X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


යළි පණදුන් ඩෝසන් බංගලාව

 



 

ගලිගමුව හන්දිය පසුකර කෙමෙන් කෑගල්ල දෙසට කන්ද නගින විට දකුණ පැත්තේ පිහිටි උස් බිමකි. එහි ඇති රුක් ගස් අතරින් වටවූ භූමියේ ඓතිහාසික කාරණා රැසක් සඟවාගත් නිහඬ නිවෙස්නයකි. ඒ කෑගල්ල, අඹන්පිටියේ පිහිටි ඩෝසන් බංගලාවයි. නුවර - කොළඹ මාර්ගය ඉදි කරන්නට තම දිරියෙන් විරියෙන් අවසනදී ජීවිතයෙන්ද වන්දි ගෙවූ ශ්‍රී ලාංකිකයන්ට හදවතින්ම ආදරය කළ බි‍්‍රතාන්‍ය රාජකීය යුද හමුදා ඉංජිනේරු බළකායේ කපිතාන් විලියම් ෆ‍්‍රැන්සිස් ඩෝසන් මෙම නිවෙස්නෙහි වාසය කළේය.

වන සතුන් අලි ඇතුන් ගහන කැලෑ ප‍්‍රදේශයේ තම සේවකයන්ද කඩිසරව මෙහෙයවමින් කටයුතු කළ කපිතාන් ඩෝසන් මහතා තම නිවෙස්නය ඉදිකිරීම සඳහා තෝරාගෙන තිබුණේ උස් භූමියකි. මෙම නිවෙසේ මිදුලේ දුර දක්නයක්ද සවිකර ගනිමින් ප‍්‍රදේශයේ සහ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඔහු විසින් නිරීක්ෂණය කළ බවද ඉතිහාසය සඳහන් කරයි.

කොළඹ - නුවර මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඇරැඹෙන්නේ මීට වසර 189කට පමණ පෙරය. එහිදී කැප්ටන් ඩෝසන්ගේ දක්ෂතාව නිසාම සර් එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරතුමන් විසින් ඔහු රාජකීය ඉංජිනේරු හමුදාවේ අණදෙන නිලධාරි තනතුරට පත් කර ගත් බව කියැවේ.

කොළඹ - නුවර මාර්ගයේ පළමු අදියර ඉදිවන්නේ කොළඹ සිට අඹේපුස්ස දක්වාය. අනතුරුව දෙවැනි අදියර ලෙස අඹේපුස්ස සිට කඩුගන්නාව දක්වා මාර්ගය ඉදි කරන්නට කටයුතු යෙදුණි. ඒ කාලයේදී කපිතාන් ඩෝසන් මෙම බංගලාවේ වාසය කළේය.

අශ්වයන් බඳින ස්තාලයන් සේම නවීන තාක්ෂණයට අභියෝග කළ හැකි තාක්ෂණික අංගයන්ගෙන් ද මෙම නිවෙස්නයේ දක්නට ලැබීම සුවිශේෂත්වයකි. අඹන්පිටිය කන්දේ සිට ගෙන ආ ජල නළයන් හරහා පීඩනය වැඩිකර නාන කාමර සඳහා ජලය ලබාගෙන තිබුණි. එසේම සේවකයන් සඳහා වෙනම නිවෙස්නයන් ද මුළුතැන්ගෙයි ඇති සුවිශේෂත්වය මෙම නිවෙස්නයෙහි ගෘහනිර්මාණ ශිල්පයේ අපූර්වත්වය කියා පායි.

වහලය සම්පූර්ණයෙන්ම උළු සෙවිලි කොට තිබූ අතර එහි වර්ෂය වශයෙන් සඳහන්ව තිබුණේ 1865 යන්නයි. මෙහි දැකිය හැකි තවත් සුවිශේෂි අංගයක් වන්නේ විශාල නිදන කාමර කිහිපයකින් සමන්විත වීමත් පුළුල් වූ කොරිඩෝ කිහිපයකින් යුක්තවීමත්ය. එමෙන්ම මනරම් උද්‍යානයකින්ද සමන්විත වීම මෙම ගෘහයේ අලංකාරය තවත් වැඩිදියුණු කරන්නට සමත් විය. බි‍්‍රතාන්‍ය ගෘශනිර්මාණ ශිල්පයට අනුව නිම වුණු ඩෝසන් බංගලාව කාලයේ බොහෝ තොරතුරු රැසක් දරා සිටින නිහඬ ස්මාරකයකි.

කැප්ටන් ඩෝසන් බොහෝ සාමකාමී නිහතමානී පුද්ගලයෙක් විය. ඔහුගේ දක්ෂතාවයේ උපරිමයක් දතහොත් කඩුගන්නාව දුම්රිය ස්ථානයයි. එහිදී තම ශිල්පීය දක්ෂතාවයන් කදිමට පෙන්වීමට කැප්ටන් ඩෝසන් සමත් වී ඇත්තේය.

අඹන්පිටිය බංගලාවේ සිටි ඩෝසන් මහතා හදිසි අනතුරකට මුහුණ දෙන්නේ ද මේ බංගලාවේදීමය. ගම්මුන් කියන්නේ දිවා කාලයේදී පාර තැනීමේ කටයුතුවල නිරතව සිටි ඩෝසන් මහතා තම සේවකයින් තුඹසක් කැඞීමට ඉදිරිපත් නොවීම නිසා තමාම ඉදිරිපත්වී තුඹස කඩා දමා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කළ බවයි. එහිදී රාති‍්‍රයේ තම නිවසේ සිටි කැප්ටන් ඩෝසන්ට නයෙක් දෂ්ඨ කළේය. ඔහුට අසාධ්‍ය වූ බැවින් කොළඹට ගෙන යද්දී මිය ගියේය. ඒ 1829 මාර්තු 28 වැනිදාය. ඔහුගේ අභාවය ගැන ඩබ්. ටී. කිමල් මහතා විසින් රචිත "Ceylon Beaten Trak" කෘතියේ පේ‍්‍රමචන්ද්‍ර අල්විස් මහතා විසින් පරිවර්තනය කරන ලද පුරුදු පාර ග‍්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි.

”1829 මාර්තු මස 28 වෙනිදා රාජකීය ඉංජිනේරු කපිතාන් ඩෝසන් අභාවයට පත්වූයෙන් හොඳ මිතුරෙකුද අගනා නිලධාරියකුගේ සේවයද මට අහිමිවිය. මේ අහිංසක මනුස්සයා අවසන් හුස්ම හෙළුවේ මගේ දෑත මතය. මුළු දිවයිනම ඔහුගේ අභාවයෙන් ශෝක වූවාය.


 



ඩෝසන් මහතා බංගලාවේදී විෂඝෝර සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මිය ගියේය. කපිතාන්වරයාගේ දේහය කොළඹ ශාන්ත පීතර දේවස්ථානයේ භූමියක තැන්පත් කෙරුණි. ඔහු මියගියේ මේජර් ස්කිනර් දෑත මත බව ලිඛිත සාක්ෂිද ඇත.

කපිතාන් ඩෝසන් සිහි කරන්නට සුවිශේෂ ස්මාරකයක්ද ඉදි විය. එය දිගින් අඩි 150ක් විය. ගෘහ නිර්මාණයේ අපූර්වතා රැුසක් සහිත වූ ඩෝසන් බංගලාව නඩත්තුව නොමැතිකම නිසා පසු කලෙක ගරා වැටෙන්නට විය. අනතුරුව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ යෝජනාවකට අනුව දැයට කිරුළ යටතේ මෙම ඓතිහාසික නිවෙස්නය ප‍්‍රතිසංස්කරණය විය. ප‍්‍රතිසංස්කරණ වූ ඩෝසන් බංගලාව ජනාධිපතිතුමා අතින් පසුගිය 26 වෙනිදා යළි විවෘත විය.

කාලයේ වැලි තලාවෙන් ගරා වැටීමට නියමිතව තිබූ ඩෝසන් බංගලාව දැන් අඹන්පිටිය කඳු මුදුනේ විරාජමානව ඇත.

 

 



අදහස් (0)

යළි පණදුන් ඩෝසන් බංගලාව

ධම්ම Tuesday, 04 February 2014 03:48 PM

කොළඹ නුවර පාර හදලා ඩෝසන් කුළුණ වගේ ස්මාරකයක් අද හැදුවා නම් මිනිස්සු මොන තරම් ආඩපාලි කියයිද.(දිල්)

:       0       0

අංජන Wednesday, 05 February 2014 09:13 AM

ඉතා වටිනා ලිපියක් (දී)

:       0       0

සෑම් Wednesday, 05 February 2014 12:23 PM

බ්‍රිතාන්‍යයන් මේ දේවල් කලේ ඔවුන්ගේ පහසුව හා ප්‍රයෝජනයට මිසක් අපිට ආදරේට නොවේ. නමුත් දැන් ඉන්න "ඇඟපුරා දේශප්‍රේමීන්ට" වඩා ඒ මිනිස්සු කරන දේ හරියට කළා. බාල බඩු දාල යන්තම් අටවලා තියන පාලම් කොච්චර ගිලා බහිනවාද? කඩා වැටෙනවාද? නමුත් සුද්දෝ හදපුවා අවුරුදු 100 150 තවමත් හොඳට තියනවා. ඒ අය කොමිස් ගැහුවේ නැහැනේ. අපේ දේශප්‍රේමීන් කරන්නේ සුද්දෝ හදාපු පාරවල් වල දුම්රිය වල ගමන්කරමින්ම සුද්දන්ට ගරහන එකයි ඉතින් අපි දියුණු වෙයිද? (අ)

:       0       0

මාධවී Wednesday, 05 February 2014 02:00 PM

ඇත්තටම එක හොද වැඩක් (දී)

:       0       0

ඉන්දික ගම්පහ Thursday, 06 February 2014 06:32 PM

අපේ අය හිතන් ඉන්නේ සුද්දෝ පාර හැදුවේ අපිට ආදරේට කියල . අපේ රට හුරගෙන යන්න තමයි ඔය පාරවල් හැදුවේ. එහෙම හුරගෙන ගිහින් තමයි සංවර්දිත රටක් උනේ.(නදී)

:       0       0

සුමේධ'' Friday, 07 February 2014 05:13 PM

ඩෝසන් නැත්නම් නුවර උදවිය තාමත් කැලේ (දී)

:       0       0

සම්පත් Saturday, 08 February 2014 08:17 PM

සුමේද පුරුද්දටද කොහෙද තාම සුද්දන්ට ආවඩන්නේ. සිංහලයන්ගේ හපන්කම් ලංකාවේ හැමතැනකම තියෙනවා. හොදට ඇස ඇරලා බලන්න. (අ)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Monday, 10 February 2014 03:32 PM

ධම්ම, පාර හදපු ඉංජිනේරුවෙකුගේ නමින් කුළුණක් හැදුවොත් මිනිස්සු ආඩපාලි කියන්නනේ නැහැ. නමුත් අපේ රටේ වෙන්නේ කොහෙවත් නැති කෙනෙකුගේ නමින් කුළුණු හදන එකනේ. (නදී)

:       0       0

ජෝන් Tuesday, 11 February 2014 05:04 PM

පෞරාණික අතීතයක් තියෙන වැදගත් ස්ථානයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site