X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 02 වන සඳුදා


මුළා වූ මුතානාගේ විමතිය දනවන ආපසු හැරීම

 

ඉස්ලාමීය රාජ්‍යය ලෙසින් හැඳින්වෙන අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී කණ්ඩායම හා එක්වීම සඳහා මීට වසර පහකට ඉහතදී සිරියාවේ සිට ඇලබාමාව වෙත හෝදා මුතානා නමැති  තරුණියක් ගමන් ගත්තාය. එවකට 19 හැවිරිදි වියේ පසු වූ ඇය මේවනවිට ස්වාමිපුරුෂයන් තිදෙනෙකුට භාර්යාවක වූ කාන්තාවකි.

 

වසර 5 කට පසුව තමන්ගේ තීරණය වැරදි බව වටහාගත් මුතානා, ඇමරිකා එක්සත් ජනපදයට නැවත පැමිණීමට අවශ්‍ය බව පවසමින් බැගෑපත් වන්නීය. තමන් කළ කී දේ ගැන මුතානා පසුතැවිලි වන බව සඳහන් සටහනක් මුතානාගේ ඥාතියකු විසින් සී. එන්. එන්. මාධ්‍ය ආයතනය වෙත භාර දී තිබිණි.

 “මම සිරියාවට යද්දි බොළඳ, කේන්තිකාර, හිතුවක්කාර යුවතියක්. මම හිතුවා මගේ ආගමේ විශ්වාස මම තේරුම් අරගෙන ඉන්නේ කියලා.“

“නමුත් යුද්ධයෙන් වූ විනාශය මම දැක්කා. මගේ ස්වාමි පුරුෂයන් දෙදෙනාම මිය ගියා. එවිටයි මම මුළාවෙන් මිදුණේ. සිරියාවේ ගතකළ වසර කිහිපය මාව වෙනස් තැනැත්තියක කළා..... යුද්ධයෙන් ඇති වූ දරුණු විනාශවීම් දැකලා මම අත්දැකීම් ලැබුවා..... ලේ වැකුණු භූමි ප්‍රදේශ මාව වෙනස් කළා.“

“මව් කෙනෙක් වීම මාව වෙනස් කළා. මගේ මිතුරන්,  දරුවෝ, ස්වාමිපුරුෂයෝ ඇස් ඉදිරියේම මිය යෑම මාව වෙනස්ම කෙනෙකු බවට පත් කළා” යයි මුතානාගේ ලිපියේ සඳහන් වේ. 

 “මම ඉපදුණු සහ හැදී වැඩුණු ඇමරිකාව සමඟින් ඊට වෙනස් සමාජයක් සන්සන්දනය කරද්දී ඒ වෙනස මම තේරුම්ගත්තා. යුද්ධයේදී මම දැකපු, මා වටේ හිටපු මිනිස්සු නිසා මම බය වුණා. මොකද මම තේරුම්ගත්තා මට ඔවුන්ගෙන් කොටසක්වෙන්න අවශ්‍ය නැති බව. ඔවුන්ගේ විශ්වාස එක්ක මගේ විශ්වාස ගැළපුණේ නැහැ” යයිද මුතානා ලියා තිබිණ. 

මේ වනතුරු තම මාධ්‍ය ආයතනයට හෝදා මුතානා සමඟ සෘජුව කතාබහ කිරීමට අවස්ථාව ලැබී නැති බව සී. එන්. එන් ආයතනය ප්‍රකාශ කරයි. 

කෙසේ වෙතත් තොරතුරු වාර්තා වන පරිදි හෝදා‍ උසස් අධ්‍යානයේ නිරතව සිටියදී  ලැජ්ජාශීලී යුවතියකව සිටි බව  කියැවේ. එහෙත් ඇය අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් හා සම්බන්ධ වූ පසු ඉස්ලාම් දහමට සිටින  සතුරන් විනාශ කිරීම වෙනුවෙන් සටන් කිරීමට සහාය දැක්වීම සම්බන්ධයෙන් දැඩි මතයක එල්බ සිටිමින් අදහස් දැක්වූ බවද වාර්තා වේ.

ජෝජ් වෝෂිංටන් සරසවියේ පැවති අන්තවාදය පිළිබඳ වැඩසටහනකට අනුව හෙළිවී ඇත්තේ හෝදා  මුතානා ට්විටර් පණිවිඩ මගින් ප්‍රචණ්ඩත්වය කැඳවූ බවයි. හෝදා අයි.එස්.අයි.එස්. සාමාජිකයන් සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ජනයා දැනුවත් කිරීමට කටයුතු කළ  බවත් වසර ගණනාවක් ඇයගේ කටයුතු පරීක්ෂා කිරීමේදී ඇය එම ත්ස්ත‍රවාදී සංවිධානයේ ප්‍රධාන පුරුකක්ව සිටි බවත්  ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන සීමස් හියුස් මහතා පවසයි.

අයි එස්. අයි. එස්. වෙත බැඳී සටන් කිරීමටත් කාලිෆ් නමැති මුස්ලිම් නායකයාට අයත් රාජ්‍ය සම්බන්ධයෙන් ස්වයං ප්‍රකාශනයේ නියැළීමටත් මැළි නොවන  ලෙස ඇය බොහෝ ඇමරිකානුවන්ගෙන් බල කර ඉල්ලා සිටියාය.

“බොහෝ ඔස්ට්‍රේලියානුවන් මෙන්ම බ්‍රිතාන්‍ය  ජාතිකයන් ද අප හා එක්ව සිටිනවා. කෝ ඇමරිකානුවෝ.....? බියගුලු තක්කඩියනේ නැගිටපල්ලා.....!” යැයි ඇය 2015 ජනවාරි මාසයේදි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියාය. 

උම් ජිහාඩ් නාමය උපුටා දක්වමින් ඇමරිකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර දිරිමත් කරමින් 2015 මාර්තු මාසයේදී ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබූ අතර එයින් කියැවුණේ ඉතා භයංකාර පණිවුඩයකි. 

ජෝර්ඩියා විශ්වවිද්‍යාලයේ ජිහාඩ් ස්ත්‍රීන් පිළිබඳව සාක්ෂි රැස්කරමින් සිටි මියා බ්ලූම් මහත්මිය පැවසුවේ හෝදා මුතානා දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා වෙනුවෙන් වුවද පක්ෂව කතා කළ බවයි. විශේෂයෙන්ම ඇමරිකානු යුද හමුදාවට ප්‍රතිපක්ෂව කතා කළ බවයි.

කෙසේවුවද හෝදා මුතානා 2019 පෙබරවාරි 19 වනදා ඒබීසී මාධ්‍ය ආයතනයට පවසා ඇත්තේ පසුගිය වසරවලදී ඇය පළ කළ එම ට්වීට් සටහන් සියල්ල පිළිබඳව තමා ලැජ්ජා වන බවත් ඒවා නැවත ආපස්සට ගැනීමට හැකි නම් කියා තමා සිතන බවත්ය. තමාට මහත් අනුකම්පාවක්, කණගාටුවක් සහ පසුතැවිල්ලක් දැනෙන බවත් නැවත තමාගේ නිවසට ඒමට අවශ්‍ය බවත් ඇය ඉල්ලා සිටින්නීය.

තමා නැවත පැමිණියහොත් ඇමරිකානුවන් තමන්ව තර්ජනයක් ලෙස නොසිතනු ඇති බවත් ඔවුන් තමාව පිළිගනු ඇතැයි  තමා බලාපොරොත්තු වන බවත් ඇය පැවසුවාය.

එහෙත් සියල්ල හෝදා සිතන තරම් සුන්දර නොවේ. ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව සිටින දැඩි මතධාරියකු ලෙසින් පෙනී සිටින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගියදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාට කියා සිටියේ හෝදා මුතානට නැවතත් සියරට පැමිණීමට අවසර නොදෙන ලෙසයි. මයික් ඊට එකඟ වූ බවද ඇමරිකානු ජනාධිපතිවරයා කීවේය. 

එසේ වුවත් තවමත් 24 හැවිරිදි වියේ සිටින හෝදා මුතානා ඇමරිකානු පුරවැසිනියක බවත් ඇය නැවතත් ඇමරිකාවට ගෙන්වාගත යුතු බවත් කියමින් හෝදාගේ පියා නඩුමගට පිවිස සිටී. 

ඇමෙරිකානු - ඉස්ලාමීය සබඳතා සම්බන්ධයෙන් ෆ්ලෝරීඩාවේ පිහිටි කවුන්සිලයේ ප්‍රධානී හසාන් ෂිබ්ලි මහතා හෝදාගේ පවුල වෙනුවෙන් පෙනී සිටිමින් පවසා ඇත්තේ ඇය නඩු පැවරීමටත් නීතියේ පිහිට පතමින් එහි ඉදිරි පියවරවල් සම්බන්ධව කටයුතු කරනු ඇති බවත්ය. මේ වනතුරු ඇය පිටුවහල් කිරීමට හෝ නඩු පැවරීම සම්බන්ධයෙන් අධිකරණ දෙපාර්තමේන්තුව කිසිවක් ප්‍රකාශ කර නැත.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු වන රොබට් පැලදීනෝ ඉකුත් අඟහරුවාදා දිනයේදී පැවසුවේ ඔහුට හෝදාගේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ නොහැකි බවත්, සිරියාවේ සිටින ඕනෑම අයි.එස්.අයි.එස්. සාමාජිකයකු වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිවලට අනුව සලකා බලා නැවත සිය රට වෙත යැවීමට කටයුතු  කරනු ඇති බවත්ය.

‘‘අපි අනෙක් සියලුම රටවල්වලටත් එසේ කිරීමට ආරාධනා කරනවා’’ යැයි ඔහු පැවසීය.

තමන් මීට සති කිහිපයකට පෙර අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් මිදී උතුරු සිරියාවට පලා ගොස් කුර්දිෂ්හි සරණාගත කඳවුර වෙත ගොස් ඇති බවත් මේ වනවිට මාස 18 ක් වන තම පුතු ද සමඟින් එහි වෙසෙන බවත් හෝදා මුතානා පවසයි. මේවනවිට ඇය  25 වන වියේ පසුවන සුන්දර මාතාවකි.


ඇගේ පුතුගේ අනාගතය සම්බන්ධයෙන් හොදා මුතානා මෙවැනි සටහනක් තබා ඇත.

“මම මගේ විවේක කාලයේදී බෝම්බ ප්‍රහාර, කුසගින්න, සීතල සහ බය අතරේ ගෙවපු දිවිය ගැන හිතනවා. නැවතත් ඒ හිතිවිලිවලින් මිදිලා මගේ සුරතල් පුංචි පුතා දිහා බලනවා. එතකොට මට හිතෙනවා මමවත් මගේ පුතාවත් ඒ ත්‍රස්තවාදීන්ට අයිති නෑ කියලා.“

“ඇමරිකාවේ ඉද්දි දැනෙන නිදහස කොයිතරම් වැදගත් ද කියලා දැන් මට වැටහෙනවා” 

කෙසේ වෙතත් හෝදා මුතානා කියන සෑම දේම එළෙසින්ම පිළිගැනීමට බටහිර ලෝකය සූදානම් නොවේ. අයිසිස්කාරයන්ගේ බිරින්ඳෑවරුන්ට අපි සමාව දිය යුතුද යයි ඕස්ට්‍රේලියාවේ ‘දි ඔස්ට්රා ලියන්‘ පුවත් පත විමසයි. 

ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන සීමස් හියුස් මහතා පවසන්නේ මෙබඳු කරුණකි.

“ඇය කළ කී දේවල්වලට උඩින් අපි රෝස පැහැය තවරන්න නොයා ඉමු. හෝදා සම්බන්ධ වෙලා හිටියේ විදේශ ත්‍රස්තවාදී සංවිධානයකට”  යයි හියුස් මහතා කීවේය. 

(සී එන් එන් ඇසුරිනි)

 

16844



අදහස් (8)

මුළා වූ මුතානාගේ විමතිය දනවන ආපසු හැරීම

smn Tuesday, 26 February 2019 12:00 PM

මානසික කුණාටුවලින් පිරුණු නව යොවුන් වයසේ දී දඩබ්බරකමත් මුරණ්ඩුභාවයත් නිසා බොහොමයක් දෙනා පිස්සු වැඩවලට පෙළෙඹෙනවා. දුරදිග පෙනෙන්නේ නැහැ. තමුන් හැම දෙයක්ම දැන සිටිතැයි ඔවුන් විශ්වාස කරනවා.. මොකක් හරි අන්තවාදයක පැටලෙන්නෙත් ඔය වයසෙ. මේ කාන්තාවට වෙලා තියෙන්නෙ ඔය වගේ දෙයක්. මේවට ඉතින් මට්ටු වෙලාම පාඩම් ඉගෙන ගන්න ඕන. ඒකට කියන්නෙ තැත්වරද ක්‍රමය කියල… ඒ අතරම අඩු වයස්කාරියක කළ වරද, දරුවන්ගෙ ඉරණම, ඇමෙරිකන් පුරවැසිභාවය ආදිය ගැන සලකලා මැයට ඇමෙරිකාවේ ම බුරුලක් ලැබෙන්න ඉඩ තියෙනවා. මොකද, ඇමෙරිකාවෙත් තියෙන්නෙ නිදහස් අධිකරණයක්. ජනාධිපතිට ඇඟිලි ගහන්න බැහැ.

:       426       152

d.upul Tuesday, 26 February 2019 01:06 PM

අපි එහෙනම් ප්‍රභාකරන්ටත් සමාව දෙමු අනේ. නොතේරුම්කමට කල වැඩනේ.

:       352       429

chathuri Tuesday, 26 February 2019 06:18 PM

ඇමරිකාවේ ඉපදී පාසල් කාලය නිමකර විශ්ව විද්‍යාල සිසුවියකට වැරදුනා කියන්නේ ලෝක පුදුමයක්. වයසට වැඩිය දැනුම් තේරුම් ඇති කෙනෙක්, අද මේ බිරිද වරද පිළිගන්නේ. ඔවුන්ගේ ත්‍රස්තවාදී ස්වාමි පුරුෂයා මියගිය නිසා. නැතිනම් අද සොවින් තැවෙන මොවුන් තම කුසින් වැදූ දරුවත් බහ තෝරන්න ගත් ගමන් ඔහුත් ත්‍රස්තවාදියකු කරන්නේ. මිනිහ මිනිස්සු මරලා ආවට පසු කන්න බොන්න දීලා දරුවොත් හදලා දීලා දැන් දුක් වෙනවා. පාසල් නොගිය ගමේ කෙල්ලක් නම් කමක් නැහැ. ඇමරිකාවේ අද මනුස්සයා ජිවත් වෙලා හිටියනම් අද ඉන්න තැනක්වත් හොයාගන්න පුලුවන්ද. නැවත ඇමරිකාවට ගන්නේ නැහැ. හොඳම දේ තමන්ගේ ආගමානුකුලව ජිවත් වී ගන්න තීරණයක් ගන්න.

:       351       632

charles Wednesday, 27 February 2019 01:24 AM

ඇමෙරිකාවට ආවොත් මැරෙනකම්ම හිරේ ඉන්න වෙයි

:       0       90

d.upul Wednesday, 27 February 2019 04:55 AM

අපේ බන්දුල මන්ත්‍රී තුමාටත් මේ ලඟකදී ඔය නොතේරුම් කමට මොනවාද අත්සන් කරලා තිබුණේ.

:       0       61

ruwan Thursday, 28 February 2019 12:31 PM

කුරුමානම වැරදුණු නිසා මුතානා බබා මෙයාලගේ රාජ්‍යය ගොඩනැගුවා නම් ඔය කතාව කියයිද?

:       0       0

gota Thursday, 28 February 2019 03:03 PM

ඇමරිකාව දාලා ගියානම් ඔහොම හිටු.

:       0       0

Patrick Thursday, 28 February 2019 09:59 PM

හොදා වගේ ගෑනු හම තැනම ඉන්නවා. වීදුරුව බාගයක් හිස් කියල හිතන්නේ එයාල. නිදහස, දියුණුවීමට තියන අවස්ථාවන් දිහා මෙයල බලන්නේ වපර විදියට. මොලේ අමාරුවක් තියනවනම් හොඳ කරන්න අමරුය්. අන්තවාදය කියන්නේ ලෙඩක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site