කිසිම දිනක මේ ත‍්‍රස්තවාදියාගෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමට හැකිවෙතැයි විශ්වාසයක් නොතිබුණි. දශක තුනක කාලයක් තිස්සේ මේ රට යුද්ධයෙන් පීඩාවට පත්වී සිටියේය. එහෙත් ඒ යුද්ධයේ පීඩාව නිමා කරමින් ප‍්‍රභාකරන් නමැති ත‍්‍රස්තවාදියාගෙන් රට බේරා ගැනීමට අපේ ති‍්‍රවිධ හමුදාවට හා පොලිසියට හැකියාව ලැබිණි.

යුද්ධය නිමාවීමත් සමග රටේ ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමේ අවස්ථාව සැලසීි ඇත. ඊට අමතරව රටට තවත් වාසිදායක කරුණු ගණනාවක් හිමිවී ඇත.

මේ ලිපියෙන් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ එවන් විශේෂිත වාසිදායක කරුණක් පිළිබඳවය. එය ලංකාවට සුවිශේෂි අත්දැකීමක් මෙන්ම රටට ආදායම් ගෙන දෙන දැවැන්ත ව්‍යාපෘතියකි. ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවන ලද රක්නා ආරක්ෂක ලංකා ලිමිටඞ් ආයතනය ලද නැව් ආරක්ෂිත වැඩපිළිවෙළයි.

2008 පෙබරවාරි 7 වැනිදා රක්නා ආරක්ෂක ලංකා ආයතනයේ වැඩ ආරම්භ කර ඇත. රක්නා ආරක්ෂක ලංකා ආයතනය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති ආයතනයකි. රාජ්‍ය ආයතනවලට ආරක්ෂාව සැපයීම මෙහි ප‍්‍රධාන කර්තව්‍ය විය. පෞද්ගලික මට්ටමේ ආරක්ෂක සේවාවල යෙදී සිටින්නන් පුහුණු කිරීමද මෙහිදී කෙරුණි.

රක්නා ආරක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සිව් දෙනෙකි. ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. මහින්ද සාලිය, මේජර් ජෙනරාල් පාලිත ෆනෑන්ඩු, උදේනි වික‍්‍රමසිංහ සහ සිරිපාල හෙට්ටිආරච්චි යන මහත්වරු අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් වෙති.

 

 

කොල්ලකරුවන් පිරිසක් ප‍්‍රංශ හමුදා අත්අඩංගුවේ



මෙම ආයතනය මගින් නැව් ආරක්ෂක සේවාවක් ආරම්භ කර ඇත. ඒ සම්බන්ධයෙන් ප‍්‍රධාන විධායක නිලධාරි මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙලේ මහතාගෙන් හා මෙහෙයුම් කළමනාකාර මේජර් චින්තක පෙරේරා මහතාගෙන් තොරතුරු ලබා ගතිමි.

මෙතෙක් සිදුවුණේ විදේශිකයන් ගාල්ලට පැමිණ නැව්වල ආරක්ෂාව සඳහා ගාල්ලෙන් නැව්වලට නැඟීමයි. ලංකාවේ නැව් නියෝජිතයන්ගේ සහායෙන් විදේශ නැව් සමාගම් ඒකාබද්ධව නැව්වලට විදේශ ආරක්ෂකයන් යෙදවූවා. අපේ රටේ මුහුදු කොටි සමඟ සටන් කර විශිෂ්ට ජයග‍්‍රහණ ලබා සිටින නාවික හමුදාවක් සිටින බැවින් ජාත්‍යන්තර වශයෙන් විශාල ප‍්‍රශංසාවක් අපට හිමිවී තිබෙනවා. ඒ අනුව අපේ රටටද නාවික ආරක්ෂක අංශයක් පිහිටුවීමේ අවශ්‍යතාව ඇති විය. වෙළෙඳපොළ වටිනාකමක් ලබා ගැනීමට හැකි බව පෙණුනි.

ඒ අනුව 2011 මාර්තු මස 18 වැනිදා ශ්‍රී ලංකාවේ ප‍්‍රථම නැව් පාලක  (Sea Marshal) වීරසිංහ මහතා නැව් ආරක්ෂක සේවයට ගියා. ඔහු නාවික හමුදාවේ සුළු නිලධාරීන්ගේ ප‍්‍රධානියෙක් වශයෙන් සේවය කළ අයෙක්. 2011 ජනවාරි සිට මාර්තු දක්වා විදේශිකයන් 678 දෙනෙක් නැව්වල ආරක්ෂාව සඳහා ගාල්ලෙන් නැව්වලට නැග තිබිණි.ඒ 678 දෙනා වෙනුවෙන් ශ්‍රී ලාංකිකයෝ ලබාදීමට අවස්ථාව ලැබුණා නම් ඩොලර් මිලියන ගණනාවක් ඒ දින කීපයට මේ රටට උපයා ගැනීමට අවස්ථාව තිබිණි. ගාල්ලෙන් නැව් ආරක්ෂකයන් නැව්වලට නැගීමට ප‍්‍රධාන හේතුව නම් නැව් ගමන් මාර්ගයේ ගාල්ල ආසන්න වශයෙන් පිහිටා තිබීමයි.

ජිනීවාහි පිහිටි ජාත්‍යන්තර නාවික සංවිධානය යටතේ සියලූ නාවික අංශ පවතී. එම සංවිධානය මගින් මුහුදු අවදානම් කලාපයක් හඳුන්වාදී තිබේ. ඒ කලාපයට ඇතුල්වන  ඕනෑම නැවක් රක්ෂණය කළ යුතුය. නැවේ ආරක්ෂක නිලධාරින් ස්ථානගත කර සිටිය යුතුය.මුහුදු අවදානම් කලාපය වශයෙන් සළකන්නේ යුරෝපය දිසාවට යන නැවකට එම කලාපයට ඇතුල්වීමට පෙර ඇති අවසාන මධ්‍යස්ථානය ගාල්ලයි. ලංකාව පසුකර නාවික සැතපුම් 20 ක් පමණ ගිය පසු අවදානම් කලාපය හඳුන්වා ඇත. වෙඩි හුවමාරු සිදුවූ ස්ථාන සිතියමක සටහන් කර ඒ ප‍්‍රදේශය අවදානම් කලාපය වශයෙන් හඳුන්වාදී ඇත. ශ්‍රී ලංකාව අවදානම් කලාපයෙන් පිටත පිහිටුවා ඇත.

ගාල්ල වරායෙන් නැව් ආරක්ෂකයන් නැව්වලට ඇතුල් වන්නේ ලංකාව අවදානම් කලාපයෙන් පිටත පිහිටා තිබීමයි. ලෝකයේ නැව්වලට ආරක්ෂාව ලබාදෙන ආයතන අතුරින් රජයේ අනුමැතිය සහිතව මෙම සේවයේ යෙදෙන එකම රට ශ්‍රී ලංකාව පමණි. නාවික ආරක්ෂක නිලධාරින්ට අවශ්‍ය ආයුධ ලබා දෙන්නේද ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය මතය. මෙම ආරක්ෂක නිලධාරීන්ට අවසාන පාරිභෝගික සහතිකය යනුවෙන් ආයුධ පාවිච්චි කරන පුද්ගලයා විශේෂ සහතිකයක් ලබා තිබිය යුතුය. ආරක්ෂක අංශවල නිත්‍යානුකූලව විශ‍්‍රාම ගිය නිලධාරින්ට ආයුධ පුහුණුව ඇතත් මෙම සේවාව සඳහා අදාළ නිලධාරින්ට විශේෂ ආයුධ පුහුණුවක් යළි ලබාදෙයි.

ජාත්‍යන්තර නාවික සංවිධානය මගින් හොඳම ආයුධ කළමනාකරණ පුහුණුව යනුවෙන් පුහුණුවක් නියම කර ඇත. ඒ අනුව නැව්වලට ආරක්ෂාව සැපයීමේදී අනුගමනය කළ යුතු කි‍්‍රයා පිළිවෙතක් ඇත. උදාහරණ වශයෙන් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමේදී නැවේ ආරක්ෂාව හා කොල්ලකරුවන් හැකිතාක් නැවෙන් ඈත්කර තැබීම අවශ්‍යවෙයි. සටන් කර බෝට්ටු ගිල්වා දැමූ අවස්ථාද ඇත. මුහුදු කොල්ලකරුවන් නැව් කොල්ලකෑමට බොහෝ විට පැමිණෙන්නේ ධීවරයන් ලෙසය. ඔවුහු ආයුධ සඟවා ගෙන පැමිණ වෙඩි තබති.

අපේ නිලධාරීහු මෙවැනි අවස්ථා රාශියකට මුහුණදී සිටිති. සෝමාලියා කොල්ලකරුවන් පවා ශ්‍රී ලංකාවේ නාවික ආරක්ෂක අංශය පිළිබඳව දැනුවත්වි සිටින බවට තොරතුරු ලැබී ඇත. ජාත්‍යන්තර නැව් සමාගම්වලට මෙම සේවය සැපයීම සිදුවෙයි. යුරෝපයේ සියලූ රටවල් ජපානය, චීනය, මැලේසියාව, සිංගප්පූරුව ආදි රටවල් ශ්‍රී ලාංකික නාවික ආරක්ෂකයන්ගේ සේවය ලබා ගනී.

නැව් ආරක්ෂකයකුට (Sea Marshal)  නැවකට ඇතුළු වී අවදානම් කලාපය අවසන් වන වරායේදී නැවෙන් බසින තෙක් ඩොලර් 1000ක මුදලක් ගෙවනු ලබයි. එය ලංකාවේ මුදලින් රුපියල් 1,29,000ක් පමණය. දින 20ක් 22ක් අතර කාලයක් ඒ සඳහා ගතවේ. ඊජිප්තුව,  ඕමානය, ඩුබායි, ටැන්සානියාව, මැඩගස්කරය, කෙන්යාව, දකුණු අපි‍්‍රකාව යන රටවල් බොහෝ විට ගමනාන්තය වෙයි. දුරම ගමනාන්තය සූවස්ය.

මේ වනවිට රක්නා ලංකා ආයතනය නැව් ආරක්ෂකයන් 478ක පිරිසක් සේවයේ යොදවා සිටිති. මෙම සංඛ්‍යාව තවත් වැඩි කිරීමට පියවර ගෙන ඇත. සන්නද්ධ හමුදාවෙන් නිත්‍යානුකූලව විශ‍්‍රාම ගත් අය බඳවා ගනී. සේවයේ ගුණාත්මක බව ආරක්ෂා කිරීම සඳහා නිත්‍යානුකූලව විශ‍්‍රාම ගිය අය බඳවා ගනු ලැබේ. නැව් ආරක්ෂාවට යොදවන අය සඳහා නාවුක නිෂ්කාශන සහතිකයද අවශ්‍යය. මෙම සහතිකය ඇති අය වෙළෙඳ නැව්වල සේවයේ යෙදෙති. නැවකට නැගීමට පෙර එම සහතිකය ලබා ගත යුතුව ඇත. මේ ආරක්ෂක නිලධාරින් සඳහාද මෙම සහතිකය අවශ්‍යවේ. එයට හේතුව නම් නැවේ රාජකාරිය දෛනික සිදුවීම් ඇතුළු එදිනෙදා කි‍්‍රයා පිළිබඳව අවබෝධය මෙම නිලධාරින්ද ලබා සිටිය යුතුය.

ජාත්‍යන්තර මුර සංචාර


පිටරට වලින් නැව් ආරක්ෂක සේවයට යොදවා සිටි අයට මේ සුදුසුකම් නොවු අතර ඔවුන් හැඩි දැඩි සිරුරු ඇති පුද්ගලයෝ වූහ. අපේ රටෙන් යොදවන නිලධාරින් උපරිම සුදුසුකම් ලබා සිටින අය නිසා විශාල ඉල්ලූමක් පවතී.

මේ ආයතනය පිහිටුවනු ලැබුවේ සන්නද්ධ හමුදාවෙන් විශ‍්‍රාම ලැබූ අයගේ අත්දැකීම් මේ රටේ ඉදිරි ගමනට යොදා ගැනීම සඳහාය. සෝමාලියානු කොල්ලකරුවන් නිසා ඇතැම් රටවලට ඩොලර් බිලියන ගණනින් සිදුවන හානිය ලෝක ආර්ථිකයටද විශාල ගැටලූවක් වී ඇත.
සෝමාලියානු කොල්ලකරුවන් අතර කණ්ඩායම් තුනක් කි‍්‍රයාත්මක වන බවට තොරතුරු ඇත. එක් කණ්ඩායමක් මුදාහරින පුද්ගලයන් තවත් කණ්ඩායමක් විසින් පැහැර ගෙන කප්පම් ඉල්ලයි. මේ තත්ත්වය මග හැරවීම සඳහා ශ්‍රී ලාංකික ආරක්ෂකයෝ යොදවති.

නැව යන රටවල් අනුව ආරක්ෂකයන්ට ආයුධ සැයීම සිදු වෙයි. ඇතැම් රටවලට ආයුධ සහිත පිරිස් බාර ගනු නොලැබේ. සමහර රටවල්වලට ආයුධ ප‍්‍රශ්නයක් නැත. කොල්ලකරුවන්ගේ ආයුධවලට වඩා වැඩි බලයක් ඇති ආයුධ මෙම නිලධාරින්ට ලැබිය යුතුය.

ආරක්ෂක අමාත්‍යංශයෙන් ආයුධ ලබා ගනී. අපේ සමාගම ලංකාවේ හැර ශාඛා 9 ක් මේ වනවිට ආරම්භ කර ඇත. සුවස්, ඩිබුටි, ටැන්සානියා, කෙන්යා, දකුණු අපි‍්‍රකාව, සීසෙල්ස්, මොරිසස්,  ඕමාන්, යූ.ඒ.යී. යන ස්ථානවල ශාඛා පිහිටුවා ඇත. ඒ රටවල ආයුධ භාර ගන්නා ගබඩා පිහිටුවා ඇත. අපේ නිලධාරින් ඒ ගබඩා ස්ථානවලට පත් කර සිටී. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලා ගොඩනැගිල්ලේ පිහිටි මූලස්ථානයේ සිට මෙහෙයුම් කටයුතු සිදු කෙරේ.

ලෝකයේ ප‍්‍රථම නැව් ආරක්ෂක රාජ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ පිහිටුවීම රටට අතිශයින් වැදගත් කරුණකි. ශ්‍රී ලංකාවේ නැව් ඒජන්සි ආයතන 47ක් දැනට ශ්‍රී ලංකාවේ නැව් ආරක්ෂක සේවය ලබාගනී. ඇවන් ගාඞ්න් මෙරිටයිම් සේවා ආයතනය මගින් මෙම ආයතනයේ නිලධාරින් නැව් ආරක්ෂක සේවා අංශයට යොමු කරයි.

එක්සත් එමීර් රාජ්‍යයට අයත් මුහුදු තීරයේ සහ සෞදි අරාබියත්/යේමනයත් අතර මුහුදු තීරයේ ආයුධ සහිත නැව් දෙකක් රඳවා තිබෙන අතර, මෙම නැව් දෙකේදී ආයුධ හුවමාරුව සිදුවේ.

ඒ ඒ රාජ්‍යවල අනුමැතිය මත එම මුහුදු තිරවල අපේ ආයුධ නැව් රඳවා තබා ඇත.

 

දයාසීලී ලියනගේ

 

මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙලේ
මේජර් චින්තක පෙරේරා

 



අදහස් (0)

මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරෙන්න ආරක්ෂාව ලංකාවෙන්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site