X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


රට එකට තබන මැයි මඟ

එ ක දිගටම දේශපාලනය කිරීම වුව ද වෙහෙසකර ය. එහි නිරත වන්නෝ ද මනුෂ්‍යයෝ වෙති. මේ නිසා විටෙක වෙනසක්, විනෝදයක් ඔවුනට ද අවැසි ය. එහි වරදක් නැත. මේ වෙනසට නූතන තරුණ භාෂාවෙන් කියැවෙන්නේ ”ෆන් එකක්” ගන්නවා කියලා ය. යාපනයේ මැයි දිනයක් පැවැත්වීමට ගිය යූ.ඇන්.පී.යේ නායකයන් ද අදාළ කාර්යයට අමතරව පොඩි පහේ ”ෆන් එකක්” ගෙන තිබෙන බව පසුගිය දිනවල පළවූ මාධ්‍ය වාර්තාවලින් පෙනේ. මේකට කියන්නේ දඹුළු ගිහින් තලගොයිත් මරාගෙන එනවා කියලා ය. මේ දිනවල දඹුල්ල ගිනිගෙන තිබෙන නිසා යාපනයේ මැයි දින සංචාරය ඒ සඳහා උපයෝගී කර ගත්තා විය හැකි ය. මැයි දිනයට පෙර ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ලබාගත් නාවික හමුදා බෝට්ටුවකින් උතුරේ තල්මසුන් නැරඹූ විපක්‍ෂනායකවරයා ඇතුළු පිරිස ඩෙල්ෆ් දුපතේ බූරුවන් දැකබලා ගැනීමට ද අමතක කළේ නැත. සමහර පරිසර සංවිධාන පවසන්නේ ඩෙල්ෆ් දුපතේ බූරුවන් වඳවී යන සත්ත්ව විශේෂයක් බවයි. ඒ අනුව වඳවී යෑමට ප‍්‍රථම බූරුවන් දැක බලා ගැනීමට විපක්ෂනායකතුමා ඇතුළු පිරිසට සිතුනාදැයි කියන්න දන්නේ නැත. සමහර අය නම් පවසන්නේ යූ.ඇන්.පි.ය යාපනයේ ටී.එන්.ඒ. සංවිධානය සමඟ ඒකාබද්ධ මැයි දිනයක් පැවැත්වීම මෝඩ වැඩක් කියලා ය. එය සිංහල බෞද්ධ ඡන්ද පදනම ගැන සලකා විය හැකි ය. මේ මොහොතේ මහ පොළොවේ දේශපාලනය දෙස බලන විට එහි යම් සත්‍යයක් තිබිය හැකි ය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යුහය දෙස බලන විට අතීතයේ එය සියලූ ජන වර්ග නියෝජනය කළ ශී‍්‍ර ලංකාවේ දැවැන්තම දේශපාලන පක්ෂය ලෙස සැලකේ. සන්ධානගතවීමකින් තොරව යූ.ඇන්.පී. කාරයන් ලෙස දමිළ හා මුස්ලිම් මන්තී‍්‍රවරුන් උතුරු නැගෙනහිරින් පත් වූ එකම ජාතික දේශපාලන පක්ෂය වූයේ ද යූ.ඇන්.පි.ය බව අමතක කළයුතු නැත. කේ. ඩබ්ලිව්. දේවනායගම් 1977 කල්කුඩා ආසනය දිනා ගත්තේ යූ.ඇන්.පී. කාරයකු ලෙසිනි. නින්දවූර් ජයගත් එම්. එම්. මුස්තාපා යූ.ඇන්.පී. කාරයෙකි. මේ ආදී වශයෙන් දෙමළ හා මුස්ලිම් මන්තී‍්‍රවරු යූ.ඇන්.පී.ය නියෝජනය කරමින් ම උතුරින් හා නැගෙනහිරින් පත්වූහ. අදත් යාපනය දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ශෂිකලා මහේෂ්වරන් මන්තී‍්‍රවරිය සන්ධානගත ආනයනික මන්තී‍්‍රවරියක නොව ඇත්ත යූ.ඇන්.පී. කාරියකි. එහෙත් 2005 ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සම්ප‍්‍රාප්තියත්, යූ.ඇන්.පි.ය විටින් විට ගෙන ගිය සමහර පිළිවෙත් නිසාත් මේ ඡන්ද පදනම බිඳ වැටුණි. යූ.ඇන්.පි.යෙන් සුළු ජාතික කොටස් එක්සත් ජනතා නිදහස් සංධානයටත් දෙමළ හා මුස්ලිම් පක්ෂවලටත් එක්විය. මීට ඉහත ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සිටියේ ආනයනික දෙමළ හා මුස්ලිම් මන්තී‍්‍රවරුන්ය. ඒ.එච්.එම්. ෆවුසි ඇමතිවරයා හැරෙන්නට මහජන ඡුන්දයෙන් පත්වී එන මුස්ලිම් මන්තී‍්‍රවරයෙක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නොසිටියේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ සී. කුමාර සූරියර් ශී‍්‍ර.ල.නි.ප.ය පත්කරගත් දෙමළ මන්තී‍්‍රවරයෙකි. මේ වන විට සියල්ල වෙනස් වී ඇත. 2005දී කොළඹ දෙමළ ජනයාවත් යූ.ඇන්.පි.යට ඡන්දය ප‍්‍රකාශ කළේ නැත. අනෙක් පැත්තෙන් යූ.ඇන්.පි.යේ දෙමළ හා මුස්ලිම් පදනම දියවීමට පටන්ගෙන තිබේ. ඊට අමතරව යූ.ඇන්.පි.යේ සිංහල බෞද්ධ ඡන්ද පදනම ද නායයමින් පවතී. නි. නායක සජිත් පේ‍්‍රමදාස දැඩි උත්සාහයක යෙදෙන්නේ එය රැකගැනීමට වාගේ ය. මේ නිසා යාපනයේ මැයි දිනය හා කොළඹ පේ‍්‍රමදාස සැමරුම හරහා නායකයා හා නියෝජ්‍ය නායකයා මේ ඡුන්ද පදනම් දෙකට දෙවිදියකින් ආමන්ත‍්‍රණය කළා වාගේ ය. එසේම යූ.ඇන්.පි.යේ බෙදීම පැහැදිලිවම දක්නට ලැබුණු මැයි දිනයක් සේ ද මෙවර මැයි දිනය ඉතිහාසයට එක් වේ. අනෙක් පැත්තෙන් සියලූ ජනවාර්ගික කොටස් එක මිටට ගෙන එකට තබා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී ඇත. ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා යාපනයේ වෙනම මැයි දිනයක් පවත්වද්දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බැනරය යටතේ ද්‍රවිඩ සංවිධායකවරයෙක් පෙරටු කරගත් ද්‍රවිඩ කණ්ඩායමක් යාපනය දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් කොළඹ නගර සභා පිටියට පැමිණීම එම පක්ෂය ලත් ජයග‍්‍රහණයකි. විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ දෙමළ ජනතාව දිනාගැනීමට ද්‍රවිඩ සන්ධානය සමඟ ඒකාබද්ධ මැයි දිනයක් පැවැත්වීමට යාපනයට යනවිට යාපනයේ ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන් කොළඹට කැඳවා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමත්ව සිටී. එසේම දඹුල්ලේ සිද්ධිය මත මුස්ලිම් කොංග‍්‍රසය රජයෙන් ඉවත්වේදෝ යන සැකයක් සමහර විපක්‍ෂ කණ්ඩායම් පසුගිය දිනවල මතුකර තිබුණි. එය සිහිනයක් බව මුස්ලිම් කොංග‍්‍රස් නායකයාගේ මැයි දින කතාවෙන් පැහැදිලි විය. මුස්ලිම් කොංග‍්‍රස් නායකයා දඹුල්ලේ පල්ලිය පිළිබඳ තීරණය ජනාධිපති මහින්ද රාජපක්‍ෂට භාර කළේ ය. එතුමාගේ තීන්දුව කුමක් වුව ද භාර ගැනීමට ඔවුහු සැදී පැහැදී සිටිති. මේ නිසා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සෙවනේ මුස්ලිම් කොංග‍්‍රසයේ අනාගත දේශපාලනය තීන්දු වනු ඇත. මේ අතර යූ.ඇන්.පි.ය නැතිවී තිබෙන සුළු ජාතික ඡන්ද පදනම හදාගැනීමට යාපනයට ගියාද විදේශ බලවේගයක් ඔවුන් එහි යැව්වාදැයි කියන්න දන්නේ නැත. ඒ දෙකම විය හැකිය. තමිල්නාඩු හිටපු මහ ඇමති මුතුවේල් කරුණානිධි තමිල්නාඩුවේ ඊළාම් සමුළුවක් කැඳවන්නේ ද මෙවන් පසුබිමක ය. එහි දී ඔහු ඉල්ලා සිටින්නේ ද්‍රවිඩ ඊළමක් සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයටත්, ඇමරිකාවටත්, ඉන්දියාවටත් මැදිහත් වන ලෙස ය. විදේශගත දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය නිතැතින් ම ඊට ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. මේ වන විට තමිල්නාඩුවේ අන්තවාදී දේශපාලනය හැසිරෙන්නේ එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාව සමඟ ය. කරුණානිධි තමිල් ඊළමක් ගැන කතාකරන විට ශී‍්‍ර ලංකාවට පැමිණි ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම ආපසු ඉන්දියාවට ගොස් පැවසුවේ ශී‍්‍ර ලංකාවේ කිසිම නායකයකු ඔවුන් සමඟ ද්‍රවිඩ ඊළමක් ගැන කතා නොකළ බවයි. මෙහිදී එම කණ්ඩායමේ සාමාජිකයකු වන ඉන්දීය කොමියුනිස්ට් පක්ෂ මන්තී‍්‍ර ටී. කේ. රනිරාජන් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සම්බන්ධයෙන් කරන ප‍්‍රකාශය වැදගත්ය. ”මම ඉපදුනේ ශී‍්‍ර ලාංකිකයෙකු වශයෙන්. මැරෙන්නෙත් ශී‍්‍ර ලාංකිකයකු වශයෙන්. මට ඊළමක් අවශ්‍ය නෑ” සම්බන්ධන් තමා සමඟ පැවසූ බව රනිගරාජන් සඳහන් කරයි. පසුගිය මැයි 1 වැනිදා විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ සමඟ අත්වැල් බැඳගනිමින් යාපනයේ මැයි දින වේදිකාවේ සිංහ කොඩිය ඉහළටම එසවූයේ මේ සම්බන්ධන් ය. එය මෙවර මැයි දින වේදිකා ගැන මධ්‍යස්ථව කල්පනා කරන කෙනෙකුට සුවිශේෂී සිදුවීමක් වනු ඇත. යාපනයේ යූ.ඇන්.පී. මැයි දිනයේ විශේෂම සිදුවීම ලෙස ද එය සඳහන් කළ හැකිය. ඒ සමඟම ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් කළ ප‍්‍රකාශය මේ රටේ දේශපාලනය කරන සියල්ලට ම වැඩදායක ය. ”අපි ඒකාබද්ධව ජීවත් විය යුතුයි. අපි අලූත් විදියට සිතා කටයුතු කළ යුතුයි. මේ මැයි දිනයේ දී සියලූම ජනතාව සහෝදරත්‍වයෙන් ජීවත් විය හැකි බව පෙන්වා දී තිබෙනවා. සමහර දේශපාලන පක්ෂ ජනතාව බෙදා වෙන්කරන මැයි දින පවත්වනවා. ඒ අය සිතනවා ජාතීන් බෙදී සිටියහොත් එ් අයගේ දේශපාලන ව්‍යාපෘති ඉදිරියට ගෙනයන්න පහසුයි කියල” ”2010 මැතිවරණයෙන් පස්සේ දෙමළ ජනතාවගේ දේශපාලන විසඳුම් සම්බන්ධයෙන් ආණ්ඩුවට සහාය දෙන බව අප ප‍්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් පියවර ගණනාවකුත් ඉස්සරහට තැබුවා. ඒකීය රාජ්‍යයක් තුළ දේශපාලන විසඳුමකට සහාය දෙන බව අප ආණ්ඩුවට ප‍්‍රකාශ කළා”

(ආර්. සම්බන්ධන් මැයි දින කතාවෙන් 2. 05. 2012 ලංකාදීප)
ද්‍රවිඩ සන්ධාන නායකයා මෙතරම් නම්‍යශීලීව කතා කළත්, ”ඒකීය” රාජ්‍යයක් තුළ බලය බෙදාගැනීමේ දේශපාලන විසඳුමකට එකඟ වුවත්, ඒ සඳහා රජය පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණීම ප‍්‍රතික්ෂේප කරමින් සිටී. ද්‍රවිඩ සන්ධානය නොපැමිණෙන නිසා යූ.ඇන්.පි.ය ද එන්නේ නැත.  තේරීම් කාරක සභාවට නොපැමිණීම සම්බන්ධයෙන් සම්බන්ධන්ලාට ද විවිධ තර්ක තිබේ. එ්වාට උත්තර ආණ්ඩුවට ද ඇත. ඒ සමඟම උතුරේ ප‍්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමේ හොඳම හෝරාව දැන් උදා වී තිබේ. සිංහ කොඩිය ඉහළටම ඔසවා මෙවර මැයි දිනයේ දී ද්‍රවිඩ සන්ධාන නායකයා කළ කතාව ද ඊට හොඳ උත්තේජනයක් සේ පෙනේ. අවශ්‍ය වන්නේ කාගෙත් අන්තවාදී දැඩි ස්ථාවරයන් වෙනස් කරගැනීම ය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා විසඳුමක් සොයා ගැනීමේ දී පාර්ලිමේන්තුව නියෝජනය කරන කාටත් තම පක්ෂය අදාළ විෂය සම්බන්ධයෙන් දරන දේශපාලන ස්ථාවරය ඉදිරිපත් කිරීමට සිදුවේ. යූ.ඇන්.පියට, ද්‍රවිඩ සංධානයට මෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ද තම විසඳුම් යෝජනා සඟවාගෙන සිටිය නොහැක. තේරීම් කාරක සභාව හමුවේ එකක් කියා එළියේ ජනතාවට තවත් දෙයක් කිව නොහැකිය. එසේම ආණ්ඩුවක් විදියට ද මතයක් තිබිය යුතුය. පළාත් සභාවල සමගාමී ලැයිස්තුව ඉවත් කර ”එක්සත් ශී‍්‍ර ලංකාවක්” තුළ බලය බෙදාහැරීමේ වඩාත්ම ඉදිරිගාමී යෝජනාව මේ වන විට ඉදිරිපත් කර තිබෙන්නේද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බව රටට රහසක් නොවේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියගේ සමයේ පාර්ලිමේන්තුවට ගෙන ආ 2000 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ එය අඩංගු විය. ඊට වර්තමානයේ මේ ආණ්ඩුව නියෝජනය කරන පැරණි ශී‍්‍ර ලංකා කාරයෝ සියල්ලම අනුමැතිය දුන්හ. නැතිනම් එවන් යෝජනාවක් පාර්ලිමේන්තුවට කෙටුම්පතක් සේ ඉදිරිපත් වන්නේ නැත. මේ නිසා මේ ආණ්ඩුවට නායකත්වය දෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට විසඳුම් යෝජනාවක් නැවත ගෙන ඒමේ අපහසුවක් තිබිය නොහැක. එසේම ”ෆන්” එකක් ගෙන සෆාරියක නිරතව ද්‍රවිඩ සන්ධානය සමඟ යාපනයේ මැයි දිනය පැවැත් වූ එක්සත් ජාතික පක්ෂයට එම සන්ධානය පාර්ලිමේන්තු තේරම් කාරක සභාවට ගෙන එ්මේ වගකීමක් ඇත. මැයි දිනය එකට පැවැත් වූ වා සේම රට වෙනුවෙන් මීළඟට ඔවුන්ගේ වගකීම විය යුත්තේ මේ වන විට දේශපාලන වශයෙන් සන්ධාන ගත වී සිටින තම දෙමළ සහෝදරයා තේරීම් කාරක සභාවට කැඳවාගෙන ඒමය. නැතිනම් යූ.ඇන්.පි.ය කරන්නේ ද අවස්ථාවාදී දේශපාලනයක් යැයි කෙනෙකුට තර්ක කළ හැකි ය. ඒකීය ශී‍්‍ර ලංකාවක් පිළිගන්නා, ඊළාම් ප‍්‍රතික්ෂේප කරන ශී‍්‍ර ලාංකිකයකු ලෙස මිය යෑමට සූදානම් ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන් මේ වන විට ජීවිතයේ සැඳෑ සමය ගතකරමින් සිටී. කාටත් පිළිගත හැකි මේ වයෝවෘද්ධ නායකයා මියැදීමට පෙර අප මේ ප‍්‍රශ්නය විසඳා ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම වර්තමානයේ දේශපාලනය කරන අයට බාර ය. එහි ද මූලික වගකීම ආණ්ඩුවට බැර වේ. සැබෑ ලෙසින්ම හෙට දවසේ රට එකට තබාගත හැකි වන්නේ එවිට ය. රට ඇතුලේ ප‍්‍රශ්නය විසඳා ගැනීමෙන් තොරව දින, සති, මාස ගණනින් පමණක් නොව ප‍්‍රශ්නය වසර ගණනාවකට කල් ඇරීම අවසානේ කරුණානිධිගේ අන්තවාදී යෝජනාවට පාර කැපීමක් විය හැකි ය. එදාට සාකච්ඡා කිරීමට ආර්. සම්බන්ධන් ලා ජීවතුන් අතර නැත. දේශපාලනය පමණක් දෙපාර්ශවයේ ම අන්තවාදීන් අත හුවමාරු වන කාලකණ්නි කී‍්‍රඩාවක් සේ ඉතිරිවනු ඇත.
වසන්ත පි‍්‍රයරාමනායක



අදහස් (0)

රට එකට තබන මැයි මඟ

අලිබබා Friday, 04 May 2012 01:37 PM

මේ පිංතුරේ ඉන්න අර නෝනා මුහුණ වහගෙන ඉන්නේ ඇයි? දන්නැති නිසා අහන්නේ.

:       0       0

ප්‍රසන්න Friday, 04 May 2012 02:04 PM

එලාර හොඳයි කියලා දුටුගැමුණු රජ්ජුරුවොත් හිතුවනම් ජාතිය නැති වෙලා ගොඩක් කල් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site