අපේ රට නම් මහා පුදුම රටකි. එක් අතකින් ලෝකයේ දරුණුවටම කඩා වැටුණු ආර්ථිකයට හිමිකම් කියයි. එහි තත්ත්වය කොතරම් බරපතළ දැයි කිවහොත් බහුතරයක් ජනතාවට ඊළඟ ආහාර වේල පිළිබඳ කිසිදු විශ්වාසයක් නැත. රජයේ සියලු වියහියදම් කපා හැරීමට සිදුව තිබුණත් ආහාර උද්ධමනය සියයට 95 ඉක්මවා යමින් තිබේ. අත්‍යවශ්‍ය ආහාර හෝ ගෙන්වා ගැනීමට ඩොලර් නැත.
රටේ මුදල් තත්ත්වය එසේ වුවත් ප්‍රමිතියෙන් තොර බොරතෙල් තොග මිලදී ගැනීම සහ වැරදි මිලකරණ ක්‍රමවේදයක් යටතේ ඉන්ධන තොග ලබාගැනීම හේතුවෙන් තෙල් සංස්ථාව මාස 06ක් තුළදී ඇමෙරිකානු ඩොලර් කෝටි 09ක මුදලක් අහිමි කරගෙන තිබේ. එම මුදල කොතරම්ද යත් එය ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන නෞකා දෙකක් මිලදී ගැනීමට තරම් ප්‍රමාණවත් බව ද සඳහන්ය.
මෙම තොරතුරු හෙළි වී ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පසුගිය මාස 06ක් තුළදී මිලදී ගත් බොරතෙල් සහ ඉන්ධන තොග සම්බන්ධයෙන් සිදු කෙරුණු විශ්ලේෂණයකදීය. තෙල් සංස්ථාවට සිදු කරන ලද පාඩුව හේතුවෙන් එක් සමාගමක් සදාකාලිකවම අසාදු ලේඛනගත කිරීමට එම වාර්තාව මගින් නිර්දේශ කර තිබෙන බවද සඳහන් වෙයි. අදාළ සමාගමේ නියෝජිතයන් සමග සංස්ථාවේ ඉහළ මට්ටමින් රහසිගත සම්බන්ධතා පැවති බවත් වෙනත් සැපයුම්කරුවන්ට නොතිබූ සුවිශේෂ සැලකිලි සහ වරප්‍රසාද මෙකී සමාගමට ලැබී තිබුණු බවත් හෙළි වී තිබේ. සංස්ථාව මගින් ගුවන් යානා ඉන්ධන සැපයුමේ පූර්ණ අයිතිය ලබාදී තිබුණේ මෙම අසාදුගත කිරීමට නියමිත සමාගමට බවත් සෙසු සැපයුම්කරුවන්ට මිල ගණන් ඉදිරිපත් කිරීමට හෝ අවස්ථාවක් ලබා නොදුන් බවත් කියති.
දැන් කතාව පැහැදිලිය. සංස්ථාව ගනුදෙනු කර ඇත්තේ දූෂිත සමාගමක් සමගිනි. එම ගනුදෙනුවේ එක් කෙළවරක සිටින්නේ සංස්ථාව බැවින් එතැන ද සිදුව ඇත්තේ දූෂණයකි. එසේ නොවන්නට රහසිගත සාකච්ඡා අවශ්‍ය නැත. කිසියම් හෝ හේතුවකින් මේ දූෂිත ගනුදෙනුව හෙළි නොවන්නට එය සදාකාලිකවම වැළලී යාමට හොඳටම ඉඩ තිබිණි. එසේ වී නම් මෙතරම් පාඩුවක් රටට සිදු වූ බවට දැනගැනීමටවත් ලැබෙන්නේ නැත. දරුණුම ආර්ථික අගාධයකට වැටී සිටින රටකට මෙතරම් පාඩුවක් සිදු කිරීම මහත් අපරාධයක් බව ද කිව යුතුය.
එසේ වුවද මෙතරම් බරපතළ පාඩුවක් සිදුකළ දූෂිත ගනුදෙනුවක් සම්බන්ධයෙන් වගකිව යුතු පිරිස කවුදැයි එකී විශ්ලේෂණ වාර්තාව මගින් පෙන්වා දී නොතිබීම බරපතළ අඩුපාඩුවක් බව ද පෙන්වාදීමට කැමැත්තෙමු. අපේ රටට ඩොලර් කෝටි 09ක් අහිමි කිරීමේ වැරැද්දට වගකිව යුතු පුද්ගලයන් කවුදැයි වහාම හෙළිදරව් කළ යුතුය. එය නොවුණහොත් ඉදිරියේදී තෙල් නැව් අයිති සමාගම්වලට රටම උගස් වනතුරු කිසිවකුත් දැන නොසිටීමටත් ඉඩ තිබේ. තෙල් නැව් ගනුදෙනු හරහා කෝටි ගණන් ඩොලර් රටට අහිමි කළ පුද්ගලයන් තරාතිරම නොබලා අධිකරණය ඉදිරියට පැමිණවිය යුතු බව අපි දැඩිව අවධාරණය කරමු.
තවත් අතකින් අදාළ සමාගම අසාදු ලේඛනගත කිරීමට කෙරුණු නිර්දේශය ද පලක් නැති දෙයක් බව කිව යුතුය. මේ සමාගම අසාදු ලේඛනගත වුවත් අදාළ ගනුදෙනුවට මැදි වූ සමාගමේ කිසිදු පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තාක් එම සමාගමට සිදුවන හානියක් හෝ පාඩුවක් නැත. ලංකාවෙන් විශේෂ සැලකිලි ලැබූ නිලධාරීන්ට මෙම ‘බ්ලැක්ලිස්ට්’ සමාගමේ නම් වෙනස් කරගෙන අලුත් නමකින්ද දැනට එහි නැව් මගින්ම ලංකාවට ඉන්ධන රැගෙන ඒමට කිසිම අපහසුකමක් නැත. තෙල් සංස්ථාවට දැන් සිදුවී තිබෙන්නේ ඩොලර් කෝටි 09ක් ද අහිමි කර ගනිමින් වැරදිකරුවකු නැති ගනුදෙනුවක ලැජ්ජා සහගත කොටස්කරුවකු වීමට පමණි.
තෙල් සංස්ථාවට පමණක් නොව රටේ කිසිම සංස්ථාවකට හෝ රාජ්‍ය ආයතනයකට හෝ මෙවැනි රටට පාඩු කරන ගනුදෙනුවලට සම්බන්ධ වීමට කිසිදු ඉඩක් නොතැබිය යුතුය. ඒ සඳහා වගකිව යුතු නිලධාරීන්ට හෝ දේශපාලකයන්ට හෝ නීතියෙන් ගැලවීමට තිබෙන ඉඩකඩද වසා දැමිය යුතුය. රටට කෝටි ගණනින් පාඩු සිදුකර දේශපාලකයකුගේ සෙවණැල්ලට මුවා වී වැඩේ ෂේප් කරගන්නා නිලධාරීන් රටටම මහා වින්නැහියකි. ඔවුන් ආරක්ෂා කරන දේශපාලකයන් සිටී නම් ඔවුන්ද රටටම සිදුකරන්නේ මහා අපරාධයකි.
බොරතෙල් ගනුදෙනුවකින් ඩොලර් කෝටි 09ක් වැනි විශාල මුදල් අහිමි වීමේ පාඩුව විඳින්නේ රටේ පොදු මහ ජනතාවය. බදු හරහා එහි බර පැටවෙන්නේද ඔවුන්ගේ කර මතටමය. බොරතෙල් ගනුදෙනුවෙන් සාක්කු පුරවාගත් නිලධාරීන් සහ දේශපාලකයන් කවුදැයි හෙළි නොවන තාක් මේ පාඩුව සිදුකර ඇත්තේ රජයට සම්බන්ධ පාර්ශ්වයක් විසින් බවට වන සැකය මහජනතාවගෙන් ඈත් නොවන බව ද පෙන්වාදීමට කැමැත්තෙමු.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රටට පාඩු කරන මෙහෙම ගනුදෙනු කුමටද?