X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


රටේ ආදායම් වැනසීමට උල්පන්දම් දෙන වර්ජන

වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් දිනාගැනීමට ඇති ප්‍රබලතම ආයුධය වන්නේ වැඩවර්ජනය බව පිළිගත් සත්‍යයකි. එහෙත් කිසියම් වර්ජනයකින් රටට දැයට අනපේක්ෂිත පාඩුවක් හෝ විනාශයක් සිදුවන්නේ නම් ඉල්ලීම් දිනාගත්ත ද එය සැබෑ ජයග්‍රහණයක් ලෙස සැලකිය නොහැකිය.

දින කිහිපයකට පෙර ආරම්භ කළ දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන් කෙරුණු බව අප පුවත්පත ඇතුළු මාධ්‍ය ඉකුත්දා වාර්තා කළේය. එය ලක්වැසි සැමට හොඳ ආරංචියකි. වර්ජනය තවදුරටත් පැවතියේ නම්  සිදුවන පාඩුව අතිවිශාල වනු ඇත. එම වර්ජනයෙන් සිදුව ඇති පාඩුව කෝටි 2 පමණ වන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් පෙන්වා දී ඇත.

කෝටි ගණනක පාඩුවක් සිදුවීමට පෙර එය සමථයකට පත්කර ගැනීමට නොහැකිවීම කනගාටුවට කරුණකි. මින් පැහැදිලි වන්නේ වර්ජකයන් හා බලධාරින් නම්‍යශීලී ප්‍රතිපත්තියක සිටියේ නම් එම පාඩුව අවම කිරීමට හැකිව තිබූ බවයි. රට බරපතළ ආර්ථික අර්බුදයකට පත්ව ඇති වකවානුවක අදාළ පාර්ශ්ව වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කළ යුත්තේ ඒ නිසාය.

දුම්රිය දෙපාර්තමේන්තුව දැවැන්ත පාඩු ලබන දැවැන්ත රජයේ දෙපාර්තමේන්තුවකි. අකාර්යක්ෂමතා, අක්‍රමිකතා හා දූෂණ ඉහ වහා ගිය ආයතනයකි. රටට දරාගත නොහැකි තරම් සේවක පිරිසක් එහි සිටිති. එවන් ආයතනයක් පාඩු ලබන තවත් තැනකට පත්කිරීම කෙතරම් අසාධාරණද? දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙය නොදැන සිටීම විමතියට කරුණකි. කෙසේ වුවද මෙවැනි ක්‍රියාවලින් පාඩු පැටවෙන්නේ ජනතාව කරපිටය. සබන් කෑල්ලට, සීනි ටිකට, පරිප්පු හා අලවල බදු බර අනියමින් අහිංසක ජනතාව පිට පටවන්නේ මේවායෙන් සිදුවන පාඩු පිරිමැසීමට නොවේද?

වැඩවර්ජන ඉතිහාසයට අනුව එවැනි අරගල කරනු ලැබුවේ සුවිශේෂී කරුණක් හෝ බරපතළ ලෙස කම්කරු අයිතිවාසිකම් කඩවීමක් සිදුවුවහොත් පමණි. අද සාමාන්‍ය සිදුවීමකට පවා වර්ජනය කිරීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. එය දියුණු වන රටකට ඉදිරියට යාමට ඇති ප්‍රබල බාධකයකි.

මේ වනවිට වැඩවර්ජනවලින් ශ්‍රී ලංකාව කප් එක ගන්නා රටක් බවට පත්ව තිබේ. 1152 නොවැම්බර් 14 වැනිදා ඊජිප්තු කම්කරුවෝ වර්ජනයක් ආරම්භ කළහ. එරට රාජකීය සමාගමට එරෙහිව ඔවුන් නැගී සිටියේ ඉල්ලීම් දිනාගැනීමේ සැබෑ අරමුණෙනි. ශ්‍රී ලංකාවේ ද සංවිධානාත්මක වර්ජනයක් ක්‍රියාත්මක කරනු ලැබුවේ 1906 දීය. එය කරත්ත වර්ජනයයි. කරත්තකරුවන්ට අනවශ්‍ය තහංචි දැමීමට එරෙහිව එය ක්‍රියාත්මක විය. එලෙස ආරම්භ වූ වැඩවර්ජන සුවිශේෂ වූවද අද වර්ජන සාමාන්‍යකරණයට පත්ව තිබීම කනගාටුදායක තත්ත්වයකි.

වර්ජන රැල්ලකින් රටේ ආර්ථිකය කඩා වැටුණහොත් වන්දි ගෙවීමට සිදුවනුයේ සමස්ත ජනතාවටයි. අද ශ්‍රී ලාංකේය ආර්ථිකය ද අවදානම් තත්ත්වයක පවතී. එවැනි තත්ත්වයක් මත කෝටි ගණන් පාඩුවීම අප රටට දරා ගැනීමට නොහැකිය. දින කිහිපයකට කෝටි ගණන් පාඩු වූයේ නම් එයට වගකිව යුත්තෝ කවරහු ද? මේ තත්ත්වයට වර්ජකයන් මෙන්ම බලධාරින් ද වගකිව යුතු දෙපාර්ශ්වයම නම්‍යශීලී වී ගැටලු විසඳාගත යුත්තේ එබැවිනි. මෙරට වර්ජන ඉතිහාසයේ අමිහිරි අද්දැකීම් අප සතුව පවතී.

80 ජූලි වර්ජනය ඉන් එකක් පමණි. එම අවාසනාවන්ත ඉරණමෙහි විපාක අදත් සමහරු බුක්ති විඳිති. ප්‍රජාතන්ත්‍රවාදී රටක සේවකයන්ගේ වර්ජන අයිතියට කිසිවකුට අභියෝග කළ නොහැකිය. එසේ වුවද ජූලි වර්ජනය වැනි තත්ත්වයක් යළි ඇති නොවීම සඳහා කටයුතු කිරීමට වෘත්තීය සමිති නායකයන් උපක්‍රමශීලී විය යුතුය.

එසේම රටේ ආර්ථිකයට මරු පහර එල්ල වන පරිදි වැඩවර්ජන නොකළ යුතුය. ආර්ථිකයට වදින විට එහි විපාක විඳින්නට සිදුවනුයේ පාලකයන්ට පමණක් නොව වර්ජකයන්ට ද එම ශාපයෙන් මිදිය නොහැකිය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජනයකින් අසරණ රෝගී ජනතාව අනන්ත දුක් විඳීම ඊට එක් නිදසුනක් පමණි. එවැනි තත්ත්වයක් මත ජනතා කෝපයට ගොදුරු නොවීමට කටයුතු කිරීම වර්ජකයන් සහ පාලකයන්ගේ වගකීම වන්නේය.

අද වැඩකරන ජනතාව බුක්තිවිඳින අයිතීන් බොහොමයක් පැරණි වාමාංශික ව්‍යාපාරය මැදිහත්ව දිනා ගත් ඒවා වෙයි. අද සිටින වෘත්තීය සමිති නායකයන්ට ද ඉන් පූර්වාදර්ශ ලබා ගත හැකිය. එසේ තිබිය දී වර්ජනය සාමාන්‍යකරණය කර ගැනීමෙන් ලැබෙන වාසියට වඩා සිදුවන හානිය වැඩිය. වැඩවර්ජනවල එකම අරමුණ විය යුත්තේ සේවක අයිතීන් දිනා ගැනීමයි. එහෙත් මෑත කාලීන වර්ජන ව්‍යාපාරවල දේශපාලන අරමුණු වර්ධනය වීමේ ප්‍රවණතාවක් පවතින බව පෙනේ. එය සිදු නොවිය යුතු බව අපේ වැටහීමයි.

වැඩකරන ජනතාවගේ වර්ජන අයිතිය අප සැම පිළිගත් සේම රට ආර්ථික අර්බුදයක පවතින විට මල නොතලා රොන් ගන්නාසේ ඉල්ලීම් දිනාගැනීම වර්ජකයන්ගේ වගකීමයි. කෝටි ගණන් රටට අහිමි කරමින් සිදු කරන වැඩවර්ජනවලින් කිසිවකුටත් යහපතක් නොවනු ඇත. එය ජාතික අපරාධයකි.



අදහස් (3)

රටේ ආදායම් වැනසීමට උල්පන්දම් දෙන වර්ජන

Namal Wednesday, 05 January 2022 02:53 PM

මේ රටේ වර්ජනය කරන්නේ එක පාර්ශවයක් පමණයි. ඒ රාජ්‍ය අංශය. රටේ පරිහානියට පළමුව දේශපාලකයින්, දෙවනුව රාජ්‍ය සේවකයින් වගකිව යුතුයි.

:       0       1

චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 05 January 2022 06:43 PM

ලංකාවේ කිසිම දිනෙක පෞද්ගලික අංශයේ කිසිවකු වැඩ වර්ජන දියත් කලේ නෑනේ... මොකද ඔවුන්ට වැටහීමක් තියෙනවා එහෙම දෙයක් කළොත්... තම රැකියාව අවසන් කියලා... හැබැයි රාජ්‍ය අංශයේ එහෙම නෑනේ... මොකද ඔවුන් දන්නවා තමන් මොන දේ කළත්... ආයතනයට මොනතරම් පාඩු සිදු වුණත් භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්වෙනවා කියලා... ඉතිං මේකට කරන්න තියෙන්නේ එකම දෙයයි. ඒ තමයි රාජ්‍ය සේවකයින් වර්ජනයක් කරලා ආයතනයට පාඩු කළොත් ඔවුන්ට ලැබෙන මාසික වේතනයෙන් එම අලාභය පියවා ගන්නවා කියන එක... මොකද නැත්නම් මොනතරම් අසාධාරණයක්ද? සේවකයින් නිසා පාඩු ලබන ආයතනවල අලාභ පියවන්න මහජන මුදල් භාවිතාකරන එක...

:       0       1

nimalFriday, 07 January 2022 09:37 AM

චමින්දට මම 100% ක් එකඟයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site