X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


මෝටර් රථයේ මියගොස් සිටි ව්‍යාපාරිකයාගේ මරණයේ අබිරහස

පානදුර දකුණ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් පොලිස් ජීප් රථයකින් ජංගම සංචාරයේ නිරතව සිට ඇත. ජංගම සංචාරයේ නිරතව සිටියේ පසුගිය 1 වැනිදා අලූයම් කාලයේය. පානදුර ශ්‍රී මහා විහාරය පාර ඔස්සේ පොලිස් කණ්ඩායම ජංගම සංචාරයේ නිරත වෙමින් සිටි අතරවාරයේ සංඥා පහන් දල්වා මාර්ගය පසෙක නතර කර තිබූ මෝටර් රථයක් දැක ඒ අසල නතර කර ඇත්තේ ඔවුන්ට ඇතිවූ කිසියම් සැකයක් නිසාය.

 

 

ඒ අවස්ථාවේ ප‍්‍රදේශයම වැස්ස ඇදහැළෙමින් තිබිණි.

වැසි ඇදහැළෙමින් තිබූ අවස්ථාවක මෝටර් රථයේ වීදුරු ද පහත් කරගෙන සිටීම ගැන පොලිස් නිලධාරීන්ට ඇතිවූ සැකයක් නිසා ජීප් රථය නතර කර මෝටර් රථය අසලට ගොස් විපරම්කර බලා ඇත.

මෝටර් රථයේ රියැදුරු අසුනේ සිටි පුද්ගලයකු අසුනේ පැත්තකට ඇලවී සිටින අයුරු දක්නට ලැබීම නිසා පොලිස් නිලධාරීන් සිතුවේ රියදුරුට නින්දගොස් ඇතැයි කියාය.

ඩ‍්‍රයිවර් මහත්තයා මොකද පාර අයිනේ කාර් එකක් නතර කරගෙන නිදාගෙන ඉන්නේ. ගෙදර ගිහින් නිදාගත්තනම් හොඳයිනේ යැයි කියමින් එක් පොලිස් නිලධාරියෙක් කතා කර ඇතත් එයට කිසිදු ප‍්‍රතිචාරයක් රියැදුරා දක්වා නොමැත.

පොලිස් නිලධාරියෙක් ඇඟට අත තබා රියැදුරා ඇහැරවීමට ගිය අවස්ථාවේ ඔහු මියගොස් ඇති බව දැනී සෙසු පොලිස් නිලධාරීන්ට ද ඒ බව පවසා තිබේ.
පොලිස් නිලධාරීන් මෝටර් රථයේ ඇතුළත වීදුරු පහන් දල්වා පරීක්ෂා කර බැලීමේදී මියගිය අයගේ නහයෙන් ලේ ගලාගොස් තිබුණ අයුරුත්, නළලේ තැල්මක් ද තිබෙන අයුරුත් දැක ගැනීමට ලැබී ඇත.

ඇඳ සිටි කමිසයේ මඩ පැල්ලමක සලකුණක් ද විය. මෝටර් රථයේ කැසට් යන්ත‍්‍රය ද ඒ වන විටත් කි‍්‍රයාත්මක වෙමින් තිබිණි.

පොලිස් කණ්ඩායම තවදුරටත් මෝටර් රථය සියුම්ලෙස පරීක්ෂාවට ලක්කර ඇත්තේ මෙය අබිරහස් ඝාතනයක් බවට පෙනී ගිය නිසාය.

මියගිය සිටි තැනැත්තාගේ ජාතික හැඳුනුම්පතේ ඡුායා පිටපතක්, පානදුර නගරයේ මත්පැන් ඇලෙවිසලකින් මිලට ගත් මත් පැන් බෝතල් 1/2කට අදාළ බිල්පතක් මෝටර් රථය තුළ තිබියදී ද ඩිකියේ තිබී මත්පැන් පානය කිරීමේදී බයිට් දමාගෙන ඒමට යොදාගත් බවට සැලකෙන කුඩා බේසමක් හා ලැප්ටොප් පරිගණකයක් ද පොලිසිය කරන ලද පරීක්ෂාවේදී සොයාගෙන ඇත.

ජාතික හැඳුනුම්පතේ ඡුායා පිටපතේ සඳහන්ව තිබූ තොරතුරු අනුව මියගිය තැනැත්තාගේ ගෙදර උදවියට මේ බව දැනුම් දීමට පොලිසිය පියවර ගනු ලැබීය.
මියගිය අයගේ මව සහ සහෝදරයකු පානදුර ශ්‍රී මහා විහාර පාරට පැමිණ මෝටර් රථයේ සිටි අය පරීක්ෂා කර බලා ඇත.

අබිරහස් ලෙස ඝාතනය කර ඇත්තේ නුගේගොඩ විජේරාම ගංගොඩවිල හයිලෙවල් පාරේ පදිංචිව සිටි ඉන්ද්‍රජිත් ප‍්‍රදීප් දේවනාරායන (40) නමැත්තෙක් බවට ඔහුගේ මව හා සහෝදරයා විසින් හඳුනාගනු ලැබිණි.

පානදුර මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිරුර පරීක්ෂා කර බලා අදාළ කරුණු සටහන්කරගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලෙස පානදුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප‍්‍රසන්න බණ්ඩාර දසනායක මහතාට දැනුම් දී ඇත.
අධිකරණ වෛද්‍ය නිලධාරි දසනායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා, මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබේ.

ඝාතකයා ගැන කිසියම් හෝ හෝඩුවාවක් සොයා ගැනීමට ප‍්‍රදීප් දේවනාරායන නමැත්තාගේ වගතුග හාරා අවුස්සා බැලීමට පොලිසිය පියවර ගත්තේය.
ඝාතනයට ලක්ව සිටින තැනැත්තා බිරිඳ සමග ප‍්‍රංශය හා ඉතාලියේ වරින් වර රැකියා කරමින් සිටි අයෙක් බවත්, මොහු මීට වසර 4කට පමණ පෙර මෙරටට පදිංචියට පැමිණ ඇති බවත් වගතුග හාරා අවුස්සා බැලීමේදී පොලිසිය සොයාගෙන ඇත.

ප‍්‍රදීප් දේවනාරායන නමැත්තා මත්පැන් පානය කිරීමට ඇබ්බැහි වී සිටි අතර අතදිගහැර වියදම් කරමින් කෙළිලොල් ජීවිතයක් ගත කර ඇති අයෙක් බවටත් තොරතුරු පොලිසියට දැන ගැනීමට ලැබී ඇත්තේ වැඩිදුරටත් ඔහුගේ වගතුග හාරා අවුස්සා බැලීමේදීය.ප‍්‍රදීප්ට පානදුර ප‍්‍රදේශයට පැමිණීමට කිසිම හේතුවක් නොමැති බවත්, ඔහුගේ ඥාතීන් කිසිවෙක් මෙම ප‍්‍රදේශයේ නොමැති බවත් ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරයා පොලිසියට පවසා ඇත.
පානදුර ප‍්‍රදේශයේ කිසිම ඥාතියෙක් නොමැති නම් ප‍්‍රදීප් මේ ප‍්‍රදේශයට පැමිණියේ කුමකට ද යන්න පොලිසියට බලවත් සැකයක් මතුවී ඇති අතර, මතුවී ඇති ඒ සැකය ඔස්සේ තවදුරටත් පරීක්ෂණ මෙහෙයවා ඇත්තේ ඒ පිළිබඳව තොරතුරු සොයා ගැනීමය.

ඝාතනයට ලක්ව සිටින ප‍්‍රදීප් නමැත්තා පසුගිය වසර හතර ඇතුළත ඔහුගේ මහගෙදර වැඩි කාලයක් ගත කර නොමැති බව ද පොලිසියට දැන ගැනීමට ලැබී තිබේ.

පොලිස් නිලධාරියෙක් ප‍්‍රදීප්ගේ මවගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඇය කියා ඇත්තේ, පුතා පානදුර අළුබෝමුල්ල ශාන්ති මාවතේ නිවසක පදිංචිව සිටින කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව පවසා ඇති බවයි.

මේ කියන කාන්තාව නුගේගොඩ ගංගොඩවිල හයිලෙවල් පාරේ පිහිටි ප‍්‍රදීප්ගේ නිවසට ද නිතර පැමිණ ඇති බවත් අවසන්වරට ඔහු සොයා පසුගිය 30 වැනිදා පැමිණ ඇති බවටත් තොරතුරු පොලිසියට දැන ගැනීමට ලැබී තිබේ.

පොලිස් කණ්ඩායම වහා මේ කියන කාන්තාවගේ නිවස සොයා ගොස් ඇත්තේ ප‍්‍රදීප්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගෙන් ප‍්‍රශ්න කිරීම සඳහාය.

පොලිස් නිලධාරියෙක්: තමුන්ගේ දුව ගෙදර නැද්ද?

කාන්තාවගේ මව: මහත්තයෝ දුව දවස් දෙක තුනක ඉඳලා ගෙදර නැහැ. එයාගේ මිතුරියකගේ ගෙදර යනවා කියා ගියා. කවදා ගෙදර එයිද කියන්න මම දන්නේ නැහැ.

පොලිස් නිලධාරියා: තමුන්ගේ දුව ප‍්‍රදීප් කියන කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන ගියානේද? එයා කවදාද අන්තිමට මේ ගෙදරට ආවේ?

කාන්තාවගේ මව: ප‍්‍රදීප් මහත්තයා මගේ දුවත් එක්ක අනියම් සම්බන්ධතාවක් තිබුණු බව මා දන්නවා. සමහරදාට අපේ ගෙදරත් දවස් දෙක තුනේ ඇවිත් ඉඳලා යනවා. ළඟකදි නම් අපේ ගෙදර දුව හම්බ වෙන්න ආවේ නැහැ මහත්තයෝ.

පොලිස් කණ්ඩායම මේ කාන්තාවගේ කතාව පිළිගැනීමට සූදානම් වූයේ නැත.

ප‍්‍රදීප් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය කාන්තාව පසුගිය පළමුවැනිදා අලූයම් කාලයේ නිවසේ සිට ත‍්‍රිරෝද රථයකින් පිටව ගිය බවට පොලිසිය කරන ලද පරීක්ෂණවලදී කරුණු හෙළිදරව් කර ගැනීමට හැකිවී තිබේ.

ත‍්‍රිරෝද රථ රියැදුරන් හා තවත් කිහිප දෙනෙක්ම මේ තොරතුරු පොලිසියට හෙළිදරව් කර තිබිණි.

පොලිසිය මේ සියලූ කරුණු කාරණා හෙළිකරගෙන නැවතත් ප‍්‍රදීප් අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ කාන්තාවගේ මව සොයාගොස් ඇයගෙන් ප‍්‍රශ්න කළේ මේ ආකාරයටය.

පොලිස් නිලධාරියෙක්: කලින් වතාවේ අපිට බොරු කිව්වා. බොරු කියලා තමුන් අමාරුවේ වැටෙන්න එපා. ඇත්ත කියනවා. බොරු කිව්වොත් අත්අඩංගුවට ගන්නවා.

සැකකාර කාන්තාවගේ මව: අනේ සර් මම අත්අඩංගුවට ගන්න එපා. මම ඇත්ත කියන්නම්. දුවට තියන ආදරේටයි මම කලින් වතාවේ බොරු කිව්වේ.

පොලිස් නිලධාරියා: ඔව් මොකද වුණේ කියලා අපට කියන්න.

සැකකාර කාන්තාවගේ මව: මගේ දුව එදා රෑ ඒ කියන්නේ 30 වැනිදා බොහොම කලබලෙන් ගෙදර ආවා. මොකද දුවේ බයවෙලා වගේ කියා මම ඇසුවා. අම්මා කාර් එක ඇතුළේ ඉද්දී ප‍්‍රදීප් මාත් එක්ක රණ්ඩුවට ආවා. එයා බීලා හිටියේ. මගේ බෙල්ල මිරිකන්න හැදුවා. මාව මරන්න කලින් මම එයාව මැරුවා කිව්වා. පස්සේ දුව ඇඳුම් පැළඳුම් වගයක් එහෙම බෑග් එකක දමාගෙන 1 වැනිදින පාන්දර ජාමයේ ගෙදරින් පිටත්ව ගියා.
ප‍්‍රදීප්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කාන්තාව පසුගිය 3 වැනිදා පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණ බාරවීමෙන් පසු ඇය රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබුවාය.

 

 

මෙම සැකකාර කාන්තාව ද වසර ගණනාවක් මැදපෙරදිග රටක ගෘහ සේවිකාවක් වශයෙන් රැකියාව කර පැමිණ සිටින එක් දියණියකගේ මවකි.
කාන්තාවගේ සැමියා ඇය අතහැර ගොසිනි.

සැකකාර කාන්තාවගේ මව තල කැරලි සාදා කඩවලට විකිණීමෙන් ජීවිකාව ගෙනගොස් ඇති අතර, ඇය ද මවගේ එම ව්‍යාපාරයට උදව් උපකාර කරමින් සිට ඇත.

ප‍්‍රදීප් හා මේ කාන්තාව අතර නිතර රණ්ඩු සරුවල් සිදුවී ඇති අතර, ඔහු මිතුරකුගේ නිවසේ සිටි අතරවාරයේ කිසියම් තැනකට පැමිණෙන ලෙස දැනුම්දීමෙන් පසු ඔහු එතැනට පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

පසුව දෙදෙනාම මෝටර් රථයෙන් පානදුර ශ්‍රී මහා විහාර පාරට පැමිණ ඇති බව පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ ප‍්‍රදීප්ගේ බිරිඳ ද මේ සතියේ මෙරටට පැමිණීමට නියමිතව තිබුණේ ඉතාලියේ සිටය.

අනියම් සම්බන්ධතාවය නිසා ප‍්‍රදීප්ට අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.

පානදුර කොට්ඨාසය බාර පොලිස් අධිකාරි කපිල කඩුපිටිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පානදුර සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.එන්.එස්. මෙන්ඩිස් මහතාගේ උපදෙස් මත පානදුර දකුණ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා, නියෝජ්‍ය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටෙරන්ස් ද සිල්වා යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වනු ලැබුවේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඒ.බී. ඉන්ද්‍රජිත් සහ උප පොලිස් පරීක්ෂක එස්.ඒ. සල්වතුර යන මහත්වරුන් ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

පොලිස් සැරයන් පොන්සේකා (19119), කොස්තාපල්වරුන් වන රණසිංහ (14247) සහ ජයන්ත (41126) යන මහත්වරුන් ද මෙම පරීක්ෂණවලට හවුල් වී ඇත.

 

 

සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය

 



අදහස් (0)

මෝටර් රථයේ මියගොස් සිටි ව්‍යාපාරිකයාගේ මරණයේ අබිරහස

කුරුවිට Sunday, 07 July 2013 05:22 PM

කුම්බල මාළු කෑවා නම් දුක් විඳපන් බළලෝ කිවුවලු (නි)

:       0       0

මිල්ලනියගේ සමන් පෙරේරා Sunday, 07 July 2013 05:36 PM

සල්ලි වැඩිවුණාම විනාශයට මුල, ආදර බිරිදත් තමුන්ගේ ජීවිතෙත් නැති වුනා (නි)

:       0       0

ජීවා Sunday, 07 July 2013 06:24 PM

තහනම් ගස් වල ගෙඩි කන හැමෝටම වෙන්නේ ඔය විනාසේ තමා (නි)

:       0       0

ශීලා Sunday, 07 July 2013 07:32 PM

මෙහෙම බලද්දී මේ මනුස්සයාට බිරින්දෑවරු කීදෙනෙක් ඉන්නවද දන්නේ නැහැ (නි)

:       0       0

අමාලි සිල්වා Sunday, 07 July 2013 08:11 PM

කසාද බිරිඳ තව රටක මුදල් උපයන්න යොදා අනියම් කම් සැප විඳින මේ වගේ අයට අකල් මරණ ඇති වීම සාදාරනය. මත්පැන් සමග කම් සුව විඳින්ට ගොස් අමා මහා නිවන් සුව ලබන්න වරමක් ගෙන තිබේ (නි)

:       0       0

මාධවී Tuesday, 09 July 2013 07:34 AM

බිරිඳ පැමිණීමට කලින් මෙය සිදුවී ඇති නිසා එයා මාරක කිහිපයකින්ම බේරී ඇති බව පෙනේ.(නදී)

:       0       0

චමී Tuesday, 09 July 2013 03:12 PM

දැක්කම පේනව පරනම රස්සාව කරපු කෙනෙක් කියල (අ)

:       0       0

සුප්‍රා Tuesday, 09 July 2013 07:08 PM

"චමී " පරණම රස්සාව කරපු සේවා දායිකව වගේම , සේවය ලබාගත් කෙනාගේ වරදක් නැතිද ? මන් නම් හිතන්නේ මේ කාන්තාව අහිංසක කෙනෙක් , මේ වගේ ගොබ්බයෙක් මරපු එක තමා හොද .(නදී)

:       0       0

කිකෝ Thursday, 11 July 2013 07:28 PM

කම් සැප, මත්පැන් ,මේවා තමා හැම ප්‍රශ්නෙටම මුල. මමත් යුරෝපයේ ජීවත් වෙන්නේ. මට අවුරුදු 25 වෙනවා, ඒත් මම ඔය දෙකටම නැහැ.මොනවා නැති වුනත් හොඳ මිනිස්සුන්ට සැනසීමෙන් නිදාගන්න හරි පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site