ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2013 අයවැය යෝජනාවලිය ඉදිරිපත් වීමත් සමග සමාජයේ කියැවෙන්නට ගත්තේ එය ”ලැම්බෝගිනි” අයවැයක් හැටියටය. එයට හේතුව වූයේ රේසිං කාර් සඳහා බදු අඩුකර තිබීමය. ලැම්බෝගිනි නමැති සුඛෝපභෝගී රේසිං කාර් ඇතුළු විනෝදකාමීන්ගේ රේසිං කාර් සඳහා බදු අඩුකර ඇති බව එමගින් හැඟී ගියද රජය පසුව පැහැදිලි කළේ බදු අඩුකර ඇත්තේ ක‍්‍රීඩා තරග සඳහා යොදාගන්නා රේසිං කාර්වල බවය. මෙම ලිපියෙන් කියැවෙන්නේ ”ලැම්බෝගිනි” නමැති මෝටර් රථ වර්ගය කුමක්ද යන්න ගැනය. දෙවැනි ලෝක යුද්ධයේ දී ඉතාලි රාජකීය ගුවන් හමුදාව නියෝජනය කළ ෆෙරුසියෝ ලැම්බෝර්ගිනි සිය විනෝදාංශය බවට පත් කරගෙන තිබුණේ යුද කඳවුර තුළ තිබූ වාහන අමතර කොටස් එකතු කරමින් ඒවා අලූත්වැඩියා කිරීමේ කටයුත්තයි. කඳවුර තුළදී මේ විනෝදාංශය සඳහා ඔහු සිය සගයන්ගේ ද සහයෝගය ලබාගත් බව කියැවේ. ඒ අනුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව කලක් ගත වනවිට එනම් වර්ෂ 1951 දී පමණ යුද වාහනයක් උපයෝගී කර ගනිමින් ඔහු ප‍්‍රථම වරට ට‍්‍රැක්ටර් රථයක් නිෂ්පාදනය කළේය. ඉන් නොනැවතුණු ෆෙරුසියෝ ලැම්බෝර්ගිනි, ඔහු විසින්ම නිෂ්පාදනය කළ එන්ජිමක් යොදා ගනිමින් එම ට‍්‍රැක්ටර් රථය වැඩිදියුණු කරන ලද අතර එක් මසකදී ට‍්‍රැක්ටර් රථ 400කට ආසන්න ප‍්‍රමාණයක් අලෙවි කිරීමේ භාග්‍යය ද ඔහුට හිමිවිණි. නමුත් ෆෙරුසියෝ ලැම්බෝර්ගිනිගේ සිහිනය එතෙකින් නිමා නොවුණු අතර ඔහුට අවශ්‍ය වූයේ තමාගේ සිතැඟි පරිදි ධාවනය කළ හැකි සුවපහසු මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමයි. අද වනවිට රේසින් කාර් කුලකයේ වැඩි අවධානයක් දිනාගෙන සිටින ලැම්බෝගිනියේ විකාශය ආරම්භ වන්නේ එතැනිනි. ඒ අනුව තවත් මෝටර් රථ ඉංජිනේරුවන් දෙදෙනෙකුගේ ද සහාය ඇතිව අශ්ව බල 350ක පමණ බල ඇති එන්ජිමකින් යුක්ත පළමු ලැම්බෝගිනි කාරය නිෂ්පාදනය කිරීමට වර්ෂ 1963 පමණ වනවිට ඔහුට හැකි විය. Lamborgini 350 GTV ලෙස නම් කරන ලද එම මෝටර් රථයේ සාර්ථකත්වය සනිටුහන් කරමින් එම වර්ගයේ කාර් 120ක් පමණ එක වසරක් තුළ අලෙවි කර ගැනීමට ෆෙරුසියෝ ලැම්බෝගිනිට හැකියාව ලැබී ඇත. එතැන් සිට විවිධ මාදිළිවලින් විකසනය වූ ලැම්බෝගිනි කාරයේ නිල සලකුණ වශයෙන් යොදාගෙන ඇත්තේ සටන් වදින ගොනෙකුගේ ඡායාරූපයකි. ෆෙරුසියෝ ලැම්බෝගිනි විසින් ස්පාඤ්ඤ ගොන් පොර සම්බන්ධයෙන් දැඩි කැමැත්තක් දැක්වීමත් ඔහුගේ උපන් ලග්නය වෘෂභ ලග්නය වීමත් එයට හේතුව විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි. පැයට කිලෝමීටර් 349ක වේගයෙන් ධාවනය කළ හැකි ලැම්බෝගිනි කාරය Carbon Body එකකින් යුක්ත වන අතර කි.ග‍්‍රෑ. 999ක පමණ බරකින් යුක්තය. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ජර්මනිය හා ජපානය වැනි රටවල බහුල වශයෙන් මෙම කාර් රථය ජනප‍්‍රිය වී ඇති අතර 2011 වර්ෂයේ දී ලැම්බෝගිනි වර්ගයේ කාර් 1711ක් පමණ නිෂ්පාදනය කර ඇත.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මොකක්ද මේ ලැම්බෝගිනි
තේජාන් Tuesday, 11 December 2012 02:37 PM
අපිට නම් එපා ඔය ගිනි. (නි)
ප්‍රනීත් Saturday, 15 December 2012 11:36 PM
ලැම්බොගිනි ගින්නක් ම තමයි. (නි)
අජන්ත Saturday, 15 December 2012 12:15 PM
මේ දවස් වල කොළඹ ගියොත් බලා ගන්න පුළුවන් (දී)
රත්නායක Friday, 14 December 2012 11:34 AM
මේවා දකින්න ලැබීමත් සතුටක්. මට දුක මගේ අම්මලා තාත්තලා ගැන. උන්දැලා මේවා නොදැකම මියපරලොව ගියානේ. (නි)
අශෝක Thursday, 13 December 2012 11:15 PM
ඔය වාහන ගන්න අයගේ වත්කම් හෙළි කළොත් හොද නැද්ද? (නි)
සුකිරි Thursday, 13 December 2012 08:42 AM
අහන්නවත් එපා දුකයි..........(දී)
ජිවන් Thursday, 13 December 2012 08:38 AM
පිට රටවල දනවතුන් පාවිච්චි කරන අපේ රටවල දනවතුන් අපේ බදු මුදල් වලින් ගන්න වාහනයක් (දී)
මහින්ද Thursday, 13 December 2012 01:33 AM
අපිව තලන්න හදපු එකක් (දී)
කලීල් Wednesday, 12 December 2012 06:45 PM
කන්න නැතිවුණත් මේවා දිහා බලාගෙන ඉන්න පුලුවන්. (නි)
ඉසුරු Wednesday, 12 December 2012 01:59 PM
ධනවතුන්ගේ වහනය (දී)
චන්ද්‍රසිරි Wednesday, 12 December 2012 01:44 AM
අපේ ගොන් කරත්තයකුත් දැන් ලක්ෂ 10ක් විතර වෙයි මගේ හිතේ. (නි)
සෑම් Wednesday, 12 December 2012 12:15 AM
ලැම්බෝගිනි සාමාන්‍ය කාර් එකක් රුපියල් කෝටි 5ක් විතර වෙනවා. ලැම්බෝගිනි රිවෙන්ටන් කාර් එකක් රුපියල් කෝටි 20ක් පමණ වෙනවා. ලෝකයේ ගණන් වැඩිම කාර් ජාතිය බුගාටි. බුගාටි කාර් එකක් රුපියල් කෝටි 30ක් පමණ වෙනවා. ඇස්ටන් මාර්ටින් ජාතියේ කාර් එකක් රුපියල් කෝටි 23ක් විතර වෙනවා. (නි)
මාලක Sunday, 09 December 2012 03:25 PM
අපිව විනාස කරන්න ගෙනාපු එකක් (දී)
අචිනි Tuesday, 11 December 2012 02:21 PM
අපිට නැතත් රාජ කුමාරවරුන්ට තියෙනවනේ. ආඩම්බරයි. (නි)
ප්‍රසන්න Tuesday, 11 December 2012 11:59 AM
අපේ පාරවල් වල යන්නනම් අර මුලින්ම හදපු ලැම්බෝගිනි ට්‍රැක්ටර් එක තමයි හොඳ (ස)
ලලිත් Tuesday, 11 December 2012 01:23 AM
එයාලට ලැම්බොගිනි - අපට බඩගිනි... (නි)
නුවන් Monday, 10 December 2012 11:51 AM
සල්ලි කාරයන්ගේ වාහනයක් (දී)
රත්නායක Monday, 10 December 2012 11:23 AM
සුපිරි දනවතුන්ගේ වාහනයක් (දී)
රනිල් Monday, 10 December 2012 10:15 AM
අපිත් දැන් හරි දියුණුයි.. ඔක්කොටම ණය වෙලා හරි අපිත් යැව්වනේ චන්ද්‍රිකාවක් (ස)
චූලා Monday, 10 December 2012 10:15 AM
පාපැදියක්වත් හදන්නේ නැති අපිට ඕවා මැජික් (ස)
නීලා Monday, 10 December 2012 10:14 AM
ඔන්න පුතේ නියම ඉන්ජිනේරුවන්ගේ වැඩ (ස)
කටුවන Monday, 10 December 2012 09:58 AM
වැඩිය නෑ කෝටි 5 ක් විතර වේවි (ස)
විලේගොඩ Sunday, 09 December 2012 07:46 PM
මේවා හුගක් ගණන්ද? (නි)