X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


යෝග ශාස්ත‍්‍රයේ ආධ්‍යාත්මික සුවය

 

ඈත අතීතයේ මේ ලෝකයේ මිනිසුන් පහළ වූ යුගයේ ඔවුන්ගේ ශරීරයේ විශාල ආලෝකයක් පැවති බව කියැවෙනවා. ඒ මගින් අඳුරක් තුළ වුවත් දැකීමේ හැකියාවක් පැවතුණා. අධ්‍යාත්මික වර්ධනය වූ චිත්ත ශක්තියක් තිබුණා. පසුකාලීනව මේ මිනිසුන් තුළ කාම ආශාව ඇවිත්, ලිංග භේද හටගෙන කාන්තාව පිරිමියා වශයෙන් කොටස් වී කාම සේවනයේ යෙදීම, කුටුම්භ සංරක්‍ෂණය ආදිය සිදුවෙමින් අධ්‍යාත්මික පිරිහීමක් සිදුවුණා. මේ සමාජයේම සිටි පිරිසක් එකල සිදුවෙමින් පැවති මේ අධ්‍යාත්මික පිරිහීම දණ්ඩනය දුටු නිසා සාමාන්‍ය ජීවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් වී වනයේ ධ්‍යාන භාවනා වැඞීම ආරම්භ කළා.

ප‍්‍රවීණ යෝග උපදේශක අර්ජුන වික‍්‍රමාරච්චි

එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් තුළ විශාල අධ්‍යාත්මික ශක්තියක් ගොඩනැගුණා. අහසේ පාවී යාම, ශරීරය නොපෙනී යාම, පොළොවේ ගිලීම, පෙර ජීවිත දැකීම ආදී වශයෙන් මහා බලවත් චිත්ත ශක්තියක් ඇති පිරිස් මොවුන් අතරින් පහළ වුණා. ලෝකයේ මුලින්ම ඍෂිවරු ලෙස හැඳින්වූයේ මොවුන් තමයි.

ඒ පිරිස එදා සමාජයේ සිටි මිනිසුන්ට ධ්‍යාන වඩන්න කියලා එන්න කිව්වට ඔවුන් කවුරුවත් අද වගේම ආවේ නැහැ. එහෙම ආවේ නැති නිසා සාමාන්‍ය ජීවිතයේ සිටිමින්, කුටුම්භ සංරක්‍ෂණය කරමින් අධ්‍යාත්මික ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා ඍෂිවරු ක‍්‍රමයක් නිර්මාණය කළා. ඒ අනුව ශරීරය මුල් කරගත් හැඩතලවලින් ඉරියව් 84ක් නිර්මාණය කළා. ඍෂිවරු උපක‍්‍රමයක් ලෙස ඉදිරිපත් කළ මේ ඉරියව් 84 හි යෙදීම ම ධ්‍යාන වැඞීමට හේතු වුණා.

යෝග ශාස්ත‍්‍රය ලොවට බිහිවූයේ මේ හේතුව නිසාමයි. එහි වෙනත් කිසිදු හේතුවක් ගෙනහැර දක්වන්න බැහැ. ඒ කාලයේ දී හිරන්‍යගර්භ, පතංජලී, අහස්ථි, දණ්නන්තරී වැනි මහා ඍෂිවරු මිනිසුන්ගේ පැවැත්ම දෙස සානුකම්පිතව බලා තවත් ශාස්ත‍්‍ර ගණනාවක් ලොවට හඳුන්වා දුන්නා.

ආයුර්වේදය, ජ්‍යොතිෂ්‍යය, ශබ්ද ශාස්ත‍්‍රය, පැළෑටි විද්‍යාව, මන්ත‍්‍ර ශාස්ත‍්‍රය, ගණිතය ආදී විද්‍යා ඒ අතර වුණා. මේ සියල්ලටම පාදක වූ ශාස්ත‍්‍රයක් හැටියට යෝග ශාස්ත‍්‍රය පැවැත්වුණා. යෝග ශාස්ත‍්‍රයේ පවතින්නේ ආදරය කරුණාව මානව දයාව හා මනුෂ්‍යත්වය යි.

අද තියෙන සමාජයේ දකින්න නැත්තෙත් එහෙම නැතිනම් අද සමාජයට අවශ්‍ය වෙලා තියෙන්නෙත් මේ මනුෂ්‍යත්වය තමයි. තමන් අත්දකින දුක ඒ විදිහට තවත් කෙනකුට දකින්න පුළුවන් වීම අද වේගයෙන් පිරිහිලා යනවා. මිනිසුන්ගේ හදවත් රෞද්‍ර ස්වභාවයක් ගෙන තිබෙනවා. ඉතිං ඒ සමාජයේ දී අපේ අනාගත දරුවන්ට අනාගත තරුණයන්ට තව දුරටත් ජීවිතය සුවපහසුවෙන් ගත කරන්න පුළුවන් ද කියන පැනය ඇති වෙනවා.

රළුවෙන සමාජයේ ඊට වඩා රළු දරුවෙක් තරුණයෙක් නිර්මාණය වුණොත් මීළඟ පරපුර ඊටත් වඩා රළු වෙනවා. මේ ආකාරයේ ගමනක් නම් යන්නේ අපේ ගමන තවත් අවුරුදු සීයකට දෙසීයකට වැඩිය දුර යන්නේ නැහැ. මෙවැනි වාතාවරණයක් මත  ඕනෑම වයසක අයකු යෝග ශාස්ත‍්‍රයේ යෙදෙනව නම් ඒ අයගේ මානසික සහනය, මානසික සුවදායක බව, සැහැල්ලූව, නිරෝගී බව අනිවාර්යයෙන්ම ඔවුන් කරා පැමිණෙනවා.

ඒ හඬ එක්තරා ආකාරයකින් දිගු දේශනයකි. අපි අසා සිටියෙමු. හිමාලයේ යෝගීන් ඇසුරේ යෝග ශාස්ත‍්‍රයේ අකුරු වියමන සොයා ගිය අර්ජුන වැඩි වශයෙන්ම අවධානය යොමු කළේ යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කිරීම ඔස්සේ ළඟා කරගත හැකි අධ්‍යාත්මික සුවය පිළිබඳවය. සැබැවින්ම අප පුන පුනා කී ආකාරයෙන්ම යෝග ශාස්ත‍්‍රයේ අරමුණ විය යුත්තේ ද එකී ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කිරීම ඔස්සේ ළඟා කරගත හැකි අධ්‍යාත්මික සුවයමය.

යෝග ශාස්ත‍්‍රය නිර්මාණය කිරීමට මුල් වුණු පතාංජලී මහා ඍෂිවරයා කියන ආකාරයට සත්වයෙක් කියලා කියන්නේ ශරීරය, සිත සහ මේ දෙක එකට බැඳ තැබෙන ප‍්‍රාණ කියන ශක්තිය යන කොටස් තුනේ එකතුවකටයි. යෝග ආසනයක් කරනවා කියන්නේ අප සතු කායික ශක්තිය පාලනය කිරීම, වර්ධනය කිරීම, මානසික ශක්තිය පාලනය කිරීම හා වර්ධනය කිරීම, ප‍්‍රාණ ශක්තිය පාලනය කිරීම හා වර්ධනය කිරීමයි.

යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කරන පුද්ගලයා පළමුව ශරීරය, සිත සහ ප‍්‍රාණ ශක්තිය යන මේ තුන පාලනය කරන්න  ඕනෑ. යෝග ආසන කියලා හඳුන්වන්නේ ක‍්‍රමයෙන් මේ දේ නිවැරැුදි ආකාරයට හසුරුවන්න, වර්ධනය කරන්න පුරුදු කරන එකයි.

වර්තමානයේ ඇති වී ඇති තත්ත්වය නම් යෝග හුදෙක් ව්‍යයාම පද්ධතියක් ලෙස ගැනෙනවා. එහෙත් යෝග සෙසු ව්‍යායාමවලින් වෙනස් වෙන්නේ අනෙක් හැම ව්‍යායාමයක් ම කිසියම් කෘත‍්‍රිම බවක් තිබීමත් යෝග ව්‍යායාම එසේ කෘත‍්‍රිම බවකින් තොරවීමත් යන සාධකය පදනම්වයි. ඒ කෘත‍්‍රිම බව එන්නේ මිනිසුන්ගේ ආශාවන් හා විවිධ සිතුම් පැතුම් සමග ඒවා සාධනය කරමින්, ඒ අවශ්‍යතාවට ශරීරය සකස් කර ගැනීමට උත්සාහ කිරීම මතයි. එහෙත් එවැනි කෘත‍්‍රිම බවක් යෝගවල නැහැ.

යෝග ශාස්ත‍්‍රයේ බහුතරයක් නොදකින ගුණාත්මක හරය අර්ජුන වික‍්‍රමාරච්චි මහතා තම විග‍්‍රහයට බඳුන් කළේ ඒ අයුරිනි.
ගසක නිර්මාතෘත්වයට මඟ සදන්නේ කුඩා බීජයකි. පොළොව මත තැන්පත් වෙන බීජය සෙමින් වර්ධනය වී ලා දල්ලක් සහිත පැළෑටියක් බවට පත්වෙයි. ඒ පැළෑටිය කාලයාගේ ඇවෑමෙන් බොහෝ දේ මිනිස් වග වෙත මෙන්ම මේ අසිරිමත් සොබා දහම වෙත ද දන්දෙන විසල් වෘක්‍ෂයක් බවට පත්වේ.
මල් පිපී ගෙඩි හටගන්නා ඵල පිරුණු මහා ගස අමිල සම්පතකි.

මිනිස් සිරුර ද ෙසෙල රාශියකින් නිර්මාණය වී පවතී.

මේ ෙසෙලවල ඇතිවීම, පැවතීම හා විනාශ වීම හෙවත් ඒවායේ ස්වභාවික ක‍්‍රියාවලියට අනෙකුත් ව්‍යායාම්වලින් යම් කෘත‍්‍රිම බලපෑමක් සිදුවෙනවා. ඒ බලපෑම මත බලහත්කාරය දකින්න ලැබෙනවා.

ඇතැම් ක‍්‍රීඩාවල ඒ ස්වභාවය තදින්ම දැකිය හැකියි. එය හරියට ස්ප‍්‍රින් එකක් තද කරගෙන ඉන්නවා වගෙයි. යෝග ව්‍යායාම කියන්නේ ස්ප‍්‍රින් එක අත්හැරියාම ඉස්සෙනවා වගේ ශරීරයේ ස්වභාවික ක‍්‍රියාකාරිත්වයට, සත්වයාගේ පැවැත්මට, ෙසෙලවල ස්වභාවයට අනුකූලව ගොඩනැගුණු ශාස්ත‍්‍රයක්.

යෝග ශාස්ත‍්‍රයේ දී යෝග ආසනයක කෘත‍්‍රිම බවක් දකින්න ලැබෙන්නෙ නෑ. ශරීරයේ ස්වභාවික රිද්මයට අනුකූලව යෝග ආසන සකස් වෙලා තියෙනවා. අප හිටගෙන හිටියයි කියලා කෘත‍්‍රිම බවක් නැහැ. ඇවිද්දා කියලා කෘත‍්‍රිම බවක් නැහැ. එහෙත් අනෙකුත් ව්‍යායාම්වලදී යම් කෘත‍්‍රිම බවක් පෙනෙනවා. සොබාදහමේ නියමයන්ට අයත් නැහැ. එය සිදුවන්නේ තද බවක් ඇතිවයි.

මම එය නිදසුනකින් පැහැදිලි කරන්නම්. වෘක්‍ෂ කරා හමන සුළඟක් දෙස බලන්න. වීර, පළු අදී වෘක්‍ෂ සුළඟට ප‍්‍රතිවිරුද්ධව තදින් සුළඟත් සමග ගැටෙනවා. ඒ ගැටීම තද බව නිසා ගහේ අතු කඩා වැටී වීසි වෙලා යනවා. නමුත් නැමෙනසුළු විලෝ ගහකට සුළං හමනවිට විලෝ වෘක්ෂය ඒ සුළඟට ඉඩ දෙනවා. මෘදු බවක් ගලාගෙන යන ශක්තියක් තියෙනවා. ඒ නිසා ඒ නැමෙනසුළු විලෝ ගස විනාශ වෙන්නේ නැහැ. සොබාදහම තුළ පැවැත්මේ නියමය මේ තද බව නෙමෙයි. සොබාදහම අපේක්‍ෂා කරන්නේ මෘදු බවයි. මෘදු බව ඇති තැන විනාශයක් නැහැ. සමස්ත සොබාදහම සහ සත්වයන්ගේ පැවැත්ම දෙස ඍෂිවරු බලලා ඒ පැවැත්ම තුළ වූ අන්තර්ගත සියල්ල එකතු කරලා ඉන් කැටිකරගත් සාරයෙන් තමයි යෝග ආසන නිර්මාණය කරලා තියෙන්නේ. සොබාදහමේ විවිධ හැඩතල, සත්වයින්ගේ හැසිරීම් රටා ඉරියව් ක‍්‍රියාකාරකම් එහි අන්තර්ගතයි.

අර්ජුන වික‍්‍රමාරච්චි මහතා නිදසුන් සහිතව එය නිර්වචනය කළේ ඒ අයුරිනි. නෙත් මානයට හසු නොවන, ප‍්‍රකෘති දෑසට දකින්නට අසීරු බොහෝ දේ අසිරිමත් සොබා දහමේ ඇත. ඒ අසිරිය විනිවිද දකින්නට තියුණු නැණක් අවැසි වන්නේය. ඒ තියුණු නැණ අසිරිමත් ජීවිතයකට ද මග කියයි.
යෝග ශාස්ත‍්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන ඊට ඇළුම් කරන පිරිසක් වෙත්නම්, අපේ අකුරු ගෙත්තමට එහා සීමාවේ සටහන්ව ඇති දෑ දැනගැනීමට අසන්නට රුචි කෙනෙක් වෙත්නම් 0777980578 සහ 0775856479 යන දුරකථන අංක අප සඳහන් කර තබන්නේ ද පාඨක ඔබෙන් ලද ඉල්ලීම අනුවමය.

මතු සම්බන්ධයි.


 

සටහන : සංජීවිකා සමරතුංග / ඡායාරූප : ඇලෙක්සැන්ඩර් බාලසූරිය

 

හිමාලයේ යෝගීන් ඇසුරේ - 01

හිමාලයේ යෝගීන් ඇසුරේ - 02
 



අදහස් (0)

යෝග ශාස්ත‍්‍රයේ ආධ්‍යාත්මික සුවය

ලන්කාපුතා Tuesday, 23 July 2013 03:28 PM

මෙන්න තවත් සක්විත්තෙක්. සමහරු අහු වේවි, කාටවත් බැනල වැඩක් නෑ (දී)

:       0       0

කුමාර Tuesday, 23 July 2013 11:12 PM

ලංකාපුතා ,ඔබ හරියටම හරි. ලංකාවාසී ජනතාව බුද්ධිමත් කියා දේශපාලකයෝ කියන්නේ ඔන්න ඕක තමයි. (නි)

:       0       0

ජෝන් Wednesday, 24 July 2013 07:05 AM

මම මේ කෙනාව හොඳින් දන්නවා, ඔහු දක්ෂ වුෂු සටන් කරුවෙක්. නමුත් ඔහු යෝග දන්නවද කියන එක මටත් ප්‍රශ්නයක්. (නදී)

:       0       0

දුමින්ද Thursday, 25 July 2013 05:14 PM

මෙකේ අදහස් දාන ඔක්කොම පුතාලාට හඳ පෙන්නුවාම ඇගිල්ල දිහා බලනවා. මමත් හොඳට මේ මහත්මයව දන්නවා. කිසි කෙනෙක්ගෙන් කිසිමදෙයක් ඔහුට අවශ්‍ය නැහැ. නිහඬව සමාජ සේවය කරන කෙනෙක්. දන්න අය දන්නවා.(නදී)

:       0       0

භානුක Friday, 26 July 2013 10:58 AM

අපිට ඇත්ත මොකක්ද කියලා දැනගත්තාම ඇති.. (නි)

:       0       0

රජරට Saturday, 27 July 2013 03:40 AM

මම, හිමාලයේ ඉන්න මෙතුමාගේ ගුරුතුමා එක්කත් කතා කරලා තියෙනවා.මෙතුමා ගැන හොදින් දන්නවයි කියන ඔය පුතාල කියමුකෝ බලන්න හිමාලයේ ඉන්න ගුරු සීයාගේ තොරතුරු ටිකක් (නම ,ගම , ලිපිනය , යන පාර ගුරු පරම්පරාවේ තොරතුරු ටිකක් ) (නි)

:       0       0

මර්වින් Monday, 29 July 2013 12:42 PM

අර්ජුන වික‍්‍රමාරච්චි මහත්තයෝ, ඔය හිත නිවන් මගට පෙරලන්න.යෝග බාවනා වලදී හිතට එන සිතුවිලි වල ස්වභාවය බලන්න.සිතුවිලි වල අනිත්‍යය දකිනකොට රහත් වීමට අවහ්‍යය මට්ටම ළගා කලොත්, නික්ලෙස් වෙලා ඔබ නිවන් මගට පිවිසේවි. ඊට පස්සේ නිවන ගැන කියාදෙන්න පුළුවන්. (නි)

:       0       0

උහුමීය Saturday, 17 August 2013 11:17 PM

ජෝන්, දුමින්ද, මමත් මේ මහතා ගැන දන්නවා.ඔහු වුෂු සටන්කරුවෙක් තමයි.නමුත් අප කිසිම දෙයකට ඉක්මන් වීම නරකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site