බොහෝ දෙනෙකු වසඟයට ගතහැකි රූප ස්වභාවයකට චම්පා හිමිකම් කීවාය. ඇයගේ මන බඳින රූපයට නන්දන බෙහෙවින්ම ඇළුම් කරන්නට වුණේ ඒ නිසාය.
නන්දන ඉගෙන ගත්තේ 10වන ශ්‍රේණියේය. ඔහු තලෙළු ප‍්‍රියමනාප යෞවනයෙකි.
චම්පා 9වන ශ්‍රේණියේ ඉගෙන ගත්තාය. නන්දන චම්පාට සමීප වූයේ වරින්වර ඔච්චම් කිරීමෙනි.
ඉඩ හසරක් ලැබුණු විට නන්දන ඇයත් සමග කතා කරන්නට විය. නව යොවුන් වියේ සිටි චම්පා නන්දනගේ කතාවෙන් මුසපත් වූවාය.
ඊට ටික දිනකට පසුවම නන්දනත් චම්පාත් අතර පේ‍්‍රම සම්බන්ධතාවක් පටන්ගත්තේ කාටත් හැංඟි හොරාය.
‘‘අම්මේ... තාත්තා මට සෙල්ලම් කාර් එකක් ගෙනෙයිද?’’
පුංචි ලක්ෂාන්ගේ හඬ නිවස පුරා විහිදෙන්නට වූවේය. දරුවාගේ හඬින් චම්පාගේ සිහින ලෝකය බිඳ වැටුණි.
ඔව් මගෙ පුතේ... තාත්තා අද සෙල්ලම් කාර් එකක් ගේනවා කිව්වා. චම්පා පුංචි ලක්ෂාන්ට එසේ පැවසුවේ හිස අතගාමිනි.
නන්දනගේත් තමාගේත් විවාහයට මව්පියන් විරුද්ධ වූ හැටි චම්පාගේ සිතට නැඟුණේ ඒ මොහොතේය.
හිතුවක්කාරකම් කොට නන්දන සමඟ ගෙදරින් පැනගිය හැටිත් යාළුවෙකුගේ උදව්වෙන් ඇඹිලිපිටියට ගොස් කුලී නිවසක කලක් පදිංචි වී සිටි හැටිත් චම්පාට සිහිවිය.
රජයේ කාර්යාලයක කාර්යාල කාර්ය සහයකවරයකු වශයෙන් නන්දනට පත්වීමක් ලැබෙන්නේ මේ කාලයේදීය. බිරියට සලකගෙන ජීවත්වීමට තරම් වැටුපක් ඉන් ඔහුට ලැබිණි. දුක්ගිනිදැල්වලට හසුවී දැවිදැවී සිටි චම්පාටත් එය අස්වැසිල්ලක් වූවාය.
නිවාස ඉදිකිරීම සඳහා රජයේ සේවකයන්ට ලැබෙන ණය මුදලක් ලබාගෙන ඉඩමක් ගත් නන්දන එහි පුංචි පැළක් අටවා ගත්තේ චම්පාටත් ඔහුටත් නිදහසේ ජීවත් වීම සඳහාය.
සැප පහසුකම් මඳ වුවද නිස්කලංක පරිසරයක් ඒ අවට පිහිටා තිබුණේ ගතට සිතට සුවයක් ගෙන දෙමිනි.
අතීතය දෙසට ගමන් කරන්නට වූ ඇය සිහින ලොවින් මිදී සුපුරුදු ලෙස වැඩපළ ඉටුකරන්නට වූවාය. සියලූ වැඩ නිමකළ ඈ අවසානයේ මිදුල අතුගාන්නට වුණේ නිවස වටේටම කොළ වැටී තිබූ නිසාය.
‘‘ආ නෝනා.... බරටම වැඩ වගේ, නන්දන කඩුල්ලෙන් පනිමින් පැවසුවේ චම්පා අතුගාමින් සිටින විටය. ඔහුගේ කටහඬ ඇසීමෙන් ඇගේ සිතට සතුටක් දැනුණි.
‘‘නිකං ඉඳලා බෑ.. වැඩ ගොඩ ගැහෙනවනේ...’’ චම්පා තම සැමියා දෙස බලා එසේ කීවේ සිනාසෙමිනි.
නන්දන කාමරයට ගොස් සිය බෑගය තබා චම්පා අසලට යළි පැමිණියේ ඇය සමඟ සුළු මොහොතක් හෝ අල්ලාප සල්ලාපයේ යෙදීමටය.
පියා පැමිණෙනවා දුටු ලක්ෂාන් ඔහු පසුපසින් දිව එන්නට වුනේ පියා ගෙන එනවා යැයි කියන ලද සෙල්ලම් කාරය ඉල්ලා ගැනීම සඳහාය.
‘‘තාත්තා මට කාර් එකක් ගෙනාවද’’ පුංචි ලක්ෂාන් ඇසුවේය. තමා ගෙනා සෙල්ලම් කාරය පුතුගේ අතට දෙන නන්දන ඔහුව ළඟට ගෙන සිපගන්නේ දැඩි පිය සෙනෙහසකිනි.
ගෙදරට කෑමට බඩු මොනවහරි ගේන්න ඕන නේද? නන්දන එසේ පැවසුවේ ඇඳ සිටි අත්දිග කමිසයේ අත් ඉහළට නමමිනි.
ඔව්... හාල් තුනපහත් ඉවරවෙලා... මේ සල්ලි අරගෙන ටවුමට ගිහින් බටු ටික ගේන්න. මේ පාර පඩිය ඉතුරු වුණෙත් නෑ. ඒ තරමට ණය තිබුණා.
නන්දනගේත් චම්පාගේත් කැදැල්ලේ අගහිඟකම් එන්න එන්නම වැඩිවුණේ මේ කාලයේදීය. අඟහිඟකම් කෙතරම් ආවද ඔවුන් ජීවත් වුණේ ඉතා සතුටිනි.
එලෙසට කාලය කෙමෙන් ගතව ගියේ ඔවුන්ටත් නොදැනීමය. ඒ වනවිට නන්දන තමා ගත් ණයෙන් සෑහෙන කොටසක් ගෙවා දමා තිබිණි.
එදා ඉරිදා දවසකි. නන්දන සාලයේ පුටුවක වාඩිවී සිටියේ රූපවාහිනිය නරඹමින්ය. ඒ අසලට පැමිණි චම්පා නන්දන ළඟින් වාඩිවූවාය.
‘‘මම ඔයාට දෙයක් කියන්නද?’’
චම්පා නන්දන දෙසට හැරුණේ එසේ කියමිනි.
‘‘මම රට යන්නම්’’ එතකොට මේ ණය ටික ගෙවලා ගෙදර වැඩ ඉවර කරගන්න පුළුවන් වෙයි. චම්පා එලෙස පවසන විට නන්දනගේ දෑස් විසල් වුණේ ඔහු තුළ මවිතය දනවමිනි.
ඔයාට පිස්සුද?
ඔයා කොහෙවත් යන්න ඕන නෑ. මම කොහොමහරි කන්න, බොන්න දුන්නනෙ. තව මාස හත, අටකින් කලින් ගත්තු ණය වාරික ගෙවිලත් ඉවරයි. ඒකෙන් පස්සෙ ලක්ෂ 10ක ණයක් අරන් ගේ වැඩ ටික කරමු.
චම්පා ටික මොහොතක් රූපවාහිනිය දෙස බලා සිටියේ නන්දනට කිසිවක් පැවසීමෙන් තොරවය.
ඊට ටික වේලාවකට පසු චම්පා නැවතත් නන්දනට පෙර ලෙසම පිටරට යෑමේ යෝජනාව දමන්නට වුණේ ටිකෙන් ටිකය.
මම දන්න අඳුනන යාළුවො ඉන්නවා කුවේට්වල, එයාලා ගිහින් අවුරුද්දෙන්ම ගෙවල් හදන්නත් පටන් අරන්.
‘‘ඔයාට පුළුවන්ද අනේ ඔය නොදන්න රටවල ගිහින් ජීවත්වෙන්න. චම්පා පෙර පැවසූ දෙයට නන්දනගේ පිළිතුර එය විය.
අවුරුදු දෙකක් වගේ හිටියොත් ඇති ගේ වැඩ ටික කරගත්තොත් අපිට ලස්සන ගෙදරක සතුටින් ජීවත්වෙන්න පුළුවන්නෙ. ලබන අවුරුද්දෙ දරුවත් ඉස්කෝලෙ යනවා. ඔයා මේ තරම් දුක්විඳිනවා මට බලන් ඉන්නත් බෑ.
චම්පා කොතරම් පෙරැුත්ත කළද ඒ අදහසට නන්දනගේ සිතෙහි කැමැත්තක් තිබුණේම නැති තරම්ය. එහෙත් චම්පගෙන් ගැලවෙන්නට බැරිම තැන නන්දන සිය කැමැත්ත පළ කළේද දැඩි අකමැත්තකිනි.
චම්පාගේ විදේශගතවීමට අදාළ ලියකියවිලි මාස කිහිපයක් ඇතුළත සකස් කර ගැනීමට ඔවුන්ට හැකිවුණේ ඒ සඳහා අවශ්‍ය මිල මුදල් ඉක්මණින්ම සොයාගැනීමට හැකිවූ බැවිනි.
කාලය එලෙසට ගෙවී ගොස් චම්පාගේ විදෙස්ගත වන දිනයද උදා වුණේ ඔවුන්ට සිතාගත නොහැකි ලෙසටය. මම ගිහින් එනකම් දරුවා බලන් ඉන්න...
විදේශගතවීමට සූදානම් වූ චම්පා නන්දන සමීපයට විත් එසේ පැවසුවේ දෙනෙතේ කඳුළු කැට පුරවාගෙනය.
නන්දන ඇයව වැලඳගත්තේ සිතේ තෙරපුණු දැඩි වේදනාවත් සමඟිනි. ඒ මොහොතේ චම්පාගේ දෙනෙතින් කඩාහැලූණු කඳුළු බිඳු නන්දනගේ කමිසය හරහා රූරා වැටෙන්නට වුණේ රාත‍්‍රියේ සට සට ගා පිනි බිඳු වැටෙන අයුරිනි.
නන්දනගේ ගතද, සිතද දැවෙන්නට වූවේය. කරකියා ගතහැකි දෙයක් නොමැතිව ඔහු ඇයට සමුදුන්නේ ඉහවහා ගිය දුකක් සිතේ දරාගෙනය. කඳුළු පිසදාගත් චම්පා ගමන්මලූ කිහිපයත් රැුගෙන යන්නට වූවාය.
නන්දන ඇසිපිය නොහෙළා ඇය දෙස බලා සිටින්නට විය. ටික දුරක් ගිය චම්පා නන්දන දෙස යළි හැරී බැලූවේ සිතේ ගුලිකරගත් වේදනාවෙන් යුක්තවය.
මාසයකට පමණ පසු චම්පාගෙන් ලිපියක් ලැබිණි. එය දැකීමෙන් සේවය නිමැවී නිවසට පැමිණි නන්දනට ඇතිවූයේ මහත් සතුටකි. ඔහු වහා සාලය වෙත ගමන් කළේ චම්පා එවූ ලිපිය කියවීමේ නොතිත් ආශාවෙන් යුතුවය.
ලියුම් කවරය ඉරා දැමූ ඔහු ලිපිය අතට ගත්තේය. එය කියවූ පසු ඇයගේ සියලූ විස්තර ඔහුට දැනගන්නට හැකිවිය. ඇයට එහි කරදරයක් නොමැති බවද දන්වා තිබිණි.
මාස දෙකෙන් දෙකට මුදල්ද එවන්නට හැකිවූ නිසා ඔවුන් ගත් ණය පියවා ගන්නටද හැකිවිය. අලූත් නිවසේ වැඩකටයුතුත් ඒ සමඟම අරඹන ලදි.
ඉන්පසුව චම්පා ලිපි කිහිපයක්ම එව්වාය. ඇය නැවතී සිටින නිවසෙහි පුද්ගලයන් හොඳින් සලකන බව සහ තව අවුරුද්දකින් නිවසට එන බවද ඒවායේ සඳහන් කර තිබිණි. නමුත් අවුරුදු දෙක හමාරක් ඉක්ම ගියද චම්පා නැවත ලංකාවට පැමිණියේ නැත.
මුදල් එවීමත් හිටි හැටියෙම නතර විය. නන්දන චම්පාට ලිපි කිහිපයක් යැව්වද ඊට ප‍්‍රතිචාර නොලැබිණි. ඇයට වූවේ කුමක්දැයි නන්දනට සිතාගත නොහැකි විය.
‘‘මොකෝ බං ගෑනි ආවෙ නැත්තෙ... ගිය අවුරුද්දෙනෙ එන්න තිබුණෙ?...’’ මඟතොටේදී හමුවන නන්දනගේ මිතුරෝ ඔහුගෙන් අසන්නට වූහ.
ඒවාට කිසිවක් නොකියන ඔහු කරබාගෙන නිවසට ගමන් කළේය.
චම්පා එහි සිටින ලංකාවේ පුද්ගලයෙකු සමග සම්බන්ධතාවයක් පවත්වන බව නන්දනගේ කන වැකෙන්නට ගත වූයේ ඉතා සුළු කාලසීමාවකි.
චම්පට එහෙ වෙන සම්බන්ධයක් තියෙනවා. දැන් ගෙදර එන්නෙත් නෑ. එහෙ සැප ඇති. ඇතැමෙක් කීවේ එලෙසිනි.
ගමේ උදවියගේ ඒ කතාවලින් නන්දනගේ සිත තව තවත් පෑරෙන්නට විය. ඔහු තදින්ම මත්පැන්වලට ඇබ්බැහි වූයේද ඒ කතන්දරවලින් බේරෙන්නට බැරිම තැනය.
මගෙ ගෑනි මාව දාලා ගියා බං... මාව දාලා ගියා. නන්දන සිය මිතුරන් සමඟ එසේ පැවසුවේ සිතේ සිරකරගත් දුක්ගින්නත් සමඟිනි.
ඒ මොහොතේ නන්දනගේ දෙනෙතින් කඳුළු බිඳු සටසට ගා ඇදහැළෙන්නට විය. ඒ දුටු නන්දනගේ මිතුරන් ඔහුව සනසවන්නට මහත් වෙහෙසක් දැරීය.
අපි තව බලමු බං... මිනිස්සු කියන කතා විශ්වාස කරන්න බෑ. අපි වෙච්ච දේ හරියට දන්නෙ නෑනෙ.
මොනවා බලන්නද චම්පා මාව දාලා ගියා. මමයි දරුවයි තනි වුණා. බීමත්කමත්, හිතේ දුකත් නිසා නන්දන ඉක්මණින් ලෙඩවන්නට විය. ගතේ රෝගවලට ඔහු වරින්වර ප‍්‍රතිකාරද ලබා ගත්තේය.
‘මත්පැන් අත අරින්න’යි වෛද්‍යවරුන් කීවත් ඔහු එය අතහැරියේ නැත. අසනීප තත්ත්වය සුවවූ පසුද නැවත නැවතත් මතට යොමුවූවේය. ඒ නිසා වැඩි කලක් ජීවත්වීමටද ඔහුට වරම් නොලැබිණි. චම්පාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි නන්දන නැවතත් තදින්ම අසනීප වී රෝහල් ඇඳ මතදීම අවසන් සුසුම් හෙළුවේය.
නන්දන මියගිය බව ඔහුගේ සහෝදරයා චම්පාට දන්වා සිටි නමුත් ඇයගෙන් ඊට පිළිතුරක් ලැබුණේ නැත. ඉන් ටික දිනකට පසු චම්පා ලංකාවට පැමිණියාය. ඒ පැමිණියේ නාඳුනන පුද්ගලයෙක් සමඟය.
ඔහු ජනකය. චම්පා පිටරට ගොස් සම්බන්ධයක් පැවැත්වූයේ ඔහු සමඟිනි. කැකිරාව ප‍්‍රදේශයේ පුද්ගලයෙකු වූ ජනක පිටරටදී ජීවත් වූයේ චම්පා සිටි නිවසේමය. ඔහු ඒ නිවසේ සේවය කළේ රියදුරු වශයෙනි.
නන්දනගේ මරණයටද තමන් මූලික හේතුව බව හොඳාකාරවම දන්නා චම්පා ඒ කිසිවක් නොදැනුණා සේ ජීවත් වූවාය. ගමේ උදවිය නොයෙකුත් කතා කිව්වත් ඇය ඒ කිසිවක් තඹ දොයිතුවකට මායිම් කළේද නැත.
කාලයාගේ ඇවෑමෙන් ජනකගේ නවාතැන වූයේද චම්පාගේ නිවසය. විවාහ නොවී මෙලෙස එකට ජීවත්වුණු ඔවුන්ගේ මේ සබඳතාව දුරදිග ගොස් තිබුණි. ජනක තනිකඩ පුද්ගලයෙක් නිසා ඔහුට කිසිදු තහංචියක් තිබුණේද නැත.
චම්පා වැන්දඹුවක් ලෙසට නන්දනගේ මාසික වැටුප ලබන ගමන් ජනක සමඟ පුරුදු ජීවිතයම ගත කළාය. මෙලෙස ජීවිතය ගෙවෙද්දි චම්පාට ජනක සැමියෙක් වූවාය. මේ කිසිවක් ගැන දැනුම් තේරුමක් නොතිබූ පුංචි ලක්ෂාන්ටද ඔහු පියෙකු විය. එලෙසට කල්ගත වෙද්දි නන්දනව ඔවුන්ගේ ජීවිතයෙන් සදහටම අමතක වී ගොස් තිබුණි.
ඇගේ අනියම් පේ‍්‍රමය නිසා නන්දනට අකාලයේ මියැදෙන්නට සිදුවිය. චම්පා දැඩිසේ ආදරය කරපු නන්දනගේ මරණය පසුව භාරගත්තේ බොහොම කැමැත්තෙනි.
නන්දන මියැදුණත් ජීවිතයට නිදහසක් නැති තරම්ය. තමා මේ කරන්නේ මියැදුණු නන්දනටත් දැඩි අපහාසයක් නොවේදැයි ඇයට සිතෙන්නට පටන්ගත්තාය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රට ගිය බිරියට සැමියා අමතක වෙයි
නුවන් Thursday, 15 October 2015 06:42 AM
කාමය මිනිසුන් අන්ධ භාවයට පත් කරයි. (ර)
අමරසිංහ Thursday, 15 October 2015 12:46 PM
දුක හිතෙන කථාවක්. (ර)
රොමේෂ් Thursday, 15 October 2015 02:46 PM
චපල ගැහැණුන්ගෙන් කවදාවත් හොදක් වෙන්නේ නෑ. (ර)
චන්දික Friday, 16 October 2015 04:55 AM
මේවට කියන්න බොහෝ දේ ඇතත් ආයාසයෙන් නවතා ගතිමි. (නි)
චන්න බුවනක Friday, 16 October 2015 09:02 AM
විදේශ රටවලට එන අය මේ වගේ හිතවත්කම් ඇතිකර ගන්නවා. එ්ක සිද්ධ වෙන්නේ එහිදී ඇති වන පාළුව කාන්සිය මතයි. නමුත් අප ඉන්න ඕනි සීමාව දැන ගත යුතුයි. ලංකාවේ ඉන්න තම දරුවන් ස්වාමියා ගැන හිතන්න ඕනි. අප රට ගිය හේතුව හිතන්න ඕනි.එහෙම හිතනවිට ඔය වැරදි වැඩ වලට පෙළඹෙන එක නැති වෙනවා. විදේශ ගත වූ හැම කාන්තාවම එහෙම නැහැ. බොහොම වැදගත්ව ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම මාර්කට් එකට ගියාම මාළු කඩේ වගේ සද්ද කරන අයත් ඉන්නවා. වැරදි කරන අය මොන රටේ හිටියත් කරන වැරැද්ද කරනවා. (බ)
අමාලි Friday, 16 October 2015 09:25 AM
මෙහෙම ඒවා අහනකොට බයත් හිතෙනවා බදින්න. (ර)
රුවනි Friday, 16 October 2015 09:49 AM
ඇයි මෙතන මේ බවලතුන්ගේ වැරදි පෙන්වන පුවත් විතරක් ලියවෙන්නේ. පිරිමි පාර්ශවය මාර්ගපල ලබලාද ? (ර)
සමන් වසන්ත Saturday, 17 October 2015 04:04 AM
පවුල් ජිවිත විනාශ වෙන එකට ගැහැණු පිරිමි බේදයක් නැතුව හැමෝම වග කියන්න ඕනේ. මොකද ගැහැණු කෙනෙකුට අනියම් සම්බන්දයක් පටන් ගන්න එතන පිරිමියෙකුත් ඉන්න ඕනනේ. මේ කතා පුවතට අදාලව උනත් පිරිමි කෙනාට තිබුන තමන්ගේ බිරිදව පිටරට නොයවා ඉන්න. මොන අඩුපාඩු තිබුනත් සැමියා සහ බිරිද එකට ඉන්නවනම් භාහිරින් එන ප්‍රශ්න අවම කරගන්න පුළුවන්. සැමියා සහ බිරිඳ කාලයක් වෙන් වෙලා ජිවත් උනාම තමන්ගේ පාළුව මකාගන්න වෙන අයව හොයාගෙන යනවා. මැද පෙරදිග කලාපයේ රැකියාවට එන අය මෙහෙම වැරදි වලට පෙලබෙන්න එක හේතුවක් තමයි ඒ අය ආශ්‍රය කරන යාලුවෝ. අලුතින් එන කෙනෙක් කොච්චර හොඳ උනත් ආශ්‍රය කරන්න වෙන්නේ කාලයක් මෙහෙ හිටපු අය. ඒ අය අතරින් අනියම් සම්බන්ධයක් තියෙන කෙනෙක් ඉන්නවනම් එයාල හදන්නෙම අලුතින් අපු කෙනාවත් ඒ වලටම දාන්න. හැබැයි මේ ගොඩක් අය ආපහු ලංකාවට යන්නේ මුකුත්ම නොවුන ගානට. හොදට ඉන්න අයත් ඕන තරම් ඉන්නවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ හොදට ඉන්න අය ගැන නෙමෙයිනේ. (ර)
රමාරා Saturday, 17 October 2015 08:32 AM
මොන රටේ හිටියත් හොඳ කෙනා හොදයිනේ. කොහේ හිටයත් සිංහලකම අමතක නොකරන තාක්කල් ඒ අය අතින් වරදක් සිදු වෙන්නේ නෑ. (ර)
කෝසලා Sunday, 18 October 2015 08:24 AM
හොදම උදාහරණය තමඊ ජෝර්දානය. ලංකාවේ 95% වගේම ඉන්නේ තව කව්රු හරි එක්ක.(ඉන්දීය, බංගලි, එජිප්තු, ලංකාවේ) මේ රටේ ඒක සාමාන්‍ය දෙයක්. (බ)
ගීතා Sunday, 18 October 2015 11:05 PM
උගත් නුගත් කට වුණත් නැහැදිච්ච කම එකතු වුණාම කල නොහැකි පාපයක් නැත..ගැහැණු පිරිමි බේදයක් නැත. අ
අනු Monday, 19 October 2015 10:52 AM
පිරිමින්ට ගැණු මැදපෙරදිග එවනවට වඩා හොද වෙනදෙයක් තියෙනවා මට ඉතින් කියන්න බෑ. අපේ පවුලම දැන් මෙහෙ අවරුදු 10ක් විතර ඉන්නේ මෙහෙ පුළුවන්නම් මම ලියන්නම් (බ)
දිසානායක Wednesday, 21 October 2015 01:36 AM
ඉතාම ශෝචනීය සිදුවීමක්. ඇයට කවදා හෝ මෙහි විපාක ලැබෙයි...(රේ)
විජේ Wednesday, 21 October 2015 03:37 AM
ගැහැණු ආසයි තමන් අගය කරනවට. නමුත් හුඟක් මිනිස්සු තමන්ගේ වගකීම් ගැන පමණක් හිතනවා. (නි)
බුද්ධික Wednesday, 21 October 2015 05:23 AM
දරුවා ගැන දුකයි (නි)