කොටියා ඉතාමත්ම බුද්ධිමත් සත්ත්වයෙක්. ඒ සතුන් උපායශීලීව කටයුතු කරනවා.
ඒ වගේම වර්ග කිලෝ මීටර දෙකක පමණ ප‍්‍රදේශයක අණසක පතුරුවාගෙන තනි තනිව ජීවත්වන සත්ත්වයෙක්. අභිජනන කාලයේදී යුගල වශයෙන් දක්නට ලැබෙනවා. නමුත් ඇතැම් කොටින් මා දැක තිබෙනවා පැටවුන් බිහිකිරීමෙන් ටික දිනක් ගතවනතුරු පවුලක් වශයෙන් එකට ඉන්නා ආකාරයත්. එය බොහොම කලාතුරකින් දක්නට ලැබෙන දෙයක්. මොවුන් එක්වන්නේ ගොදුරු සොයා ගැනීම සඳහා රංචු වශයෙන් ආක‍්‍රමණය කිරීමට.
![]() |
රුක්ෂාන් ජයවර්ධන |
ඔහු පැය ගණනක් නිසොල්මන්ව සිටියේය. යාල මහ වන මැද පිහිටි මේ ගල් පර්වතය මතට කොටියකු අනිවාර්යයෙන්ම පැමිණෙන බව ඔහු දැන සිටියද අදනම් කොටියා එන බවට කිසිදු සළකුණක් නැත. හාත්පස නිහඩතාව රජයයි. ඈතින් ඇසෙන උකුස්සකුගේ නාදය හෝ විටින් විට කෑ ගසන මොනරකුගේ කඨෝර අඳෝනාව හැර වෙනත් ශබ්දයක් නැත.
හිරු බැස යමින් තිබේ. සන්ධ්‍යා අහස්කුස රක්ත වර්ණයෙන් බබළයි. පුදුමයකි. දින ගණනකින් නොදුටු කොටියා සෙමෙන් සෙමෙන් පර්වතය මතට නගිමින් සිටියි. ඒ තනිවම නොවේ තවත් කොටි ධේනුවක් ද ඔහු අසළම සිටින්නීය. නැත, මේ යුවලගේ අලූත උපන් දරුවන් තිදෙනෙකු ද කෙටි පියවර තබමින් මවත් පියාත් අසළින් පැමිණෙති.
මේ දසුන අතිශය සුන්දරය. මේ ඡායාරූප ශිල්පියා තම දිවියේ වැඩි කාලයක් ගත කරන්නේ මහ වනාන්තරයේය. ඒ කොටින්ගේ ඡුායාරූප ගැනීමේ අභිලාශයෙනි.
ඔහුගේ විශේෂත්වයක් තිබේ. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ඔහුගේ සීයාය. ජේ.ආර්. ගේ පුතු රවී ජයවර්ධනගේ පුතුන් තිදෙනාගෙන් දෙවැන්නා වූ රුක්ෂාන් ජයවර්ධන මෙවර අපේ කතානායකයාය.
සිය කැමරා ආම්පන්න සමග මහ වනයේ දින ගණනක් ගත කරමින් විවිධ වන සතුන්ගේ ඡුායාරූප ගැනීම ඔහුගේ විනෝදාංශයයි. රුක්ෂාන්, කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පාසල් අධ්‍යාපනය නිමවා ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයකින් මානවවිද්‍යා උපාධියක් හැදෑරූ ඒ මහතා අනතුරුව එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව සාර්ථකව නිම කළේය.
ජීව විද්‍යා අංශයෙන් පාසල් අධ්‍යාපනය ලැබුව ද තමන් දැඩි සේ ඇළුම් කළ ඉතිහාසය සොයා පුරාවිද්‍යා පර්යේෂණයන්හි නිරත වූ රුක්ෂාන් ජයවර්ධන ශී‍්‍ර ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා එක්වී අනුරාධපුරයේ ඇතුළු නගරයේ කැණීම් කටයුතු වලට දායක වූයේ සිය පි‍්‍රයතම විෂය ක්ෂේත‍්‍රයේ මහත් දුර ගමනක් යාමේ අදිටනෙනි. එහෙත් එය වසර කිහිපයකට සීමාවිය.
‘‘මේ කාලේ මගේ ලොකුම විනෝදාංශය වුනේ ඡායාරූප ගැනීම. දකින දකින සතුන්ගේ ඡුායාරූප ගන්නවා. අද වගේ නෙවෙයි, ඩිජිටල් තාක්ෂණය නොතිබුණු නිසා ඒ වැඬේ සෑහෙන අමාරුයි. කුරුල්ලෙක් දැක්කත් හිකනලෙක් දැක්කත් මම ෆොටෝ ගත්තේ විනෝදයට. නමුත් පසු කාලයක එය වනජීවී ඡුායාරූප ශිල්පය කියන අපූරු සංකීර්ණ විෂයට යොමු වුනේ මා නොදැනුවත්වම. පුරාවිද්‍යා කැණීම් කරන කාලයෙත් මම මේ විදියට ඡුායාරූප ගන්න පුරුදු වෙලා හිටියා.’’
තම සීයා රටේ විධායක ජනාධිපතිවරයා වුව ද මානවිද්‍යාව විශේෂ උපාධියක් හා පුරාවිද්‍යා පශ්චාත් උපාධියක් තිබූ මේ මුණුපුරාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථිර පත්වීමක් ලැබුණේ නැත.
‘‘ඒ කාලේ කැණීම් වලින් ලැබෙන දීමනාව ඉතාමත්ම අඩුයි. ඒ සල්ලිත් නියම වෙලාවට ලැබෙන්නේ නැහැ. මේ වගේ ගැටළු නිසා ඉතින් මගේ හිත වනජීවී ඡුායාරූප ශිල්පය වෙත ඇදී ගියා. බොහොම අමාරුවෙන් තමයි අවශ්‍ය කැමරා ආම්පන්න ටික ටික මිලදී අරගෙන අවශ්‍යතා සපයාගත්තේ.
ඒ ආකාරයෙන් වනජීවී ඡුායාරූප ගැනීමට පූර්ණකාලීනව සිය කාලය හා ශ‍්‍රමය කැපකළ රුක්ෂාන්, අද වනවිට ශී‍්‍ර ලංකාවේ සිටි සුප‍්‍රසිද්ධ වනජීවී ඡායාරූප ශිල්පියෙකි. ඔහු සිය කාලයෙන් වැඩිම කොටසක් වෙන්කරන්නේ කොටින්ගේ ඡායාරූප ගැනීම වෙනුවෙනි.
‘‘මම සෑහෙන කාලයක ඉඳලා කොටින්ගේ ඡුායාරූප ගැනීමට කාලය වෙන්කරලා තිබෙනවා. කොටි සම්බන්ධයෙන් ග‍්‍රන්ථයක් කරන කණ්ඩායමක් ඔවුන්ගේ ඡායාරූප ලබාදෙන්න කියලා කරන ලද ඉල්ලීමක් නිසා තමයි මම මේ විදියට කොටින්ගේ පැත්තට යොමු වුනේ. බොහෝ දෙනාගේ මතයක් තිබෙනවා ශී‍්‍ර ලංකාවේ කොටි නැහැ, ඉන්නේ දිවියා කියලා. නමුත් ශී‍්‍ර ලංකාවේ ඉන්නේ කොටියා. මේ කොටි විශේෂය ඉන්දියාවෙත් දක්නට ලැබෙනවා. පුල්ලි තිබෙන මේ සතාගේ උප විශේෂයක් තමයි ලංකාවේ ඉන්නේ. ලංකාවේ කොටියා ලංකාවට ආවේණිකයි. ඉන්දියාවේ කොටියා වගේම වයිරම් ඇති ව්‍යාඝ‍්‍රයනුත් ඉන්නවා. මෙරට ඉන්න කොටියාට කොටියා නොකියා දිවියා කියන වචනය පුරුදු වුනේ එල්ටීටීඊ සංවිධානය සිය ලාංඡනය ලෙස කොටියා යොදා ගැනීම නිසා.’’
ඔහු පවසන පරිදි වසර තිහක කාලයක් පැවති යුද්ධය අපේ රටට ආවේණික වූ කොටියා, දිවියා බවට පත් කළේය.
කොටින්ගේ ඡායාරූප ගැනීමට යොමු වූ රුක්ෂාන් මාස ගණනාවක් කොටි සම්බන්ධ පොත් පත් කියවූයේය. ඔවුන්ගේ චර්යා රටාවන් පිළිබඳ ලියවුනු බොහෝ දේ රුක්ෂාන්ගේ අවධානයට යොමුවිය. වන වැදී කොටි ඡායාරූප ගැනීම ඔහුට අපූරු අත්දැකීමක් වූයේය.
‘‘කොටියා ඉතාමත්ම බුද්ධිමත් සත්ත්වයෙක්. ඒ සතුන් උපායශීලීව කටයුතු කරනවා. ඒ වගේම වර්ග කිලෝ මීටර දෙකක පමණ ප‍්‍රදේශයක අණසක පතුරුවාගෙන තනි තනිව ජීවත්වන සත්ත්වයෙක්. අභිජනන කාලයේදී යුගල වශයෙන් දක්නට ලැබෙනවා. නමුත් ඇතැම් කොටින් මා දැක තිබෙනවා පැටවුන් බිහිකිරීමෙන් ටික දිනක් ගතවනතුරු පවුලක් වශයෙන් එකට ඉන්නා ආකාරයත්. එය බොහොම කලාතුරකින් දක්නට ලැබෙන දෙයක්. මොවුන් එක්වන්නේ ගොදුරු සොයා ගැනීම සඳහා රංචු වශයෙන් ආක‍්‍රමණය කිරීමට. මේ අයගේ චර්යාවන් අධ්‍යයනය වගේම ඔවුන්ගේ ඡායාරූප ගැනීමට වෙහෙස වීමත් ඉතාමත්ම චමත්කාරජනක අත්දැකීමක්. ’’
රුක්ෂාන් පවසන්නේ වනාන්තරයේ කිසිවෙකුටත් බිය නොවන, සිය අණසක පතුරුවාගෙන ජීවත්වන කොටි ඇතැම් අවස්ථාවලදී මුවන් හමුවේ පවා පරාජයට පත්වන බවයි. විශේෂයෙන්ම ළදරු වියේදී සිය මවගේ දඩයමෙන් ජීවත් වන කොටියා නාඹර වියට එළඹෙත්ම තනි තනිව දඩයම් කිරීම ආරම්භ කරයි. තනිවම දඩයම ආරම්භ කරන දිනවලදී බොහෝ විට ගොදුරු අල්ලාගැනීමට නොහැකිව පීඩාවට පත්වන අවස්ථා මෙන්ම මුවන්, ගෝනුන් වැනි සතුන්ගේත් කුළු හරකුන්ගේත් ප‍්‍රහාරයට ගොදුරුවී, තුවාල ලබන අවස්ථාත් ඇති බව රුක්ෂාන් පවසයි.
දිනක් රුක්ෂාන් යාල මහ වනයේ ඡායාරූප ගැනීමේ නිරත වූයේය. ඔහු දුටුවේ හොඳින් වැඩුණු මුවන් දෙදෙනකු සිය අං පටලවා ගනිමින් එකිනෙකා හා පොරබදන ආකාරයයි. මෙය ඔහුගේ කැමරාවට මනා වූ දර්ශනයකි. හැකිතාක් නිසොල්මන් වූ රුක්ෂාන් මුවන් දෙදෙනාගේ මේ අරගලය ඡුායාරූපයට නගමින් සිටියේය. ටිකෙන් ටික හිරු බැස යයි. අද මෙන් එදා කැමරාවල ක්ෂණයකින් සේයාපටලයේ ආලෝක තීව‍්‍රතාව වෙනස්කැරගැනීමේ හැකියාවක් නැත. අඳුර ටිකෙන් ටික වැඩි වෙද්දී කැමරාව පසෙකින් තැබූ රුක්ෂාන් මුවන් දෙදෙනා දෙස බලා සිටියේය.
‘‘එකපාරටම මට දැනුනා කුරුල්ලන් කිහිපදෙනෙක් කලබල වෙනවා. මම ඒ දිහා බලන විට කොටියෙක් මුවන් සිටින දෙසට හෙමින් හෙමින් ළං වෙනවා. පඳුරු අතරින් ගිය කොටියා එකපාටරම මුවන් දෙදෙනා සිටි දෙසට වේගයෙන් දිව යන්න පටන් ගත්තා. එක මුවෙක් කොටියා එන දෙසට පිටුපාලා ඉන්නේ. කොටියාට කිසිදු ශබ්දයක් නොඇසෙන්න දිව යා හැකියි. මේ කොටියා දිවඑන බව කොටියා දෙසට මුහුණ ලා සිටින මුවා හදිසියේම දුටුවා. නමුත් අනිත් මුවා ඒ බව දන්නේ නැහැ. කොටියා දුටු මුවා වියරු හ`ඩක් නගා තමන්ට හැකි පමණ වේගයෙන් ආපසු හැරී දිව ගියා. නමුත් ඒ මුවා සමග සටන් කරමින් සිටි අනෙක් මුවා කොටියා දුටුවේ නැහැ. ඌ හිතන්නට ඇති තමන්ට බය වෙලා මුවා දිවයන්නට ඇතැයි කියා. මුවා ජයග‍්‍රාහී ලීලාවෙන් සිටිනවාත් සමගම කොටියා තමන්ගේ ගොදුරු වෙත කඩා පැන්නා. ඌ කෙලින්ම පැන්නේ මුවාගේ පිට මතට. පිටට පැනලා මුවාගේ ගෙල ප‍්‍රදේශය තදින් අත් දෙකෙන් අල්ලාගත්තත් මුවා කෑ ගසමින් පස්ස උඩ දමමින් දැගලූවා. කොටියාට මුවාගේ පිට මත සිටිය නොහැකියි. මුවාගේ මේ දැගලිල්ලත් සමගම කොටියා බිම වැටුණා.’’
තමන්ගේ පිට මතට හදිසියේම පහත්වූයේ කවරකුදැයි නොදත් මුවා පසෙකට විසිවී ගිය කොටියා නැගිට ගැනීමට පෙර මාරාන්තික පහරක් එල්ල කළේය. ඒ සිය අං තට්ටුවෙන් කොටියාට ඇණීමෙනි. මුවාගේ පහර ක්ෂණයකින් වටහාගත් කොටියා හැකි ඉක්මණින් පසෙකට පැන ගත්තේය.
‘‘ඒ වෙලාවේ තවත් තත්ත්පර කිහිපයක් කොටියා ප‍්‍රමාද වුනානම් මුවාගේ අං තට්ටුව කොටියාගේ ඇඟ පසාරු කරගෙන යනවා. මුවාගේ අං තට්ටුව එතැන පොළොව හාරගෙන ගියපු බව මම හොඳින් දැක්කා. තමන්ගේ අං තට්ටුව ආපහු ගලවාගත්තු මුවා පසු පස හැරී කැලයට දිව ගියා. කොටියාගේ ගොදුර වැරදුනා.’’
රුක්ෂාන් පවසන්නේ මේ කොටියා තනිවම දඩයම පටන්ගන්නට ඇත්තේ එදා ගොදුර වැරදීයාමට දින කිහිපයකට පෙරාතුව බවයි. සාමාන්‍යයෙන් කොටියා ඊට වඩා උපායශීලී බව තමන් හොඳින් නිරීක්ෂණය කැර ඇති බව රුක්ෂාන් පවසයි. නමුත් සිය මවගේ දඩයමින් කුස පුරවාගනිමින් සිට දඩයම් කිරීම තනිවම අරඹන කොටියකු තම අත්දැකීම් මදකම හේතුවෙන්ම දඩයම වරද්දා ගනියි. ඔවුහු දඩයම් හැකියාව දියුණු කරගන්නා තුරු මුවන් වැනි අහිංසක සතුන්ගේත් ප‍්‍රහාරයට ගොදුරු වෙති.
රුක්ෂාන් ජයවර්ධන විසින් ගන්නා ලද ඡායාරූප සඳහා අනුග‍්‍රහය www.threeblindmen.com වෙතිනි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යාල මහ වන මැද කොටි සොයන ජේ. ආර්.ගේ මුණුපුරා
ටිකිරි Sunday, 09 June 2013 09:20 PM
ලාංකිකයෝ දීන ජාතියක් නේද? ලංකාවේ කැලේ හිටපු කොටියාගේ නමත් අපි දිවියා කියලා වෙනස් කලා. තව ටිකක් කල් ගිහිල්ලා කිව්වොත් අම්මට අම්මා කියන එක වරදියි කියලා අපි ඒකත් කරයි.(නදී)
ජේ ආර් Monday, 10 June 2013 12:40 AM
අද රටේ ඇති වෙලා තියෙන තත්වයට ජේ.ආර් මූලිකවම වග කිව යුතු පුද්ගලයායි. එත් ජේ.ආර් ගේ පවුලේ අය ඊට පස්සේ ඇතිවුන නායකයන්ගේ පවුල්වල අය වගේ රටට වසංගතයක් උනේ නැහැ.(නදී)
කුමාර Monday, 10 June 2013 10:20 AM
ජේ.ආර් මේ රටට නොහිටින්න අද ඔබත් මමත් මේ කරන සන්නිවේදනය දකින්න නැහැ. විවෘත ආර්ථිකය රටට යහපතක් වුනා. වැරදි දේත් සමහරු ඒකේ මාර්ගයෙන් කරගත්තා. එක පුද්ගල වැරැද්දක්. එතුමාගේ ව්‍යවස්ථාව නෙමෙයි වැරදි, එය පාවිච්චි කරන අයගේ සිතුවිලි. ව්‍යවස්ථාවේ වැරදි තියෙන්න පුළුවන්, නමුත් සමාජ ක්‍රමය අනුව අදටත් මේ ව්‍යවස්ථාව හොද එකක්, ආත්මාර්තකාමිත්වයෙන් තොරව පරහිතකාමීත්වයෙන් යුතුව භාවිතා කරනවා නම්. (නි)
ද සිල්වා Tuesday, 11 June 2013 02:35 PM
ජේ.ආර්.මහතා පවුල් වලට සලකන්න රටේ ධනය පාවිචි කලේ නැහැ.(ස)
වාවේසු Tuesday, 11 June 2013 03:28 PM
සීයා ජනාදිපති වෙලා ඉදලත් රැකියාවක් ලැබිල නැහැ. අවංක කතාවක්. දැන් කලේ අයනම් අවුරුදු 16 ව් විතර පුරාවිද්‍යා කොමසාරිස් කරලා පස්ස බලන්නේ.(නදී)
කලු Tuesday, 11 June 2013 04:26 PM
ටිකිරි , දිවියා කොටියා කියල ජාති දෙකක් ඉන්නවා පොඩ්ඩක් හොයල බලන්න වෙනස් කරන විදිය.(නදී)
චන්ද්‍ර වීරසිංහ Sunday, 16 June 2013 07:44 AM
කොටියා කියන්නේ ඉංග්‍රීසියෙන් ටයිගර්. දිවියා කියන්නේ ලෙපර්ඩ් .කොටියා ඉන්නේ යාපනේ පැත්තේ. දැන් වඳ වෙලා. (නි)
රනිල් Sunday, 16 June 2013 06:04 PM
ජේ. ආර් දැන් ඉන්න මැති ඇමති වගේ හොඳට ගහලා තිබුනානම් මෙයාට මෙහෙමෙ වෙන්නේ නැහැනේ.(නදී)
ඩබ. ඩී.එස්. ශාන්ත Monday, 17 June 2013 11:08 AM
ජේ.ආර්. වාගේ නායකයෙකුට සුදු හුණු ශාන්න එපා!(නදී)
ඉබ්හාල් Friday, 21 June 2013 07:18 PM
ජේ.ආර්.මහතා පෞද්ගලික අවශ්‍යතා වලට කවදාවත් රටේ ධනය පාවිච්චි කලේ නැහැ (නි)
රණතුංග Friday, 21 June 2013 08:26 PM
ජයවර්දන මැතිතුමා රටේ ජනතාවගේ මුදල් නැති නාස්ති කල කෙනෙක් නෙමෙයි. එතුමා උතුම් නායකතුමෙක්.එතුමාට මම ඉතාමත් ගරු කරනවා.එතුමාට නිවන් සුවය පතමි. (නි)
රණතුංග Friday, 21 June 2013 08:34 PM
ජයවර්දන මැතිතුමා වගේ නායකතුමෙක් අපට නැති වුනා. (නි)
ප්‍රභාෂ් Thursday, 27 June 2013 11:10 AM
මට නම් බොහොම සතුටක් තියෙන්නේ රවී ජයවර්දන සහ රුක්ෂාන් ජයවර්දන වගේ අය ගැන.කවදාවත් බලය අයුතු විදිහට පාවිච්චි කරේ නැහැ.සැමටම ආදර්ශයක්.අද ඉන්න හොර පුත්තු ගැන මොනවා කතා කරන්නද.(අ)
නිමල් ජයසිංහ Sunday, 30 June 2013 10:59 AM
සුන්දර මිනිසෙක් වන රුක්ෂාන්ගෙන් සුන්දර වන දිවිය ගැන තොරතුරු ලබාගෙන ජනතාවට ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොදයි (නි)