X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


යතුරු පැදියෙන් ගිහින් මාරයා එක්ක ඇවිත්

22-P-6-BB

 

තරුණ වියේ පසුවන හැම ගැහැනියකට මෙන්ම ලසන්තිට සුන්දර විවාහ ජීවිතයක් ගැන අපේක්‍ෂාව මතුවුණා. පාසල් කාලයෙත් ඉන් පසුව ගෙවුණු කෙටිකාලයකදී රැකියාවක් කරන අතරතුර ද ඇගේ හිතේ රැඳුණු යම්යම් චරිත සිටියද ඒවා අමතක කර දැමීමට බොහෝ හේතුද ඒ අතර වුණා. ලසන්ති පාලිත සමග විවාහ වුණේ වයස අවුරුදු 25 දී.

 


ලසන්තිත්, පාලිතත් ඔවුන්ගේ පුංචි පුතුත් ලසන්තිගේ මවත් එක් නිවසක ඉතා සතුටින් කල් ගත කළා.


‘‘අද මම ගෙදර එනකොට පරක්කු වෙයි.” කාර්යාලයට යෑම සඳහා කඩිමුඩියේ සූදානම්වන අතරතුර පාලිත ලසන්තිට පැවසුවා.


ලසන්ති ඒ මොහොතේ මුළුතැන්ගෙයි සිට උදේ කෑම පිළියෙල කරමිනුයි සිටියෙ.


‘‘ඔයා රෑට කන්න ගෙදර එනවද?” ලසන්ති පාලිතගෙන් එසේ ඇසුවෙ රෑට කෑම පිළියෙල කරන්න හිතාගෙන.


‘‘හ්ම්... කියන්න බෑ. අද ඉන්න වෙන්නෙ චෙක් පොයින්ට්වල. මේ දවස්වල කට්ටිය අඩුයි.


මම හවස දරුවා ගෙදරට ගෙනත් දාන්නම්. උදේ ඔයා දරුවව ඉස්කෝලෙ එක්කං යන්න.


ඈ පිළියෙල කර බත් සහ ව්‍යංජන කෑම කොළයට බෙදුවා. අනතුරුව පාලිත වෙනුවෙන් උදේ තේ කෝප්පය පිළියෙල කළේ දැඩි කාර්යබහුලවයි.


වැඩපළ කිරීමට ලසන්ති දැක්වූවේද පුදුම කඩිසරකමක්. ඈ තරම් වැඩපළ කිරීමට දක්‍ෂ කිසිකෙනෙක් අහල ගම් හතකවත් නැතැයි පාලිතට සිතුණේ විවාහ වී සති දෙක තුනක් ගත වූ පසුවයි.


පාලිත හා ලසන්ති විවාහ වූයේ මාස හතරක වැනි කෙටිකාලයක සබඳතාවකට පසුවයි. ඇෙඟ් රූපස්වභාවයට වඩා ගතිගුණවලටයි. පාලිත බොහෝ සෙයින් කැමැත්තක් දැක්වූවේ. දිව්‍යාංගනාවක් සේ රූපයක් ඇයට නොතිබුණත් ප‍්‍රියමනාප වූ ස්ත‍්‍රීභාවයත් යහපත් ගතිගුණත් ඇය සතුව නිතැතින්ම පිහිටා තිබුණි.


ලසන්ති පිළියෙළ කරදුන් කෑම පාර්සලය අතට ගත් පාලිත යතුරු පැදිය පණගන්වාගෙන තම සේවා ස්ථානය වෙත ගමන් කරන්නට වුණා.


පාලිත වෘත්තියෙන් පොලිස් නිලධාරියෙක්. අවංකව සේවය කළ ඔහු ප‍්‍රදේශවාසීන්ගේද ආදරයට ලක්වුණු චරිතයක්.


‘‘පුතේ ඉස්කෝලෙ යන්න නැගිටින්න. දැන් හොඳටම පරක්කු වෙලා, 7 ත් පහුවෙලා.


‘‘අද ඉස්කෝලෙ යන්න බෑ අම්මෙ’’ කොට්ටයෙන් මුහුණ වසා ඇඳේ ගුලි වී සිටි සුලක්ෂණ පුංචි පුතා පැවසුවා.


නෑ...නෑ... ඔයා අද ඉස්කෝලෙ යන්න  ඕන. ලබන මාසෙ වාර විභාගෙ නේද? අද තාත්තත් නෑ. යන්න වෙන්නෙත් බස් එකේ.


අම්මා විසින් කරන ලද පෙරැුත්ත නිසාම සුලක්ෂණ ඇඳෙන් නැගිට්ටේ හරිම අපහසුවෙන්.


මේසය මත තබන ලද කිරි වීදුරුව උගුරට දෙකට බිව් ඔහු ඉක්මනින් නාන කාමරය දෙසට දිව ගියේ මුහුණ කට සෝදා ගැනීමටයි.


සුලක්ෂණ පාසල වෙත රැුගෙන යාම සඳහා ලසන්තිද ලක ලැහැස්ති වුණා.


‘‘අම්බේ මම දරුවා ඉස්කෝලෙට දාලා එන්නම්. මුළුතැන්ගෙයි පුටුවක වාඩි වී සිටි මව දෙස බලමින් ඇය පැවසුවා.


සුලක්ෂණ පාසල වෙත රැගෙන යන විට හත හමාරද පසුවෙලයි තිබුණෙ.


එලෙසින් පාසල වෙත පියමන් කළ ඇය තම මුදල් පසුම්බිය ගෙන රුපියල් 50ක් තම පුතුගේ අත මත තැබුවේ දරුවාට අමතර කෑමට කිසිවක් මිලදී ගැනීමට තාත්තා හවසට ඔයාව එක්ක යන්න එයි යනුවෙන් පවසා දරුවාගෙන් ඇය සමුගත්තෙ ඒ විදියට.


තම දරුවාට සමුදී පාසලෙන් නික්ම ගිය ලසන්ති පොළට ගියේ ගෙදරට අවශ්‍ය බඩු ටිකත් මිලදී ගැනීමටයි.


බඩුමල්ලත් රැගෙන පයින්ම නිවසට පැමිණි ලසන්ති ආලින්දයේ ඇඳි පුටුවක වාඩි වුණේ ගතේ මහන්සිය නිවාගන්නට.


‘‘පුදුම මහන්සියක්නෙ තියෙන්නෙ. අව්වත් මාර සැරයි. වතුර ටිකක් ගෙනත් දෙන්නකො අම්මේ.


එසේ ගමන් මහන්සිය නිවාගත් ඇය පසුව නිවසේ තිබූ ඉතිරි වැඩ කොටස් අවසන් කරන්නට වුණා.


ඒ සියලූ වැඩත් සමගම හවස දෙකේ කණිසමත් ළංවී ඇතැයි ඇයට දැනෙන්න වුණේ සුලක්ෂණ පුංචි පුතාවද රැගෙන පාලිතගේ යතුරු පැදිය ගෙයි දොරකඩට ළඟාවීමෙන් අනතුරුවයි.


පාලිත නිවසට එන බව කල්තියාම දැනගත් ලසන්ති කෑමද ඒ වෙද්දි පිළියෙල කර අවසන් කරලයි තිබුණෙ.


ඒ මොහොතේ ඇය ඉක්මනින්ම සාලය වෙතට ගියේ තම සැමියා සහ දරුවා පිළිගන්නට.


කාෂ්ඨක අව්වෙ රාජකාරිය කරමින් පැමිණ සිටි පාලිතගේ මුහුණ කළු පැහැ ගැන්වී තිබුණා. එය දුටු ලසන්තිට ඇතිවුණේ දැඩි සිත් වේදනාවක්.


ඔයාට මහන්සි පාටයිනෙ. මොනවහරි බොන්න  ඕනෙද? ලසන්ති ඔහුගෙන් ඇසුවා.


හා.... මට ඉක්මනට යන්නත්  ඕනෙ. ඩියුටි ඉන්න ගමන් මම ආවෙ.


ලසන්ති ශීතකරණයෙන් දොඩම් යුෂ වීදුරුවක් ගෙනැවිත් ස්ටූලය මත තැබුවා.


ඇය සාලයට පැමිණෙන විට පාලිත හිටියෙ නින්දත් නොනින්දත් අතර.


මහන්සි නිසා පාලිතට නින්ද ගිහින් ඇතැයි ලසන්තිට හිතුණෙ ඔහු අපහසුවෙන් මෙන් පුටුවට බරවී සිටි නිසා. ඇය ඔහුගේ හිස හීන් සිරුවේ පිරිමඳින්නට වුණා.


‘‘වාඩු වුණා විතරයි නින්ද ගිහින් දන්නෙම නැතිව. හරිම මහන්සියි ලසන්ති.”


දොඩම් වීදුරුවෙන් උගුරු දෙකක්, තුනක්ම එක හුස්මට බිව් පාලිත පවසා සිටියා.


ඒ මොහොතේ ලසන්තිත් පාලිත අසලින් වාඩිවුණා. පසුව ඔවුන් දෙදෙනා අල්ලාප සල්ලාපයක යෙදෙන්නට වුණා.


‘‘මගෙ යාළුවෙක් බදිනවා ඒ කතාබහ අතරතුර පාලිත ලසන්තිට පවසා සිටියා.


හ්ම්.... කව්ද බදින්නෙ?


ඔයාට මතකද ලසන්ති, විශ්ව එක දවසක් අපේ ගෙදරත් ආවෙ අර ටිකක් මහත රැුවුල වවලා හිටියෙ.


‘‘මට හරියට මතකනම් නෑ’’ ඒත් දැක්කොත් නම් මතක් වෙයි. ඒක නෙමෙයි කෑම ලෑස්ති කළා කාලා යන්න. මම කෑම බෙදාගෙන එන්නම්.


හ්ම්....! පාලිත ලසන්ති දෙස බලමින් පැවසුවා.


පාලිත විශ්ව ගැන කියන්නට පැවසූ දෙය ඒ මොහොතේ මගහැරී ගියා.


කාලය ඒ විදියට ගෙවී යද්දී පාලිතගේ සමීපතම මිතුරෙකු වන විශ්වගේ විවාහ උත්සව දවසත් උදාවුණා.


එදා වේලාසනින් රාජකාරිය නිමකර පාලිත නිවසට පැමිණියේ විවාහ උත්සවයට යාම සඳහා.


අපේ කට්ටියගෙන් ටික දෙනෙක් දවල් වෙඩින් එකට ගියා. තිසරි හොටෙල් එකේ තමයි තිබුණෙ. ? පාටිය නම් ගෙදර තියෙන්නෙ.


ඒ අතරතුර ලසන්ති පාලිතට විවාහ උත්සවයට යාම සඳහා ඇඳුමක් මදිමිනුයි හිටියෙ.


ඒ මොහොතේ නාන කාමරය වෙතට ගිය පාලිත ඉක්මනින් ඇඟ සෝදාගෙන පැමිණියේ ලක ලැහැස්ති වීමට.


ලසන්ති විසින් මදින ලද රතු පැහැති කමිසයත් කළු කලිසමත් ඔහුට වඩාත් ගැලපී තිබුණා. ඔහුගේ තිබුණු කඩවසම් බවට ලසන්තිට පොඩි ආඩම්බරයකුත් හිතට නොදැනුණාම නොවේ.


ෂා.... අද මෙයාගෙ ලස්සන. ලසන්ති පාලිත දෙස බලා හොරැහින් ඉඟිකරමින් පැවසුවා.


අද එහෙනම් කෙල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් මගෙ දැලට වැටෙයි නේද?


පාලිත එසේ පැවසුවේ ලසන්තිට ඔච්චමක් කරන අදහසිනි.


හ්ම්... හ්ම්... ගිහින් එන්නකෝ..


බයික් එකේද යන්නෙ?


‘‘ඔව් ටවුන් එකට යනවා එතනින් පස්සෙ අපේ කට්ටියත් එක්ක වාහනේ යන්නෙ. අපි පස් දෙනෙක් යනවා.


හ්ම්... වෙනදා වගේ බොන්න නම් එපා හරිද?


හරි... හරි... මම දැන් වැඩිය බොන්න නෑනේ. පාලිත ලසන්තිගේ මුහුණට තට්ටුවක් දමන ගමනුයි එසේ පවසා සිටියෙ.


එසේ ඇය දෙසට නැඹුරු වූ පාලිත ඇගේ වම් කම්මුල සිපගත්තෙ ඉතාමත් සීරුවෙන්.


එලෙසින් මංගල උත්සවයට ගිය පාලිත මිතුරන් සමග එක්වී මත්පැන් පානය කරන්නට වුණා.


ලසන්තිට වූ පොරොන්දුවද අමතක වෙන්නට ගත වුණේත් තත්පර කීපයක් පමණයි.


සිය මිතුරන් සමග හොඳින් මත්පැන් පානය කළ ඔවුහු විවාහ උත්සවය නිම වී නිවෙස් බලා එන්නට වූහ. පාලිත එම නිවසින් පිටවුණෙත් වැනි වැනිමයි.


පාලිතගේ මිතුරන් ඔහුව නිවසට ඇරලවීමට අසා සිටියද ඔහු එය ප‍්‍රතික්ෂේප කළා.


එසේ ටික දුරක් ගිය විට ඔහුගේ හොඳම මිතුරා වන අජිත් නැවත වරක් ඔහුගෙන් නිවසට ඇරලවීමට අසා සිටියද ඔහු කියා සිටියේ නෑ  ඕන නෑ.... මට මේ ටික යන්න පුළුවන්. තව ටික දුරයි කියමින්. ඒ කිසිවක් ගණන් නොගෙනම යතුරු පැදියට ගොඩවුණු පාලිත නිවස බලා යන්නට පිටත් වුණේ හීයක වේගයෙන්. ඔහු එතරම් වේගයෙන් යනවාද කියාවත් ඔහුට දැනුණෙ නැහැ. ඒ තරමට ඔහු මත්පැන් පානය කරලයි හිටියෙ.


එහෙත් ඔහුට යන්න වුණේ ටික දුරක් විතරයි. ඉදිරියෙන් පැමිණි ලොරියක ඔහු හැප්පුනා. ඒ සමගම බයිසිකලය තාර කට්ටෙන් පිටට පැන ඒ අසල වූ දැවැන්ත මාර ගසේ හැපෙන්නට වුණා. පාලිත ඉන් විසිවී ගොස් හිස ගලක වැදුණා. හෙල්මටයද ඔහුගේ හිසින් ගැලවී විසි වී ගොසිනුයි තිබුණෙ.


ඒ මොහොතේ ඔහුගේ හිසෙන් ලේ වහනය වෙන්නට පටන් ගත්තෙ කරාමයක් ඇරියාක් මෙන්.


ඔහු වහාම රෝහල වෙත රැගෙන ගියත් පලක් වුණේ නෑ. ඒ වන විටත් ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමිනුයි හිටියෙ. ඔහු මියැදෙන්නට මොහොතකට කලිනුත් අසිහියෙන් මෙන් මිමිනුවේත් ලසන්තිගේ නම.


පාලිත ජීවත්වෙන්න වරම් ලැබුණෙ නැහැ. සිදු වූ මහ විපත ඇසූ ලසන්ති හඬා වැළපෙන්නට වුණේ කරකියා ගත හැකි දෙයක් නොමැතිව.


මෙතරම් ඉක්මනට ඔවුන්ගේ පවුල මරුවා වනසා දමා යයි කියා ඈ කිසිසේත්ම සිතුවෙ නැහැ.


ඇය වැළහින්නක් මෙන් විලාප දෙන්නට වුණා. බොහෝ දෙනෙක් ඇයව සනසවන්නට උත්සාහ දැරුවත් ඇගේ කඳුළු නැවතුණේ නැහැ.


අවසානයේ පාලිතගේ පොලිසියේ යහළුවන් ඇතුළු නැදෑ හිත මිතුරන් පැමිණ අවමංගල්‍ය උත්සවයේ වැඩ කටයුතු සිදු කළා. එහිදී අවශ්‍ය සියලූම දේ නොපැකිලව සොයා බලා කටයුතු කළේ පාලිතගේ හොඳම මිත‍්‍රයා වූ අජිත්.


පාලිතගේ වියෝවෙන් පසුව ඉඩලද සැමවිටම අජිත් ලසන්තිගේ ගෙදර යන්න එන්න පටන් ගත්තා. ඇයගේ සහ පුතුගේ දුක සැප බලන්නටද අජිත් අමතක කළේ නැහැ.


අජිත් 35 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්. ඔහු තුළ මනා පෞරුෂයක් සහ කඩවසම් බවක් දක්නට ලැබුණා.


එලෙසට දින සති මාස ගතවෙද්දී පාලිත නැතිවෙලා දැන් අවුරුදු දෙකකුත් ගතවෙලා ගිහින් එහෙත් ලසන්ති කෙසේ හෝ හිතට ධෛර්යය ගෙන තම දරුවාත් බලාගෙන නිවසේ වැඩ කටයුතුත් කරගෙන ජීවත්වුණා.


පාලිතගේ මාසික වැටුප සෑම මසකම ඇයට ලැබුණා. එයින් ඔවුන්ගේ එදිනෙදාට අවශ්‍ය වැඩ කටයුතු සියල්ල ඉටු කරගත්තා. පාලිතගේ දානමය වැඩ කටයුතු කරන්නටද ඇය අමතක කළේ නැහැ.


ඒත් ඒ සියල්ල සිදුවුණේ අවුරුදු කීපයක් විතරයි. ඒ දිනවල ලසන්තිලාගේ නිවසට ආ ගිය අජිත් සමග ඇය ටිකෙන් ටික පෙම් දමින් බැඳෙන්නට වුණා.


අජිත් අවිවාහක තරුණයෙක් නිසා ඔහුට කිසිදු තහංචියක් තිබුණෙත් නැහැ. ඒ වෙද්දි ලසන්තිගෙ අම්මත් ජීවිතෙන් සමුගෙන ගිහිනුයි හිටියෙ.


ඒ නිසා කිසිදු හව්හරණක් නැතිව සිටි ලසන්තිට අජිත්ගේ සමීප වීම මහමෙරක් තරම් වුණා.


කාලයාගේ ඇවෑමෙන් අජිත්ගේ නවාතැන වුණෙත් ලසන්තිලාගේ නිවස. ලසන්තිගේ පුතාට මේ දේවල් ගැන ඒ හැටි දැනුම් තේරුමක් තිබුණෙත් නැහැ. පුංචි පුතාත් අජිත්ට ගොඩක් සමීපයි.


ඒ සියල්ලම පසෙකලා මේ හැමදේම දැනුම් තේරුම් තියෙන ලසන්ති මේ කරන්නෙ වරදක්. ඒ ගැන දැන දැනත් ඒ කිසිම දෙයක් ගැන නොහිතාම ඇය අජිත්ගෙ තුරුලට වෙලා පෙම් සුව විඳිනවා.

m



අදහස් (0)

යතුරු පැදියෙන් ගිහින් මාරයා එක්ක ඇවිත්

පුබුදු Wednesday, 26 August 2015 11:44 AM

මේ දේ ගොඩක් බරපතල දෙයක්.(හේ)

:       0       0

ධම්ම Wednesday, 26 August 2015 12:56 PM

මේවා දැක දැක තවත් මත්පැන් බොන්න එපා!(හේ)

:       0       0

සමදරා ආරියදාස Thursday, 27 August 2015 10:44 AM

ඔය මළ ගෙවල්වල මරලතෝනි දෙන අය දින කීපයකට පස්සේ හිනාවෙවී ඉන්නවා මම දැකලා තියෙනවා (බ)

:       0       0

විරාජ් Thursday, 27 August 2015 06:59 PM

බුදුන් දෙසන ලද පංච සීලය රකින්න උත්සහ කරන්න (බ)

:       0       0

අජිත් Thursday, 03 September 2015 04:48 AM

බීලා වාහන පදවන කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site