පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විටින් විට විවිධ කතා මවන්නෙක් විය. අලූබේරුවල දී වීරයකුගේ චරිතයකට පණ පෙවූ තෙවරප්පෙරුම පසුගිය දා පණ පෙව්වේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයකටය.
පසුගිය 18 වැනි දා අගලවත්තේ සන්ධාන කාර්යාලයක් විවෘත කිරීමට නියමිතව තිබිණි. ඒ වෙනුවෙන් පිරිසක් සැරසිලි කරමින් සිටියහ. ඒ අතර පාලින්දනුවර ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රී ආරුංගම් පුෂ්ප කුමාර මහතා ද සිටියේය. එජාපය ඇද තිබූ කොඩි වැල් ගලවා ඒ වෙනුවට නිල් කොඩිවැල් අදිනා බවට ඔවුනට චෝදනා එල්ල වූ අතර එම ස්ථානයට පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් ආහ.
දෙනෝදාහක් බලා සිටිය දී තෙවරප්පෙරුම මහතා සමඟ සිටියෙක් එම පක්ෂ කාර්යාලයට බිත්තර ප‍්‍රහාරයක් එල්ලකර ඇත. ඉන් පසු අදිමින් සිටි කොඩිවැල් කපා එතැන සිටි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී පුෂ්පකුමාර මහමඟ දණ ගැස්වීය.
ඒ දෙනෝ දහසක් බලා සිටියදීය. පාරේ දණ ගැස්වූ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීට පහර දුන්හ. ඔහු අසරණ වී සිටියේය. දෙනාදාහක් බලා සිටිය දී මැරයන් සේ පිරිසක් හැසිරෙද්දී අගලවත්ත සන්සුන් කිරීමට පොලිසිය උත්සාහ කළේය. ඉන් දෙදිනකට පමණ පසු එහි ඡයාරූප පුවත්පත්වල පළ වූ අතර වීඩියෝ පට රූපවාහිනී නාලිකාවල විකාශය විය.
සැකකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලතල තිබිය දී ඔවුන් කළේ ඔහු අත්අඩංගුවට නොගෙන අධිකරණයට කරුණු වාර්තා කිරීමයි.
සිද්ධිය ඇවිස්සුනේ ඉන් පසුය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය.
සැකකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන්නේය. ඒ අනුව පොලිස්පති නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට විමර්ශන පැවරිණි.
පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට පෙරම පසුගිය බදාදා (21) තෙවරප්පෙරුම මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර විය. සිද්ධියෙන් පසු අනතුරකට පත්වූ බව කියන ඔහු පොලිසියට භාර වූයේ කිහිලිකරුවෙන් පැමිණය.
ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් සැකකාර මන්ත‍්‍රීවරයා රිමාන්ඞ් කරනු ලැබීය.
මේ වන විට සිද්ධියට සැකපිට තිදෙනෙක් රිමාන්ඞ් භාරයේ පසු වෙති.
පාලිත තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයාගේ ෆේස්බුක් පිටුවේ ඔහුගේ ප‍්‍රකාශයක් දක්වා තිබිණි. ඒ මෙසේය.
ගරු මෛත‍්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමන් වශයෙන් පත්වූ පසුවම එතුමා පරාද කරන්න වැඩ කරපු එතුමාට විරුධව ඡන්ද පත‍්‍රිකා විකෘති කර හදපු, හංසයා අයින්කර ත‍්‍රීවිල් එකක ලකුණක් දමා වතු ජනතාව මුලාකරමින් බෙදපු, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මඩ ගහලා එතුමාගේ චරිතය ඝාතනය කරපු, මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වීජයග‍්‍රහණයට සහය වූ අපේ පාක්ෂික ජනතාවට ගහපු, මරණ තර්ජන කරමින් මැතිවරණ සමයේ ප‍්‍රචණ්ඩත්වය පතුරවමින් රාජපක්ෂ අණසක පතුරවමින්, භීෂණය පතුරවමින්, සියලූ වැරදි, දුෂිත ක‍්‍රියාවල යෙදෙමින් සිටි, නැවතන් ඔවුන් ලබපු මැතිවරණ ජයග‍්‍රහණයක් ලෙස අප එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ගෙවල්වලට පැන රතිඤ්ඤා පත්තු කරමින්, මෙම අගලවත්ත ප‍්‍රදේශයේ මැර දේශපාලකයන් හා ඔවුන්ගේ හෙන්චයියන් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පින්තූර සමග ඔවුන්ගේ පින්තුර දමා කටවුට් ගසමින් මුළු ගම පුරාම අලූආධිපත්‍යක් පතුරමින් ගියා. අපේ පාක්ෂිකයන්ට ගැහුවා. වෙඩි තිබ්බා. බදුරලිය චමින්දගේ ගෙදරට වෙඩි තිබ්බා.
ඒ සිදුවීමට අප පොලිසියේ පැමිණිල්ලක් දැම්මත් බදුරලිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙඩි තැබීමට ලක්වූ චමින්දම වෙඩි තියාගත්තා කියා පැමිණිල්ල ඉවත්කළා. ඒ වගේම බදුරලිය ප‍්‍රාදේශීය සභා සභාපති ප‍්‍රදේශීය සභාව අසලින් ප‍්‍රදේශයේ ජනතාවමෙම ¥ෂිත පාලකයන්ට විරුද්ධව සාමකාමීව උද්ඝෝෂණය කරමින් නිදහසේ යනකොට ප‍්‍රාදේශීය සභාව අසල රැුඳෙමින් වක්කැති, වක්පිහි, වක්මන්න අතැතිව අපට ගහන්න පැමිණියා. ඒ පිළිබද පොලිසියට පැමිණිලි කළත් අදාළ කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේද නැත.
අගලවත්න ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ඞී.ඞී. දර්ශන පසුගිය 17 වැනි දින හවස අගලවත්ත ඔරලෝසු කණුව වටේ හා ඒ අවට දමා තිබූ කොළ පාට කොඩි ටික බීමතින් පැමිණි පහළවක් පමණ පිරිසක් සමග පොලිසිය බලාසිටියදී කොළ පාට කොඩි සම්පූර්ණයෙන්ම ගලවා විසිකර දමා නිල්පාට කොඩි දමන්නට විය. මේ සිදුවීමට විරුද්ධව සෑම් නිශාන්ත රුපියල් පනස් අට දහසක කොඩි ගලවන් ගියා යැයි මතුගම පොලිසියේ පැමිණිල්ලක්ද දැම්ම ද ඒ පැමිණිල්ල දමා ගෙදර පැමිණීමට ද කලින් දර්ශනලා ඔහුගේ ගෙදරට ගොස් මරණ තර්ජනය කර ඒ පැමිණිල්ලද අයින් කරගත්තා. ඒ සියලූ පැමිණිලි අංක විස්තරද මා සතුව තිබෙනවා. මේ වගේ ලොකු භීෂණයක් ප‍්‍රදේශය පුරාම මෛත‍්‍රීපාල සිරිසේන මහතා පරාජය කරන්න හදපු කට්ටිය මවනවා. මේ වියරුව සියලූ දේවල් සම්පූර්ණයෙන්ම ඇතිකරන්නේ හිටපු ඇමතිවරයකුගේ ගෝලයෝ ටික.
මේ සියලූදූෂණ චෝදනා තියෙනවා. නිදන් කඩපු චෝදනා තියනවා. ප‍්‍රාදේශීය සභාවේ බඩු හොරකම් කරපු චෝදනා තියෙනවා. සංවර්ධනය හොරට කරපු චෝදනා තියෙනවා. ජනතාවගේ ඉඩම් සහ රජයේ ඉඩම් බලෙන් අල්ල ගත්ත චෝදනා තියනවා. ඒ වගේම ප‍්‍රදේශයට මෙන්ම මුළු රටටම පිළිලයක් වෙච්ච කාන්තාවන් 23 දූෂණය කරපු චෝදනා තියෙන පුද්ගලයෙක් ඉන්නවා. ලෑන්ඞ් රෙජිස්ටි‍්‍රයේ පගාව ගත්තු ප‍්‍රාදේශීය සභා සභාපති කෙනෙක් ඉන්නවා. පාතාල කාරයෝ, මිනීමරුවෝ, කප්පන් ගත්ත, මංකොල්ල කාර මේ සියලූ දූෂිතයෝ ඉන්නේ අද මේ හිටපු ඇමැතිවරයා එක්ක. තාමත් මේ පුද්ගලයන්ට මිනිස්සු බයයි. තාමත් පොලිසියේ නිලධාරීන් බයයි.
මේ අතරවාරයේ අපි 18 වැනි දින වලල්ලාවිට හා ඒ අවට පැවැත්වෙන ජනතා උද්ඝෝෂණයන්වලට තරුණයන් පිරිසක් සමග යනකොට අපිට අගලවත්ත නගරයේ දී මේ දර්ශනගේ පිරිස අපේ එක්සත් ජාතික පක්ෂයේ කොඩි බිමදමමින් හූ කියා ගල් ගැහුවා. එතනදී තමයි මේ ප‍්‍රශ්නය ඇති වුණේ. ඔය කියන ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයා තමයි වතුකරයේ දෙමළ ජනතාවට ඡුන්ද පත‍්‍රිකා වෙනස් කරලා, හංසයා අයින් කරලා, ඒ වෙනුවට වෙන ලකුණක් යොදලා වෙනස් කරලා ව්‍යාජ ඡුන්ද පත‍්‍රිකා ඒ ජනතාවට බෙදුවේ. රැුස්වීම්වලට ලොරිවලින් පිරිස් ගෙනල්ලා හූ කිව්වේ. ඔතනදීත් ඔහු ඒ ලෙස ක‍්‍රියා කරමින් එතන සිටි නිසා ප‍්‍රදේශයේ තරුණයෝ ඒ පිළිබදව දන්න නිසාත් එතැනදී මේ ප‍්‍රශ්නය ඇතිවුනා.”
මහමඟ පහර කෑ ආරුංගම් පුෂ්පකුමාර මහතා :
”දහ අට වැනි දා මං ආවා පක්ෂ කාර්යාලය විවෘත කරන තැනට. ටික වේලාවකින් මට එතන හිටපු කෙනෙක් කිව්වා පාලිත තෙවරප්පෙරුම මන්ත‍්‍රීතුමා එනවා කියලා. මාත් දැක්කා බයික් එකකින් එනවා. මං බයට කඬේ ඇතුළට ගියා. බයික් එක කඬේ පහු කරගෙන ගිහින් ආයෙත් ආවා.
මන්ත‍්‍රීතුමා ඇවිත් මගේ අතින් ඇදගෙන එළියට ආවා. මට පාර මැද දණගහන්න කිව්වා. දෙතුන් පාරක් කිව්වට දණ ගැහුවේ නෑ. දිගටම කියද්දී බයට මං දණ ගැහුවා. ඉන් පස්සේ වටේ ඉන්න කට්ටිය මට හොඳටම ගැහුවා. දුවපිය කිය කිය ගැහුවා. පස්සේ මං දුවගෙන ගියා.
බයට මං පොලිසියට පැමිණිලි කරන්න ගියේ නෑ. පස්සේ මේක මාධ්‍යවල ගියාට පස්සේ පොලිසියෙන් ඇවිත් ප‍්‍රකාශයක් ගත්තා.
මං කොඩිවැල් කැපුවා කියන කතාව බොරු. නගරයක් මැද්දට ඇවිත් කොඩිවැල් කපන්න තරම් අපි හපන්නු නෙවෙයි මහත්තයෝ.”
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යහපාලනයට මඩ පැල්ලමක් එක් කළ තෙවරප්පෙරුමගේ දණ ගැස්සීම
අනුරශාන්ත Monday, 26 January 2015 07:46 AM
තෙවරක් නොවේ එක්වරක් වත් වැරදි නොකරනු.! (ර)
ඇසළ Monday, 26 January 2015 02:52 PM
අනේ පව් කකුලත් කැඩිලා මුනේ තියෙන අහිංසක පාට රැවුලෙන්ම පේනවා. මේ අය තියාගත්තොත් වෙන්නේ යහ පාලනේ නෙමෙයි මැර පාලනේ ඉදිරියේදී. (අ)
කේ. සිරි Tuesday, 27 January 2015 07:21 AM
දැක්කහම මට හරිම දුකයි (නි)
දිනේෂ් Tuesday, 27 January 2015 09:20 AM
ඔන්න හැඳිනොගා කිරිහොදි හැදීමේ විපාකය. (නි)