X Advertisement
IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


රටකට බදු නැතිව දුවන්න බෑ: ඒත් ජනතාව ගැනත් හිතන්න

සිදුවන බවට අනාවැකි පළවෙමින් තිබූ බදු වැඩිවීම පසුගියදා ප්‍රකාශයට පත් විය. රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා සියයට 8ක්ව තිබූ වැට් බද්ද සියයට 12 දක්වාත් විදුලි සංදේශ බද්ද සියයට 11.25 සිට 15 දක්වාත් ඒ අනුව වැඩි කෙරිණි. මේ හැර තවත් බදු සංශෝධන කිහිපයක්ම ප්‍රකාශයට පත් කෙරුණු අතර එයින් භාණ්ඩ හා සේවා මිල ගණන් විශාල ලෙස ඉහළ යනු ඇත. ඇතැම් ආනයනික බදු වැඩිවීම හේතුවෙන් පිටරටින් ගෙන්වනු ලබන එම බදුවලට යටත් කෙරෙන භාණ්ඩ මිල සියයට 100කින් ඉහළ යනු ඇති බවටද සඳහන් වෙයි. මේ ඇතැම් සංශෝධන අදියර තුනකින් ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙහිදී විශේෂ සැලකිල්ලට යොමුවන බදු අතර පුද්ගල ආදායම් බදු අයකරන සීමාව මිලියන තුනේ සිට මිලියන 1.8 දක්වා පහත දැමීමද වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ උපයන විට ගෙවීමේ බද්දට මාසිකව රුපියල් ලක්ෂ එකහමාරකට වඩා වැටුප් ලබන සියලු‍දෙනා යටත් වීමය.

පෞද්ගලික අංශයේ ලක්ෂ එකහමාරක වැටුපක් යනු වර්තමානයේ පවතින උද්ධමනය සහ රුපියලේ අගය පිරිහීම සමඟ සංසන්දනාත්මකව බලන කල මහ ලොකු වැටුපක් නොවේ. වත්මන් ආණ්ඩුව බලයට පත්වූ වහාම මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට විශාල සහනයක් සැලසෙන පරිදි වැට් බදු සියයට 15 සිට සියයට 8 දක්වා පහත හෙළනු ලැබීය. එයින් රජය අහිමි කරගත් දේශීය ආදායම රුපියල් බිලියන 650කට අධික බව ආර්ථික විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙනු ලැබීය. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට එදා එතරම් බදු සහන ලබාදුන් රජය පෞද්ගලික අංශයේ මාසික වැටුප ලක්ෂ එකහමාර ඉක්මවන පිරිස ඉලක්ක කර ගනිමින් මෙදා බදු දැලක් ඇටවීම බැලූ බැල්මට අසාධාරණ බව පෙනී යයි. ඩොලරයකට රුපියල් 350ක් ගෙවිය යුතු තරමට මුදල් ඒකකය පිරිහී පවතින තත්ත්වයක් තුළ ආදායම් බද්දකට හසුවිය යුතු තරම් ලොකු ආදායමක් වශයෙන් රුපියල් ලක්ෂ එකහමාරක වැටුපක් සැලකිය නොහැක.

අද රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සමඟ සලකන විට සිදුකෙරුණු බදු සංශෝධනය අත්‍යවශ්‍ය එකක් වූ බව සත්‍යයකි. රටේ දේශීය ආදායම වර්ධනය කර ගැනීමකින් තොරව රටට එක අඩියක් හෝ ඉදිරියට තැබිය නොහැක. දේශපාලන හේතූන් පදනම් කර ගනිමින් රජයේ ආදායම අහිමි කරගෙන සිටි රජය ප්‍රමාද වී හෝ මෙවැනි පියවරකට යාම අරුමයක් නොවේ. ආදායම් බදු වැඩි කිරීම මේ මොහොතේ ගතයුතුම පියවරක් වුවද උපයන විට ගෙවීමේ බද්ද ක්‍රියාත්මක කිරීමේදී සහ වැට් බද්ද වැඩි කිරීමේදී පරෙස්සමින් කටයුතු කිරීම අවශ්‍යය. උපයන විට ගෙවීමේ බද්දට යටත් වන සීමාව පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය වන්නා සේම වැට් බදු වැඩිවීමෙන් අඩු ආදායම් ලබන පිරිසට සිදුවන බලපෑමද අවධානයට ගතයුතුය. වැට් බද්ද සමඟ භාණ්ඩ සහ සේවා මිල තවදුරටත් ඉහළ යාම වැළැක්විය නොහැක. එය පහළ ආදායම් මට්ටමේ සිටින අයට පමණක් නොව මැදි ආදායම් මට්ටමටද දැඩි පීඩනයක් එල්ල කරන බව පැහැදිලිය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය උමේෂ් මොරමුදලි මහතා වැට් බදු ගෙවීම සම්බන්ධයෙන් වටිනා අදහසක් ප්‍රකාශ කර තිබිණි. 2019දී වත්මන් ආණ්ඩුව බලයට පැමිණ සිදුකළ බදු සංශෝධනයට පෙර කාර්තුවකට ලක්ෂ 30ක ආදායමක් උපයන පුද්ගලයන් සහ ව්‍යාපාර වැට් බදු ගෙවිය යුතුව තිබිණි. එහෙත් 2019දී කළ සංශෝධනවලින් පසු වැට් බදු ගෙවිය යුතු වූයේ කාර්තුවකට රුපියල් ලක්ෂ 750ක ආදායමක් උපයන පුද්ගලයන් සහ ව්‍යාපාර පමණි. ඒ හේතුවෙන් දහස් ගණනක පිරිසක් වැට් බදු ගෙවීමෙන් නිදහස් වූහ. එයින් වැඩි පිරිසක් යළිත් වැට් බදු දැලට හසුකර ගත යුතු බවත් අවම වශයෙන් කාර්තුවකට ලක්ෂ 250ක ආදායමක් ලබන පිරිසත් වැට් බදු දැලට හසුකර ගත යුතු බවත් මොරමුදලි මහතා යෝජනා කර තිබිණි. එය නිසැකවම රජයේ බදු ආදායම ඉහළ දැමීමකි. රජය තම බදු ආදායම වැඩිකර ගැනීමට පියවර ගැනීම ජාත්‍යන්තර අරමුදලේ සහ ලෝක බැංකුවේ සහාය ලබාගැනීමටද ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන සුබ ලකුණක් සේ දැකීමටද හේතුවනු ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි.

විවිධ ආණ්ඩු බලයට පත්වී කාලයෙන් කාලයට බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම රටේ ආර්ථික විනාශයේ එක් මූලික සාධකයක් බව පැහැදිලිය. බදු අඩු කිරීම සහ වැඩි කිරීම දේශපාලන පොර පිටියේ පාපන්දුවක් බවට පෙරළා ගැනීමේ කටුක ප්‍රතිඵල අපි භුක්ති විඳිමින් සිටිමු. එහෙත් කරුමය වන්නේ මේ රට ඒ අගාධයට තල්ලු‍ කළ දේශපාලනඥයන්ටත් ඔවුන්ගේ ගජ මිතුරන්ටත් පොදු මහජනතාව මුහුණ දෙන කටුක ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු නොවීමය. බදු ගෙව්වත් නොගෙව්වත් දේශපාලන බලවතුන් තමන්ගේ හිත මිතුරන් වී සිටින තාක් ඔවුන්ගේ කල්ල මරේය.

මේ තත්ත්වය දැන්වත් වෙනස් කළ යුතුය. බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම ඊළඟ මැතිවරණයකදී ඡන්ද පොරොන්දුවක් බවට පත් කිරීමේ පාපයෙන් රට මුදා ගැනීම අවශ්‍යය. රටේ ආර්ථිකයට හානියක් සිදු නොවන අවශ්‍යම අවස්ථාවකදී හැර බදු අඩු කිරීමේ සහ බදු අහෝසි කිරීම්වලට එරෙහිව ජනතාව අනලස්ව තම හඬ නැගිය යුතුය. එවැනි වෙනසකට යා නොහැකි නම් මහජනතාවට හැමදාමත් සිදුවනු ඇත්තේ පිට පොත්තට ඇලී තිබෙන බඩට තවත් පටි දමා තදකර ගැනීම පමණි.

(***)



අදහස් (1)

රටකට බදු නැතිව දුවන්න බෑ: ඒත් ජනතාව ගැනත් හිතන්න

Gamunu Monday, 06 June 2022 12:27 PM

දියුණු රටවල ක්‍රියාත්මක කරන්නා වූ සරල, විනිවිද බදු ක්‍රමයක් ලංකාවට හඳුන්වා දියයුතුව තිබේ. ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන්ම දියුණු රටවල ජීවත්වන සියලු පුරවැසියන් රජයට බදුගෙවීම කරනු ලැබේ. ලෝකයේ වෙනත් රටවල මෙන් ලංකාවේ පුරවැසියන් වන අප ටැක්ස් / හෝ බදු නොගෙවා පොලිසිය, හමුදාවන්, විශ්ව විද්‍යාලය දක්වාම නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය යන්නාවූ මහජන සුබසිද්ධීන් වෙනුවෙන් රටක තිබෙන්නා වූ අත්‍යාවශ්‍ය ආයතන පවත්වා ගෙනයාමට නොහැකි බව තේරුම්ගත යුතුවේ. ලංකාව දියුණු කිරීමට නම් මහජනතාව රජයට බදුගෙවිය යුතුවේ. ලෝකයේ වෙනත් රටවල නිදහස් අධ්‍යාපනය ලබාදුන්නද පුද්ගලික විශ්ව විද්‍යාල බිහිකර එමගින් විදේශ සිසුන්හට අධ්‍යාපනය ලබාදී එම ලැබෙන්නා වූ කෝටි ගණනක් මුදලින් අධ්‍යාපනය දියුණු කිරීමට සහ විශ්වවිද්‍යාල වැටුප් ගෙවීමට යොදා ගෙන තිබේ. ලංකාවේ සිදුව තිබෙනුයේ නිසි කළමනාකරණයකින් තොරව ජනසවිය හෝ සමෘද්ධි වැනි වැඩසටහන් සහ සහ පාඩු ලබන්නාවූ රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා ටැක්ස් හෝ බදු රජය වියදම් කිරීම වේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site