X Advertisement
IMG-LOGO

2025 මැයි මස 19 වන සඳුදා


යු ටියුබ් වෙත වීඩියෝ ක්ලිප් හදන ශ‍්‍රීමාල් සහ කුෂාන්

1

3මාල් ප‍්‍රියංජන රාජරත්න සහ කුෂාන් කන්නන්ගර මේ දිනවල බොහෝ තරුණ තරුණියන් අතරේ ජනප‍්‍රිය චරිත දෙකකි. සමාජ ජාල වෙබ් අඩවි භාවිත කරන බොහෝ දෙනෙක් ඔවුහු හොඳින් හඳුනති. යූ ටියුබ් වෙබ් අඩවියේ ශ‍්‍රී ලාංකිකයනට රස විඳිය හැකි අලූත්ම තාලයේ වීඩියෝ නිෂ්පාදකයන් දෙදෙනකු ලෙස කුෂාන් සහ ශ‍්‍රීමාල් ප‍්‍රකටය. ශ‍්‍රීමාල් යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේ ද, කුෂාන් යටියන්තොට එන් එම්. පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයයේ ද ඉගෙනුම ලැබූහ.


කුෂාන්, ශ‍්‍රීමාල්ගේ නිවෙස අසලSLD_20140907_B023 නිවසක පදිංචියට එද්දී දෙදෙනාගේම සාමාන්‍ය පෙළ විභාගය අවසන්ව තිබිණි. ඒ මීට වසර හතර පහකට පෙරදීය. වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔවුහු හොඳම මිතුරෝ වූහ. දෙදෙනා සම වයසේ වීම ඔවුන්ගේ මිත‍්‍රත්වය වැඩි වීමට හේතු වන්නට ඇත.
දෙදෙනා අලූතින් යමක් කරන්නට උත්සාහ කළේ උසස් පෙළට සූදානම් වන අතරතුරේය. උසස් පෙළ වාණිජ අංශයෙන් ඉගෙන ගන්නා ගමන්  අධ්‍යාපන වැඩ අතරේ නිර්මාණාත්මක දෙයක් කිරීමට සිතූ මේ දෙදෙනා ඒ සඳහා තෝරා ගත්තේ යූ ටියුබ් වීඩියෝ වෙබ් අඩවියයි.


ඔවුහු හිපොප් නර්තනයට ද දක්ෂයෝය. විවිධ  සින්දුවලට හාස්‍යයද මුසු කරමින් නටමින් ඒවා වීඩියෝ කරමින් ඔවුහු විනෝද වූහ. ඉන් පසු මෙලෙස නටන වීඩියෝවක් ”ගමේ හිපොප්” ලෙස නම්කර මුලින්ම යූ ටියුබ් වෙබ් අඩවියට එක් කළේ 2012 නොවැම්බර 13 වැනි දා ය. ඊට විශාල ප‍්‍රතිචාරයක් ලැබිණි. ෆේස් බුක් ඔස්සේ ද එය තරුණ තරුණියන් අතරේ ප‍්‍රචාරය වන්නට වැඩි දවසක් ගියේ නැත.


මෙලෙස අලූත්ම ආකාරයේ වීඩියෝ කරමින් ඒවා යූ ටියුබ් වෙබ් අඩවියට එකතු කරමින් ලංකාවේ අලූත්ම රැුල්ලක් ඇති කිරීම ඔවුන්ගේ අරමුණ විය.  ඊට සහාය දැක්වූයේ කුෂාන්ගේ සහෝදරයාය. ඔහු නමින් චමිඳු ගිම්හාන් කන්නන්ගරය.   තවමත් හය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔහු ද සැබෑම දක්ෂයෙකි.
කුෂාන් සහ ශ‍්‍රීමාල් රඟපාද්දී ඒවා වීඩියෝ කළේ චමිඳුය. ඒ රුපියල් 12,000කට මිලදී ගත් සාමාන්‍ය ඩිජිටල් කැමරාවකිනි. ඇතැම් තැන්වල දී චමිඳු ද රඟපෑමට එක් විය. ඔවුන් ගැටලූවට පත් වූයේ තිදෙනාම එක විට පෙනී සිටින දර්ශනයක්  ගැනීමට අවශ්‍ය වූ විටය. මඳ වේලාවක් කල්පනා කර ඊට විකල්පයක් යෙදීය. ඒ කැමරාවේ වීඩියෝ වීමට සලස්වා එය කොහේ හෝ රඳවා තැබීමයි. පටිගත කරන වීඩියෝ සංස්කරණය කළේ කුෂාන්ය. සමාජයේ විටින් විට කතාබහට ලක්වන මාතෘකා ගෙන ඔවුන් නිර්මාණය කළ වීඩියෝ බොහෝය. ඒ අතරින් ෆුල් ෆේස් හෙල්මට් නීතිය  ගෙන ඒමෙන් පසු නිර්මාණය කළ වීඩියෝව බොහෝ දෙනකුගේ පැසසුමට ද ලක්විය. ”සිංහල සින්දු සැබෑ ජීවිතයේ දී” ලෙස නම් කර යූ ටියුබ් වෙත මුදා හළ වීඩියෝව කුෂාන් සහ ශ‍්‍රීමාල්ගේ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝවයි. එය එක්ලක්ෂ අනූ දහසකටත් අධික පිරිසක් නැරඹූහ.


ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් සහ අපි, එක්ස් ඒලියන් ඇන්ඞ් අස්, බේබද්දාගේ අවුරුද්ද, ෆෙස්බුක්, සූර පප්පලාට එරෙහිව රැුජිනට යවන කේක් එක, විදුලිබිල වැඩි වෙලා අපට වුණ දේ, හැරීපෝටර් ඉන් රියල් ලයිෆ්, සෝමාලියාවෙන් ආ වල්ල පට්ටා හොරා, තැඹිලි ආදී යූ ටියුබ් වීඩියෝ ද වැඩි පේ‍්‍රක්ෂකයන් පිරිසක් නරඹා තිබිණි.

2
මේ වන විට ඔවුන් කර ඇති මුළු නිර්මාණ ගණන සියයකට ආසන්නය. ඒ අතර කෙටි චිත‍්‍රපට, විනෝදාත්මක වැඩසටහන්, උපහාසාත්මක වැඩසටහන් ආදිය ද වෙයි. දැන් ඔවුන්ගේ වීඩියෝ කලාව  පියවර ඉදිරියට තබා ඇත්තේ අඩු පහසුකම් මැද ලංකාවේ ලස්සන තැන් සොයා ගොස් ඒවා ගැන වීඩියෝ කර අන්තර්ජාලයට එක්කර පේ‍්‍රක්ෂකයන්ට විනෝදය පමණක් නොව දැනුමද ලබා දෙමිනි.  ඔවුන්ගේ බලාපොරොත්තුව ලංකාවෙන් එහා ගිය විදෙස් රටවල තැන් ද ලංකාවේ පේ‍්‍රක්ෂකයනට පෙන්වීමට සැලැස්වීමකි.


සමාජ වෙබ් අඩවි මගින් විවිධ අපරාධ සහ අයථා දෑ කරන බවට දිනෙන් දින තොරතුරු වාර්තා වන සමාජයක එය හොඳ ආකාරයට භාවිත කරමින් නිර්මාණාත්මක දෙයක් ලෝකයට දායාද කරන්නට වෙර දරණ මේ තරුණයන් දෙදෙනා ආ ගමන ගැන ඔවුන්ගෙන් විමසීමු.


මේ ශ‍්‍රීමාල් ය.

”අද වනවිට අප ආ ගමන ගැන ආඩම්බරයි. මගේ පවුලේ කිසිම කෙනෙක් හෝ කුෂාන්ගේ පවුලේ කිසිම කෙනෙක් හෝ මේ වීඩියෝ හදන කලාව පැත්තට සම්බන්ධ වෙලා නෑ. අපි තුන් දෙනා එකතු වෙලා සමාජයට අලූත් දෙයක් දුන්නා කියා අපි හිතනවා. අපට ෆෙස් බුක්එකේ දි වගේම, මග තොටේදිත් බොහෝ දෙනෙක් හමු වුණා. අපේ වීඩියෝ කලාව අගය කරන බොහෝ දෙනක් අපට කතා කරනවා. මට හිතෙන්නේ අප මිනිසුන් හම්බ කළා කියලයි.
අපි කරන දේවල්වලින් අපත් විනෝද වුණා. අපේ සතුට හැමෝම එක්ක බෙදාගත්තා. අපේ සමහර රසිකයෝ ණයට සල්ලි අරගෙන කාඞ් එකක් දාගෙන තමයි යූ ටියුබ් ගිහින් වීඩියෝ බලන්නේ. ඒ අය වෙනුවෙන් අපි දිගටම හොඳ නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.”


මේ කුෂාන්ය.
”ඇත්තටම අපි මේ ආපු ගමන ගැන ගොඩක් සතුටු වෙනවා.  පොඩි කාලෙ ඉඳලා මට තිබුණේ වැඩසටහන් අධ්‍යක්ෂ කෙනෙක් වෙන හීනයක්. ඒ හීනයට ටික ටික ළං වෙනවා කියලා දැනෙනවා. අපි මේ ගමන පටන් ගත්තේ පොඩි කැමරාවකින්. අද බොහෝ පේ‍්‍රක්ෂකයන් පිරිසක් අපට ඉන්නවා. බොහෝ දෙනෙක් බලන් ඉන්නේ අපේ අලූත් නිර්මාණයක් යූ ටියුබ් වෙත මුදා හරිනකම්. ගොඩක් දෙනෙක් කතා කරලා අපව අගය කරනවා. දවසින් දවස අලූත් දෙයක් අපි ඉගෙන ගන්නවා. ඉතින් අප සතුටු වෙනවා මේ ආපු ගමන ගැන.

 

අපේ ඊමේල් ලිපිනය

[email protected] අපේ දුරකතන අංකය - 0771947469. මේ දෙකෙන් අපිව සම්බන්ධ කර ගන්න පුළුවන්. අපේ වීඩියෝ බලනවා නම් යූ ටියුබ් ඇවිත් කුෂාන් ශ‍්‍රීමාල්ශෝ (KushanSrimalshow)  කියලා ගහන්න. අපිත් එක්ක නිතරම රැඳී සීටිමට නම් අපේ ෆෙස්බුක් පිටුව තමයි "Kushan & Srimalzsvideos and stuff˜  ඒක ලයික් කරන්න. ඒ වගේම තමයි අපේ You tube Chanel එක subscribe කරන්නත් අමතක කරන්න එපා..”

m



අදහස් (0)

යු ටියුබ් වෙත වීඩියෝ ක්ලිප් හදන ශ‍්‍රීමාල් සහ කුෂාන්

අකිල චාමර මධුශාන් Tuesday, 09 September 2014 03:05 PM

එල එල ශ‍්‍රීමාල් සහ කුෂාන් (ස)

:       0       0

මහේෂ් කොඩිතුවක්කු Tuesday, 09 September 2014 03:10 PM

ඔබලාට සුබ අනාගතයක් තියන බව මුලින්ම විඩියෝ එකක් දැක්ක දවසෙම තෙරුනා , සුබම සුබ අනාගතයකට සුබ පතනවා (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 09 September 2014 04:18 PM

මමත් හරි ආසයි ඔවුන්ගේ වැඩ වලට. ඔවුන්ගේ සියළු බලාපොරොත්තු සඵල වේවා! (නි)

:       0       0

ජයා Tuesday, 09 September 2014 11:05 PM

අපේ කොල්ලෝ කොහමත් දක්ෂයෝ ඔබලාට සුබ පැතුම් ! (ස)

:       0       0

දනු Wednesday, 10 September 2014 05:52 AM

අපි ගැනත් ලියන්නකෝ .........(අ)

:       0       0

ටිරෝන් Thursday, 11 September 2014 03:58 AM

සැබෑ දක්ෂතාවයක් (නි)

:       0       0

ශශිකා Thursday, 11 September 2014 04:03 AM

මේ වගේ තවත් දක්ෂයෝ ඉන්නවා නම් ඒ අය ගැනත් ලියන්න. (නි)

:       0       0

තිලින ධනුෂ්ක අබේවර්ධන Thursday, 11 September 2014 10:25 PM

සුබ අනාගතයක් (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 11 September 2014 11:14 PM

විදේශ ගතව සිටින සිංහලයන්ට අපේ අාගම සහ සංස්කෘතිය ගැන අවබෝදය අඩුයි. ඔබේ නිර්මාණ වලින් ඔවුන්ට දැනුම ලබාදෙන්න (නදී)

:       0       0

අසෝකා Tuesday, 16 September 2014 08:23 AM

තමන්ගේ මහන්සියෙන් අනුන්ටත් දැනුමක් සහ විනෝදයක් ලඟාකරමින් ගෙන යන මේ සියලු කටයුතු ඔබලාගේ ඉදිරි ගමන සුන්දර අනාගතයට වැටුණු සුවපහසු මාවතක් වේවා! (අ)

:       0       0

ලියොන් ගුණවර්ධන Tuesday, 25 November 2014 04:58 PM

මෙම අන්තර්ජාල විද්‍යාවෙන් දක්ෂතා දක්වා ජනප්‍රසාදයට ලක්වූ මොරටු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අපේ පුතුන් කිහිප දෙනෙක් ගැනත්, මෙම උතුම් විද්‍යාව අනිසි ලෙස යෙදවීමෙන් දුර්විපාක ලත් අසරණවූ දරු දැරියන් රැසක් ගැනත් පුවත් දැක්කා. මෙම ලාබාල දරුවන්ගේ නිහැවුම් අගයන අතර ඔවුන්ට රජයේ අනුග්‍රහය දිය යුතුය (නදී)

:       0       0

නිපුන් රවිසර Tuesday, 02 December 2014 05:54 AM

කියලා වැඩක් නෑ හොද වීඩියෝ ටිකක් කරලා තියනවා. ඉස්සරහට අපි බලන් ඉන්නවා අලුත් වීඩියෝ එනකන්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site